PL/Sewamuktha Kandaura Maha Vidyalaya

PL/Sewamuktha Kandaura Maha Vidyalaya

Share

සේවාමුක්ත කදවුර මහා විද්‍යාලය, පලුගස්දමන, පොලොන්නරුව

Photos from PL/Sewamuktha Kandaura Maha Vidyalaya's post 08/01/2026
01/01/2026
31/12/2025

ප්‍රාථමික භාෂා නිපුණතා තරගාවලිය උතුරු මැද පළාත - 2025

Photos from PL/Sewamuktha Kandaura Maha Vidyalaya's post 30/12/2025

උතුරු මැද පලාත් වර්ණ ප්‍රධානොත්සවය 2025 - "රජරට කෙළිබිමට රන් අරුණැල්ලක්"

2024 සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා ...

පො/ සේවාමුක්ත කදවුර මහා විද්‍යාලයේ 18 න් බාලිකා යගුලිය දැමිම වෙනුවෙන් වර්ණ දිනු M.A. යෙහානා සප්නා ක්‍ රීඩිකාවට, පාසලේ විදුහල්පති ගරු. මහින්ද රූපසිංහ මැතිතුමාට සහ වර්ණ ලැබූ දිලානි නිදුෂිකා ක්‍රීඩා පුහුණුකරු යන තිදෙනාට...

පාසලේ නියෝජ්‍ය විදුහල්පතිතුමා සහ නියෝජ්‍ය විදුහල්පතිතුමියන්ලා ඇතුළු අධ්‍යයන හා අනධ්‍යන කාර්ය මණ්ඩලයේ උණුසුම් සුභ පැතුම්...

28/12/2025

පො/සේවාමුක්ත කඳවුර මහා විද්‍යාලයේ චිත්‍රා නන්දනී ගුරු මෑණියන් හට සුවබර විශ්‍රාම දිවියකට ආසිරි පතන්නෙමු.

30/11/2025

ආදරණීය දරු දැරියනි,
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඔබ හෝ ඔබගේ මිතුරන් යම්කිසි අපහසුතාවයකට හෝ පීඩාවකට පත්ව ඇත්නම් ඒ බව ඔබේ පන්තියේ වට්සැප් ගෲප් එකට හෝ පහත සඳහන් දුරකථන අංකය වෙත දැනුම් දෙන්න. (විදුහල්පති - 0714470959)

පො/සේවා මුක්ත කඳවුර මහා විද්‍යාලය - විදුහල්පතිතුමා ඇතුළු අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩලය

17/10/2025

මෙහෙයවීම;
නාලන්ද තාරකා විද්‍යා සංගමය

Photos from PL/Sewamuktha Kandaura Maha Vidyalaya's post 17/10/2025

පො/සේවා මුක්ත කඳවුර මහා විද්‍යාලයේ විද්‍යා සංගමය මගින් ප්‍රථම වරට සංවිධානය කළ නාලන්දා විද්‍යාලයීය තාරකා විද්‍යා සංගමය සහ ආදි නාලන්දීය තාරකා විද්‍යා සංගමය මගින් මෙහෙයවනු ලැබූ රාත්‍රී අහස නිරීක්ෂණ කඳවුර පසුගිය ඔක්තෝබර් මස 10 වන දින වැනිදා පස්වරුවේ සිට 11 වැනිදා පෙරවරුව දක්වා පො/සේවා මුක්ත කඳවුර මහා විද්‍යාලයේදී අති සාර්ථක අන්දමින් පැවැත්වුණි.

මෙම කඳවුර එම විද්‍යාලයීය ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ විද්‍යා විෂයය නගා සිටුවීම සඳහා සංවිධානය කර තිබූ අතර මේ සඳහා එහි 08-13 ශ්‍රේණිවල ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් 200 කට අධික සංඛ්‍යාවක් සහභාගී වූහ.
මෙහිදී,
* රාත්‍රී අහස නිරීක්ෂණය
* නිරීක්ෂණ වාර්තා පිළියෙල කිරීම
* දුරේක්ෂ ප්‍රායෝගික භාවිතය
* තාරකා විද්‍යා දේශන
* ජල රොකට්ටු නිර්මාණය හා දියත් කිරීම
ආදි ක්‍රියාකාරකම් රැසක් සිදු කෙරුණි.

විශේෂ ස්තුතිය :
~ මෙය නාලන්දා විද්‍යාලයීය තාරකා විද්‍යා සංගමය විසින් ආදි නාලන්දීය තාරකා විද්‍යා සංගමය හා එක්ව ශ්‍රී ලංකාවේ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ විද්‍යා දැනුම වර්ධනය කිරීමත් නායකත්වය, පෞරුෂත්ව සංවර්ධනය සහ කණ්ඩායම් හැඟීම ආදී ගුණාංග ඉස්මතු කිරීමත් අරමුණු කරගෙන වසර 30ක් පුරා නොකඩවා සිදු කරනා සමාජ සත්කාරයේ තවත් පියවරකි.~

12/10/2025

සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා 2025

20 න් පහල බාලිකා හෙල්ල විසිකිරිම - **ලෝකඩ පදක්කම**
පො/සේවාමුක්ත කඳවුර මහා විද්‍යාලය
S.M.රැවින්දයා සිත්මිණි සේනානායක

ක්‍රීඩිකාවට උණුසුම් සුභ පැතුම් 🎉️

Want your school to be the top-listed School/college in Polonnaruwa?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address

Sewagama
Polonnaruwa