20/06/2026
විද්‍යාවටත් කටඋත්තර නැති සොබාදහමේ අද්භූත ආශ්චර්යය
තමන්ව බේරගත්ත මනුසයගේ අවමගුලට හැතැම්ම 12ක් කැලේ මැදින් ආ අලි රංචුව..
සමහර දේවල් තියෙනවා අපිට විද්‍යාවෙන්, තාක්ෂණයෙන් නැත්නම් සාමාන්‍ය මිනිස් බුද්ධියෙන් කවදාවත් පැහැදිලි කරන්න බැරි. මේ ලෝකේ හැමදේම සිද්ධ වෙන්නේ හේතු-ඵල දහමකට විතරක්ම නෙවෙයි, ඊට එහා ගිය නොපෙනෙන ආදරයේ සහ බැඳීමේ මහා මන්දිරයක් මේ විශ්වය පුරාම හැංගිලා තියෙනවා කියලා හිතෙන වෙලාවල් තියෙනවා.
මේ කියන්න යන්නෙත් අන්න ඒ වගේ, අද්භූත සත්‍ය කතාවක්.
දකුණු අප්‍රිකාවේ "තුලා තුලා" (Thula Thula) කියන වනජීවී රක්ෂිතයේ නම ඇහෙද්දීම මතක් වෙන්නේ මහා ඝන වනාන්තරයක් විතරක් නෙවෙයි. ඒ වනාන්තරයේ රජකම් කරපු, හැබැයි මිනිස්සුන්ගේ ක්‍රියා නිසාම ජීවිතය අහිමි වීමට ගිහින් හිටපු වල් අලි රංචුවක්ව. මේ අලි රංචුව කොයිතරම් ද රු ණු ද කියනවා නම්, මිනිස්සු දැක්ක ගමන් ක්‍රියා කරන, වැටවල් කඩාගෙන ගම් වදින්න පුරුදු වෙලා හිටියේ.
වනජීවී නිලධාරීන්ටත් එයාලව පාලනය කරගන්න බැරිම තැන, අවසාන තීරණය විදියට එයාලව එලොව යවන්නයි තීරණය කරලා තිබ්බේ. අන්න ඒ වෙලාවේ තමයි, ඒ අලි රංචුවේ ජීවිත සහ ම ර ණ ය අතර මැදට එක මිනිහෙක් පැන ගත්තේ. එයාගේ නම ලෝරන්ස් ඇන්තනි (Lawrence Anthony) කියන්නේ. ලෝකය පස්සේ කාලෙක එයාට ආදරේට කිව්වේ "Elephant Whisperer" නැත්නම් "අලි රංචුවේ රහස් කියවන්නා" කියලා.
ලෝරන්ස් මේ හිතක් නැති මිනිස්සු කෙරෙහි දැක්වුයේ අනුකම්පාවක්. හිටපු අලි රංචුව තමන්ගේ රක්ෂිතයට භාරගත්තේ ලොකු අභියෝගයක් එක්ක. මුල් කාලේ උ න් ව පාලනය කරන එක ලේසි වුණේ නැහැ. එයාලා වැටවල් කඩන් පනින්න හදද්දී ලෝරන්ස් කළේ එයාලගේ ජීවිතය අහිමි කිරීම නෙවෙයි. එයා රෑ තිස්සේ ඒ වැටවල් ගාවට වෙලා, අලි රංචුව දිහා බලාගෙන එයාලට ඇහෙන්න ආදරෙන් කතා කළා. සින්දු කිව්වා.තමන් දන්න භාෂාවෙන් ආදරෙන් එයාලට කතා කරන්න පුරුදු උනා. තමන්ගෙන් එයාලට කිසිම අනතුරක් වෙන්නේ නැහැ කියන එක වචනවලින් වගේම එයාගේ හදවතේ තියෙන ආදරය ඒ සතුන්ට දැනෙන්න ඉඩ හැරියා. විශ්වාස කරන්න, මාස ගණනාවක ඒ නොනිමෙන කැපවීම කෙළවර වුණේ, ඒ අලි රංචුව ලෝරන්ස්ව තමන්ගේම පවුලේ සාමාජිකයෙක් විදියට පිළිගැනීමෙන්.
බලන්න මනුස්සයෙක්ට පුලුවන් උනා අච්චර නොහික්මුණු අලි ඇතුන් ටිකක් පවා තමන්ට ඕන විදියට නම්ම ගන්න. ලෝරන්ස් වනාන්තරයට ආවම එයාලා දුවගෙන ඇවිත් හොඬවල්වලින් එයාගේ ඇඟ අතගෑවා. මිනිහෙක් සහ සතෙක් අතර ඇතිවුණු ඒ ආදරය, වචනවලට පෙරලන්න බැරි තරම් සුන්දර එකක් වුණා.
හැබැයි කාලය හැමදාම එක විදියට ගලාගෙන යන්නේ නැහැනේ. 2012 මාර්තු මාසයේ මුල් සතියේ දවසක, මුළු දකුණු අප්‍රිකාවම කම්පා කරමින් ලෝරන්ස් ඇන්තනි හදිසියේම මෙලොව හැරගියා.
