චරණ නාලිකාවේ සීතල ඊතල වැඩසටහනේ " ව්‍යවසායකත්වය හා නීතිය" පිළිබඳ කළ සාකච්ඡාවකට සහභාගී වෙමින් බෙදාගත් අදහස් ⚖️❤️
Thanks for the invitation Charana TV
-නාරංගල්ල-
(නීති ශිෂ්‍ය )
Nare’s diary
Lawyer to be | a fan of aristotal 🙌🏻
15/03/2025
ආත්මාර්ථය හා මල්වත්ත✨🫂
ජීවිතේ කියන්නේ තමන්ට ආවේණික තමන් වටේ තියන දේවල් වලට අපි දෙන නිර්වචනයක්. සරලව අපි තෝරා ගන්න තේරීම් වලින් අපි අපිට ආවේණික දේවල් වලට දෙන වටිනාකම අපිව පිටින් ඉදන් බලන අයට තේරුම් යනව. සරලව මනුස්සයෙක් ජීවිතේ ආදරේ කරන්න තෝරගන්න අයගෙන් ඒ ජිවිතේ ඇතුළේ ආදරේට දීලා තියන නිර්වචනය මොකද්ද කියන එක තේරුම් යනවා. Podcast එකේ 46 වෙනි මිනිත්තුවෙදී අහපු මේ ප්‍රශ්නෙ දී ඇත්තටම මට උත්තරයක් එක පාරට හිතා ගන්න බැරි වුණා.
"දාලා ගිය කෙනෙක් ගැන හිතන එකෙන් එළියට එන්නෙ කොහොමද? " වගේ හරිම පොදු ප්‍රශ්නයක් ඇහුවා. මම අකමැතියි පොදුවේ මේ වගේ දේවල් වලට උත්තර දෙන්න. ලස්සන ගෑණු ළමේක් තමන්ගේ ජීවිතේ අත් හැරීමත් එක්ක අපෙන් ආදරේ සහ depression ගැන කතා කරන්න කියලා බහුතරයකගේ ඉල්ලීම නිසා කතා කරන්න මම එකඟ වුණා.
ජීවිතේ ඇතුළේ අපි ආදරේ කරද්දී අපි ආදරේ කරපු මනුස්සයෙක්ට අපෙන් ඉවත්ව යාමේ අවශ්‍යතාවයක් ආවොත් ඕන මොහොතක ඉවත්ව යන්න ඉඩ දීමේ හැකියාව අපිට තියෙන්න ඕන. ඒ වෙන දෙයක් නිසා නෙවෙයි. අපි අපිට ආදරේ කළ යුතු නිසා. මම හිතන්නෙ පෞද්ගලිකව අපි අපිට වඩා කෙනෙක්ට ආදරේ කරන්න ගත් තැනේ දීම ස්භාවධර්මය විසින් අපිව වෙන් කරවනව. ඒකට හේතුව ආදරේ කරද්දී අපිට ආත්මාර්ථය නිසා අනිත්‍ය අමතක වීම.ස්භාවධර්මය තමන්ගේ වගකීමක් විදිහට ඒක අපිට මතක් කරලා දෙනවා. මතක විදිහට තරුපති මමයි තර්ක කළා ආත්මාර්ථය නැතුව ආදරේ කරන්න පුලුවන්ද? බැයිද? කියන එක ගැන. මගේ මතය අපිට ආත්මාර්ථයෙන් තොරව ආදරේ කරන්න බෑ. අනෙකාව තමන්ගේ කර ගැනීමේ ආශාව මිය යනව කියන්නේ ඒ අදරේ මිය යන එකට.
ඉතින් ආදරේ කරන කෙනෙක් අපෙන් ඉවත් වෙලා යනව කියන්නෙ. ඒ කෙනාට අපි ගැන තිබුණ ආත්මාර්ථය අවසන් වෙලා කියන එක. ඒ වගේ තැනක ඒ ආත්මාර්ථයේ හැඟීම නැතිවුණේ ඇයි? ඒ කොහොමද? වගේ ප්‍රශ්න ඇතුළේ අපි උත්තර හොයන එක නතර කරන්න ඕනි. කෙනෙක්ට ආදරේ කරන්න අපිට හැකියාවක් තිබුණා නම් අපෙන් ඉවත්ව යාමට ඉඩ දෙන්නත් අපිට හයියක් තියෙන්න ඕනේ.එහෙම ඉවත්ව යන කෙනෙක්ට හඳවතින්ම සුභ පතන්න ඕනි. ජිවිතේ එක කාර්තුවක් අපිත් එක්ක බෙදා ගත් පමණින් අපි මුළු ජීවිතයම බෙදා ගන්න බලාපොරොත්තු නොවිය යුතුයි.
