Malaka Satharasinghe English

Malaka Satharasinghe English Thi is for the students who are waiting for the exam

18/11/2024
ජෝර්ජ් මැක්ලෝරීන්ඔහු 1948 දී ඔක්ලහෝමා විශ්ව විද්‍යාලයට ඇතුළත් වූ ප්‍රථම කළු ජාතිකයාය..ඔහුට තම සම වයසේ මිතුරන්ගෙන් ඈත් වී...
04/04/2024

ජෝර්ජ් මැක්ලෝරීන්

ඔහු 1948 දී ඔක්ලහෝමා විශ්ව විද්‍යාලයට ඇතුළත් වූ ප්‍රථම කළු ජාතිකයාය..

ඔහුට තම සම වයසේ මිතුරන්ගෙන් ඈත් වී කොනක හිඳ ගැනීමට සිදු විය.
ඒ කළු සුදු වර්ණ භේදය නිසාය..

නමුත් විශ්ව විද්‍යාලයේ හොඳම සිසුන් තිදෙනාගෙන් කෙනෙකු ලෙස ඔහුගේ නම ගෞරව නාම ලේඛනයේ පවතී...

මේ ඔහුගේ වචනයන්....

“සමහර සගයන් මා දෙස බැලුවේ මම සතෙකු මෙනි, කිසිවෙකු මට එක වචනයක්වත් කථා කළේ නැත, ගුරුවරුන්ද මා සඳහා ඉදිරිපත් නොවූ අතර, ඔවුන් මගේ ප්‍රශ්න වලට පිළිතුරු දුන්නේ කලාතුරකිනි.
නමුත් මම කොතරම් කැප වී සිටියාද යත් පසුව මගේ පංතියේ ළමයින් පැහැදිලි කිරීම් සඳහා මා සෙවීමට පටන් ගත් අතර, ගුරුවරුන්ද මාව ගණන් ගැනීමට පටන් ගත් අතර ඔවුන්ට මා නැතිවම බැරි විය"

"ආයුධ වලට වඩා අධ්‍යාපනයට බලයක් ඇත."

27/03/2024

We are back

25/12/2022

Api Dan hari wenas

කැම්පස් එකක ලෙක්චර් එකක් කරගෙන යද්දි එකපාරටම විසිල් ගහන සද්දයක් ඇහිලා මහචාර්යවරයා බෝඩ් එකේ ලියන එක නවත්තලා ඇහුවා " කව්ද ...
16/05/2021

කැම්පස් එකක ලෙක්චර් එකක් කරගෙන යද්දි එකපාරටම විසිල් ගහන සද්දයක් ඇහිලා මහචාර්යවරයා බෝඩ් එකේ ලියන එක නවත්තලා ඇහුවා " කව්ද විසිල් ගැහුවේ පන්තියේ කියලා" කවුරුවත් පාවලා දුන්නේ නෑලු විසිල් ගහපු එකාව.(කැම්පස් වල පාවලා දෙන්නේ නෑ)

සර් ඊට පස්සේ පාඩම නවත්තලා මාර්කර් පෙන් එක සාක්කුවේ දාගෙන අදට ලෙක්චර් එක ඉවරයි මන් පොඩි කතාවක් කියන්නම් ඔයාලට කියලා කතාවක් කියන්න පටන් ගත්තලු.ලමයි ඔක්කම ආසාවෙන් අහන් හිටියලු

