Department of Multimedia & Web Technology - UOVT

Department of Multimedia & Web Technology - UOVT Innovation | Creation | Connectivity We are dedicated to addressing the issues, needs, and requirements of the ever-growing several industries.

Multimedia & Web Technology Association - UoVT

Multimedia & Web Technology Association - UoVT belongs to the Multimedia & Web Technology Department is a unique and intelligent community of undergraduates in the multimedia and web technology field. Our undergraduates are focused on one common goal: to nurture designers who are equipped to thrive in Sri Lanka's emerging creative economy. As the onl

y state-owned design education system offering an exclusive design learning experience in the dynamic field of multimedia and web technology, we take pride in providing our students with the knowledge and skills necessary to excel in this rapidly evolving industry. We have embedded a multimedia design solution approach into our curriculum, emphasizing inspiration drawn from the physical and socio-cultural environment. This unique approach empowers our students to become exceptional design initiators who can actively contribute to the development of the creative industry within our country and on the global stage. Join us on Facebook to stay updated with the latest news, events, and achievements of our talented students and faculty. Explore the world of multimedia and web technology with us and be part of shaping the future of this exciting field. So, Warmly welcome to the page of the Department of Multimedia & Web Technology of the University of Vocational Technology, Rathmalana, Sri Lanka.

ඇසළ පුර පසලොස්වක පොහොය දිනය අදට යෙදී තිබේ. 🙏🏻🌕ඇසළ පුන් පොහොය දිනයේ ශාසනික වශයෙන් වැදගත් සිදුවීම් රාශීයක්ම සිදුවී ඇති බව ...
29/07/2026

ඇසළ පුර පසලොස්වක පොහොය දිනය අදට යෙදී තිබේ. 🙏🏻🌕

ඇසළ පුන් පොහොය දිනයේ ශාසනික වශයෙන් වැදගත් සිදුවීම් රාශීයක්ම සිදුවී ඇති බව පත පොතහි සදහන් වේ.

🔅අපමහ සිදුහත් බෝසතාණන් වහන්සේ පස්මහ බැළුම් බැලීමෙන් අනතුරුව මහ මායා දේවියගේ කුස පිළිසිඳගැනීම.
🔅සිදුහත් බෝසතාණන් වහන්සේ ගිහිගෙය කලකිරී මහාභිනිෂ්ක්‍රමණය සිදු කිරීම
🔅රාහුල කුමරුගේ උපත සිදු වීම.

උතුම් ශාසනික වැදගත්කම් රාශියක් සිදු වූ මෙම ඇසළ පුර පසළොස්වක පොහොය

ඔබ සැමට පින්බර පොහොය දිනයක් වේවා!🙏🏻✨

මොකක්ද මේ The 12 Principles of Animation කියන්නේ? 🎬🤔  Animation කියන්නේ සරල චිත්‍ර ටිකක් හරි 3D character එකක් හරි “ජීවය...
16/07/2026

මොකක්ද මේ The 12 Principles of Animation කියන්නේ? 🎬🤔

Animation කියන්නේ සරල චිත්‍ර ටිකක් හරි 3D character එකක් හරි “ජීවයක් තියෙන” විදිහට හරවන එක. ඒත් ඒ චලනය ස්වභාවික, විශ්වාස කරන්න පුළුවන් විදිහට පේන්න නම් අප අනුගමනය කළ යුතු නියමයන් කිහිපයක් තියෙනවා..

ඒ නියමයන් ටික තමයි The 12 Principles of Animation කියන්නේ. 1930 දශකයේ Disney animation ශිල්පීන් හඳුන්වා දුන්න මේ මූලධර්ම අදටත් 2D, 3D, Gaming, Motion Graphics හැමතැනම භාවිත වෙනවා.

අපි සරල උදාහරණයකින් මේක තේරුම් ගමු 👇

---

🔴 1. Squash and Stretch (හැකිලීම සහ ඇදීම) 🏀

බෝලයක් බිමට වැටෙනකොට ඒකෙ හැඩය වෙනස් වෙනවා නේද? වස්තුවක බර සහ නම්‍යශීලී බව පෙන්නන්න මේ ක්‍රමය පාවිච්චි කරනවා.

