Sri Prajnashekara Dhamma School

Sri Prajnashekara Dhamma School ශ්‍රී ප්‍රඥාශේඛර දහම් පාසල,
නවගමුව දකුණ , රණාල..

🙏"ධම්මෝ භවේ රක්ඛති ධම්මචාරී " ධර්මයෙහි හැසිරෙන්නා ධර්මය විසින් රකිනුලැබේ.. 🙏2025.11.23 දින සම්බුද්ධ පූජාව හා උදෑසන වතාවත...
24/11/2025

🙏"ධම්මෝ භවේ රක්ඛති ධම්මචාරී "

ධර්මයෙහි හැසිරෙන්නා ධර්මය විසින් රකිනුලැබේ.. 🙏
2025.11.23 දින සම්බුද්ධ පූජාව හා උදෑසන වතාවත් සදහා මූලිකත්වය ගෙන කටයුතු කරන ලද 9 වසර පංතියේ දුවා දරුවන්ට හා පංතිභාර ගුරුතුමියට මෙන්ම නන් අයුරින් උපකාර කර සියලු දෙනාටමද මෙලෙසට ස්තූති කර සිටිනවා.

🙏" ඔබ වපුරන දෙයකමයි   දිනක ඔබට අස්වනු ලෙස ලැබෙන්නේ..බොල් වී වැපිරූ කල බොල් අස්වනුද , හොද වී වැපිරූ කල හොද අස්වනුද ලැබේ.....
18/11/2025

🙏" ඔබ වපුරන දෙයකමයි
දිනක ඔබට අස්වනු ලෙස ලැබෙන්නේ..

බොල් වී වැපිරූ කල බොල් අස්වනුද , හොද වී වැපිරූ කල හොද අස්වනුද ලැබේ..

එබැවින් සෑම විටම ඔබටත් සමාජයටත් යහපතක් වන දේ පමණක්ම සිදු කරන්න.." 🙏

පසුගිය ඉරු දින එනම් 2025.11.16 වන දින දහම්පාසලෙහි උදෑසන සම්බුද්ධ පූජාව හා ඊට අදාල වතාවත් ඉතාමත් පිලිවෙලට හා අලංකාරව බැතිසිතින් යුතුව සිදුකරණු ලැබුවේ "8 වසර පංතියෙහි ඉගෙනුම ලබන දුවා දරුවන්ගේ" මූලිකත්වයෙනි..

ඒ සදහා ගුරුහරුකම් ලබාදුන් පංතිභාර ගුරුතුමියට මෙන්ම, උදව් උපකාර කර දෙමව්පියන්ට ද,
නන් අයුරින් දායකත්වය ලබා දුන් අනෙකුත් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටද මෙලෙසට පුන්‍යානුමෝදනා කර සිටිමි..

විටක ධර්ම ශාලාවක්...විටක පාඨශාලාවක්..විටක රග ශාලාවක්..තවත් විටක තරුණ්‍ය ගොඩනගන මහගෙදර විය..බාල මහලු තරුණ බේදයකින් තොරව ද...
02/11/2025

විටක ධර්ම ශාලාවක්...
විටක පාඨශාලාවක්..
විටක රග ශාලාවක්..

තවත් විටක තරුණ්‍ය ගොඩනගන මහගෙදර විය..

බාල මහලු තරුණ බේදයකින් තොරව දැනුම , කුසලතා, ආකල්ප ගොඩනගන තෝතැන්න විය
"මෛත්‍රී බෝධි විහාරය"..

ශ්‍රී ප්‍රඥාශේඛර දහම් පාසල පාසලෙහි වසර අවසාන වාර විභහගය අද දින මෙලෙස පවත්වා 2024 වර්ෂයේ අධ්‍යයන කටයුතු අදින් අවසන් කරන ල...
22/12/2024

ශ්‍රී ප්‍රඥාශේඛර දහම් පාසල පාසලෙහි වසර අවසාන වාර විභහගය අද දින මෙලෙස පවත්වා 2024 වර්ෂයේ අධ්‍යයන කටයුතු අදින් අවසන් කරන ලදී.