ලමයි ඊයේ මම රෑ නිදාගන්න හදද්දි මට නිකන් තේරුනා නිදිමත අහලකවත් නෑ කියලා ..ඉතින් මන් කල්පනා කරා උදේ පෙට්‍රල් ගහන්න පෝලිම නිසා දැන් සෙනග අඩු නිසා පෙට්‍රල් ටිකක් ගහන් එන්න.ඉතින් මන් පෙට්‍රල් ගහලා ඉවර වෙලා පාරේ වාහන නැති නිසා ෆ්‍රී එකේ පොඩ්ඩක් කාර් එක පැදන් ආවා.එතකොට මන් දැක්කා ලස්සන ගෑනු ලමයෙක් පාර්ටි එකක් ඉවර වෙලා වාහනයක් එනකන් බලන් ඉන්නවා වගේ. මන් එයාගේ ලගට ගිහින් ඇහුවා ලිෆ්ට් එකක් ඕනිද කියලා.එයත් පුලුවන් නම් ලොකු දෙයක්..කියලා කාර් එකට නැග්ගා..මන් යන ගමන් එක එක මාතෘකා ගැන කතා කරත් එයා හොද පාලනේකින් කතා කරපු නිසා මට තේරුනා හොද බුද්ධිමත් කෙල්ලෙක් කියලා.මන් ඊට පස්සේ එයාව දාලා එන්න හදද්දි එයා මට ගෙට කතා කරා.මාත් ගියා..තේකක් එහෙම බීලා මන් කතා කරද්දි කියනවා ඔයා වගේ වැදගත් මිනිස්සු හරි අඩුයි.මන් ඔයාට කැමති කියලා..ඊට පස්සේ මන් කිව්වා ඔයත් හරි බුද්ධිමත් ඒක නිසා මාත් ඔයාට කැමතී කියලා.මන් ඇහුවා ඔය ඇයි කැම්පස් නොගියේ මෙච්චර හොද මොලයක් තිබිලත් කියලා.එතකොට එයා කිව්වා මට නම් ප්‍රස්න නිසා බැරි උනා ඒත් මගේ මල්ලි නම් කැම්පස් කියලා.මන් ඇහුවා මොන කැම්පස් එකේද කියලා.මාර වැඩේ කියන්නේ අපේ කැම්පස් එකේමයි.මන් ඇහුවා කොහමද එයාව අදුරගන්නේ කියලා.මොකද නම් වලින් කිව්වට ලමයි ගොඩක් ඉන්න නිසා..

එයා මට කිව්වා මල්ලි නිතරම විසිල් ගහනවා.ඒක නිසා ඕනි කෙනෙක්ට එයාව ලේසියෙන් අදුරගන්න පුලුවන්....මුලු පන්තියේම ලමයි ඔක්කම එකපාර විසිල් එක ගහපු කොල්ලා දිහාවට හැරුනා..

මහචාර්යවරයා ;- තෝ හිතුවද මන් මහචාර්යකම මර්වින් සිල්වා වගේ ගත්තා කියලා.බැහැපන් පන්තියෙන් එලියට කියලා ආයිත් පාඩම පටන් ගත්තලු

දයාබර දරුවනි / මාගෙ මිතුරනි / දෙමාපියනි,මාගේ ඔන්ලයින් ඉංග්‍රීසි  පන්ති මේ වන විටත් ආරම්භ වී ඇති බැවින්.ඔබගේ පන්ති වේලාව ...
12/05/2021

දයාබර දරුවනි / මාගෙ මිතුරනි / දෙමාපියනි,

මාගේ ඔන්ලයින් ඉංග්‍රීසි පන්ති මේ වන විටත් ආරම්භ වී ඇති බැවින්.ඔබගේ පන්ති වේලාව දැනගැනිමට හා සම්බන්ද වීමට දැන්ම ඔබගේ whatsapp අංකය 0772651691 අංකයට ඉක්මනින් දැනුම් දෙන මෙන් ආදරයෙන් ඉල්ලා සිට්ම් .

මාලක සතරසිංහ.
ඔබේ ආදරණීය ඉංග්‍රීසි ගුරුතුමා .

28/02/2021

දහසක් බලාපොරොත්තු පොදි බැදගෙන, තම දිවි මගේ සා/පෙළ කඩ ඉමට හෙට මුහුණ දෙන අපේ දරුපැටවුන් සියලුම දෙනාට ත්‍රිවිධ රත්නයේ ආරක්ශාවයි. ඔබ සැමට ජය. මාලක සර්

 #දිනක් විත්ති කූඩුවේ සිටි තරුණ බිරිඳක ගෙන් විනිසුරු දික්කසාද වීමට හේතු විමසා සිටීමේදී ඇය මෙසේ කියා සිටියාය..විනිසුරු - ...
21/02/2021

#දිනක් විත්ති කූඩුවේ සිටි තරුණ බිරිඳක ගෙන් විනිසුරු දික්කසාද වීමට හේතු විමසා සිටීමේදී ඇය මෙසේ කියා සිටියාය..

විනිසුරු - ඔබ දන්නවාද ඔබට එදිරිව ඔබේ ස්වාමිපුරුෂයා විසින් දික්කසාද නඩුවක් ගොනු කල ඇති බව..

තරුණ බිරිය- එසේමයි සුවාමීනී..

විනිසුරු - මෙහි ගොනු කොට ඇති කරුණු වලට තමා වැරදි කරුද නිවැරදි කරුද ..

