27/06/2026
🌸 දහම් සිසිලෙන් සිත් සනහාලූ, හල්දොල විද්‍යාලයීය පොසොන් සීල සමාදාන පින්කම... 🌸
සිසු දරු දැරියන්ගේ මනස් ගුණධර්මවලින් පෝෂණය කරමින්, ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින්, පොසොන් පුන්පොහොය නිමිත්තෙන් හල්දොල විද්‍යාලයේ සංවිධානය කළ "සීල සමාදාන" වැඩසටහන අද දින සාර්ථකව පවත්වන ලදි. ✨🙏
☸️ වන්දනීය දායකත්වය (ධර්ම දේශනා හා අනුශාසනා):
මෙම පින්බර කාර්යය සාර්ථක කර ගැනීම සඳහා ධර්ම දේශනාවෙන් සහ අනුශාසනාවෙන් දායකත්වය ලබාදුන්,
• මුවගමකන්ද විහාරස්ථානයේ විහාරාධිපති නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට,
• කරංගොඩ ශ්‍රී සිද්ධාර්ථෝදය පිරිවෙන් විහාරස්ථානයේ විහාරවාසී ස්වාමීන්ද්‍රයන් වහන්සේට,
• පොත්ගුල් විහාරස්ථානයේ විහාරවාසී ස්වාමීන්ද්‍රයන් වහන්සේට,
අපගේ නමස්කාර පූර්වක පින් අනුමෝදනාවන් එක් කර සිටිමු!
🍽️ දානමය දායකත්වය:
සිසු දරු දැරියන්ගේ උපස්ථාන කටයුතු වෙනුවෙන් දානමය දායකත්වය දැක්වූ පින්වත් දෙමාපියන්:
• උදෑසන දානය: 8 ශ්‍රේණියේ සිසු දරුවන්ගේ දෙමාපියන්
• උදෑසන ගිලන්පස: 5 ශ්‍රේණියේ සිසු දරුවන්ගේ දෙමාපියන්
• දහවල් දානය: 10 ශ්‍රේණියේ චමල්ෂා, 4 ශ්‍රේණියේ කවිනි සහ 6 ශ්‍රේණියේ නවිඳු යන දරුවන්ගේ දෙමාපියන්
• අතුරුපස: 9 ශ්‍රේණියේ සිසු දරුවන්ගේ දෙමාපියන්
• සවස්වරුවේ ගිලන්පස: 8 ශ්‍රේණියේ නෙත්සර සිසු දරුවාගේ දෙමාපියන්
🙏 කෘතඥතා පූර්වක ස්තූතිය:
විද්‍යාලයීය සීල සමාදාන පින්කම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කරගැනීම සඳහා දැනුමෙන්, කාලයෙන්, දානයෙන්, ශ්‍රමයෙන් සහ නන් අයුරින් සහයෝගය ලබාදුන් සියලුම දෙනා වෙත විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයේ සහ සිසු දරු දැරියන්ගේ විශේෂ ස්තූතිය හා ගෞරවය මෙසේ පුදකර සිටිමු! 🙏🌸
"මෙම උදාර පින්කමෙහි බලයෙන් සැමට උතුම් ධර්මාවබෝධය පිණිසම හේතු වාසනා වේවා!" ✨☸️