---

🔴 2. Anticipation (පෙර සූදානම) 🎭

මිනිහෙක් ඉස්සරහට පනින්න කලින් දණහිස් නවනවා වගේ, ඊළඟට වෙන්න යන ක්‍රියාවට ප්‍රේක්ෂකයාව සූදානම් කිරීම මෙයින් අදහස් වෙනවා.

---

🔴 3. Staging (දර්ශන සැකසීම)

Scene එකක වැදගත්ම දේ ප්‍රේක්ෂකයාට පැහැදිලිව පේන්න ඕන.
Background, lighting, character position – මේවා හරියට සැලසුම් කරන එක staging.

---

🔴 4. Straight Ahead Action & Pose to Pose (සජීවීකරණ ක්‍රම) ✍️

Animation කරන ක්‍රම දෙකක් තියෙනවා.

Straight Ahead – මුල ඉඳලා අගටම frame by frame ඇඳගෙන යන එක.
Pose to Pose – මුලින්ම main poses ටික හදලා, පස්සේ අතරමැදි frames දාගන්න එක.

---

🔴 5. Follow Through & Overlapping Action

කෙනෙක් දුවලා ඇවිත් එකපාරටම නැවතුනාම එයාගේ ඇඳුම්, කොණ්ඩය ඒ වෙලාවෙම නවතින්නේ නෑනෙ.
ඒ අමතර චලනයන් තමයි මේකෙන් පෙන්වන්නේ.

---

🔴 6. Slow In & Slow Out (වේගය පාලනය) 🚗

Car එකක් start කරනකොට හදිසිම full speed යන්නේ නෑ.
මුලින් හෙමින්, මැදදී වේගයෙන්, අවසානයේ ආයෙත් හෙමින්.

Animation එකක් තාත්වික වෙන්න මේ මන්දගාමී ආරම්භය සහ අවසානය අත්‍යවශ්‍යයි

---

🔴 7. Arc (වක්‍රාකාර චලනය) 🔄

ස්වභාවික ලෝකයේ ගොඩක් චලනයන් වෙන්නේ වක්‍රාකාරව (Arc).
අතක් විසි කරනකොට වුණත් ඒක කෙළින් ඉරක් වගේ යන්නේ නෑ.
මේකෙන් Animation එකට ස්වභාවික ගතියක් එනවා.

---

🔴 8. Secondary Action (ද්විතීයික චලනයන්) 🚶‍♂️💬

ප්‍රධාන චලනයට අමතරව කෙරෙන දේවල්.
උදාහරණයක් විදිහට කෙනෙක් තරහින් ඇවිදගෙන යන ගමන් අත් මිට මොලවන එක.

---

🔴 9. Timing (කාල නියමය) ⏱️

චලනයකට කොච්චර වෙලාවක් (Frames ගාණක්) යනවද කියන එක.
මේකෙන් චරිතයේ බර, වේගය වගේම හැඟීම් පවා තීරණය වෙනවා.

---

🔴 10. Exaggeration (අතිශයෝක්තිය)

සාමාන්‍ය දේකට වඩා ටිකක් වැඩියෙන් දේවල් පෙන්නන එක.
උදාහරණයක් විදිහට චරිතයක් පුදුම වුණාම ඇස් දෙක එළියට පනිනවා වගේ පෙන්වීම. මේකෙන් Animation එකේ විනෝදාත්මක බව වැඩි වෙනවා.

---

🔴 11. Solid Drawing (ත්‍රිමාණ ස්වභාවය) 🧊

චරිතයක් අඳිද්දි ඒකෙ බර, හැඩය සහ ත්‍රිමාණ (3D Space) ගතිය නිවැරදිව තබා ගැනීම. (චරිතය පැතලි විදිහට නොපෙනී සිටීම).