තරුණ බිරිය - වරදකරු ස්වාමීනී..

විනිසුරු - අනාචාරයේ හැසිරීම සහ ද්වේශ සහගත අතහැරයාම පිලිබදව ඔබේ අදහස් දක්වන්න..

තරුණ බිරිය -
ස්වාමීනී ,
මෙහි පැමිණිලි කරු නොහොත් මගේ ස්වාමිපුරුෂයා මට මුන ගැසුනේ මන් අවුරුදු 23දී පෞද්ගලික රැකියා ස්ථානයකදී, අවුරුදු දෙකක ප්‍රේම සම්බන්යකින් අනතුරුව අප විවාහ උනා, ඉන් පස්සෙ අපි හදා ගත්තු ගෙදරක අපි පදිංචියට ගියා,,
බැදලා අවුරුද්දක් යනකොට අපිට දරුවෙක් ලැබුනා ,,
එයා කොහොමත් මන් ගැන එච්චර වගක් නෑ,
හැමෝම වගේ මන් උයන දේවල් රහ කර කර කෑවා,
ඒත් එයාට හැමදාම උයන එකේ අඩුපාඩු හෙව්වා, එක්කො ලුණු මදි,වැඩි කිරි මදි, මිරිස් වැඩි ඒ වගේ නොයෙකුත් දේවල්,,
ගෙවල් දොරවල් ලස්සනට අස් පස් කලත් ,මල් වැවුවත් ඒ වගෙත් එයාට ඇදක් පලුද්දක් හෙව්වා, එක්කො වැලි හරි පෑගෙනවා කිව්වා,
දරුවා කොච්චර හැඩට ලස්සනට තිබ්බත් මොකද මූ නාවර පෙරාගෙන කියලා අහනව මිසක් කිසිම වෙලාවක ළමයා ගැන හොයලා බැලුවෙ නෑ,,
මන් කොච්චර ලස්සනට ඇදලා කරලා හිටියත් මොකද ඕයි තමුසෙගෙ හැටි අම්මේ ඒකට අපේ ඔෆිස් එකේ ඉන්න ගෑනු බලපන්කො ඇවිත් කියනවා,,
මොකකට හරි වියදමට කීයක් හරි ඉල්ලුවාම ගිය සතියෙත් ඕව ගත්තා නේද ඉවරද අහනවා,,
බිල් ගෙනෙන් හැම එකකම , වියදම් අඩු කරපන් කියනවා, ඉතින් මන් මගේ දේවල් වලට මදි පාඩු උනාම මගේ සහෝදරයන් ගෙන් හරි අම්මගෙන් හරි පිරිමහ ගන්නවා,
කොච්චර පිරිමහල වැඩ කලත් එයා දැක්කෙ මගේ වියදම් පැත්තම විතරයි ,
ස්වාමීනී මට ඕන කලේ එයා එක්ක තුරුලු වෙලා දවසෙ දේවල් කතා කරන්න එක පැයක් එයාගෙන් ,ඒත් ගෙට ගොඩ වෙන්නෙ මහන්සි කියාගෙන ,
පැයක් විතර නාලා ,කාලා ෆෝන් එක ඔබල පැයක් විතර මන් වැඩ ඔක්කොම ඉවර වෙලා එනකොට එයා නිදි,,
මට කතා කරන්න කෙනෙක් නෑ ,හිතේ තියෙන දේවල් කියන්න කෙනෙක් නෑ, හදිස්සියේවත් දවල්ට වත් කෝල් එකක් අරන් මන් ඇහුවත් කෑවද කියලවත් අනේ මේහ් තියෙනවා අයිසේ මට වැඩ තියෙනවා අනික මන් ගෙදර එනව නේ කියනවා,,

මගේ යාලුවෝ එක එක තැන්වල යනවා නිවාඩු දවසට ගිහින් කාල බීලා ෆොටෝ අරන් හරි උජාරුවෙන් ඒ ගැන පෙන්න පෙන්න කතා කරනවා,,

මගෙන් ඇහුවම ට්‍රිප් එකක්වත් යන්නෙ නැත්ද කියලා මන් දෙන උත්තරේ එයාට නිවාඩු නෑ කියලා,,අම්මෝ මෙයාගෙ මනුස්සයා බිස්නස්මන් කෙනෙක් වෙන්න ඇති ඒකනෙ මේ තරම් බිසී කියලා උන් හිනා වෙනවා,,
ඒ තියා අම්මලව ඉදල හිටල බලන්න යන් කිව්වත් තමුසෙ ගිහින් එනවා මට ඕවට වෙලාව නෑ කියලා එයාගෙ ගමන් යනවා,,
අම්මල පවා හැමදාම එයාව අහනකොට බොරු උත්තර දෙනවා,,

