05/01/2025
සුපුරුදු පරිදි මෙවරත් පැමිණ මහගු පිංකමට ඔබත් දායකවන්න!!!
Official Page of Dharmapala scout group Rtanapura
05/01/2025
සුපුරුදු පරිදි මෙවරත් පැමිණ මහගු පිංකමට ඔබත් දායකවන්න!!!
23/04/2024
සිව් වසරක් ගතවී ඇත නික්ම ගොසින්
නොසිතේ නමුත් ඔබ නැති වග දෙගුරු පෙමින්
සසර මඟෙහි අවබෝධය පසක් කරන්
නිවනෙහි සැනසෙන්න මොක්සුව පතමි සොවින්...!
ආදරණීය දිනේෂ් සර් ඔබ අමා මහ නිවන් සම්පත්තියෙන් සැනසේවා......
05/05/2023
🙏🙏🙏
24/04/2023
රත්නපුර ධර්මපාල මහා විද්‍යාලයීය බාලදක්ෂ කණ්ඩායමේ බාලදක්ෂ ආචාර්‍යවරයා ලෙස වසර 17ක් පුරා සේවය සිදු කරමින් ද රත්නපුර දිසාවේ පුහුණු කොමසාරිස්වරයා ලෙස වසර 10ක් කටයුතු කරමින් ද බාලදක්ෂ ව්‍යාපාරයට මහඟු සේවාවක් කරමින් සිටිය දී අප අතරින් වියෝ වූ W.A.දිනේෂ් නිරෝෂන් වික්‍රමආරච්චි මහතාගේ තෙවර්ෂ පූර්ණ සිහිකිරීම මුල් කරගෙන 2023/04/22 වන දින "අපේ ගෙදර "ළමා නිවසයට උදෑසන තේ පැන් සංග්‍රහයක් සහ ඔවුන්ට අවශ්‍ය උපකරණ කිහිපයක් ලබා දෙමින් පුණ්‍යානුමෝදනාවක් සිදු කරන ලදී.
මේ සඳහා වැඩමවා වදාළ ගල්කඩුව විහාරස්ථානයේ ගරු ස්වාමීන් වහන්සේට ද සහභාගී වෙමින් සහ පරිත්‍යාග ලබා දෙමින් අනුග්‍රහය දැක් වූ සියලුම දෙනාට ද ළමා නිවාසයේ පාලිකා තුමියට ද රත්නපුර ධර්මපාල මහා විද්‍යාලයීය බාලදක්ෂ සමූහයේ පුණ්‍යානුමෝදනා සහිත ස්තූතිය ප්‍රකාශ කර සිටින අතර මේ සිදුකරන ලද කුසලයන්ගේ පිනෙන් උපදින කිසිඳු ආත්මයක දී මෙවන් අකල් මරණයකට ගොදුරු නොවී ප්‍රාර්ථනා කරනු ලබන බෝධියකින් නිර්වාන සුවය ලඟා කර ගැනීමට දිනේෂ් වික්‍රමආරච්චි ගුරු පියාණන්ට හැකිවේවායි ප්‍රාර්ථනා කරමු!🙏🏻
26/12/2022
ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ 110 වන සංවත්සරය වෙනුවෙන් රත්නපුර බාලදක්ෂ කලාපයේ සංවිධානය කල වැඩසටහන සදහා අප බාලදක්ෂ සමූහයේ බාලදක්ෂයින්,බාලිකා බාලදක්ෂයින් සහ බාලදක්ෂ ආචාර්යවරුන් සහභාගි විය..