R/Muruththettuwakanda Vidyalaya

R/Muruththettuwakanda Vidyalaya සොබාදහමේ නිසල බව මැද, ආදරය පෙරදැරි කරගෙන හෙට දිනට අවශ්‍ය සත්ගුණවත් දරු පරපුරක් ලොවට දායාද කරන අපූරු සිප්සල් පියස...

"මිහිඳු හිමිගේ ධර්මාලෝකයෙන් සිත් සනහාලූ පොසොන් සන්ධ්‍යාව..." 🌼🙏පොසොන් පුන් පොහෝ දිනයේ ආධ්‍යාත්මික අරුත සංගීතයෙන් මතු කළ ...
28/06/2026

"මිහිඳු හිමිගේ ධර්මාලෝකයෙන් සිත් සනහාලූ පොසොන් සන්ධ්‍යාව..." 🌼🙏

පොසොන් පුන් පොහෝ දිනයේ ආධ්‍යාත්මික අරුත සංගීතයෙන් මතු කළ ර/මුරුත්තෙට්ටුවකන්ද විද්‍යාලයේ පොසොන් බැති ගී සරණිය, 2026 ජූනි 26 දින විද්‍යාලයීය පරිශ්‍රයේදී පැවැත්විණි.

අවට පාසල්, පෙර පාසල් හා දහම් පාසල්වල දූ දරුවන්ගේ සහභාගීත්වයෙන් වර්ණවත් වූ මෙම බැති ගී සරණිය, හඬින් පමණක් නොව හදවත්වලින් ද බුදු සසුනට පුද කළ ගෞරවයේ සුමිහිරි සටහනක් විය.☸

මෙම පින්බර අවස්ථාවට දායක වූ සියලු දෙනාට කෘතවේදී ස්තුතිය පුද කරමින්, බුදු දහමේ සදාතනික ආලෝකය සැමගේ දිවි මඟ ඒකාලෝකමත් කරත්වායි ප්‍රාර්ථනා කරමු.🌼🙏

23/06/2026
🌸 🌸දීමෙන් ලබන සතුට, රැස් කිරීමෙන් ලබන සතුටට වඩා බෙහෙවින්ම උතුම්ය  🌸🌸දන් දීමේ උදාර බෞද්ධ ප්‍රතිපත්තිය පෙරදැරි කරගෙන ර/මුර...
31/05/2026

🌸 🌸දීමෙන් ලබන සතුට, රැස් කිරීමෙන් ලබන සතුටට වඩා බෙහෙවින්ම උතුම්ය 🌸🌸

දන් දීමේ උදාර බෞද්ධ ප්‍රතිපත්තිය පෙරදැරි කරගෙන ර/මුරුත්තෙට්ටුවකන්ද විද්‍යාලයේ සිසු දරු දැරියන් විසින් සංවිධානය කරන ලද "බෙලිමල් දන්සල ☕✨ පසුගිය දා විද්‍යාලයීය ප්‍රධාන ගේට්ටුව අසල දී පැවැත්වීය. ☕🌱

පරිත්‍යාගශීලීත්වයේ අගය කුඩා කල සිටම දරුවන් ගේ ජීවිතවලට එකතු කරමින් අධ්‍යාපනයට පමණක් නොව, මෙවැනි උතුම් ගුණධර්මවලටද මුල්තැන දෙන ආදර්ශමත් පරපුරක් බිහිකිරීම අප විද්‍යාලයේ අරමුණයි. 👩‍🎓

මෙම පුණ්‍යකර්මය සාර්ථක කරගැනීම සඳහා ද්‍රව්‍යමය වශයෙන්, ශ්‍රමයෙන් සහ උපදෙස්වලින් සහයෝගය දුන් විදුහල්පතිතුමා, ගුරු මණ්ඩලය, දෙමාපියන් ,සිසු සිසුවියන් ඇතුළු සැමටත්, දන්සලෙන් සෙත සැලසුණු සැමටත් උතුම් පින් අත්වේවා! 🙏🙏🙏

දන්සලේ මතක 📷👇

18/05/2026

"දිරිතරු අභිසෙස් 2026"
🎬🎞📷

"දිරිතරු  අභිසෙස් 𝟐𝟎𝟐𝟔 "ර/මුරුත්තෙට්ටුවකන්ද විද්‍යාලයීය ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීමේ උත්සවය පසුගිය 15 වන දින විද්‍යාලය...
18/05/2026

"දිරිතරු අභිසෙස් 𝟐𝟎𝟐𝟔 "

ර/මුරුත්තෙට්ටුවකන්ද විද්‍යාලයීය ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීමේ උත්සවය පසුගිය 15 වන දින විද්‍යාලයීය පරිශ්‍රයේදී පැවැත්විය. 🎖️🧑‍🎓👩‍🎓

රත්නපුර කලාපයේ විද්‍යා ,ගණිත හා තොරතුරු තාක්ෂණ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ යූ.එස්.එම් ප්‍රියදර්ශනී මහත්මිය ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී විය. 🌟

පාසල් මාතාවගේ කීර්ති නාමය සුරකිමින්, විනයගරුක සහ ආදර්ශමත් හෙට දවසක් වෙනුවෙන් අද දින නිලතල ලැබූ සියලුම නවක ශිෂ්‍ය නායක නායිකාවන්ට අපගේ උණුසුම් සුබපැතුම්! 🤝🎉
📸 උත්සවයේ සුන්දර මතකයන්... 👇

15/05/2026

සොබාදහමේ නිසල බව මැද, ආදරය පෙරදැරි කරගෙන හෙට දිනට අවශ්‍ය සත්ගුණවත් දරු පරපුරක් ලොවට දායාද කරන අපූරු සිප්සල් පියස...

Address

Muruththettukanda, Erathna, Kuruwita
Ratnapura
70500

Website

Alerts

Be the first to know and let us send you an email when R/Muruththettuwakanda Vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category