කවදාවත් අපේ විසේස දවස්, මගේ උපන්දිනයක් මතක නෑ,,කවුරු හරි ඒකට සුබ පතපුවාම අහ් අද තමුසෙගෙ උපන්දිනේ ද අහනවා,ඒකට කවදාවත් මට තෑග්ගක් හම්බ වෙලා නෑ,,

ළමයගෙ මොන්ටිසෝරියේ පේරන්ට් මීටින් වලට ගියේ මන් තනියම ,ලමයට මට පවා ලෙඩක් දුකක් අසනීපයක් උනාම මන් බෙහෙත් ගන්න ගියේ තනියම,මට රෑකට අසනීපයක් හැදුනම පවා පැනඩෝල් පෙත්තක් දෙන්නවත් එයා නැගිට්ටෙ නෑ,,

මට දුක ස්වාමීනී යාලුවෙලා ඉන්නකොට මේ ගැන දැනුනෙ නැති එක ,එතකොට අඩු පාඩු දැනුනත් එයාට ගොඩක් ආදරේ කලා මන් බැන්දම හරි යයි කියලා මන් හිතුවේ..

විනිසුරු - එතකොට මේ අනියම් සම්බන්ධය ගැන ඔබට මොනාද ප්‍රකාශ කරන්න තියෙන්නෙ..

තරුණ බිරිය-
එහෙමයි ස්වාමීනී ,මන් ඒකට අනියම් කියන්න කැමති නෑ,ඒකයි නියම සම්බන්ධ කම, මිනිස්සු ඒකට එහෙම කිව්වට ,මන් වෙනුවෙන් එයාට වෙන් කරන්න කාලෙ තිබ්බා, ඕන රෑක ඕන වෙලාවක කතා කරොත් එයා ඇවිල්ලා මගේ වැඩේ කරලා දුන්නා,,
කොහේ ගියත් මන් වෙනුවෙන් මගේ හෑන්ඩ් බෑග් එක උස්සන් ඉන්න,ළමයව වඩන් ඉන්න ,මන් කියන දෙයක් ඕනම වෙලාවක් අහන් ඉන්න,ඕනම තැනක යන්න,සමහර විට වැඩත් එක්ක එකම වැඩේට දෙපාරක් තුන් පාරක් ගිය වෙලාවට පවා මුකුත්ම නොකියා එන්න,,

බඩගින්නට කෑමක් උනත් අරන් එන්න,කවදාවත් අරය කතා නොකරපු ආදර නම් වලින් මට කතා කරන්න,මගේ උපන්දිනේ ට චූටිම දේකින් පවා මාව පුදුම කරන්න එයාට පුලුවන් උනා,ඔව් වැරදි මන් ගොඩ කාලෙකින් නොලැබුණු ආදරනීයම පහසක් ලබන්න පවා මන් දෙපාරක් හිතුවෙ නෑ, වැඩේ කරන් අනිත් පැත්ත හැරිලා නිදා ගන්න එයාගෙයි මෙයාගෙයි මන් ලොකූ වෙනසක් දැක්කා,මට හිතුනෙම මෙයා මගේ පෙම්වතා කියලා,,

මගේ හැමදේකම එයා හොදක් දැක්කා,එයාට මන් කොච්චර කැත උනත් මාව ලස්සනට දැක්ක,මට වගේම දරුවටත් එක වගේම ආදරේ කලා,මගේ වැරදි අඩු පාඩු හදන් මාත් එක්කම හිටියා,තරහ උනත් ඉද හිටක ආයෙම ටිකකින් මුකුත්ම නොවුන ගානට කතා කලා,එයා මාව බලන්න හොරෙන් ආවෙ උනාට යනකොට මගේ නලලත ඉඹලා පරිස්සමෙන් සුදු නෝනා කියලා ගියා,මන් වගේම මගේ දරුවත් එයාට ආදරේ කලා,,