---

🔴 12. Appeal (ආකර්ෂණීය බව)

Hero කෙනෙක් වුණත්, villain කෙනෙක් වුණත් – බලන්න ආස හිතෙන design එකක් තියෙන්න ඕන.
Audience එකට connect වෙන්න පුළුවන් character එකක් හදන එක.

---

✨ Animation ඉගෙනගන්න කෙනෙක් නම් මේ Principles 12 කියන්නේ අත්තිවාරම වගේ.

🎯 2D, 3D, Game Design, VFX – කොයි field එකට ගියත් මේවා නැතුව බැහැ.

කෙටියෙන්ම කිව්වොත්:

The 12 Principles කියන්නේ animation වල “Science + Art” එකට බැඳපු නීති කිහිපයක්.
මේවා හරියට භාවිතා කළොත් තමයි character එකකට ජීවයක් ලැබෙන්නේ. 🎥✨




සටහන : Hasaranga Gamage - 24/25 Batch


02/07/2026

ජාතික සැලසුම් දෙපාර්තමේන්තුවේ අනුමැතිය සමඟින් අප විශ්වවිද්‍යාලට නේවාසිකාගාරයක්!

වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ සිසුන්ගේ පහසුකම් තවදුරටත් ඉහළ නැංවීම වෙනුවෙන් සැලසුම් කෙරුණු නව පිරිමි නේවාසිකාගාර ව්‍යාපෘතිය, ජාතික සැලසුම් දෙපාර්තමේන්තුවේ මහජන ආයෝජන සැලැස්ම (Public Investment Plan) සඳහා නිල වශයෙන් තෝරාගෙන තිබෙනවා!

දුර බැහැර සිට පැමිණෙන අපේ දරුවන්ට නවාතැන් ප්‍රශ්නයට ස්ථිර විසඳුමක්

✨ වෘත්තීය තාක්ෂණ විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ පීඨයේ නව පීඨාධිපතිතුමා ලෙස ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය එච්.ඒ.සෙනෙවිරත්න මහතා පත...
01/06/2026

✨ වෘත්තීය තාක්ෂණ විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ පීඨයේ නව පීඨාධිපතිතුමා ලෙස ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය එච්.ඒ.සෙනෙවිරත්න මහතා පත් විය 🖊️
ඔබතුමාට උණුසුම් සුභාශිංසන..... 🪄❤️

✨ Senior Lecturer Mr.H.A. Seneviratne has been appointed as the new Dean of the Faculty of Information Technology, University of Vocational Technology🖊️
Warmest congratulations to you..... 🪄❤️

----

සැමට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා! 🙏✨බුදුරජාණන් වහන්සේගේ උපත, බුද්ධත්වය හා පරිනිර්වාණය සිහිපත් කරන මේ උතුම් වෙසක් පෝය දි...
30/05/2026

සැමට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා! 🙏✨

බුදුරජාණන් වහන්සේගේ උපත, බුද්ධත්වය හා පරිනිර්වාණය සිහිපත් කරන මේ උතුම් වෙසක් පෝය දිනයේ, මෛත්‍රිය, කරුණාව සහ ප්‍රඥාව අප සැමගේ ජීවිත ආලෝකමත් කරාවායි ප්‍රාර්ථනා කරමු. 🪔💛

දයාවෙන් සිත පුරවා, යහපත් ක්‍රියාවෙන් ලොව සරසමින්, සාමය හා සතුට රජ කරන සුන්දර වෙසක් මංගල්‍යයක් ඔබ සැමට වේවා! 🌕🙏✨

---

Wishing Everyone a Blessed Vesak! 🙏✨

On this sacred Vesak Day, commemorating the Birth, Enlightenment, and Parinirvana of Lord Buddha, may the values of loving-kindness, compassion, and wisdom illuminate our lives. 🪔💛

May this Vesak inspire us to fill our hearts with kindness, perform good deeds, and foster peace and happiness in our communities. Wishing you all a joyful and meaningful Vesak celebration. 🌕🙏✨

