Sri Rahula k.v.

Sri Rahula k.v. we represents creative idia for education

08/11/2023
2023 මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පළාත්  මට්ටමේ තරගාවලියෙන් රාහුල විදු මාතාව ඉහළින් ම ඔසවා තබමින් සමස්ථ ලංකා තරග සදහා ත...
13/09/2023

2023 මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පළාත් මට්ටමේ තරගාවලියෙන් රාහුල විදු මාතාව ඉහළින් ම ඔසවා තබමින් සමස්ථ ලංකා තරග සදහා තේරී පත් වූ දූවරු දෙදෙනා ට උනුසුම් සුභ පැතුම් ❤️🙏🙏🙏දරුවනේ ඔබ රාහුල විදු මාතාවට ආඩම්බරයක්,🙏

2023 සිංහල භාෂාව හා සාහිත්‍ය තරගාවලිය (වාචික ) - කලාප මට්ටමේ තරග වලින් විශිෂ්ට ජයග්‍රහණ රාශියක් ලබමින් පළාත් තරග සදහා තේ...
13/09/2023

2023 සිංහල භාෂාව හා සාහිත්‍ය තරගාවලිය (වාචික ) - කලාප මට්ටමේ තරග වලින් විශිෂ්ට ජයග්‍රහණ රාශියක් ලබමින් පළාත් තරග සදහා තේරී වූ දුවා දරුවන්ට උනුසුම් සුභ පැතුම්..

Copied from internet
30/11/2020

Copied from internet

27/10/2020

ICT Book Grade 10 & 11 Download

https://www.edncp.lk/ht/down/it/10si.pdf

https://www.edncp.lk/ht/down/it/11si.pdf

30/12/2019
23/12/2019

උපුටා ගත්තකි.
මම ඒ වෙලාවේ සාප්පු සංකීර්ණයේ අරමුණක් නැතිව ඇවිද යමින් හිටියේ.හදිසියේම මම දැක්කා එක් සාප්පුවක මුදල් අයකැමිවරයෙක් වයස අවුරුදු 5ක් හෝ 6ක් පමන වෙන පිරිමි දරුවෙක් සමග කතා කරමින් සිටින ආකාරය.මුදල් අයකැමිවරයා කුඩා පිරිමි දරුවට මෙහෙම කියනවා,

"සමාවෙන්න බබෝ...ඔයා ලග තියන සල්ලි මේ බෝනික්කව ගන්න මදි"

මෙවෙලේ හදිසියේම මගේ පැත්තට හැරුණු පිරිමි ළමයා

"අංකල් බලන්නකෝ මගේ ලග තියන සල්ලි අර බෝනික්කව ගන්න මදිද කියලා" මගෙන් ඇහුවා.

ඔහුගේ අතේ තිබුනු සල්ලි ගැනලා බලපු මම මෙහෙම කිව්වා

"ඒ අංකල් කියපු දේ හරි බබෝ ඔයා ලග මේ බෝනික්කව ගන්න සල්ලි නෑ"

මම කියපු දේ අහපු දරුවගේ මූන දුකින් මැලවුනත් අතේ තිබුනු බෝනික්කව අත්නොහැරිය ඔහු මගේ දිහාත් සාප්පුවේ මුදල් අයකැමිවරයා දිහාත් මාරුවෙන් මාරුවට අසරණ විදියට බැලුවා.අවසානයේ දරුවාට කිට්ටු වුන මම ඔහුගෙන් ඇහුවේ මේ බෝනික්කව මිලදී අරගෙන දෙන්න බලාපොරොත්තු වෙන්නේ කාටද කියලයි.

"මේ මගේ නංගි ගොඩාක්ම ආස කරපු බෝනික්කා...එයා හැමදාම මේ බෝනික්කව ඕනේ කියලා අම්මට කරදර කරනවා...මට මේ බෝනික්කව එයාගේ උපන් දිනේට තෑගි කරන්න ඕනේ" පිරිමි දරුවා දිගටම කතා කලා

"මට මේ බෝනික්කව අම්මට දෙන්න ඕනේ,එතකොට අම්මා එහාට ගිහාම මේ බෝනික්කව නංගිට දෙන්න පුලුවනි"මෙහෙම කියනකොට ඔහුගේ මුහුන දුකින් මැලවුනා

"මගේ නංගි දිව්‍යලෝකෙ ගිහිල්ලා ඉන්නේ...තාත්තා කිව්වා අම්මත් ලගදිම දිව්‍යලෝකේ යනවා කියලා.ඉතින් මම මේ බෝනික්කව අම්මට දුන්නොත් අම්මා නංගිට ගිහින් දේවි"

මගේ හදවත මොහොතකට නැවතුනා,පිරිමි දරුවා දිගටම කතා කලා.

