R/Nivi/Sumana Central College

R/Nivi/Sumana Central College

Share

විශිෂ්ටයන්ගේ පාරාදීසය
This is the Official page of Sumana Central College.

Photos from R/Nivi/Sumana Central College's post 19/06/2026

ගුරු සේවයේ අභිමානවත් නිමාව: ආදරණීය ප්‍රියන්තා මලවි ගුරු මෑණියනි ඔබට සුබ විශ්‍රාම දිවියක්..! ✨

අප විද්‍යාලයේ පුරා දශකයකට ආසන්න කාලයක් ගණිත ගුරුවරියක ලෙස සේවය කල ප්‍රියන්තා මලවි ගුරු මෑණියන් වෙනුවෙන් සංවිධානය කල උපහාර උත්සවයක් 2026.06.18 දින විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පැවැත්විණි.

අප පාසලේ දරු දැරියන් දහස් ගණනකගේ නැණස පාදමින්, දශක කිහිපයක් පුරා ලක්දෙරණට බුද්ධිමත් මෙන්ම විනයගරුක පුරවැසියන් දායාද කරන්නට අප්‍රතිහත ධෛර්යයකින් ක්‍රියා කළ, සැමගේ ගෞරවාදරයට පාත්‍ර වූ ආදරණීය ගුරු මෑණියන් අද දින සිය නිල සේවා කාලය නිමා කරමින් විශ්‍රාම ලැබුවාය.

​ඇය ඉටුකළ අමිල, අභිමානවත් සහ ආදර්ශමත් මෙහෙවර සමස්ත පාසල් ප්‍රජාවගේම ඉමහත් ඇගයීමට ලක්වන අතර, ඉදිරි විශ්‍රාමික ජීවිතය ගත සිත දෙකටම නිදුක්, නිරෝගී, සතුට පිරි වාසනාවන්ත කාලයක් වේවායි විද්‍යාලයීය විදුහල්පතිතුමා ඇතුළු සමස්ත ආචාර්ය මණ්ඩලය, අනධ්‍යයන කාර්ය මණ්ඩලය සහ සිසු දරු දැරියන් වෙනුවෙන් හෘදයාංගමව ප්‍රාර්ථනා කර සිටිමු! 🎉💐

​“ස්තූතියි ගුරු මෑණියනි...!” 🙏❤️


11/06/2026

කලාපීය සංගීත තරගාවලියේදී අප විද්‍යාලයට කීර්තියක් අත්කර දීමට සුමන මධ්‍ය මහා විද්‍යාලීය සංගීත අංශයේ දූ දරුවන් සමත් විය! 🎶❤️

​සමූහ ගායනා - ප්‍රථම ස්ථානය 🥇
ජ්‍යෙෂ්ඨ (බාලිකා)ඒකල ගායනා - ප්‍රථම ස්ථානය 🥇

සුමන විදුහල් නාමය බැබලවූ අපගේ දක්ෂයින්ටත්, ඒ පිටුපස සිටි සංගීතය විෂය භාර ආචාර්යතුමියටත් විද්‍යාලයීය උණුසුම් සුබපැතුම්! 🎉👏



05/06/2026

සුමන විදුහලට ටයිකොන්ඩෝ පිටියෙන් රන් සහ ලෝකඩ පදක්කම්!

​සමස්ත ලංකා පාසල් ක්‍රීඩා සබරගමුව පළාත් ටයිකොන්ඩෝ තරගාවලියේදී අප පාසලට කීර්තියක් අත්කර දීමට ර/නිවි සුමන මධ්‍ය මහා විද්‍යාලයේ ක්‍රීඩකයින් දෙදෙනෙකු සමත් විය.

​වයස 16-18 වයස් කාණ්ඩය යටතේ තරග වැදුණු අපේ දරුවන්ගේ දක්ෂතා:

​🥇 උමේශ් තේජිත (Heavy බර පංතිය)
අතිවිශිෂ්ට දක්ෂතා දක්වමින් රන් පදක්කම දිනා ගන්නා ලදී.

​🥉 ජලිත දේශාංජන (Fly බර පංතිය)
දක්ෂ ලෙස තරග කර ලෝකඩ පදක්කම දිනා ගන්නා ලදී.

​ජයග්‍රහණය කළ දරුවන්ටත්, ඔවුන්ව ජයග්‍රහණය කරා මෙහෙයවූ ක්‍රීඩා පුහුණුකරු කේ. එල්. ටී. කුරුප්පු ගුරු පියාණන් ඇතුළු ක්‍රීඩා අංශයටත්,

විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයේ සහ දුවා දරුවන්ගේ උණුසුම් සුභාශිංසන!


