15/12/2022
ලංකාවෙ වගේ රටක ළමයින්ගෙ කොන්ද කඩන එක පිළිගත්ත සමාජ සම්ප්‍රදායක්.
________________________________________________
ළමයගෙ self esteem එක පුංචි කාලෙම විනාශ කරලා දාන එකම රට සමහර විට මේක වෙන්නත් ඇති. ඒ තරම් ගොන් පාට් ළමයින්ගෙන් ගන්නෙ මේ රටේ වැඩිහිටියො
දරුවෙක් පුංචිම කාලෙ පෞරුෂයේ ගැටලු නැහැ සාමාන්‍යයෙන්.
ගෙදරට කවුරුහරි ආවම වයස අවුරුදු දෙකට තුනට අඩු පුංචි පුංචි බබාලා පපුව පුම්බගෙන ඉස්සරහට යන්නෙ. 😊
සමහරවිට ඒ ඇඟේ නුල් පටක්වත් නැතුව. එයා ආසයි එයාගෙ හැකියාව අනිත් අයට පෙන්නන්න. එයාගෙ දක්ෂතාවයන් පෙන්නන්න. ගෙදරට ආපු අයගෙ අවධානය එයාටම තියාගන්න.
හැබැයි අපේ ලංකාවෙ වැඩිහිටියො ළමයගෙ ඒ දක්ෂතා පාවිච්චි කරන්නෙ ළමයව bully කරන්න!!!
ගෙදරට ආපු අමුත්තො ඉස්සරහ ළමයව අපහසුතාවයට පත් කරනවා. බබාට වරදින වචන සිංදු බබාලවා ආපහු ආපහු කියවනවා. අහිකුණ්ඨකයගෙ රිලවා නටවනවා වගේ අමුත්තන්ව හිනාගස්සන්න සතුටු කරවන්න බබාව bully කරනවා.
ඊළඟට ගෙදරට එන හැම මනුස්සයටම දණ ගගහා වඳින්න ළමයට බල කරනවා. බලෙන්ම හුර කරනවා.
ඊටත් පස්සෙ ගෙදරට එන වැඩිහිටි කට්ටිය පුරුදු වෙනවා කෙලින්ම මේ වගේ දේවල් බබාගෙන් අහන්න, බබාට කියන්න.
👉 අම්මලගෙ වෙඩින් එකේ කෝ බබා නෑනෙ. අයියෝ අම්මලා බබාට වෙඩින් එක කියලා නෑ. බබාව ගෙදර දාලා ගිහින්.
👉ඔයාව පාරෙ ඉඳලා හදාගන්න ගෙනාවෙ.
👉බබා වැඩියම ආදරේ අම්මටද තාත්තට ද?
👉 අයියෝ කෝ දත් ටික.. පෙරහැර බලන්න ගිහින් අලියෙක් ගැහුවද?
👉අයියො ඔයා නම් අක්කා වගේ නෙමේ කලුයි.
මේ සටහන කියවන ඔයා ඉපදුනෙ ලංකාවෙ නම් අනිවාර්යෙන් මේ ප්‍රශ්නවලින් එකක් හරි ඔයාගෙන් ළමාකාලෙදි වැඩිහිටියො ඔයාගෙන් අහලා ඇති.
ඉතිං මෙන්න මේ වගේ දරුවා අපහසුතාවයට පත් වෙන දේවල් අහලා මේ රටේ වැඩිහිටියො සතුටු වෙනවා.
දිගින් දිගට මේක වෙද්දි පුංචි එකාගෙ මොළේට ටික ටික තේරෙන්න ගන්නවා මේකෙ මොකක්හරි අවුලක් තියනවා කියලා.
මොකද ළදරුවෙක්ගෙ cognitive development එක නැත්නම් සංකල්ප සංවර්ධනය වෙන්නෙ බබාට ලැබෙන ප්‍රතිචාරය අනුව. බබා සංකල්ප අවබෝධ කරගන්නෙ තමාට ලැබෙන ප්‍රතිචාරය අනුව.
අම්මගෙ ආදරය, හොඳ දේ නරක දේ, හැමදේම දරුවා වටහා ගන්නෙ එහෙම. ඉතිං මෙතනදි තමන් බලාපොරොත්තු වන ප්‍රතිචාරය වැඩිහිටියන්ගෙන් නොලැබුනාම බබා තේරුම් ගන්නවා මේක අවුල් කියලා.
හැබැයි ඇත්තටම අවුල තියෙන්න කාගෙද ? වැඩිහිටියන්ගෙ !!!
හැබැයි බබාට තේරෙන්නෙ නැහැ මේක මේ වැඩිහිටියන්ගෙ අවුලක් කියලා. බබාට තියා වැඩිහිටියො දන්නෙත් නැහැනෙ තමන් අවුල කියලා.
ඉතිං එකෙන් වෙන්නෙ බබාගෙ self esteem එක බිඳ වැටෙන එක.
අන්තිමට ගෙදරට කවුරුහරි ආවම හොරෙන් එබිලා බලන තැනට දරුවා පත්වෙනවා.
දරුවා අමුත්තො ඉස්සරහට යන්න ඉදිරිපත්වීම් කරන්න අකමැති වෙනවා. තමන් වෙනුවෙන් පෙනී සිටින්න දරුවට නොහැකි වෙනවා. කට අරින්න බය වෙනවා. ඔලුව නමාගන්න, සැඟවෙන්න පාඩුවෙ ඉන්න පුරුදු වෙනවා.
අන්තිමට දීන ජාතියක් මේ රටට බිහි වෙනවා. මේකට රටේ පාසල් පද්ධතිය සහ ඇතැම් උසස් අධ්‍යාපන ආයතන පවා අම්මටසිරි වෙන්න දායක වෙනවා.
අඩුම ගානෙ Millennial ජෙනරේශන් එකේ අපිවත් වෙනස් වෙමු. අපේ වැඩිහිටියො අපිව bully කරපු විදියට අපි ඊළඟ පරම්පරාව bully නොකර ඉමු. කාගෙ වුනත් පුංචි දරුවෙක්ව bully කරන එකට එරෙහි වෙමු.
✍️ පවී ජයවර්ධන
14/12/2022
07/12/2022
04/12/2022
27/10/2022