Food Technology Association UOVT

Food  Technology  Association UOVT

Share

A knowledge sharing platform created by Food Technology Association, UoVT

21/06/2026

Get Ready!
Enter the ultimate arena of innovation and sustainability.

𝐅𝐨𝐨𝐝𝐄𝐱 ’𝟐𝟔 🌾

💡 Smart Food, Greener World 🌍

Experience the latest innovations in food technology, sustainable food processing, and agricultural advancements that are shaping a smarter, greener World.

Organized by the Food Technology Association
Department of Agriculture and Food Technology

Follow us for more exciting updates! 🚨







21/06/2026

💙 *𝐇𝐚𝐩𝐩𝐲 𝐅𝐚𝐭𝐡𝐞𝐫’𝐬 𝐃𝐚𝐲* 💙

𝐌𝐲 𝐬𝐭𝐫𝐞𝐧𝐠𝐭𝐡 𝐰𝐚𝐬 𝐛𝐮𝐢𝐥𝐭 𝐮𝐩𝐨𝐧 𝐭𝐡𝐞 𝐬𝐡𝐨𝐮𝐥𝐝𝐞𝐫𝐬 𝐭𝐡𝐚𝐭 𝐜𝐚𝐫𝐫𝐢𝐞𝐝 𝐞𝐯𝐞𝐫𝐲 𝐛𝐮𝐫𝐝𝐞𝐧 𝐢𝐧 𝐬𝐢𝐥𝐞𝐧𝐜𝐞. 𝐘𝐨𝐮 𝐠𝐚𝐯𝐞 𝐮𝐩 𝐲𝐨𝐮𝐫 𝐨𝐰𝐧 𝐜𝐨𝐦𝐟𝐨𝐫𝐭 𝐬𝐨 𝐈 𝐜𝐨𝐮𝐥𝐝 𝐡𝐚𝐯𝐞 𝐚 𝐛𝐞𝐭𝐭𝐞𝐫 𝐥𝐢𝐟𝐞. 𝐘𝐨𝐮𝐫 𝐭𝐢𝐫𝐞𝐝 𝐡𝐚𝐧𝐝𝐬 𝐛𝐮𝐢𝐥𝐭 𝐭𝐡𝐞 𝐟𝐨𝐮𝐧𝐝𝐚𝐭𝐢𝐨𝐧 𝐨𝐟 𝐦𝐲 𝐝𝐫𝐞𝐚𝐦𝐬, 𝐚𝐧𝐝 𝐲𝐨𝐮𝐫 𝐬𝐢𝐥𝐞𝐧𝐭 𝐬𝐚𝐜𝐫𝐢𝐟𝐢𝐜𝐞𝐬 𝐛𝐞𝐜𝐚𝐦𝐞 𝐭𝐡𝐞 𝐫𝐨𝐚𝐝 𝐭𝐡𝐚𝐭 𝐥𝐞𝐝 𝐦𝐞 𝐭𝐨 𝐦𝐲 𝐟𝐮𝐭𝐮𝐫𝐞.

𝐘𝐨𝐮 𝐥𝐨𝐯𝐞𝐝 𝐦𝐞 𝐧𝐨𝐭 𝐰𝐢𝐭𝐡 𝐰𝐨𝐫𝐝𝐬, 𝐛𝐮𝐭 𝐰𝐢𝐭𝐡 𝐚𝐜𝐭𝐢𝐨𝐧𝐬. 𝐘𝐨𝐮 𝐬𝐭𝐨𝐨𝐝 𝐟𝐢𝐫𝐦 𝐢𝐧 𝐞𝐯𝐞𝐫𝐲 𝐬𝐭𝐨𝐫𝐦, 𝐬𝐨 𝐈 𝐜𝐨𝐮𝐥𝐝 𝐬𝐭𝐚𝐧𝐝 𝐭𝐚𝐥𝐥. 𝐓𝐨𝐝𝐚𝐲, 𝐈 𝐝𝐨𝐧’𝐭 𝐣𝐮𝐬𝐭 𝐜𝐞𝐥𝐞𝐛𝐫𝐚𝐭𝐞 𝐚 𝐝𝐚𝐲; 𝐈 𝐡𝐨𝐧𝐨𝐫 𝐭𝐡𝐞 𝐦𝐚𝐧 𝐰𝐡𝐨𝐬𝐞 𝐬𝐚𝐜𝐫𝐢𝐟𝐢𝐜𝐞𝐬 𝐛𝐞𝐜𝐚𝐦𝐞 𝐦𝐲 𝐨𝐩𝐩𝐨𝐫𝐭𝐮𝐧𝐢𝐭𝐢𝐞𝐬.