පුරා වසරක් අධ්‍යයන මෙන්ම විෂය සමගාමී භාහිර කටයුතු සදහාද නන් අයුරින් උපකාර දැක්වූ දහම්පාසල් ප්‍රධානාචාර්යතුමා ප්‍රමුඛ ගුරුමණ්ඩලයටද දුවා දරුවන්ගේ දෙමවුපියන්ට මෙන්ම දුවාදරුවන්ටද හදපිරි ප්‍රණාමය මෙසේ එක් කරමි.

අපේ අරමුණ "දැනුමින්" විතරක් සන්නද්ධ පරපුරක් අනාගතයට දායාද කිරිමට එහා ගොස් "දැනුම, කුසලතා , ආකල්ප" යන සියල්ලන්ගෙන් පරිපෝෂ...
24/11/2024

අපේ අරමුණ "දැනුමින්" විතරක් සන්නද්ධ පරපුරක් අනාගතයට දායාද කිරිමට එහා ගොස් "දැනුම, කුසලතා , ආකල්ප" යන සියල්ලන්ගෙන් පරිපෝෂිත දුවා දරුවන් පිරිසක් නව ලොවට එක් කිරීමයි.

එ සදහා සෑම මසකම අවසාන ඉරු දින අප සංවිධානය කරන බෞද්ධ සමිතිය 2024 වූ ඉල් මස 24 වන අද දින මෙසෙ දුවා දරුවන්ගේ කුසලතා එලිදැක්වීමට ඉඩ හසල වෙන් කලහ.

2024 නොවැම්බර් මස 17 වන ඉරු දිනට අදාලව අප දහම්පාසලෙහි උදෑසන බුද්ධ වන්දනාව හා රැස්වීම සාර්ථක ලෙස සිදු කිරීමට හැකි විය.. ම...
18/11/2024

2024 නොවැම්බර් මස 17 වන ඉරු දිනට අදාලව අප දහම්පාසලෙහි උදෑසන බුද්ධ වන්දනාව හා රැස්වීම සාර්ථක ලෙස සිදු කිරීමට හැකි විය..

මේ සදහා දායකත්වය දක්වන ලග 8 වසර පංතිභාර රෙශානි ගුරුතුමියට මෙන්ම එම දුවා දරුවන් සියලු දෙනාටත් ස්තුතියි .

🙏🌺🌼🙏

22/10/2024

"අයං වස්සාන කාලෝ..
මේ වස්සාන කාලයයී "

ඇසළ පුන් පෝ දිනයෙන් උදා වෙන්නේ ගම් නියම් ගම් පුරා බෞද්ධ ජනතාවට විශේෂ වූ කාලයකි. මේ වස්සාන කාලය යනු වැසි සහිත කාලයටම කියන තවත් නමකි.
නමුත්,
භික්ෂුන් වහන්සේලා සම්බන්ධ ගත්කල එය විනයට අදාළ "වස් විසීම නම් විනය කටයුත්තකි".

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේදී භික්ෂූන් වහන්සේලා ගත කළේ සංචාරක ජීවිතයකි. වසරේ සෑම කාලයකම උන්වහන්සේලා ගමින් ගම පිඬුසිඟා වඩිමින් කාලය ගත කළහ. වැසි කාලයේදී ද වැස්සෙන් තෙමෙමින් සිවුරු පිරිකරද තෙතබරිත වෙද්දීත් භික්ෂූන් වහන්සේලා පා ගමනින් වැඩම කලහ.

ඊට හේතුව වූයේ,
"චරථ භික්ඛවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය. " යන දේශනාවයි.
එහි තේරුම නම් " මහණෙනි, බොහෝ ජනයාට හිතසුව පිණිස චාරිකාවේ හැසිරෙන්න ." යන ලොව්තුරා බුද්ධ වචනයයි.