Photos from R/Nivi/Sumana Central College's post 02/06/2026

නව නායකත්වයේ අභිමානවත් ඇරඹුම ✨

නව ශිෂ්‍ය නායක මණ්ඩලය විසින් සංවිධානය කරන ලද ප්‍රථම උදෑසන රැස්වීම 2026.06.02 දින එනම් අද දින විදුහල්පතිතුමාගේ ප්‍රධනත්වයෙන් විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී සාර්ථකව පැවැත්විණි.
එහිදී නව නායක මණ්ඩලය සිසුන් සහ ගුරුභවතුන් වෙත නිල වශයෙන් හඳුන්වා දීම සිදු කරන ලදී.

Photos from R/Nivi/Sumana Central College's post 31/05/2026

පින්බර වෙසක් පොහෝ දිනය නිමිත්තෙන් සුමන මධ්‍ය මහා විද්‍යාලයේ පැවති වැඩසටහන් මාලාව ✨🤍

වෙසක් පුන් පොහොය නිමිත්තෙන් 2026.05.27 දින පැවති මෙම පිංකම් මාලාවේ එක් අංගයක් ලෙස ,
6,7,8,සහ 9 ශ්‍රේණී සිසු දරුවන් සදහා ධර්ම දේශනා පිංකම නිවිතිගල ක්ෂේත්‍රාරාම විහාරස්ථානයේදී පැවැත්විණි.

10, 11, 12 සහ 13 ශ්‍රේණි දරුවන් වෙනුවෙන්
බොදු ගී රසවින්දන සහ ආකල්ප සංවර්ධන වැඩසටහනක‍් පැවැත්වූ අතර මෙම හදවතට ගුණ දහම් එක්කළ අරුත්බර වැඩසටහන සඳහා සම්පත් දායකත්වය දෙහිවල සත්වෝද්‍යානයේ විශ්‍රාමලත් නිලධාරී ආචාර්ය නිහාල් සෙනරත් මහතා විසින් ලබාදුනි.

මෙම උදාර පුණ්‍යකර්මය සාර්ථක කර ගැනීමට අනුශාසකත්වය ලබාදුන් ගරු කටයුතු ස්වාමින් වහන්සේටත්, මඟ පෙන්වූ විදුහල්පතිතුමන් ඇතුළු ආචාර්ය මණ්ඩලයටත්, සහභාගී වූ සියලුම දරු දැරියන්ටත් පින් අනුමෝදන් කරමු!

Photos from R/Nivi/Sumana Central College's post 29/05/2026

සුමන අභිමානී 2026 ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීමේ මහෝත්සවය ✨🏅

​හෙට දින ලොව දිනන නායකත්වයේ තක්සලාව වෙත පියවර තබමින්, අප විද්‍යාලයේ "සුමන අභිමානී 2026" ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීමේ මහෝත්සවය 2026 මැයි මස 26 වන දින විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

​මෙම සුවිශේෂී මොහොත වර්ණවත් කිරීම සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස රුවන්පුර ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ ගරු පීඨාධිපති පී.එම්. ආරියපාල මහතා සහභාගී වූ අතර, නිවිතිගල කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ වී. එල්. විදානගේ මහතා, සහකාර ප්‍රාදේශීය ලේකම් එස්.ඒ.දයාවංශ මහතා, යක්දෙහිවත්ත විද්‍යාලයේ ආචාර්ය දෙවන ලුතිනන් රාජිත බමුණුආරච්චි මහතා, ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් ද මෙම අවස්ථාව සඳහා සහභාගි විය.
සම්භාවනීය අමුත්තන්ගේ සුරතින් සහ විද්‍යාලයීය විදුහල්පතිතුමන් ඇතුළු ආචාර්ය මණ්ඩලයේ ආශිර්වාදයෙන් යුතුව අප පාසලේ අනාගතය භාර ගැනීමට සන්නද්ධ වූ තරුණ නායක නායිකාවන් 90 දෙනෙකු මෙදින නිල ලාංඡනයෙන් පිදුම් ලැබීය.