𝐇𝐚𝐩𝐩𝐲 𝐅𝐚𝐭𝐡𝐞𝐫’𝐬 𝐃𝐚𝐲 𝐭𝐨 𝐦𝐲 𝐟𝐢𝐫𝐬𝐭 𝐡𝐞𝐫𝐨, 𝐦𝐲 𝐠𝐫𝐞𝐚𝐭𝐞𝐬𝐭 𝐬𝐭𝐫𝐞𝐧𝐠𝐭𝐡, 𝐚𝐧𝐝 𝐦𝐲 𝐟𝐨𝐫𝐞𝐯𝐞𝐫 𝐠𝐮𝐢𝐝𝐞...!!

"නුඹේ උරහිස මත හිඳ
ලෝකය දැකගත් ළමා කාලය...
නුඹේ දහඩිය බිඳු අතර
ගොඩනැගුණු මගේ අනාගතය..."

මගේ ජයග්‍රහණ වලට
නුඹේ වෙහෙස පූජා කළා...
මගේ සිහින වලට
නුඹේ සැනසීම කැප කළා...

තාත්තේ...

මා ඉදිරියට යන්නට
පාර කැපුවේ නුඹයි...
මා වැටෙන හැම මොහොතකම
නැගිටින ශක්තිය දුන්නේ නුඹයි...

කාලයත් සමඟ
නුඹේ හිසකෙස් සුදු වුණත්,
නුඹේ ආදරය කිසිදා අඩුවුණේ නැහැ...

පිතෘ පාදං නමාමි...
දෑත් මුදුනත් කර නමදිමි දෙපා නුඹ...

💙 සුබ පියවරුන්ගේ දිනයක් වේවා...!! 💙




20/06/2026

🍃✨️ The Business of Plants: How the Plant-Based Market Became a Billion-Dollar Industry ✨️🍃

Over the past decade, plant-based food has grown from a niche lifestyle choice into a major global industry. Once associated mainly with vegetarian and vegan communities, it now attracts mainstream consumers due to changing lifestyles, health awareness, environmental concerns, and food innovation.

Plant-based products include alternatives to meat, dairy, and seafood made from ingredients such as soy, peas, oats, and other emerging proteins. Companies and startups continue investing in this sector as demand increases.

Sustainability remains a key driver because traditional livestock farming contributes to greenhouse gas emissions and intensive resource use. Many consumers also view plant-based diets as healthier options.

Technology has improved product taste, texture, and nutrition while increasing production efficiency. However, challenges remain, including premium pricing, concerns about ultra-processed foods, and unequal market access.

The future of plant-based business depends on balancing innovation, affordability, consumer trust, and environmental responsibility .

🍃✨️ශාක පදනම් කරගත් ආහාර ව්‍යාපාරය: ශාක පදනම් කරගත් ආහාර වෙළඳපොළ බිලියන ඩොලර් කර්මාන්තයක් වූයේ කෙසේද? ✨️🍃

පසුගිය දශකය තුළ, ශාක පදනම් කරගත් ආහාර ලෝක ආහාර කර්මාන්තය තුළ වේගයෙන්ම වර්ධනය වූ ක්ෂේත්‍රයක් බවට පත්ව ඇත. කලක් නිර්මාංශ සහ වීගන් ජීවන රටාවලට පමණක් සීමා වී තිබූ මෙම ආහාර, අද වන විට සෞඛ්‍ය අවබෝධය, පාරිසරික ගැටලු සහ ආහාර තාක්ෂණයේ නවෝත්පාදන හේතුවෙන් සාමාන්‍ය පාරිභෝගික වෙළඳපොළ ද දිනා ගැනීමට සමත්ව තිබේ.

මෙම වෙළඳපොළට මස්, කිරි සහ මුහුදු ආහාර සඳහා වන විකල්ප නිෂ්පාදන ඇතුළත් වන අතර, ඒවා ප්‍රධාන වශයෙන් සෝයා, කඩල, ඕට්ස් සහ අනෙකුත් ශාකමය ප්‍රෝටීන භාවිතයෙන් නිෂ්පාදනය කෙරේ. ඉල්ලුම ඉහළ යාමත් සමඟ සමාගම් සහ නවක ව්‍යවසායකයින් මෙම ක්ෂේත්‍රය සඳහා අඛණ්ඩව ආයෝජනය කරති.