ඒ අනුව "මෛත්‍රී බෝධි විහාරය" මුල් කර ගනිමින් ගමෙහි සැදැහැවත් උපාසක උපාසිකාවන් තරුණ,බාල, මහලු බේදයකින් තොරව තම තමන්ට හැකි අයුරින් මෙවර කඨිණ පිංකමට සහභාගි වූයේ මෙසේය.

මෙ සදහා උදව් උපකාර කල "ශ්‍රී ප්‍රඥාශෙඛර දහම් පාසලෙහි" දුවා දරුවන්ට මෙන්ම ආචාර්ය මණ්ඩලයටද අපගේ ස්තුතිය මෙසේ පිරිනමමි.

"තිබූ තැනක සොර සතුරන් ගත නොහෙනා එසද මනාවත් වතුරෙන් වල නොහෙනාකෝප වුවත් රජ මැතිඳුන් ගත නොහෙනාඋගත මනා ශිල්පයමයි මතු රැකෙනා....
13/10/2024

"තිබූ තැනක සොර සතුරන් ගත නොහෙනා
එසද මනාවත් වතුරෙන් වල නොහෙනා
කෝප වුවත් රජ මැතිඳුන් ගත නොහෙනා
උගත මනා ශිල්පයමයි මතු රැකෙනා.."

එය මනාව පසක් කරමින් පසුගිය දින පැවැත්වූ "දහම් පාසල් අවසාන විභහගය" විශිෂ්ට ලෙස සමත් වූ "ශ්‍රී ප්‍රඥාඥශේඛර" දුවා දරුවනි,
ඔබට අපගේ සුභාශිංෂණ මෙසේ එක් කර සිටිමි.

පැන මඩ කඩිති වැව් තාවලු වැහි කාලේපෙන්නා මග නොමග නොවැටී යන තාලේසිප් කිරි පෙවූ මූසිලයින් උඩු මාලේඅපෙ ගුරුතුමා යයි තාමත් ඉස...
08/10/2024

පැන මඩ කඩිති වැව් තාවලු වැහි කාලේ
පෙන්නා මග නොමග නොවැටී යන තාලේ
සිප් කිරි පෙවූ මූසිලයින් උඩු මාලේ
අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ... 🙏🙏

හැදූ වැඩූ අම්මා, අප්පච්චි පස්සේ අපේ ජීවිත වල දෙවනි දෙමව්පියන් වනුයේ දයාබර ගුරු මවුවරුන් පියවරුන්ම නොවෙද...? ❤️

ඔබ අද යම් තැනක සිටීනම් ඒ ගෞරවය "අ යනු ආ යනු" කියා දුන් ගුරුමව් පියණට හිමිවිය යුතුමය යන්න අවිවාදයෙන් පිලි ගත යුත්තක්මය..❤️

නිස්සාරණ අධ්‍යසයෙන් කිසිදු ලාභ ප්‍රයෝජනයක් බලාපොරොත්තු නොවී බොහෝ කැපකිරීම් කර ඉරු දින උදය සුවහසක් දුවා දරුවන් වෙනුවෙන් කැප කරන මේ දයාබර ගුරු මව්වරුන් මෙන්ම ගුරු පියවරුන් වෙනුවෙන් මෙවර ශ්‍රී ප්‍රඥාශෙඛර දහම් පාසලේ දුවා දරුවන් උපහාර පුදන ලද්දේ මෙසේය පසුගිය ඉරු දින..

මේ වෙනුවෙන් මුදල් කාලය මෙන්ම ශ්‍රමයෙන්ද උදව් උපකාර කල සියලුම දෙනා හෘදයාංගම ස්තූතිය මෙසෙ පිරිනමමි.🌹🙏🌹

Address

Nawagamuwa South
Ranala
10654

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Prajnashekara Dhamma School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category