---


🌙✨ ඊද් උල් අදා මුබාරක්! 🕌🐑කැපවීම, දයාබරත්වය සහ බෙදාගැනීමේ අරුත හදවතින්ම සිහිපත් කරන මේ පූජනීය උත්සව දිනයේ, ඔබ සහ ඔබගේ ආද...
28/05/2026

🌙✨ ඊද් උල් අදා මුබාරක්! 🕌🐑

කැපවීම, දයාබරත්වය සහ බෙදාගැනීමේ අරුත හදවතින්ම සිහිපත් කරන මේ පූජනීය උත්සව දිනයේ, ඔබ සහ ඔබගේ ආදරණීයයන්ගේ ජීවිත සතුට, සාමය සහ ආශිර්වාදයෙන් පිරී යාවි කියා ප්‍රාර්ථනා කරමු. 🤍🌸

එකමුතුව, ආදරය සහ මානුෂිකත්වය තවත් ශක්තිමත් වන සුබ Eid al-Adha උත්සවයක් වේවා! ✨🌙

---

🌙✨ Eid al-Adha Mubarak! 🕌🐑

On this sacred occasion that reminds us of sacrifice, kindness, and sharing, we wish you and your loved ones a life filled with happiness, peace, and countless blessings. 🤍🌸

May this beautiful Eid al-Adha strengthen unity, love, and humanity among us all. ✨🌙

26/05/2026
🌞 බක් මහේ අසිරිය රැගෙන, කොහාගේ නාදය මැදින් එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද අපේ සංස්කෘතික අනන්‍යතාවයේ අභිමානවත් මංගල...
14/04/2026

🌞 බක් මහේ අසිරිය රැගෙන, කොහාගේ නාදය මැදින් එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද අපේ සංස්කෘතික අනන්‍යතාවයේ අභිමානවත් මංගල්‍යයයි.

සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීම නිමිති කරගෙන සමරනු ලබන මෙම උදාර මංගල්‍යය, හුදෙක් සතුට සැමරීමක් පමණක් නොව, සොබාදහම සමඟ ඇති බැඳීම අලුත් කරගන්නා අවස්ථාවකි. නොනගතය, ලිප ගිනි මෙලවීම, ආහාර අනුභවය සහ ගනුදෙනු කිරීම වැනි චාරිත්‍ර වාරිත්‍ර මඟින් අපට කියා දෙන්නේ **සාමූහිකත්වය** සහ **කෘතගුණ සැලකීමේ** උතුම් පාඩමයි.

නැවුම් බලාපොරොත්තු සමඟින් උදාවන මේ අලුත් අවුරුද්ද, ඔබේ අධ්‍යාපන කටයුතු මෙන්ම පෞද්ගලික ජීවිතය ද සාර්ථකත්වයෙන් සරසන සුභම සුභ වසරක් වේවායි අප ප්‍රාර්ථනා කරන්නෙමු!

සියලු දෙනාටම සාමය, සතුට සපිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා! 🇱🇰✨

As the Koel's song echoes through the blooming Bak trees, the Sinhala and Hindu New Year dawns—a grand celebration of our rich cultural heritage.

Commemorating the sun’s transition from the House of Pisces to the House of Aries, this festival is more than just a celebration; it is a profound renewal of our bond with nature. Through time-honored rituals like lighting the hearth, partaking in the first meal, and exchanging goodwill, we embrace the timeless values of **unity, gratitude, and community.**
As we step into this New Year with fresh hopes, may it bring immense success to your academic journeys and fill your lives with joy and prosperity.

Wishing you all a peaceful and happy Sinhala & Hindu New Year! 🇱🇰✨

🪷🌕 පින්බර බක් පුන් පොහෝ දිනය අදයි.මහා කාරුණික ලොව්තුරා බුදුරජාණන් වහන්සේ අප රටට සාමයේ පණිවිඩය ලබාදුන් ඓතිහාසික වශයෙන් වැ...
01/04/2026

🪷🌕 පින්බර බක් පුන් පොහෝ දිනය අදයි.