මෙම වර්ධනයට බලපෑ ප්‍රධානතම හේතුවක් වන්නේ තිරසාරභාවයයි . සම්ප්‍රදායික සත්ත්ව පාලනය මඟින් හරිතාගාර වායු පිටවීම සහ අධික ලෙස සම්පත් පරිභෝජනය සිදු වන බැවින්, ශාක පදනම් කරගත් ආහාර ඊට කදිම විකල්පයක් ලෙස පාරිභෝගිකයෝ සලකති. එමෙන්ම, තාක්ෂණික දියුණුව හේතුවෙන් මෙම නිෂ්පාදනවල රසය, ව්‍යුහය සහ පෝෂණ ගුණය ද ඉහළ ගොස් ඇත.

එසේ වුවද, ඉහළ මිල ගණන්, මේවා අධික ලෙස සැකසූ ආහාර වීම පිළිබඳ පවතින ගැටලු සහ වෙළඳපොළ ප්‍රවේශයේ ඇති අසමානතාව තවමත් මෙහි පවතින අභියෝග වේ. මෙම ව්‍යාපාරයේ අනාගත සාර්ථකත්වය රඳා පවතින්නේ නවෝත්පාදනය, දැරිය හැකි මිල, පාරිභෝගික විශ්වාසය සහ පාරිසරික වගකීම නිවැරදිව සමබර කරගැනීම මතය.

Editor : H.A.K.Chamith Mindula (24/25 Batch)

Article By : T.M.H.M.Karunarathna (24/25 Batch)

Keywords : Plant-Based Foods, Sustainability, Food Business, Consumer Trends, Food Innovation

References :
Euromonitor International. Plant-Based Eating and Consumer Trends.
OECD & FAO. Agricultural Outlook Reports.

18/06/2026

🌱 Sustainable Food Science Day 🌍

Every year on June 18, Sustainable Food Science Day is celebrated worldwide to raise awareness about environmentally responsible, culturally respectful, and economically sustainable food systems. The day encourages individuals, communities, and organizations to adopt food choices and practices that support both human health and the well-being of our planet.

The day highlights the connection between food, agriculture, culture and sustainable development. By supporting sustainable food science, communities can improve food security, preserve traditional food practices and contribute to a healthier planet for future generations.

🌱 තිරසාර ආහාර විද්‍යා දිනය 🌍

සෑම වසරකම ජූනි 18 වන දින, පරිසර හිතකාමී, සංස්කෘතික වශයෙන් ගෞරවනීය සහ ආර්ථික වශයෙන් තිරසාර ආහාර පද්ධති පිළිබඳ දැනුවත් කිරීමේ අරමුණින් ලොව පුරා තිරසාර ආහාර විද්‍යා දිනය සමරනු ලැබේ. මෙම දිනය පුද්ගලයන්, ප්‍රජාවන් සහ සංවිධාන මානව සෞඛ්‍යයට මෙන්ම පෘථිවියේ යහපැවැත්මටද සහාය වන ආහාර තේරීම් හා පරිභෝජන ක්‍රම අනුගමනය කිරීමට දිරිමත් කරයි.

ආහාර, කෘෂිකර්මාන්තය, සංස්කෘතිය සහ තිරසාර සංවර්ධනය අතර සම්බන්ධතාවය මෙම දිනය ඉස්මතු කරයි. තිරසාර ආහාර විද්‍යාවට සහාය වීමෙන්, ප්‍රජාවන්ට ආහාර සුරක්ෂිතතාව වැඩිදියුණු කිරීමට, සාම්ප්‍රදායික ආහාර පිළිවෙත් ආරක්ෂා කිරීමට සහ අනාගත පරම්පරාවන් සඳහා සෞඛ්‍ය සම්පන්න ග්‍රහලෝකයකට දායක විය හැකිය.






16/06/2026

🧪Food-Ex Exhibition🧬

🔬Food-Ex is an annual exhibition organized by the Department of Agriculture and Food Technology of the University of Vocational Technology in collaboration with the Food Technology Association (FTA). The term “Food-Ex” represents Food Excellence.

The exhibition provides a platform for students to showcase innovative food products, advanced food processing techniques, and sustainable green technologies. It encourages research, entrepreneurship, and the practical application of food science and technology. Students gain valuable opportunities to present their ideas and interact with academics, industry professionals, and the general public.

