Philip Thilakawardhana College

Philip Thilakawardhana College Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Philip Thilakawardhana College, School, Nawagamuwa, Ranala.

විද්‍යාලයීය දරු දැරියන්ගේ හැකියාවන් එළි දක්වන "වර්ණ" සිතුවම් දැක්ම 2025.11.06 වන දින විද්‍යාලයේදී පැවැත්වුණා. විද්‍යාලයී...
07/11/2025

විද්‍යාලයීය දරු දැරියන්ගේ හැකියාවන් එළි දක්වන "වර්ණ" සිතුවම් දැක්ම 2025.11.06 වන දින විද්‍යාලයේදී පැවැත්වුණා. විද්‍යාලයීය චිත්‍ර විෂයය භාර ආචාරිණී දිල්හානි මහත්මිය මේ සඳහා මූලිකත්වය ගෙන කටයුතු කලා. ජයග්‍රාහකයින් ට ලබා දෙන ත්‍යාග සඳහා අනුග්‍රහය දක්වනු ලැබූ නවගමුව සිංහ සමාජයට ස්තූතියි.

ඉල් පොහොය නිමිතිකොට ගෙන පැවැත්වුණු පෙර පොහොය වැඩසටහන
07/11/2025

ඉල් පොහොය නිමිතිකොට ගෙන පැවැත්වුණු පෙර පොහොය වැඩසටහන

විද්‍යාලයීය සංවර්ධන සමිති මහා සභා විශේෂ රැස්වීමක් පසුගිය 2025.11.03 වෙනි දින පැවැත්වුනා
07/11/2025

විද්‍යාලයීය සංවර්ධන සමිති මහා සභා විශේෂ රැස්වීමක් පසුගිය 2025.11.03 වෙනි දින පැවැත්වුනා

නවගමුව පිලිප් තිලකවර්ධන විදුහල ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයේ පැරණිම විදුහලක්.අතීතයේදි විවිධ තරගවලින් ජයලබා ජයකෙහෙළි නැංවු ව...
07/11/2025

නවගමුව පිලිප් තිලකවර්ධන විදුහල ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයේ පැරණිම විදුහලක්.අතීතයේදි විවිධ තරගවලින් ජයලබා ජයකෙහෙළි නැංවු විදුහල විවිධ කාලවලදි කඩාවැටීමවලට පවා ලක්වුණා.
රටේ දක්ෂකම වොලිබෝල් කණ්ඩායම් අතීතයේදි බිහිවුණේ මේ විදුහලෙන්.එසේම කෘෂිකර්මයෙන් ජයලබා අතීතයේදි ලංකාවේම පලමු තැනටත් ආ පාසලක් මේ.
විවිධ කාල පසුකරමින් ආ මේ විදුහලට පත්ව ආ චමින්ද ලියනගේ විදුහල්පතිවරයා විදුහලට නව ජීවයක් දුන්නා.රාත්‍රී කාලයේ පවා පන්ති පවත්වා සාමාන්‍ය⁣ පෙළ විභාගයෙන් සිසුන් විශාල පිරිසක් සමත් කෙරෙව්වා.
⁣ඔහුගෙන් පසු වත්මන් විදුහල්පතිනිය විදුහල දියුණු කිරිමට කැපවීමෙන් කටයුතු කරනු දැකිම සතුටක්. විදුහලේ පරිපාලනය ඒ අන්දමින් කරන කැපවීමට ගම්වාසින් හා පරිත්‍යාගශීලින් ගෙන් ලැබෙන සහයත් සුළුපටු නොවේ.
ක්‍රිඩා අංශයෙන් දරුවන්ට ඉදිරියට යද්දි ඔවුන්ට අවශ්‍යවි තිබු ක්‍රිඩා උපකරණ තොගයක් නවගමුව සුරැකීමේ සංවිධානය හා ආදි ශිෂ්‍ය සංගමය එක්ව පරිත්‍යාග කිරිමට කටයුතු කළා.ඊට පෙර අපගේ මැදිහත්විමෙන්ද මහනුවර චන්දානන්ද විදුහලේ අනුග්‍රහයෙන් ක්‍රිඩා භාණ්ඩ තොගයක් පරිත්‍යාග කිරිමට හැකිවුණා.
එසේම විදුහලේ දැරියන් කීප දෙනෙකු සංගීත අංශයෙන්ද පළාත් හා දිවයිනපුරා තරඟවලින්ද ජයලබා තිබිම සතුටක්.