"මම තාත්තට කිව්වා අම්මට දැන්ම දිව්‍යලෝකේ යන්න එපා කියන්න කියලා,ඒ නිසා මම බෝනික්කව අරගෙන එනකම් අම්මා බලාගෙන ඉදීවි "

ඉන්පසු කලිසම් සාක්කුවට අතදමා ඡායාරූපයක් ගත් ඔහු එය මට පෙන්නුවා,එම ඡායාරූපය ඔහුගේම එකක්.

"මම අම්මට මේ ෆොටෝ එකත් ගෙනියන්න දෙනවා,එතකොට නංගිට කවදාවත් මාව අමතක වෙන එකක් නෑ. මම අම්මට ගොඩක් ආදරෙයි,මම කැමති නෑ අම්මා මාව දාලා දිව්‍යලෝකේ යනවට,ඒත් තාත්තා කියනවා නංගි ලගට අම්මා ඉක්මනටම යන්න ඕනේ කියලා" පැවසූ ඔහු යලිත් දුක්බර ඇස් වලින් බෝනික්කා දිහා බලාගෙන හිටියා.

ඉක්මනින් මගේ පසුම්බියෙන් බෝනික්කා මිලදී ගැනීමට අවශ්‍ය මුදල් අතට ගත් මම

"අපි ආපහු ඔයා ලග තියන සල්ලි ගැනලා බලමු බබෝ සමහර විට කලින් අපට වැරදුනාද දන්නේ නෑනේ" පැවසුවා

"හා අංකල්...මම හිතන්නේ මගේ ලග තියන සල්ලි ඇති "පැවසූ ඔහු එම මුදල් මට ලබා දුන් අතර ඔහුට නොදැනෙන ලෙස මගේ මුදල් එයට එකතු කිරීමට මම වගබලා ගත්තා. නැවතත් එම මුදල් ඔහුත් සමග ගැන්න විට එහි අවශ්‍ය කරන ප්‍රමානයටත් වඩා මුදල් තිබූ අතර ඒ බව දුටු ඔහු සතුටින් ඉපිලුනා.

"මට දැන් අම්මට සුදු රෝස මලකුත් ගන්න පුලුවනි...අම්මා ගොඩාක් ආසයි සුදු රෝස වලට" පැවසූ ඔහු බෝනික්කා මිලදී ගෙන අසල තිබූ මල් අලෙවි සැලක් වෙත ගියා.

මද වේලාවකින් මම යලිත් නිවස බලා පිටත් වූ අතර මොහොතකටවත් මගේ මතකය ඒ කුඩා පිරිමි දරුවාගෙන් මිදුනේ නෑ. හදිසියේම මගේ මතකයට පැමිනියේ දින දෙකකට කලින් ප්‍රාදේශීය පුවත්පතක පල වූ පුවතක්.එහි සදහන් වූයේ බීමත් රියදුරෙකුගේ ට්‍රක් රියක හැපී අනතුරට පත් වූ තරුණ මවක් සහ ඇගේ කුඩා දියණිය පිලිබද පුවතක්,අනතුර සිදු වූ ස්ථානයේදීම කුඩා දියණිය මියගොස් සිටි අතර තරුණ මව අසාධ්‍ය තත්වයෙන් රෝහල් ගත කර තිබුනා. පුවත්පතේ සදහන් වූ ආකාරයට ඒ වන විට ඇය ජීවත් වුනේ යන්ත්‍ර ආධාරයෙන්. ඔවුන් කුඩා පිරිමි දරුවාගේ මව සහ සොයුරිය වීමට බොහෝ සෙයින් ඉඩ ඇති බව මට වැටහුනා.

