R/Nivi/Sumana Central College

R/Nivi/Sumana Central College විශිෂ්ටයන්ගේ පාරාදීසය
This is the Official page of Sumana Central College.

සුමනාභිනන්දන – සාහිත්‍ය මහෝත්සවය 2026 ✨📚🌸 සාහිත්‍ය මාසයේ අභිමානවත් සමාප්තිය සනිටුහන් කරමින් පැවැත්වෙන “සුමනාභිනන්දන” සාහ...
28/09/2026

සුමනාභිනන්දන – සාහිත්‍ය මහෝත්සවය 2026 ✨

📚🌸 සාහිත්‍ය මාසයේ අභිමානවත් සමාප්තිය සනිටුහන් කරමින් පැවැත්වෙන “සුමනාභිනන්දන” සාහිත්‍ය මහෝත්සවය 2026 මෙවරත් අභිමානවත් අයුරින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම්.

මෙයට සමගාමීව අප විද්‍යාලයීය දරු දැරියන්ගේ නිර්මාණශීලීත්වය, සාහිත්‍ය හැකියාවන් සහ විවිධ දක්ෂතා එකම තැනකට ගෙන එන විද්‍යාලයීය සාහිත්‍ය පුවත්පත එළිදැක්වීම ද මෙහිදී අභිමානවත් ලෙස සිදු කෙරේ.

ප්‍රවීණ රංගන ශිල්පී ආචාර්ය සනත් විමලසිරි මැතිඳුන්ගේ සම්භාවනීය සහභාගිත්වයෙන්

📅 2026 සැප්තැම්බර් 30

📍 සුමන මධ්‍ය මහා විද්‍යාලයීය රංග ශාලාවේදී...

22/09/2026
✨ ජීවිතය දිනන්නට පෙරමඟ සුබ ලකුණු… ✨2027ට ඵලදායිතා සංකල්ප සහිත 6 ශ්‍රේණිය සූදානම්! 📚💡🌱 දැනුමෙන් • කුසලතාවෙන් • ඵලදායිතාවෙ...
20/09/2026

✨ ජීවිතය දිනන්නට පෙරමඟ සුබ ලකුණු… ✨

2027ට ඵලදායිතා සංකල්ප සහිත 6 ශ්‍රේණිය සූදානම්! 📚💡

🌱 දැනුමෙන් • කුසලතාවෙන් • ඵලදායිතාවෙන්
අනාගතය ජයගන්නා පරපුරක් බිහිකිරීම අපගේ අරමුණයි. 🤍

🎓 ඔබේ දරුවාගේ අනාගතයට සවිමත් පියවරක් තබන්න…
📝 දැන්ම අයදුම් කරන්න!

🥈 34 වන සබරගමු පළාත් මලල ක්‍රීඩා තරගාවලිය – 2026 🥈34 වන සබරගමු පළාත් මලල ක්‍රීඩා තරගාවලියේදී, මීටර් 1.50ක උසක් පනිමින්, ...
17/09/2026

🥈 34 වන සබරගමු පළාත් මලල ක්‍රීඩා තරගාවලිය – 2026 🥈

34 වන සබරගමු පළාත් මලල ක්‍රීඩා තරගාවලියේදී, මීටර් 1.50ක උසක් පනිමින්, වයස අවුරුදු 20න් පහළ බාලිකා උස පැනීමේ ඉසව්වේ රිදී පදක්කම 🥈 දිනා ගැනීමට අප විද්‍යාලයේ ක්‍රීඩිකා පී.ඒ.ඩි. ප්‍රබෝධා සමත් වූවාය. 👏🏃‍♀️✨

ඇයගේ මෙම විශිෂ්ට ජයග්‍රහණය වෙනුවෙන් අප විද්‍යාලීය ප්‍රජාවගේ උණුසුම් සුබපැතුම් පිරිනමමු. 💐❤️

මෙම ජයග්‍රහණය කරා ඇය මෙහෙයවීම සිදු කළ ක්‍රීඩා අංශයේ ගුරු මහත්ම මහත්මීන්ට සහ සහයෝගය ලබාදුන් ගරු විදුහල්පතිතුමාටත්, නියෝජ්‍ය විදුහල්පතිවරුන්ටත් ආචාර්ය මණ්ඩලයේ සියලුම ගුරු මහත්ම මහත්මීන්ටත් අපගේ හෘදයාංගම ස්තුතිය පුද කරමු🌷