Food-Ex was initiated under the guidance of Senior Professor K.K.D.S. Ranaweera. Over the years, the exhibition has grown into a nationally recognized event that supports young entrepreneurs and promotes the development of Sri Lanka’s food sector. Today, Food-Ex continues to inspire innovation and contribute to economic and social development through food technology ⚗️.

🧪Food-Ex ප්‍රදර්ශනය🧬

🔬Food Ex යනු වෘත්තීය තාක්ෂණ විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම හා ආහාර තාක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ආහාර තාක්ෂණ සංගමය (FTA) සමඟ එක්ව සංවිධානය කරනු ලබන වාර්ෂික ප්‍රදර්ශනයකි. “Food Ex” යන යෙදුම ආහාරයේ විශිෂ්ටත්වය සඳහා යොදා ගනී.

මෙම ප්‍රදර්ශනය සිසුන්ට නව්‍ය ආහාර නිෂ්පාදන, උසස් ආහාර සැකසුම් ශිල්පීය ක්‍රම සහ තිරසාර හරිත තාක්ෂණයන් ප්‍රදර්ශනය කිරීමට වේදිකාවක් සපයයි. එය පර්යේෂණ, ව්‍යවසායකත්වය සහ ආහාර විද්‍යාව හා තාක්ෂණයේ ප්‍රායෝගික භාවිතය දිරිමත් කරයි. සිසුන්ට තම අදහස් ඉදිරිපත් කිරීමට මෙන්ම විද්වතුන්,කර්මාන්ත වෘත්තිකයන් සහ මහජනතාව සමඟ අන්තර් ක්‍රියා කිරීමට වටිනා අවස්ථා ලැබේ.

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කේ.කේ.ඩී.එස්. රණවීරගේ මහතාගේ මඟ පෙන්වීම යටතේ Food Ex ආරම්භ කරන ලදී. 2018 සිට 2025 දක්වා, ප්‍රදර්ශනය තරුණ ව්‍යවසායකයින්ට සහාය වන සහ ශ්‍රී ලංකාවේ ආහාර අංශයේ සංවර්ධනය ප්‍රවර්ධනය කරන ජාතික වශයෙන් පිළිගත් සිදුවීමක් බවට පත්විය. අද වන විට, Food Ex නවෝත්පාදනයන් දිරිමත් කරන අතර ආහාර තාක්ෂණය හරහා ආර්ථික හා සමාජීය සංවර්ධනයට දායක වේ.⚗️

Writen by : P.G.Aloka Sankalpani Wijerathna (23/24 Batch)

14/06/2026

🌾🥩 Meatless Marvels: Can Plant-Based Foods Truly Replace Meat? 🥩🌾

In recent years, plant-based diets have become increasingly popular due to concerns about health, the environment, and animal welfare. From soy burgers to innovative meat alternatives, the demand for plant-based foods continues to grow. But can they truly replace meat?

Plant-based foods can provide essential nutrients such as protein and iron through legumes, nuts, seeds, and whole grains. Fortified foods can also help supply nutrients like vitamin B12. However, a balanced diet is important for those who avoid meat completely.

In addition, plant-based diets are generally more environmentally friendly, requiring fewer resources and producing lower greenhouse gas emissions. Although modern meat alternatives have improved in taste and texture, some people still prefer traditional meat because of cultural habits and personal preferences.

Ultimately, plant-based foods have the potential to replace meat for many people. Whether as a complete replacement or a partial alternative, they are helping shape a more sustainable future of food.

---

🌾🥩 මස් නොමැති ආහාර: පැලෑටි ආහාර සත්‍යවශයෙන්ම මස් වෙනුවට යොදාගත හැකිද? 🥩🌾

පසුගිය වසර කිහිපය තුලදී,සෞඛ්‍යය, පරිසරය සහ සත්ව සුභසාධනය පිළිබඳ ඇතිවූ සැලකිලිමත්කම් හේතුවෙන් පැලෑටි පදනම් කරගත් ආහාර රටාවන් ජනප්‍රිය වී ඇත. සෝයා බර්ගර් සහ නවීන මස් විකල්ප ආහාර සඳහා ඇති ඉල්ලුමද වැඩි වී තිබේ. නමුත්, ඒවාට සැබවින්ම මස් වෙනුවට යොදාගත හැකිද?

