14/04/2022
https://www.facebook.com/100044528765814/posts/532495951578026/?app=fbl
දැනුම සඳහා පමණයි 🙏
🎀උන්ඩියල් මුදල් හුවමාරුව යනු කුමක්ද?
උන්ඩියල් යනු මේ වනවිට ඉතා ජනපි‍්‍රයව පවතින, නොපෙනෙන (Invisible) විණිමය හුවමාරු ක‍්‍රමයකි. දමිල භාෂාවෙන් "උන්ඩියල්" යනු කැටය අදහසයි. මෑත අතීතයේ ඉන්දියාව හා ශී‍්‍ර ලංකාව අතර පහසුවෙන් මුදල් හුවමාරු කිරීමට භාවිතා වූ ගනුදෙනු ක‍්‍රමයකි.. වර්තමානයේ මෙය ඉතා ප‍්‍රචලිතව තිබේ..
🎀උන්ඩියල් ක‍්‍රමයට මුදල් යවන හැටි?
සරල උදාහරණයක් ලෙස; පිටරට සිටින කෙනෙකුට ලංකාවට මුදල් යැවීමට ($1000) අවශ්‍ය නම්, එරට උන්ඩියල් නියෝජිතයෙකුට, විශ්වාසය මත එම මුදල දුන් විට, ඔහු තම ලංකාවේ නියෝජිතයාට ඒ බව දන්වයි.
ලංකාවේ නියෝජිතයා, එදින ඉල්ලූම හා සැපයුම මත තීරණය වූ අනුපාතයට (උදා$1 - LKR 360/-) එම මුදල ශ‍්‍රී ලංකාවේ අදාල පුද්ගලයාට හෝ ගිණුමට රුපියල් තැන්පත් කරයි.
එහිදී, බැංකුවේ අනුපාතය රු 310 නම්, ලබන්නාට බැංකුවට වඩා, ඩොලරයට රු 50ක ලාබයක් ලැබේ. (මෙහිදී එම ඩොලර් නෝට්ටු නැවකින් හෝ ගුවන්ගත කිරීමකින් ලංකාවට නොඑන අතර, එම මුදල් එම රටේ නියෝජිතයා ළඟ තිබියදී ඊට සමාන රුපියල් ප‍්‍රමාණයක් මෙරටේදී ගෙවීම කරනු ලබයි)
🎀උන්ඩියල් නියෝජිතයින්ට එක්රැස්වන එම ඩොලර්වලට වෙන දේ?
ඉහත ගනුදෙනුවේ ප්‍රතිවිරුද්ද දේ මෙහිදී සිදුවේ. එනම් ලංකාවේ සිටින කෙනෙකුට රුපියල් දී ඩොලර් මිලදී ගැනීමට අවශ්‍ය නම්.. බැංකුවල ඩොලර් හිඟ නිසා, උන්ඩියල් මගින් ඩොලර් මිලට ගත හැකි වේ.
උදා. පිටරටකට ඩොලර් රැගෙනයාමට හෝ පිටරට සිටින දරුවාට යැවීමට හෝ භාණ්ඩ ආනයනය කිරීමට විදෙස් සංචාරයට හෝ ඕනෑම විදෙස් මුදල් අවශ්‍යතාවකට, ඕනෑම ඩොලර් ප‍්‍රමාණයක් ඔවුන්ගේ ඩොලර් සංචිතයෙන් ලබා ගත හැක..
එනම් ලංකාවේ උන්ඩියල් නියෝජිතයාට රුපියල් ප‍්‍රමාණය ගෙවූ පසු, එකඟවූ අනුපාතයට, එම ඩොලර් ප‍්‍රමාණය, අදාල රටේ උන්ඩියල් නියෝජිතයා විසින් එම රටේදී ගෙවනු ඇත..
මෙහිදී උන්ඩියල් මගින් ඩොලර් මිලදී ගන්නාට ඇති අවාසිය වන්නේ, බැංකුවට වඩා ඉතා වැඩි මිලකට ගැනීමට සිදුවීමයි.
(උන්ඩියල් නියෝජිතයා විසින්, ඉල්ලූම සැපයුම හෝ කැමැත්ත මත තීරණය කරන වැඩි මිලට, ඩොලර් ගැනීමට සිදුවේ.)