ඉදිරියේදී තවත් ජයග්‍රහණ රැසක් අත්කර ගැනීමට සුබ පැතුම්. 🤍


හොඳම පන්ති කාමරය සහ හොඳම ඒකකය ඇගයීම – 2026 🌟🏫ජාතික ඵලදායිතා තරගයට සමගාමීව “ඵලදායිතා සංකල්ප ක්‍රියාත්මක වන හොඳම පන්ති කාම...
28/08/2026

හොඳම පන්ති කාමරය සහ හොඳම ඒකකය ඇගයීම – 2026 🌟🏫

ජාතික ඵලදායිතා තරගයට සමගාමීව “ඵලදායිතා සංකල්ප ක්‍රියාත්මක වන හොඳම පන්ති කාමරය සහ හොඳම ඒකකය” තේරීම සඳහා සංවිධානය කරන ලද ඇගයීම් වැඩසටහනේ අවසන් ප්‍රතිඵල මත ජයග්‍රාහී පන්ති කාමර සහ ඒකක ඇගයීමේ උදෑසන රැස්වීම විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පැවැත්විණි. 🏆✨

මෙම තරගය විනිශ්චය කිරීම සඳහා විශේෂ විනිශ්චය මණ්ඩලයක් සහභාගී වූ අතර, ඔවුන් විසින් පන්ති කාමර හා ඒකක වෙත ගොස් ඵලදායිතා සංකල්ප ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව විවිධ නිර්ණායක ඔස්සේ විධිමත් ඇගයීමක් සිදු කරන ලදී. 📋✨

එම විනිශ්චය මණ්ඩලය විසින් ලබාදුන් ලකුණු හා අවසන් ප්‍රතිඵල මත හොඳම පන්ති කාමර සහ හොඳම ඒකක තෝරාගෙන ඇගයීමට ලක් කරන ලදී. 🥇🏆

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂතුමා සහභාගී වූ අතර, එතුමාගේ වටිනා සහභාගීත්වය මෙම වැඩසටහනට මහත් ගෞරවයක් හා අගයක් එක් කළේය. 🌟

දරුවන් තුළ වගකීම, නිර්මාණශීලීත්වය, නායකත්වය, කණ්ඩායම් හැඟීම, සම්පත් කාර්යක්ෂමව භාවිත කිරීම සහ ඵලදායිතා සංස්කෘතියක් වර්ධනය කිරීම සඳහා මෙවැනි වැඩසටහන් මහඟු මෙහෙවරක් ඉටු කරයි.

මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා නායකත්වය ලබාදුන් ගරු විදුහල්පතිතුමා, නියෝජ්‍ය විදුහල්පතිවරුන්, සියලුම ගුරුභවතුන්, විනිශ්චය මණ්ඩලයේ ගරු සාමාජිකයන්, ජයග්‍රාහී හා සහභාගී වූ සියලුම සිසු දරුවන් මෙන්ම සහයෝගය ලබාදුන් සියලු දෙනා වෙත අපගේ හෘදයාංගම ස්තුතිය පුද කරමු. 💐

අද දිරිගැන්වීම… හෙට විශිෂ්ටත්වය කරා යන පියවරක්!

ඵලදායිතාවයෙන් පිරිපුන් හෙටක් වෙනුවෙන් අද අපේ දරුවන් සූදානම් කරමු! 🇱🇰

දෙවන වාර ප්‍රගති සමාලෝචන රැස්වීම් – 2026 ✨📚2026 වර්ෂයේ දෙවන වාරයට අදාළ 6, 7, 8 හා 9 ශ්‍රේණිවල ප්‍රගති සමාලෝචන රැස්වීම් 2...
25/08/2026

දෙවන වාර ප්‍රගති සමාලෝචන රැස්වීම් – 2026 ✨📚

2026 වර්ෂයේ දෙවන වාරයට අදාළ 6, 7, 8 හා 9 ශ්‍රේණිවල ප්‍රගති සමාලෝචන රැස්වීම් 2026.08.06 හා 2026.08.07 යන දෙදින විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී සාර්ථකව පැවැත්විණි.