සමස්ත ලංකා සංගීත තරග ගී අනුවාදන (හාමෝනියම්) අංශයෙන් ඉදිරිපත් වූ ආර් චමත්කි නෙතාරා දියණිය මීට ප්‍රථම කොට්ටාස, කලාප තරඟවලි...
20/10/2025

සමස්ත ලංකා සංගීත තරග ගී අනුවාදන (හාමෝනියම්) අංශයෙන් ඉදිරිපත් වූ ආර් චමත්කි නෙතාරා දියණිය මීට ප්‍රථම කොට්ටාස, කලාප තරඟවලින් ප්‍රථම ස්ථානය ලබා 2025-10-20 දින සමස්ත ලංකා තරඟයෙන් තෙවන ස්ථානය ජයග්‍රාහණය කිරීමට සමත් වූ බව ඉතා සතුටින් දන්වා සිටිමු.
විදුහලට කීර්තියක් ලබා දුන් ඇයට උණුසුම් සුබ පැතුම්.
ජයග්‍රහණයට උර දුන් විද්‍යාලයීය සංගීත ආචාරිණී ටෙරනි ගුරු මහත්මිය සහ සහාය වාදනයෙන් සහභාගී වූ ඩබ් නදුප මින්රුත පුතනුවන් (තබ්ලා), ඩබ් ඔකිඳු නිදුවර පුතනුවන් (ගිටාර්) , රජිත අංජන හෙට්ටිආරච්චි පුතනුවන් (තබ්ලා) ඇතුළු කණ්ඩායමට ස්තුතියි !!!

වප් පොහොය නිමිතිකොටගෙන පිලිප් තිලකවර්ධන විදුහලේ 2025.10.03 දින පැවැත්වූ පෙර පොහොය වැඩසටහන.
08/10/2025

වප් පොහොය නිමිතිකොටගෙන පිලිප් තිලකවර්ධන විදුහලේ 2025.10.03 දින පැවැත්වූ පෙර පොහොය වැඩසටහන.

පිලිප් තිලකවර්ධන විදුහලේ ළමා දින වැඩසටහන ඔක්තෝම්බර් පළමුවන දින දූ පුතුන් ගේ නිර්මාණ වලින් ම වර්ණවත් විය.ඔවුන් වෙනුවෙන් ද...
08/10/2025

පිලිප් තිලකවර්ධන විදුහලේ ළමා දින වැඩසටහන ඔක්තෝම්බර් පළමුවන දින දූ පුතුන් ගේ නිර්මාණ වලින් ම වර්ණවත් විය.
ඔවුන් වෙනුවෙන් දිවා ආහාරය ලබා දුන් නවගමුව සිංහ සමාජයට සහ බිස්කට් ලබා දුන් මන්චි ආයතනයට හදපිරි ප්‍රණාමය.

පිලිප් තිලකවර්ධන විදුහලේ ළමා දින වැඩසටහන ඔක්තෝම්බර් 01 දින පිලිප් දූ පුතුන් ගේ නිර්මාණ වලින් ම වර්ණවත් විය.ඔවුන් වෙනුවෙන...
08/10/2025

පිලිප් තිලකවර්ධන විදුහලේ ළමා දින වැඩසටහන ඔක්තෝම්බර් 01 දින පිලිප් දූ පුතුන් ගේ නිර්මාණ වලින් ම වර්ණවත් විය.
ඔවුන් වෙනුවෙන් දිවා ආහාරය ලබා දුන් නවගමුව සිංහ සමාජයට සහ බිස්කට් ලබා දුන් මන්චි ආයතනයට හදපිරි ප්‍රණාමය.

සිසුන්ගේ කියවීමේ/ලිවීමේ හා සාහිත්‍ය රුචිය වර්ධනය කිරීම සඳහා ක්‍රියාත්මකවන පොතයි මමයි වැඩසටහන යටතේ 2025.09.19 දින එම් ඩී ...
19/09/2025

සිසුන්ගේ කියවීමේ/ලිවීමේ හා සාහිත්‍ය රුචිය වර්ධනය කිරීම සඳහා ක්‍රියාත්මකවන පොතයි මමයි වැඩසටහන යටතේ 2025.09.19 දින එම් ඩී ගුණසේන සහ සමාගම මෙහෙයවීමෙන් පැවැත්වූ "සාහිත්‍ය කන්නද ?" දේශනය සහ මහගම සේකරයන් විසින් රචිත ගී රසවින්දන වැඩසටහන. විශේෂ ස්තූතිය කුමාරි සංජීවි මහත්මියට සහ එම් ඩී ගුණසේන සමාගමට

2022 ජුනි මස 23 සහ 24 දිනයන්හි පැවති නායකත්ව පුහුණු කඳවුර
12/09/2023

2022 ජුනි මස 23 සහ 24 දිනයන්හි පැවති නායකත්ව පුහුණු කඳවුර

දරුවන්ගේ සතිමත් බව වර්ධනය කිරීම උදෙසා පූජ්‍ය මාතලේ ධම්ම දස්සන හිමියන් විසින් 2023 අගෝස්තු මස 29 වන දින සිදුකරනු ලැබූ විශ...
12/09/2023

දරුවන්ගේ සතිමත් බව වර්ධනය කිරීම උදෙසා පූජ්‍ය මාතලේ ධම්ම දස්සන හිමියන් විසින් 2023 අගෝස්තු මස 29 වන දින සිදුකරනු ලැබූ විශේෂ පෙර පෝය වැඩසටහන

Address

Nawagamuwa
Ranala

Opening Hours

Monday 07:30 - 01:30
Tuesday 07:30 - 01:30
Wednesday 07:30 - 01:30
Thursday 07:30 - 01:30
Friday 07:30 - 01:30

Telephone

0112-408534

Website

Alerts

Be the first to know and let us send you an email when Philip Thilakawardhana College posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Philip Thilakawardhana College:

Shortcuts

Share

Category