දළු, ගෙඩි, බීජ සහ සම්පූර්ණ ධාන්‍ය මඟින් ප්‍රෝටීන් සහ යකඩ වැනි වැදගත් පෝෂක ලබාගත හැක. විටමින් B12 වැනි පෝෂක සඳහා ශක්තිමත් කළ ආහාරද භාවිතා කළ හැක. කෙසේ වෙතත්, මස් සම්පූර්ණයෙන්ම ඉවත් කරන අය සමබර ආහාර රටාවක් අනුගමනය කළ යුතුය.

එසේම, පැලෑටි ආහාර පරිසර හිතකාමී වන අතර අඩු සම්පත් භාවිතා කරයි. නවීන මස් විකල්ප රසයෙන් සහ ගුණාංගයෙන් දියුණු වී තිබුණද, සමහර අය තවමත් සාම්ප්‍රදායික මස් සහිත ආහාරවලට කැමැත්තක් දක්වති.

අවසානයේ, පැලෑටි ආහාර බොහෝ දෙනෙකුට මස් වෙනුවට භාවිතා කළ හැකි හොඳ විකල්පයකි. සම්පූර්ණයෙන්ම හෝ අර්ධ වශයෙන් මස් වෙනුවට භාවිතා කළද, ඒවා අනාගතයේ තිරසාර ආහාර පද්ධතියක් ගොඩනැගීමට දායක වේ.

Editor : B.G.Pathum Dilhara (23/24 Batch)
Article by : M.R Nethsara (24/25 Batch)

Keywords: Plant-Based Meat, Food Innovation

References:

1. https://youtu.be/SJSFGTWgKjs?si=SQmJwXfCaG-S6EEC
2. https://youtu.be/hS_AQp4QiU4?si=j7BbafIrVMrPCVjP-

08/06/2026

🌊🐋 𝐖𝐨𝐫𝐥𝐝 𝐎𝐜𝐞𝐚𝐧 𝐃𝐚𝐲 🐋🌊

"Our oceans are essential for life on Earth."

Every year on June 8th, World Ocean Day is celebrated to highlight the importance of oceans and the need to protect them. Oceans cover over 70% of the Earth's surface, produce much of the oxygen we breathe, regulate climate, and support countless marine species.

Today, oceans face serious threats from plastic pollution, overfishing, and climate change. These challenges affect marine ecosystems and human well-being.

World Ocean Day reminds us that simple actions, such as reducing plastic use, protecting marine habitats, and supporting sustainable practices, can help preserve our oceans.

Together, we can ensure a healthier future for our blue planet.

🌊 Save Our Oceans, Secure Our Future. 🌊

🌊🐋 ලෝක සාගර දිනය 🐋🌊

"අපගේ සාගර පෘථිවියේ ජීවිතයට අත්‍යවශ්‍ය වේ."

සෑම වසරකම ජුනි මස 8 වන දින ලෝක සාගර දිනය සමරනු ලබන්නේ සාගරවල වැදගත්කම සහ ඒවා ආරක්ෂා කිරීමේ අවශ්‍යතාව අවධාරණය කිරීම සඳහාය. පෘථිවියේ මතුපිටින් 70% කට වැඩි ප්‍රමාණයක් ආවරණය කරන සාගර ඔක්සිජන් නිපදවීම, දේශගුණය පාලනය කිරීම සහ මුහුදු ජීවීන්ට වාසස්ථාන සැපයීම සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.

වර්තමානයේ ප්ලාස්ටික් දූෂණය, අධික මත්ස්‍ය අල්ලා ගැනීම සහ දේශගුණික විපර්යාස හේතුවෙන් සාගර තර්ජනයට ලක්ව ඇත.

ප්ලාස්ටික් භාවිතය අවම කිරීම, මුහුදු පරිසරය සුරැකීම සහ තිරසාර ක්‍රියාමාර්ග අනුගමනය කිරීම මඟින් අප සැමට සාගර ආරක්ෂා කිරීමට දායක විය හැකිය.

අපගේ නිල් ග්‍රහලෝකයේ අනාගතය වෙනුවෙන් අදම ක්‍රියා කරමු.

🌊 සාගර සුරකිමු – අනාගතය රැකගනිමු. 🌊

Editor By :- Sumaiya Naleem 24/25 Batch








07/06/2026

A sincere thank you to Mr. Dinesh Madusanka, Senior Production Executive at Finagle Lanka Pvt Ltd, for conducting an incredibly insightful and hands-on practical session on Bread and Buns Making.