(***එමෙන්ම නීතිවිරෝධී ගෙවීම්වලට (Drug smuggling/ Terrorism/ Arms/ Religious Extremism ආදී විවිධ නීත්‍යානුකූල නොවන අවශ්‍යතාවලට ගෙවීමටද එම එකතුවන ඩොලර් යොදා ගැනේ) ව්‍යාපාරිකයින්ට, දේශපාලකයින්ට (money laundering), විදෙස් දේපළ ගැනීමට, මහා පරිමාණ මිලදී ගැනීම්වලට වුවද, පහසුවෙන් ඩොලර් ලබාගත හැකි වේ.. බැංකු පද්ධතියේ මෙන් තොරතුරු සටහන් කර මහබැංකුවට වාර්තාකිරීමට අවශ්‍ය නොවේ..)
🌹උන්ඩියල් ක‍්‍රමයෙන් එවීමෙන් විදෙස් එවන්නාට ඇති වාසි.?
- ලංකාවේ ලබන්නාට, බැංකුවට වඩා වැඩි රුපියල් ප‍්‍රමාණයක් ලැබේ.
- ප‍්‍රශ්න තොරතුරු නොඅසන නිසා, මත්ද‍්‍රව්‍ය, ත‍්‍රස්තවාදී කටයුතු, ආදී ඕනෑම නීතිවිරෝධී කටයුත්තකට වුවද මුදල් යැවීමට අවශ්‍ය නම්, ඕනෑම ප‍්‍රමාණයක් යැවියහැකි වේ.
🌹ලංකාවෙන් ඩොලර් යැවීමට අවශ්‍ය අයට ඇති වාසි?
- ඩොලර් ගැනීමේ පහසුව (ලංකාවේ බැංකුවලින් ඩොලර් ගැනීමට අපහසු නිසා)
- බැංකු පද්ධතියේ මෙන් අනවශ්‍ය ප‍්‍රශ්නකිරීම්වලින් තොරව ඉල්ලන ඕනෑම ප‍්‍රමාණයකින් දීම.
-ලංකාවෙන් පිටවන කෙනෙකුට විශාල මුදල් ප‍්‍රමාණයක් රැුගෙන යාමට අවශ්‍ය නම්, එවන් ප‍්‍රමාණයක් බැංකුව නොදෙන නිසාත්, එතරම් ප‍්‍රමාණයක් ගුවන් ගමනේදීද ප‍්‍රකාශිතව ගෙනයා නොහැකි නිසාත්, උන්ඩියල් ක‍්‍රමයෙන් විදේශයේදී එම මුදල් ලබාගතහැකි වේ. (උන්ඩියල් නියෝජිතයින්ට විශාල මුදල් සංචිත ඇති නිසා)
- **නීතිවිරෝධී ගෙවීම්වලට, ව්‍යාපාරිකයින්ට, දේශපාලකයින්ට විදෙස් දේපළ ගැනීමට, මහා පරිමාණ මිලදී ගැනීම්වලට වුවද, තොරතුරු හෙළිකිරීමකින් තොරව ඩොලර් ලබාගත හැකි නිසා.. ****
- අතිවිශාල ප‍්‍රමාණයක් වුවද ගතහැකි වීම. (ඩොලර් 100, 200, 1000 මෙන්ම $1,000,000+ වුවද)
-බැංකු හරහා මහා පරිමාණ මුදල් යැවීම දුෂ්කර නිසා.. බොහෝ තොරතුරු දැනුම් දිය යුතු වන නිසා
- රහසිගතභාවය ආරක්ෂා වීම. (බැංකු පද්ධතියේදී මෙන් මහබැංකුවට තොරතුරු වාර්තා නොකිරීම)
🌹උන්ඩියල් නියෝජිත ආයතනයන්ට ඇති වාසි?
- වැඩි මුදලට විනිමය ගෙන ඊටත් වැඩි මුදලට එය විකිණීමෙන් විශාල ලාභයක් ලැබිය හැකි වේ.
- තම ඩොලර් සංචිත වැඩි වේ. ඉල්ලූම වැඩිවනවිට මිල කේවල් කිරීමේ හැකියාව ලැබේ.
- ඉල්ලූම වැඩිවනවිට ඩොලරට රුපියල් 400ට ඉහළ ගණනකින් වුවද විකිණිය හැකි වේ.