​වගකීම, කැපවීම සහ අභිමානය පෙරදැරි කරගත් අපේ අලුත් නායක පරපුරට විද්‍යාලයීය උණුසුම් සුභාශිංසන! 🤝✨


24/05/2026

🚀 අනාගතය ජය ගෙන වෘත්තීය ජීවිතයට පිවිසෙන්න ඔබත් අප හා එක්වන්න! 💼✨

​ර/නිවි/සුමන මධ්‍ය මහා විද්‍යාලයේ උසස් පෙළ වෘත්තීය විෂය ධාරාවේ 2026/2027 වර්ෂය සදහා අයදුම්පත් භාරගැනීම දැන් සිදු කෙරේ. 🎯📈

අපගෙ පළමු ශිෂ්‍ය කණ්ඩායම සාර්ථකව ආයතනගත පුහුණුව නිම කර ඉහළ වැටුප් තල යටතේ රැකියා පුහුණුව ලබන අතර, දෙවන කණ්ඩායම ආයතනගත පුහුණුව ලබමින් සිටි.🧑‍🍳👨🏻‍🔧

​රැකියා වෙළඳපොළ ජයග්‍රහණය කරන්නට අවශ්‍ය ප්‍රායෝගික සහ වෘත්තීය නිපුනතාවයෙන් සන්නද්ධ වීමට ලැබෙන මෙම කදිම අවස්ථාව මඟ නොහැර ගන්න!

පහත Google පෝරමය පුරවා ඔබගේ තොරතුරු අප වෙත ලබා දෙන්න

https://docs.google.com/forms/d/1B1CqHSWW5XeHKhgMk9srz3SFpGis4nBTTu36snZTmgw/edit?chromeless=1

​📞 විමසීම්:
​👩‍🏫 ඉමංෂිකා මිස් - 0767862879
​👩‍🏫 ලක්ෂානි මිස් - 0772750546
​👩‍🏫 උත්පලා මිස් - 0702468650

​📍 ර/නිවි/සුමන මධ්‍ය මහා විද්‍යාලය

Photos from R/Nivi/Sumana Central College's post 23/05/2026

දිට්වා සුළි කුණාටුවෙන් ආපදාවට ලක් වූ සිසුන් සඳහා පාසල් උපකරණ බෙදා දිමේ වැඩසටහනක් 2026.05.21 දින සුමන මධ්‍ය මහා විද්‍යාලයේදී පැවැත්විණි.

නිවිතිගල කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ L. වික්‍රමසිංහ විදානගේ මහතාගේ සම්බන්ධීකරණයෙන් සිදු වූ මෙම කර්තව්‍යය සදහා අනුග්‍රහය හොංකොං ( Hong kong) රතු කුරුස සංවිධානය සහ ශ්‍රී ලංකා රතු කුරුස සංවිධානය මගින් ලබා දුන් අතර, මෙම අවස්ථාව සඳහා රතු කුරුස සංවිධානයේ රත්නපුර ශාඛාවේ භාණ්ඩාගාරිකතුමා ඇතුළු නිලධාරී කණ්ඩායම සහභාගී විය.

මෙහිදී සුමන මධ්‍ය මහා විද්‍යාලය, දෙල්වල විද්‍යාලය, නිල්මිණිපුර විද්‍යාලය ආදී පාසල් කිහිපයක සිසුන් සඳහා පාසල් උපකරණ බෙදා දුන් අතර, විද්‍යාලයීය විදුහල්පති M.A.R.D. මලවිආරච්චි මහතා සහ නියෝජ්‍ය විදුහල්පති ජගත් තිලකරත්න මහතාගේ සහභාගිත්වයෙන් මෙම වැඩසටහන සාර්ථකව අවසන් විය.


20/05/2026

2026 වසරේ නිවිතිගල කලාප නෙට්බෝල් තරගාවලියෙන් අප පාසලේ 20න් පහළ බාලිකා කණ්ඩායම කලාප ශූරතාවය ලබා ගනිමින් පළාත් තරගාවලිය සඳහා සුදුසුකම් ලබාගැනීමට සමත් විය.

ජයග්‍රහණය කළ අපගේ දියණියන්ට පළාත් තරගාවලිය සඳහා උණුසුම් සුභ පතුම්!

තවත් ජයග්‍රහණ රැසක් ලබාගැනීමට ශක්තිය ලැබේවා!


Want your school to be the top-listed School/college in Ratnapura?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address

Nivithigala
Ratnapura

Opening Hours

Monday 07:30 - 04:30
Tuesday 07:30 - 04:30
Wednesday 07:30 - 04:30
Thursday 07:30 - 04:30
Friday 07:30 - 04:30