This session was organized for the 23/24 batch under the Product Development Practical Module, offered by the Department of Agriculture and Food Technology at the University of Vocational Technology, Ratmalana.

Industry-academic collaborations like this provide invaluable practical exposure, bridges the gap between theory and reality, and equips our students for future success. Thank you for your immense support and for inspiring the next generation of food technologists!





07/06/2026

🍎🌍 𝐖𝐨𝐫𝐥𝐝 𝐅𝐨𝐨𝐝 𝐒𝐚𝐟𝐞𝐭𝐲 𝐃𝐚𝐲 𝟐𝟎𝟐𝟔 🌍🍎

Safe food is essential for good health, sustainable development, and a better quality of life. Every day, millions of people depend on safe, nutritious food to live healthy and productive lives.

Food safety is a shared responsibility that involves everyone across the food chain—from farmers and food producers to processors, retailers, food service providers, and consumers. By following proper food safety practices, we can reduce foodborne diseases, protect public health, and build trust in the food we eat.

On this World Food Safety Day, let us raise awareness, promote good hygiene practices, strengthen food safety systems, and work together to ensure safe food for all.

✨ Safe Food Today for a Healthy Tomorrow.

යහපත් සෞඛ්‍යයක්, තිරසාර සංවර්ධනයක් සහ වඩා හොඳ ජීවන තත්ත්වයක් සඳහා ආරක්ෂිත ආහාර අත්‍යවශ්‍ය වේ. සෑම දිනකම ලොව පුරා මිලියන ගණනක් ජනතාව සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සඳහා ආරක්ෂිත හා පෝෂ්‍යදායී ආහාර මත රඳා පවතී.

ආහාර සුරක්ෂිතතාව යනු ගොවියාගේ සිට පාරිභෝගිකයා දක්වා සමස්ත ආහාර දාමයම සම්බන්ධ වූ සාමූහික වගකීමකි. නිසි ආහාර සුරක්ෂිතතා ක්‍රමවේද අනුගමනය කිරීමෙන් ආහාර මගින් බෝවන රෝග අවම කරමින් මහජන සෞඛ්‍යය ආරක්ෂා කළ හැකි අතර, අප භාවිතා කරන ආහාර පිළිබඳ විශ්වාසයද ශක්තිමත් කළ හැකිය.

මෙවර ලෝක ආහාර සුරක්ෂිතතා දිනයේදී, ආහාර සුරක්ෂිතතාව පිළිබඳ දැනුවත්භාවය වර්ධනය කරමු, යහපත් සෞඛ්‍යාරක්ෂිත පුරුදු ප්‍රවර්ධනය කරමු, ආහාර සුරක්ෂිතතා පද්ධති ශක්තිමත් කරමු, සහ සියලු දෙනාටම ආරක්ෂිත ආහාර සහතික කිරීම සඳහා එකමුතු වෙමු.

✨ "අද ආරක්ෂිත ආහාර – හෙට සෞඛ්‍ය සම්පන්න ලෝකයක්."









05/06/2026

🔍🌍 𝐒𝐦𝐚𝐫𝐭 𝐅𝐨𝐨𝐝, 𝐆𝐫𝐞𝐞𝐧𝐞𝐫 𝐖𝐨𝐫𝐥𝐝 – 𝐓𝐡𝐞 𝐅𝐮𝐭𝐮𝐫𝐞 𝐨𝐟 𝐅𝐨𝐨𝐝 𝐒𝐭𝐚𝐫𝐭𝐬 𝐇𝐞𝐫𝐞! 🌍🔍

The wait is almost over... The most anticipated event of the year is coming soon!

𝐅𝐨𝐨𝐝𝐄𝐱'𝟐𝟔 is on its way!

This year, we invite you to discover a future where smart food solutions create a greener, healthier and more sustainable world.

Through innovation, technology and creativity, FoodEx'26 brings together groundbreaking ideas that transform the way we produce, process and consume food.

💡 Explore smart innovations that enhance food security and sustainability. Experience eco-friendly solutions designed for a better tomorrow. Witness the power of technology shaping the future of the food industry.

📣 Stay tuned for an inspiring journey towards a smarter food system and a greener world!








Want your school to be the top-listed School/college in Ratmalana?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address

University Of Vocational Technology, , No. 100, Kandawala Road
Ratmalana