මගේ ස්වාමිපුරුෂයා මේක දකිනකොට පවා මෙයා ළමයවත් වඩාගෙන අපි අයිස් ක්‍රීම් කකා පාරෙ ඇවිදිනවා,
ස්වාමීනී ,ගෑනු ආදරේ විදියට දකින්නෙ,පුංචිම පුංචි අගය කිරීමක, එයාට දෙන කාලය ගැන, එයා වෙනුවෙන් කරන පුංචි දේවල් වල,ඒවා ගොඩක් ලොකු වෙන්න ඕන නෑ,,

රට්ටු මට වේස ගෑනි කියයි, නොයෙකුත් කතා කියයි ඒත් මට නොලැබුණු සෙනෙහස වෙන තැනකින් හෙව්ව මන් වැරදි ඇති,ඒත් මන් මානුෂික අතින් හරි අසරණ උනා,එයා දැනට උනත් මේ ප්‍රශ්න වලින් පලා ගිහින් නෑ,එලියෙ ඉන්නවා මන් එනකල්, මට කොහොමත් මේ කොලේ බැදීමට වඩා ඒ හදවතේ බැදීම වටිනවා ,ඔබ වහන්සේ මට දික්කසාදය දෙන්න මන් ඒකට කැමති රට්ටු මොනා කිව්වත් එයාලත් එක්ක නෙවෙයි මන් ඉන්නේ, එක මොහොතක් මන් කෑවද බීවද නාහා හිටපු අය ,මන් වෙන මිනිහෙක් එක්ක බුදිය ගත්ත එක හෙව්වා,මට එයාලගෙ කතා නම් වැඩක් නෑ ස්වාමීනී ,,

එසේ කියද්දි පැමිණිලි කූඩුවේ සිටි ස්වාමිපුරුෂයා ලැජ්ජාවෙන් බිම බලා සිටියා,විනිසුරුකරු නිරුත්තව මේසය දෙස බලා යමක් සටහන් කරමින් සිටියා,තරුණ බිරිය ඇස් අග කදුලක් පිස දමා සිය මෑණියන් අතේ සිටි දරුවා දෙස බලා දිග සුසුමක් පිට කර හැරියා..

(මේ දවසකට වෙන කතා අතුරෙන් එකම එක කතාවක් පමණයි,කෙනෙකුට කතා හදන්න පෙර ඔවුන්ගේ ජීවිත කතාව කියවා සිටින්න,මොකද හරිම කතාව දන්නේ ඔවුන් පමණක්ම නිසා)
තෙරුවන් සරණයි 🙏

Credit goes: MoආnA🌸🖤
Cpd!
උපුටා ගැනීමකි .

අද ඉදන් සාමාන්‍ය ජනතාවට COVISHIELD එන්නත දෙනවා. ඒ නිසා මේ ටික වැදගත් වෙයි.✅ එන්නත විද්දම සාමාන්‍ය උණක්, හිසරදයක් ඇගපත වේ...
18/02/2021

අද ඉදන් සාමාන්‍ය ජනතාවට COVISHIELD එන්නත දෙනවා. ඒ නිසා මේ ටික වැදගත් වෙයි.

✅ එන්නත විද්දම සාමාන්‍ය උණක්, හිසරදයක් ඇගපත වේදනාවක් එනවා. ඒක පැය 24-72 කාලයක් තියෙන්න පුලුවන්.

✅ ඒක ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ක්‍රියාත්මක වෙනවා කියන එකට සාක්ෂියක්.

✅එන්නත් කරාම කැමති ඕන දෙයක් කන්න නාන්න පුලුවන්.

✅ බොහෝ අයට පැරසිටමෝල් පැය 6කට වරක් ගත්තම අපහසුතා දැනෙන්නේ නෑ.

✅ අරක්කු බොන සිගරට් බොන අයටත් එන්නත දෙනවා. ඔයාලත් අපේ රටේ මිනිස්සු.

✅ අපි එන්නත් 10ක් තියෙන බෝතලය හූරල 11කට විදින්නේ නෑ. හැමෝටම නියමිත මිලි 0.5 හරියට විදිනව. එහෙම විදලා ඉතා කලාතුරකින් සමහර කුප්පිවල තවත් මිලි 0.5 ක් ඉතිරි වුනොත් නම්, ඒක කාටහරි දෙන්න කියල සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් තුමා උපදෙස් දීල තියෙනව. බෝතල් කීපයකින් එකතු කරලා කාටවත් මාත්‍රාවක් දෙන්නේ නෑ.