- බැංකු පද්ධතියට තරම් විශාල වියදම්, ගෙවීම්, බදු, වැටුප්, නොමැති නිසා අඩු වියදමකින් ඉතා ඉහළ ලාභයක් ලැබිය හැකි වේ.
🙆♀️🙆♀️උන්ඩියල් ඩොලර් අගය වැඩිවන හැටි?
ඩොලර් සඳහා ලංකාවේ උන්ඩියල් වෙළඳපොලේ මෑතක සිට අතිවිශාල ඉල්ලූමක් ඇති වූ නිසා, ඩොලරයක් දීම සඳහා වැඩි මිලක් "ඉල්ලීීමට" ලංකාවේ උන්ඩියල් නියෝජිතයාට අවස්ථාව ලැබේ.
එවිට විදෙස් රටේදී ඩොලරයට වැඩි මිලක් "දීමට" එරට නියෝජිතයාට අවස්ථාව ලැබේ.
ඕනෑම මිලකට ඩොලර් ගැනීමට කැමති අයද එන නිසා, ඩොලරයේ මිල තීරණය කිරීමේ හැකියාව ඔවුන්ට ලැබේ.
මෙම වැඩි ඉල්ලූමට හේතු වශයෙන් බැංකුවල ඩොලර් හිඟ වීම නිසා ව්‍යාපාරිකයින්ට අත්‍යවශ්‍ය ආනයනයන් සඳහා ඩොලර් අවශ්‍ය වීම,
අතිවිශාල රුපියල් සංචිතයන් තිබූ අයට එහි ආරක්ෂාව තකා ඩොලර් ලෙස විදේශගත කරවීමට,
රුපියලේ අගය ඉදිරියේදී අවප‍්‍රමාණ වෙතැයි සිතා ඩොලර් වශයෙන් ආයෝජනය කිරීමට පෙළඹීම,
මෙම හේතු නිසා උන්ඩියල්වලට ඇති ඉල්ලූම වැඩිවීම නිසා මිලද වැඩිවේ...
🌹🌹🌹 මෙයින් බැංකු පද්ධතියට හා රටට ඇති අවාසි????
- මින් පෙර බැංකු පද්ධතියට සෘජුව ලැබෙමින් තිබූ ඩොලර්, විශාල ප‍්‍රමාණයෙන් අහිමි වේ. එය විෂම චක‍්‍රයක් බවට පත්වී නැවත රටේ ආර්ථිකයට උද්ධමනයට බලපෑම. (දැනට රටේ පවතින තත්වය මෙන්)
- විණිමය වාසිය, රටින් එහා මෙහා යන විණිමය තොරතුරු, හා බදු මුදල්, බැංකු පද්ධතියෙන් ගිලිහී පෞද්ගලික උණ්ඩියල් ආයතනවලට එක් රැස්වේ.
- බැංකු පද්ධතියට ජාතික ගෙවීම් සඳහා හෝ අනෙකුත් ගෙවීම් සඳහා ඩොලර් හිඟ වේ. ලංකාවේ ඩොලර් සංචිත අඩුවේ.
- සමහර ශී‍්‍ර ලාංකික අපනයන ආයතනද, ලංකාවට එවීමට නියමිත විදේශ විණිමය, හැකි ප‍්‍රමාණයක් බැංකු පද්ධතියට පිටින් උන්ඩියල් ආකාරයට ගෙන්වීමද මෑත කාලීනව ඇති වූ ප‍්‍රවනතාවයකි.
- බැංකු පද්ධතියට වඩා සැලකියයුතු වැඩි මිලක් උන්ඩියල් ක‍්‍රමයෙන් ගෙවන නිසා, මේ වනවිට බැංකු පද්ධතියට අහිමි වී ඇති විදේශ විනිමය ප‍්‍රමාණය ඔබට වටහාගත හැකි වනු ඇති...
🧶🙆♂️උන්ඩියල් තවමත් ප‍්‍රචලිත වීමට හේතු???