මෙම වැඩසටහනේ විශේෂත්වයක් වූයේ වාර විභාගයට පෙර සෑම සිසුවෙකු සඳහාම ඉලක්ක ලකුණු ලබා දී, එම ඉලක්ක පිළිබඳව දෙමව්පියන් දැනුවත් කිරීමයි. 📖

ඉන් අනතුරුව, වාර විභාගයෙන් පසු සිසුන්ගේ ප්‍රතිඵල ඔවුන්ට ලබාදුන් ඉලක්ක ලකුණු සමඟ සසඳමින් ඔවුන්ගේ ප්‍රගතිය ඇගයීමට ලක් කරන ලදී.

මෙහිදී,

🔹 ලබාදුන් ඉලක්ක ලකුණු සපුරාගත් සිසුන් ඇගයීම,

🔹 පන්ති මට්ටමින් 1, 2 හා 3 ස්ථාන ලබාගත් සිසුන් ඇගයීම,

🔹 දෙවන වාරය තුළ ඉහළම වර්ධන වේගයක් පෙන්නුම් කළ සිසුන් ඇගයීම,

🔹 සිසුන්ගේ අධ්‍යාපනික හා විෂය සමගාමී ප්‍රගතිය පිළිබඳ පන්ති තත්ත්ව ඉදිරිපත් කිරීම් සිදු කිරීම,

🔹 සිසුන්ගේ ප්‍රගති වාර්තා දෙමව්පියන් වෙත ලබාදීම

යන කටයුතු සිදු කෙරිණි.

විශේෂයෙන්ම, සිසුන්ගේ ජයග්‍රහණ තවදුරටත් අර්ථවත් කරමින්, විදුහල්පතිතුමා ඉදිරිපිටදී ඔවුන්ගේ දෙමව්පියන්ගේ සුරතින්ම ත්‍යාග හා සහතික පිරිනැමීම සිදු කිරීම මෙම වැඩසටහනේ සුවිශේෂී අවස්ථාවක් විය. 🌟

🎯 ඉලක්ක තැබීම → ප්‍රගතිය නිරීක්ෂණය කිරීම → ජයග්‍රහණ ඇගයීම → තවදුරටත් දියුණුව සඳහා දිරිගැන්වීම යන ක්‍රියාවලිය ඔස්සේ සෑම සිසුවෙකුම තම උපරිම හැකියාව කරා රැගෙන යාම මෙවැනි වැඩසටහන්වල ප්‍රධාන අරමුණයි.

මෙම අවස්ථාව සාර්ථක කරගැනීම සඳහා අවශ්‍ය උපදෙස් ලබාදුන් ගරු විදුහල්පතිතුමා ඇතුළු නියෝජ්‍ය විදුහල්පතිවරුන්ටත්, අංශ භාර, පන්ති භාර සහ විෂය භාර ආචාර්යවරු ඇතුළු සියලු දෙනාටම ගෞරවණීය ස්තූතිය.

අද ලැබූ ජයග්‍රහණය හෙට දවසේ විශිෂ්ටත්වයට පියවරක් වේවා! 🌟

සියලු දූ දරුවන්ට අනාගත අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට උණුසුම් සුබ පැතුම්! 💐❤️


නවක උසස් පෙළ සිසුන් සඳහා රසවින්දන වැඩසටහනක් 🌟නවක උසස් පෙළ සිසුන්ගේ රසවින්දන හැකියාවන් වර්ධනය කිරීමත්, කලාව හා සංස්කෘතිය ...
22/08/2026

නවක උසස් පෙළ සිසුන් සඳහා රසවින්දන වැඩසටහනක් 🌟

නවක උසස් පෙළ සිසුන්ගේ රසවින්දන හැකියාවන් වර්ධනය කිරීමත්, කලාව හා සංස්කෘතිය පිළිබඳ සුන්දර අත්දැකීමක් ලබාදීමත් අරමුණු කරගනිමින් පැවති රසවින්දන වැඩසටහන පසුගියදා විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී සාර්ථකව පැවැත්විණි. 🌸✨

මෙම වැඩසටහන සඳහා සම්පත් දායකත්වය ලබා දෙමින් සිය අත්දැකීම් හා දැනුම සිසු දරුවන් සමඟ බෙදාගත්තේ ප්‍රවීණ රංගන ශිල්පී රොහාන් විජේතුංග මහතා විසිනි. 👏

සිසු දරුවන්ගේ නිර්මාණශීලීත්වය, රසවින්දන හැකියාව සහ කලාත්මක සංවේදීතාව වර්ධනය කරමින් මෙම වැඩසටහන සාර්ථක අත්දැකීමක් බවට පත්විය.

