18/05/2026
‼️සමස්ත ලංකා නර්තන තරගාවලිය 2026 ‼️
උතුරු මැද පළාත් තරඟ "කුවේණි අස්නය - ජ්‍යෙෂ්ඨ" අංශයේ තෙවන ස්ථානය දිනාගැනීමට අද දිනයේදී තෝපාවැව ජාතික පාසලේ දරු දැරියන් සමත් උනා.
මේ සඳහා ඔවුන්ව පුහුණු කිරීම හා සූදානම් කිරීම වෙනුවෙන් අප විද්‍යාලයේ නර්තනාචාර්‍යනී භද්‍රානී ජයවීර ගුරු මෑණියන් වෙත අපගේ ගෞරවනීය ස්තුතිය පිරිනමන අතර දරුවන්ගේ අනාගතය වෙනුවෙන් නව මංපෙත් විවර කරමින් ඔවුන් නිවැරදි මාවත කරා මෙහෙයවන විදුහල්පතිතුමාටත් අපගේ ස්තුතිය පිරිනමමු.
-ආදිශිෂ්‍ය සංගමය
ප:ලි
මේ ජයග්‍රහණ පසුපස සිටින නොවෙනස්වන සෙවනැල්ල සහ නොසැලෙන අධිෂ්ඨානය වන්නේ මේ වෙනුවෙන් අසීමිත කැපකිරීමක් සිදුකරන ගුරුවරුන් ය. නම් ගම් සඳහන් කල හෝ නොකල, මේ වෙනුවෙන් වෙහෙස මහන්සි වූ සියළුම ගුරුමෑණිවරුන්ට හා පියවරුන්ට ස්තුතිය හිමිවිය යුතුය. විදුහල්පතිතුමා නිරන්තරයෙන් සිහිපත් කරන අදහසක් මෙහිලා සඳහන් කරමි.
‼️"ගුරුවරයෙකු දරුවන් වෙනුවෙන් කරන අසීමිත කැපකිරීම් වෙනුවෙන් ස්තුතියක් හෝ හිමිවන්නේ බොහෝ ප්‍රමාද වී ය. බොහෝ විට ස්තුතියක්වත් හිමිවන්නේම නැත."‼️
වත්මන් තත්වය අනූවනනම් ඒ මේ සමාජයේ හැටි ය. නමුත්,
අපේ දරුවන් වෙනුවෙන් අසීමිත කැපකිරීම් සිදුකරමින්, ඔවුන්ගේ විෂය දැනුමින් සන්න්ධ කරනා සහ ඔවුන්ගේ විවිධ කුසලතා ඔප්නංවන ඔබ සියළුදෙනාට අප බෙහෙවින් ස්තුතිය පල කරමු.
ඔව්, පොලොන්නරුවේ ඉන්න දක්ෂම ගුරුවරුටික ඉන්නේ අපේ ඉස්කෝලේ දැන්..... ඒකට විදුහල්පතිතුමාගේ දැක්මත් එකතු උනාම...... අපේ දරුවන් මේ විදියට දවසින් දවස ඉදිරියට යන හැටි අපට හැමදාම බලන්න පුළුවන් වෙයි, ඒක අපිට වගේම ඒ දරුවන්ගේ දෙමාපියන්ටත් ලොකු ආඩම්බරයක්.
- සුමේධ දිසානායක