තවත් දින දෙක තුනක් ගෙවී ගියා. කුඩා පිරිමි දරුවා සම්බන්ධ තවත් පුවතක් පත්‍රයේ පල වී තිබුනා,එහි සදහන් වී තිබුනේ පිරිමි දරුවාගේ මවගේ අභාවය පිලිබද දුක්බර පුවතයි. ඒ දුටු මට ඇගේ අවමගුලට සහභාගී නොවී සිටීමට නොහැකි වුනා,සුදු රෝස මල් කලබක් රැගෙන මම එයට සහභාගී වුනා.

ඇගේ දේහය මිනී පෙට්ටියක තැන්පත් කර තිබූ අතර ඇයගේ පපුව මත සුදු රෝස මලක් තිබුනා,මිනී පෙට්ටියේ පසෙකින් තිබුනේ කුඩා පිරිමි දරුවා තම සොයුරිය වෙනුවෙන් මිලදී ගත් බෝනික්කා සහ ඔහුගේ ඡායාරූපයයි. කදුලු පිරුනු දෙනෙතින් මම එම ස්ථානයෙන් පිට වූ අතර එම කුඩා පිරිමි දරුවා ජීවිතය පිලිබද වූ මගේ දැක්ම සම්පූර්ණයෙන්ම වෙනස් කරවීමට හේතු වූවා.

තම මව සහ කුඩා සොයුරිය වෙනුවෙන් ඔහු තුල වූ අප්‍රමාන සෙනෙහස අද වන තෙක් මට සිතා ගැනීමට අපහසුයි. නමුත් එක් ක්‍ෂණයකින් බීමත් රියෙදුරෙකු ඒ සියල්ල ඔහුගෙන් උදුරාගෙන තිබෙනවා.

කෙදිනකවත් බීමත්ව රිය පදවන්න එපා!!!

1. බීමතින්,නොසැලකිලිමත් ලෙස සහ අධික වේගයෙන් රිය පැදවීමට පෙර දෙවරක් සිතා බලන්න

Gm...
17/12/2019

Gm...

16/12/2019

ශ්‍රි ලංකාවෙි නිදහස් අධ්‍යාපනය

ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට සහස්‍ර දෙකක් තරම් දිගු ඉතිහාසයක් ඇත. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් මූලික අධ්‍යාපනය සඳහා නිදහස් අධ්‍යාපනය ලබා දේ.
ශ්‍රී ලංකාවේ ජනගහනය 2015 දී වැඩිහිටි සාක්ෂරතා අනුපාතය 96.3% ක් වූ අතර එය ලෝක හා ප්‍රාදේශීය ප්‍රමිතීන්ට වඩා සාමාන්‍යය. 2017 දී පරිගණක සාක්ෂරතාවය 28.3% ක් සහ දුරකථන භාවිතා කරන්නන් 105% ක්, වෙබ් අඩවි භාවිතා කරන්නන් 32% ක් 2017 දී. අධ්‍යාපන ක්‍රීඩා රටේ ජීවිතයේ හා සංස්කෘතියේ ප්‍රධාන කොටසක් වන අතර එය ක්‍රි.පූ. 543 දක්වා දිව යයි.
ශ්‍රී ලංකාවේ නූතන අධ්‍යාපන ක්‍රමය බිහි වූයේ 19 වන සියවසේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට ඒකාබද්ධ වීමෙනි. අධ්‍යාපනය දැනට මධ්‍යම රජයේ සහ පළාත් සභා දෙකෙහිම පාලනය යටතේ පවතින අතර සමහර වගකීම් මධ්‍යම රජය සහ පළාත් සභාව අනෙක් අයට ස්වයං පාලනයක් ඇත.

අන්තර්ජාලය ඇසුරිනි

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රිත සමාජවාදී ජනරජයෙහි ජනාධිපතිවරයායනු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රාජ්‍ය නායකයා ...
02/12/2019

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රිත සමාජවාදී ජනරජයෙහි ජනාධිපතිවරයා
යනු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රාජ්‍ය නායකයා සහ ආණ්ඩුවෙහි ප්‍රධානියා සහ ආරක්ෂක හමුදාවන්හි සේනාධිනායකයා වෙයි. ජනාධිපතිවරයා යනු, ශ්‍රී ලංකාවේ ප්‍රබල දේශපාලන තනතුරුධාරියෙකි . මෙම තනතුර නිර්මාණය කෙරුණේ වසර 1978 දීය.

Address

Medirigiriya
Polonnaruwa
51500

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Rahula k.v. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Sri Rahula k.v.:

Shortcuts

Share

Category