අපි උදාහරණයක් ගමු තමන්ගේ ජිවිතේ ලස්සන මල් වත්තක් කියලා හිතන්න. මේක බලා කියා ගන්න වගකීම තියෙන්නෙ ඔයාට. ඔයා එක්ක මේ ලස්සන මල් වත්ත බෙදාගන්න කැමති වුණ කෙනාට මේකෙන් එළියට යන්න වෙනව හදිස්සියෙම. එයා ගියා කියලා ඒ මල් වත්ත නවතින්නේ නෑ! මතක තියා ගන්න.
මල් වත්ත විනාශ වෙන්නෙ ඒක බලා කියා ගන්න වගකීම ඔයා මඟ ඇරපු දවසට. එහෙම කෙනෙක් ගියාට පස්සෙ මහන්සි වෙන්න. මල් වත්ත වෙනස් කරන්න! තව ලස්සන කරන්න! අලුත් අලුත් දේවල් try කරලා බලන්න! ටික කාලෙකට! ඊට පස්සේ ඉබේම කට්ටිය ඇවිත් ලස්සන බලයි. ඉබේම එහෙම කෙනෙක් නවතිවි. මතක තියා ගන්න! මිනිස්සු එන්නෙ නැත්තන්; එන මිනිස්සු නවතින්නෙ නැත්නම් කරන්න ඕනේ මල් වත්ත වහන එක නෙවෙයි.
ඒක වෙනස් කරන එක!තව තවත් ලස්සන කරන එක!
ඒ ලස්සන වෙනුවෙන් මහන්සි වෙන එක!.
මම මෙතන කතා කළේ මල්වත්තක් ගැන නෙවෙයි. ඒ වෙනුවට ජීවිතේ කියන වචනේ ආදේශ කරලා ආයේ කියවලා බලන්න.මතක ඇතුව වෙනස කළාට පස්සෙ මල් වත්තේ ගේටුව ඇවිත් ගිය අයට වහලා දානන්න!
ඒක මල් වත්තක් නැතුව අම්බලමක් නෙවෙයි!
Link - https://youtu.be/o2b7Dk3ymGI?si=r3HmQ_PS4Q4LYdrE
නාරංගල්ල
LLB(UG)
13/03/2025
ආදරේ කියන්නෙ මොකද්ද?මේක මම ගොඩක් කාලෙක ඉදන් කල්පනා කරපු ප්‍රශ්නයක්. ප්‍රසිද්ධියේ මම මේ වගේ දේවල් කතා කරනව අඩුයි. වගේම අකමැති. හේතුව වෙන දෙයක් නෙවෙයි අපි හැමෝටම තියෙනව අපේම කියපු කියවීමක් ආදරේ වගේ හැඟීම් වලට. ඒ කිය වීම positive ද Negative කියන එක තීරණය වෙන්නෙ අපි ඒක බෙදා ගත්ත මිනිස්සු අපිට තියලා ගියපු මතකය සුන්දරද! අසුන්දරද! කියන එක මත.
මගේ මතය නම් ආදරය කියන්නේ සුන්දර හැඟීමක්. ඒක අපි තුළ හට ගන්නෙ වගේම අවසන් වෙන්නෙ සුන්දර විදිහට. දුක ඇතුළේ සුන්දර කමක් තියන විත්තිය මම දැනගත්තේ එතනදී. මට මතකයි මේ podcast එක ඇතුළේ "උඹට ආයේ ඒ අතීතෙට යන්න ඕනේ නැද්ද බන් ?" කියන ප්‍රශ්නේ.
මම උත්තර නොදී මඟ ඇරියා. Edit එකේදි කපලා අයින් කළා.මගේ උත්තරේ මම මෙතන ලියන් නම්.
"නෑ.. මට අවශ්‍ය නෑ.. ඒ හැම කෙනෙක් එක්කම මට තියෙන්නෙ සුන්දර හෝ අසුන්දර මතකයක්. ඒක අවසන් මතකයක්. දවසක මුණ ගැහුනොත් හිනා වෙලා කතා කරන්න පුලුවන් නම් ඒ ඇති. නමුත් මට ආපහු හැරෙන්න අවශ්‍ය නෑ"
ආදරය කියන්නෙ පුදුමයක්. එය පුදුමයක්වම පැවතුනාවේ!!
Link - https://youtu.be/SAwWNETKTbY
නාරංගල්ල
LLB(UG)
@Ammoo. "ආදරේ" කියන්නේ මොක්ද්ද ? | Ammoo.pods EP 01 Are you ready to laugh w...
එපා යන්න ගොඩක් දුර එන්න වෙන්නෙ තනියම ❤️🦋
No past | No future | zero regrets
😌❤️
Click here to claim your Sponsored Listing.
Location
Website
Address
Ratmalana
05000