✅ එන්නත විදල සති තුනක් විතර යනකොට ඔබට 60-70% අතර රෝගය බෝ නොවීමේ ආරක්ෂාවක් ලැබෙනවා, හැදුනත් උත්සන්න වෙන්නේ නෑ. දෙවෙනි මාත්‍රාව තවත් මාස තුනක් ප්‍රමාද වෙලා දෙන්නේ.

✅ මේ එන්නතේ බරපතළ අතුරැ ආබාධ ලෝකේ කොහේවත් වාර්තා වෙලා නෑ.මදසරු වෙන්නේ නෑ. විදල මාස හයක් අරක්කු නොබී ඉන්න කියලත් නෑ. අඩුගානේ සතියක්වත් මත්පැන්/සිගරට් නොබී ඉන්න බලන්න, ඒ ඇති.

✅ අපේ රටේ සෞඛ්‍ය සේවකයෝ ඔක්කොම වගේ මේ වෙනකොට එන්නත මුලින්ම විදගෙන පරීක්ෂණයට ලක්වෙලා ඉවරයි.ඔබට ලැබිල තියෙන්නේ මේ වෙනකොට රටවල් 41ක මිස්සු මිලියන 100කට වඩා විදපු බෙහෙතක්. ඒක ඉතාම ආරක්ශිතයි.

✅ ඒ නිසා ලැබෙන පළමු අවස්ථාවේම එන්නත් කරගන්න.

වෛද්‍ය Chanith peduruarachchi
උපුටා ගැනීමකි

මගේ අම්මා ඒ ගැන මොනවා හිතයිද?තරඟයකදී  (පින්තූරය බලන්න) කෙන්යාව නියෝජනය කරන මලල ක්‍රීඩක අබෙල් මුටායි තරඟයේ අවසන් අඩි කිහි...
16/02/2021

මගේ අම්මා ඒ ගැන මොනවා හිතයිද?

තරඟයකදී (පින්තූරය බලන්න) කෙන්යාව නියෝජනය කරන මලල ක්‍රීඩක අබෙල් මුටායි තරඟයේ අවසන් අඩි කිහිපය තුලදී ඔහු තරඟය අවසන් කර ඇතැයි සිතා මග නතර විය. පිටුපසින් පැමිණි ස්පාඤ්ඤ මලල ක්‍රීඩක අයිවන් ෆර්නැන්ඩස් සිදුවන්නේ කුමක්ද යන්න වටහා ගෙන කෙන්යානුවාට කෑ ගැසීමට පටන් ගත්තේය. නමුත් මුටායි ස්පාඤ්ඤ භාෂාව තේරෙන අයෙක් නොවීය. එමනිසා ස්පාඤ්ඤ ජාතිකයා ඔහුව දිනුම් රේඛාව කරා තල්ලු කළේය.

මාධ්‍යවේදියෙක් අයිවන්ගෙන් මෙසේ ප්‍රශ්න කලා.
"ඇයි ඔබ එහෙම කළේ?"
* අයිවන් : මගේ සිහිනය නම් කවදා හෝ අපට සාමූහිකව ප්‍රජා ජීවිතයක් ගත කළ හැකි වීමයි.

* මාධ්‍යවේදියා : නමුත් ඇයි ඔබ කෙන්යාවට ජයග්‍රහණය කිරීමට ඉඩ දුන්නේ?

* අයිවන් : මම ඔහුට ජය ගැනීමට ඉඩ දුන්නේ නැහැ. ඔහුයි දිනන්නට නියමිතව සිටියේ.

* මාධ්‍යවේදියා : නමුත් ඔබට ජයග්‍රහණය කළ හැකිව තිබුනා.

* අයිවන් :
නමුත් ඒ ජයග්‍රහණයේ අර්ථය කුමක්ද?
එම පදක්කමේ ගෞරවය කුමක් වනු ඇත්ද?
මගේ අම්මා ඒ ගැන මොනවා හිතයිද?

සාරධර්ම පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය වේ. අපි අපේ දරුවන්ට උගන්වන්නේ කුමන සාරධර්මද?
අපද අපගේ දරුවන්ට ජයග්‍රහණයන් වෙනුවෙන් වංචනික, වංක, වැරදි මාර්ග ඉගැන්වීමට ඉඩ නොදෙමු.

(උපුටා ගැනීමකි.)

Address

Weeraketiya Road
Ranna
82125

Telephone

+94772651691

Website

Alerts

Be the first to know and let us send you an email when Malaka Satharasinghe English posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category