01/02/2026
"කවුද බන් අර පරණ සාරියක් ඇඳගෙන ගේට්ටුව ගාව ඉන්නේ? උඹේ කවුරු හරිද?" කැම්පස් එකේ කැන්ටිමේ ඉඳන් ආපු රවීන්ගේ යාළුවෙක් ඇහුවේ ගේට්ටුව ළඟ හිටපු අම්මව පෙන්නලා. රවීන්ට ලැජ්ජාවක් දැනිණා. තමන්ගේ අම්මා ගමේ ඉඳන් ඇවිත් තියෙන්නේ රබර් සෙරෙප්පු දෙකක් දාගෙන, කුඩයක් යට කරගෙන. අතේ පත්තර කොළේක ඔතපු පාර්සලයක්.
රවීන් යාළුවෝ ටික එතන තියලා තරහින් අම්මා ළඟට ගියා. "ඇයි අම්මේ මෙතනට ආවේ? මම කිව්වනේ මාව බලන්න එන්න එපා කියලා..." "නෑ පුතේ... මේ ගෙදර තිබුණු කොස් ටිකක් ඉව්වා. පුතා ආසනේ කොස් එක්ක කරවල කන්න. ඒකයි උදේම උයාගෙන ගෙනාවේ..." අම්මා වෙවුලන අතින් බත් මුල දික් කළා. ඒ බත් මුලෙන් කොස් සහ කරවල සුවඳ වහනය වුණා. "ඊයා... මේ මොන ගඳක්ද? මගේ යාළුවෝ හිතයි මම හිඟන්නෙක් කියලා. මේවා මෙතන කන්න බෑ අම්මේ. ආයේ මේවා උස්සන් එන්න එපා..." රවීන් අම්මාගේ අතේ තිබුණු බත් මුල අරගෙන එතන තිබුණු කුණු බාල්දියට විසි කළා. අම්මාගේ ඇස්වල කඳුළු පිරුණා. එයා මුකුත් නොකියා බිම බලාගෙන ආපහු හැරුණා.
කාලෙකට පස්සේ අම්මා නැති වුණා. ගමේ ගිය රවීන්ට අසල්වැසි නැන්දා කෙනෙක් විස්තරයක් කිව්වා. "පුතේ... උඹ දන්නවද අර එදා උඹට ගෙනත් දුන්න බත් මුල උයන්න හාල් ටිකක් ගෙදර තිබුණේ නෑ. දවස් තුනක් තිස්සේ අම්මා හාල් මිට මිට එකතු කළේ ඒ බත් එක උයන්න. අම්මා ඒ දවස් තුනේම කෑවේ තම්බපු කොස් ඇට විතරයි පුතේ. මම හාල් ටිකක් දෙන්න හැදුවත් එපා කිව්වා, මගේ පුතාට අනුන්ගේ දේවල් කවන්න බෑ කියලා..."
රවීන්ට අහස පොළව ගැටලුණා. "අම්මේ... මම කුණු බාල්දියට දැම්මේ ඔයාගේ පණ කෑල්ල නේද? මට ඒ බත් එකේ සුවඳ දැනුණේ නෑ අම්මේ... මට දැනුණේ මගේ මෝඩකම විතරයි..." රවීන් එදා කුණු ගොඩට දාපු ඒ "ගඳ ගහන" බත් මුල ආයේ ලැබෙනවා නම්, පණ පනිනකල් කන්න තිබුණා කියලා හිතිලා මහ හයියෙන් ඇඬුවා.
අම්මලාගේ ආදරේට මිලක් නෑ, සුවඳක් නෑ. ඒක මහා සාගරයක් වගේ. ඔයාලා ලොකු පුටුවල ඉන්නකොට අම්මා ගේන බත් මුලට ගරහන්න එපා. ඒක ඇතුලේ තියෙන්නේ එයාලගේ ජීවිතේ.
(මේ කතාව ඔබේ හිතට දැනුණා නම් ❤️ React එකක් දාන්න. කැම්පස් යන, රස්සාවල් කරන හැම දරුවෙක්ටම බලන්න Share කරන්න)