මහා කාරුණික ලොව්තුරා බුදුරජාණන් වහන්සේ අප රටට සාමයේ පණිවිඩය ලබාදුන් ඓතිහාසික වශයෙන් වැදගත් පොහොය දිනයකි.

බක් මාසය භාග්‍යවන්ත මාසයක් ලෙස ප්‍රකටය. කෙත්වතුවල අස්වනු නෙළා ගන්නා වූ, මලින් ඵලින් ගස් බරවූ මාසයක් ලෙස බක් මාසය හැඳින්වේ.

ශාසන ඉතිහාසයේ සඳහන් පරිදි ශාන්තිනායක ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ දෙවැනි ලංකා ගමන සිදුවූයේ බක් පුර පසළොස්වක පොහොය දිනකය.

චූලෝදර – මහෝදර දෙදෙනා අතර මැණික් පුටුවක් නිසා ඇතිවන්නට ගිය මහා ගැටුම නිරාකරණය කිරීමේ පරම අභිලාෂය ඇතිව බුදුරදුන්ගේ දෙවැනි ලංකා ගමනය සිදු විය.

ඔබ සැමට පින්බර පොහෝ දිනයක් වේවා 🙏

--------------------

🪷🌕 Today is the auspicious Bak Purn Poya Day.

It is a historically important Poya Day when the great merciful Lord Buddha gave the message of peace to our country.

The month of Bak is known as an auspicious month. The month of Bak is known as a month when the fields are harvested and the trees are full of flowers and fruits.

As mentioned in the history of the Shasana, the second visit of the Lord Buddha to Lanka took place on the Bak Purn Poya Day.

The second visit of the Buddha to Lanka took place with the ultimate desire to resolve the great conflict that arose between the two Chulodara and Mahodara over a gem chair.

Have a blessed Poya Day to all of you 🙏

අද උතුම් මැදින් පසළොස්වක පොහොය දිනයයි !!• බුදුරජාණන්වහන්සේ බුද්ධත්වයෙන් පසු ප්‍රථම වරට කිඹුල්වත් පුරයට වැඩම කිරීම,• සුද්...
02/03/2026

අද උතුම් මැදින් පසළොස්වක පොහොය දිනයයි !!

• බුදුරජාණන්වහන්සේ බුද්ධත්වයෙන් පසු ප්‍රථම වරට කිඹුල්වත් පුරයට වැඩම කිරීම,
• සුද්ධෝදන රජතුමාට මහා ධර්මපාල ජාතකය දේශනා කිරීම,
• යශෝධරා දේවියට සඳ කිඳුරු ජාතකය දේශනා කිරීම,
• නන්ද කුමරුන් සහ රාහුල කුමරුන් උතුම් පැවිදි දිවියට පිවිසීම,

ආදී බුදු දහමේ විශේෂ සන්ධිස්ථාන කිහිපයක්ම සිදු වූයේ අද වැනි මැදින් පුර පසළොස්වක පොහෝ දිනයකයි 🙏🏻🌕

ලෝ වාසී සියලුම බෞද්ධයන් හට පින්බර මැදින් පොහෝ දිනක් වේවා ✨

Today is the Medin Pasaloswaka Poya Day!!

• The Lord Buddha visited Kimbulwat for the first time after his enlightenment,
• The Maha Dharmapala Jataka was preached to King Suddhodana,
• The Sanda Kinduru Jataka was preached to Goddess Yashodhara,
• The entry of Prince Nanda and Prince Rahula into the noble monastic life,

Several special milestones in Buddhism took place on a Medin Pasaloswaka Poya Day like today 🙏🏻🌕

May all Buddhists around the world have a blessed Medin Poya Day ✨

Address

No: 100, Kandawala Road
Ratmalana

Alerts

Be the first to know and let us send you an email when Department of Multimedia & Web Technology - UOVT posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share