මෙම වැඩසටහන සඳහා මඟපෙන්වීම සිදු කළ ගරු විදුහල්පතිතුමාටත්, සම්පත් දායක සම්බන්ධීකරණය සිදු කළ නාට්‍ය හා රංග කලාව භාර ගුරුතුමියටත් සහය දක්වන ලද සියලුම දෙනාටත් ගෞරවාන්විත ස්තූතිය

කලාවෙන් සිත් සුවපත් කරමින්, දැනුමෙන් අනාගතය හැඩගන්වමු! ✨



නවක උසස් පෙළ සිසුන් වෙනුවෙන් "තත්ත්ව කව" (Quality Circles) පිළිබඳ විශේෂ දැනුවත් කිරීමේ දේශනයක්! 🌟​අප විද්‍යාලයේ නවක උසස්...
15/08/2026

නවක උසස් පෙළ සිසුන් වෙනුවෙන් "තත්ත්ව කව" (Quality Circles) පිළිබඳ විශේෂ දැනුවත් කිරීමේ දේශනයක්! 🌟

​අප විද්‍යාලයේ නවක උසස් පෙළ සිසු සිසුවියන්ගේ ඵලදායිතාව සහ කණ්ඩායම් හැඟීම වර්ධනය කිරීම අරමුණු කරගනිමින් පැවැත්වූ "තත්ත්ව කව" (Quality Circles) පිළිබඳ විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහන පසුගියදා විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පැවැත්විණි.

​මෙම වැඩසටහන සඳහා සම්පත් දායකත්වය ශ්‍රී ලංකා තත්ත්වය හා ඵලදායිතාව ප්‍රවර්ධනය කිරීමේ සංගමය (SLAAQP) නියෝජනය කරමින් එහි උප සභාපතිනි මේධානි සෝමසිංහ මහත්මිය විසින් ලබා දුන් අතර, තත්ත්ව කව සංකල්පය, ඵලදායිතාව සහ කණ්ඩායම් ක්‍රියාකාරීත්වය පිළිබඳ වටිනා අවබෝධයක් සිසුන් වෙත ලබා දීමට එතුමිය සමත් වූවාය. 🎓✨

​මීට දෙවසරකට පෙර විද්‍යාලය තුළ ආරම්භ කරන ලද ඵලදායිතා සංකල්ප ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙළ යටතේ දැනට සිදුවෙමින් පවතින පරිවර්තනීය වෙනස සඳහා මෙවැනි වැඩසටහන් මඟින් ලැබෙන පිටුවහල ඉතා විශාල බව අදහස් දැක්වූ විදුහල්පති M.A.R.D. මලවි ආරච්චි මහතා මෙහිදී ප්‍රකාශ කළේය.
​විශේෂයෙන්ම, අප විද්‍යාලය තුළ දැනටමත් ගුරු-සිසු තත්ත්ව කව සාර්ථකව ක්‍රියාත්මක වන අතර, එමඟින් අඛණ්ඩ වැඩිදියුණු කිරීම් (Continuous Improvement), කණ්ඩායම් ක්‍රියාකාරීත්වය සහ ඵලදායිතාව වර්ධනය කිරීම සඳහා නිරන්තර දායකත්වයක් ලැබෙමින් පවතී.

​ගුණාත්මක දැනුම, කුසලතා සහ යහපත් ආකල්පවලින් පූර්ණ අනාගත පරපුරක් බිහිකිරීම අපගේ නිරන්තර අරමුණයි! ❤️

​

දරුවන්ගේ මනසට ශක්තියක්… අනාගතයට නව මාවතක්… 🧠🌱9 ශ්‍රේණියේ හා උසස් පෙළ දූ දරුවන්ගේ මානසික ඒකාග්‍රතාවය, අධ්‍යාපනික කුසලතා හ...
11/08/2026

දරුවන්ගේ මනසට ශක්තියක්… අනාගතයට නව මාවතක්… 🧠🌱

9 ශ්‍රේණියේ හා උසස් පෙළ දූ දරුවන්ගේ මානසික ඒකාග්‍රතාවය, අධ්‍යාපනික කුසලතා හා ජීවන අභියෝග ජය ගැනීමේ හැකියාව වර්ධනය කිරීම අරමුණු කරගනිමින් විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගිය 2026.07.31 දින විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පැවැත්විණි.