- කෝවිඞ් කාලයේ බැංකු වසා තැබීම නිසා බොහෝ දෙනා මෙම ක‍්‍රමයට හුරු වූ නිසා,
- 2022 මාර්තු දක්වා බැංකු විනිමය අනුපාතය ස්ථාවර කිරීම නිසා, වැඩි මුදලක් උන්ඩියල් ආයතනවලින් ගෙවීම නිසා, (***බැංකුවල විණිමය අනුපාතිකය "කෘතිමව" ස්ථාවරකළවිට උන්ඩියාල් වැනි වෙනත් ක‍්‍රම (Grey markets) ප‍්‍රචලිතවන බවත්.. එවිට ඒවාට ඩොලර් ඇදී ගොස් උන්ඩියල් සංචිත වැඩිවන බවත්... බැංකුවල ඩොලර් හිඟයක් ඇතිවන බවත්... ඕනෑම කෙනෙකුට වටහාගත හැකි කරුණකි 😢 දැනුවත්ව හෝ නොදැනුවත්ව ගත් කණගාටුදායක තීරණයකි..)
- මුල් කාලයේ උන්ඩියල් ආයතන පිළිබඳ විශ්වාසයක් නොවූ අයද මේ වනවිට ඒ ක‍්‍රමය පුරුදු වී ඇති නිසා, ඩොලරය පාකළ පසු වුවද නැවත බැංකු පද්ධතියට නොයෑම..
- ඩොලර් හිඟ කිරීමෙන් පවතින රජය පීඩනයට පත්කිරීම සඳහා විදෙස් ශ‍්‍රමිකයින් බැංකු පද්ධතියෙන් මුදල් නොඑවීම..
🎀🎀🎀🎀 මේ වනවිට කි‍්‍රප්ටො කරන්සි භාවිතයෙන්ද මුදල් හුවමාරුව ප‍්‍රචලිතවෙමින් පවතී..
🌹🌹බැංකු පද්ධතියට/රටට නැවත ඩොලර් රැස්කරගැනීමට කළ හැකි දේ??
- විදෙස් මුදල් එවන්නන් උන්ඩියාල් ක‍්‍රමය වෙනුවට නැවත බැංකු පද්ධතිය හරහා එවීම (ලබන්නාට මුදල් අඩුවක් වනු ඇත)
-බැංකු හරහා මුදල් එවන අයට වඩා හොඳ, පහසු, බැංකු සේවාවක් සැපයීම. (උන්ඩියල් සේවාව බැංකු පද්ධතියට වඩා කාර්යක්ෂම, නම්‍යශීලී, සේවාවක් සපයයි)
- පවතින රජයේ දුර්වල මූල්‍ය කළමනාකරණය නිසා විදේස් ශ‍්‍රමිකයින් ඩොලර් නොඑවන්නේ නම් රජය ඊට අදාලව ඉවත්වීම හෝ මහජන ඉල්ලීම් ඉටුකිරීම..
- ශී‍්‍ර ලංකා මහබැංකුව උන්ඩියල් /හවාලා (උන්ඩියල් වැනිම ක‍්‍රමයක්) හෝ එවැනි විනිමය හුවමාරු ආයතන සීමා කිරීම සමීපව නියාමනය කිරීම, හෝ තාවකාලිකව අත්හිටුවීම, නැතහොත් නීති සම්පාදනය කිරීම.
- ***PAY PAL වැනි මුදල් පහසුවෙන් එවියහැකි ගෝලීය ජනපි‍්‍රය ක‍්‍රම බැංකු පද්ධතියට සම්බන්ධ කරගැනීම.
- රටේ, අපනයන අවස්ථා හෝ විදෙස් සේවා සැපයුම් අවස්ථා වැඩිකිරීම
- ජනමාධ්‍ය මගින් හෝ, අන්තර්ජාල ඉපැයීම් ක‍්‍රම ජනතාවට තව තවත් හඳුන්වා දීම
- සංචාරකයින් ගෙන්වීමට, "විශ්වාසදායී- ආරක්ෂිත" (Tour Packages) දේශීයව සංවිධානය කර ප‍්‍රවර්ධනය කිරීම
- විදෙස් තානාපතිවරුන්ට විදේශ විණිමය වැඩිකරන ක‍්‍රම සඳහා සාධාරණ ප‍්‍රායෝගික ඉලක්ක ලබාදීම
- තව කළහැකි බොහෝ දේ ඇත.🙏🙏.
වෙනසක් සඳහා අරගලය සාර්ථකව කරන අතර රටේ බැංකු පද්ධතිය ආරක්ෂා කරගැනීම රටකට අතිශයින්ම* අතිශයින්ම* වැදගත් වේ.
#අරගලයටජය👌
#උන්ඩියල්