මෙම වැඩසටහන විදුහල්පතිතුමාගේ ඉල්ලීමක් මත, අප විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකුගේ සම්බන්ධීකරණයෙන් පාසල වෙත සම්බන්ධ කර ගන්නා ලදී.

වැඩසටහන සඳහා ප්‍රධාන දේශක ලෙස ආචාර්ය නදුන් අලගියවන්න මහතා සහභාගී වූ අතර, රූපවාහිනී හා සමාජ මාධ්‍ය ඔස්සේ මනෝවිද්‍යාත්මක දේශන හා දැනුවත් කිරීම් සිදුකරන ප්‍රවීණ දේශකයකු වන එතුමා සමඟ සමස්ත ලංකා මනෝවිද්‍යා උපදේශකවරුන්ගේ සංගමයේ සාමාජික මහත්ම මහත්මීන් 20 දෙනෙකු ද මෙම වැඩසටහන සඳහා සම්බන්ධ වූහ.

දරුවන්ගේ අධ්‍යාපනික හා පෞද්ගලික ජීවිතයට වැදගත් කරුණු රැසක් මෙහිදී සාකච්ඡා කෙරිණි.

මෙම වටිනා වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා මඟපෙන්වීම හා සහයෝගය ලබාදුන් විදුහල්පතිතුමා, නියෝජ්‍ය විදුහල්පතිතුමා, සහකාර විදුහල්පති ස්වාමීන් වහන්සේ ඇතුළු උසස් පෙළ අංශයේ ගුරුභවතුන්ට අපගේ ගෞරවණීය ස්තුතිය පුද කරමු. 🙏

එමෙන්ම, මෙම වැඩසටහන සඳහා තම වටිනා කාලය කැප කරමින් සහභාගී වූ ආචාර්ය නදුන් අලගියවන්න මහතා ඇතුළු සියලුම මනෝවිද්‍යා උපදේශක මහත්ම මහත්මීන්ට අපගේ හෘදයාංගම ස්තුතිය පිරිනමමු. 💐

දැනුමෙන් සන්නද්ධව, ශක්තිමත් මනසකින් යුතුව, තම අනාගතය ජයගන්නා දරු පරපුරක් බිහිකිරීම අපගේ අරමුණයි. 📚

50 වන ජාතික ක්‍රීඩා උළෙල – 2026 සමඟ සමගාමීව නිවිතිගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සංවිධානය කළ ක්‍රීඩා සමාජ තරගාවලියේද...
11/08/2026

50 වන ජාතික ක්‍රීඩා උළෙල – 2026 සමඟ සමගාමීව නිවිතිගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සංවිධානය කළ ක්‍රීඩා සමාජ තරගාවලියේදී, අනෙකුත් සියලු ක්‍රීඩා සමාජ අභිබවා සමස්ත ශූරතාවය දිනා ගැනීමට අප විද්‍යාලයේ දිරිය දූ දරුවන් සමත් විය. 🥇🏆

එහි දක්ෂතම ක්‍රීඩිකාව ලෙස අප විද්‍යාලයේ බීමාෂා දියණිය සම්මානයට පාත්‍ර වීමද අපට මහත් ආඩම්බරයකි. ❤️

මෙම වසරේ පැවැති තරගාවලි රැසකදී සමස්ත ශූරතා දිනා ගනිමින් පාසලේ කීර්තිය ඉහළ නැංවූ අපගේ දිරිය දූ දරුවන්ට හෘදයාංගම සුබ පැතුම්! 🎉👏

මෙම ජයග්‍රහණය සඳහා මඟපෙන්වීම හා සහයෝගය ලබාදුන් ගරු විදුහල්පතිතුමා, නියෝජ්‍ය විදුහල්පතිවරුන්, ක්‍රීඩා භාර ආචාර්යවරුන් ඇතුළු අනෙකුත් ආචාර්ය මණ්ඩලය සහ සියලු දෙනාට අපගේ ගෞරවනීය ස්තුතිය! 🙏❤️

ක්‍රීඩා වසන්තයේ රන් අස්වැන්නෙන් පාසල් මාතාව බබළවන අපේ දූ දරුවන්ට ජය වේවා! 🏆✨

Address

Nivithigala
Ratnapura

Opening Hours

Monday 07:30 - 04:30
Tuesday 07:30 - 04:30
Wednesday 07:30 - 04:30
Thursday 07:30 - 04:30
Friday 07:30 - 04:30

Website

Alerts

Be the first to know and let us send you an email when R/Nivi/Sumana Central College posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share