හෘදයාබාධයකින් සිද්ධ වුණු ජීවිත අහිමි වීම ගැන මුලින්ම දැනගත්තේ එයාගේ පවුලේ අය විතරයි. ලෝරන්ස්ගේ නිවස පිහිටලා තිබුණේ රක්ෂිතයේ කෙළවරක. එයාගේ මෙලොව හැර යාම සිද්ධ වෙලා පැය කිහිපයක් යද්දී, තුලා තුලා රක්ෂිතයේ සේවකයෝ වගේම ලෝරන්ස්ගේ බිරිඳත් දැක්කේ හීනෙකින්වත් නොහිතපු, ඇස් අදහගන්න බැරි දර්ශනයක්.
ඈත වනාන්තරයේ කෙළවරින් මහා ධූලි වළාවක් මතු වෙන්න ගත්තා. බලද්දී, ලෝරන්ස් ජීවිතය බේරගත්ත වල් අලි රංචු දෙකම එකතු වෙලා, එක පෙළට ඉතාමත් හිමින්, හරියට අවමංගල්‍ය පෙරහැරක් වගේ ලෝරන්ස්ගේ නිවස දෙසට ගමන් කරමින් හිටියා.
උන් ඊට කලින් මාස 18ක් තිස්සේ ඒ නිවස පැත්ත පළාතක ඇවිත් තිබුණේ නැහැ. වනාන්තරයේ හැතැම්ම 12කට වඩා ඈතක හිටපු මේ අලි රංචුවට ලෝරන්ස් නැති උනා කියලා පණිවිඩයක් යවන්න තරම් භාශාවක් එයාලා දැනන් හිටියෙ නෑ. කිසිම කෙනෙක් එයාලට කතා කළෙත් නැහැ.
හැබැයි එයාලා ආවා..! මිනිස්සුන්ටත් කලින්, ලෝරන්ස්ගේ හැරයාම මේ යෝධයින්ට දැනුනේ කොහොමද? එයාල ඉව කලේ කොහොමද කියන එක අදටත් සොබාදහමේ ලොකුම අභිරහසක්.
අලි රංචුව නිවස වටකරගෙන එක පෙළට හිටගත්තා. සාමාන්‍යයෙන් අලි කෑගහන, කුලප්පු වෙන සද්ද මුකුත්ම එතන තිබුණේ නැහැ. එයාලා පැය ගණනාවක් තිස්සේ මහා මළගෙයක ශෝකී නිහඬතාවයක් රකිමින්, ඔළුව බිමට හරවාගෙන, කන් දෙක පහත් කරගෙන නිශ්ශබ්දව හිටගෙන හිටියා. අලි රංචුවගේ දෑස්වලින් කඳුළු කඩා වැටෙනවා එතන හිටපු මිනිස්සු පැහැදිලිවම දැක්කා.
තමන්ව ම ර ණ යෙන් බේරගත්ත, තමන්ට ආදරය උගන්වපු ඒ ආදරණීය මිනිසා වෙනුවෙන් වනාන්තරයේ යෝධයෝ දවස් දෙකක් තිස්සේ නොකා නොබී ඒ නිවස අසලට වෙලා ශෝකය ප්‍රකාශ කළා. ඊටපස්සේ, හරියටම දවස් දෙකකට පස්සේ, සත්තු ටික ආපහු හැරිලා ආපු විදියටම හිමින් හිමින් වනාන්තරය ඇතුළටම නොපෙනී ගියා.
හැබැයි කතාව එතනින් ඉවර වෙන්නේ නැහැ. මේ සිදුවීමෙන් හරියටම අවුරුද්දකට පස්සේ, ඒ කියන්නේ ලෝරන්ස් මියගිය පළමු ගුණසමරුව දවසේ, ආයෙමත් අර අලි රංචුව හැතැම්ම ගාණක් ඈත ඉඳන් ලෝරන්ස්ගේ නිවස ගාවට ආවා. උන් දින වකවානු, දිනදර්ශන ගැන දන්නේ නැහැ. හැබැයි සොබාදහමේ මතකය මිනිස්සුන්ගේ මතකයට වඩා කොයිතරම් බලවත්ද කියනවා නම්, ඊළඟ අවුරුද්දෙත්, ඊටපස්සේ අවුරුද්දෙත්, හරියටම ලෝරන්ස් මියගිය ඒ දවසටම මේ අලි රංචුව නිවස ගාවට ඇවිත් තමන්ගේ ගැලවුම්කරුවා වෙනුවෙන් ගෞරවය පුද කරලා යන්න අමතක කළේ නැහැ.
එයාලා ලෝරන්ස්ව සැලකුවේ තමන්ගේම රංචුවේ නායකයෙක්, එහෙමත් නැත්නම් තමන්ගේම ලේ නෑයෙක් විදියට.
මේ සිදුවීම මුළු ලෝකය පුරාම සිටින සත්ව විද්‍යාඥයන්ව පුදුමයට පත් කළා. සත්තුන්ට තියෙන්නේ සහජ බුද්ධිය විතරයි, උන්ට මිනිස්සු වගේ සංවේදී හැඟීම් දැනෙන්නේ නැහැ කියලා කියන මතය මේ සිදුවීමෙන් සදහටම කුඩුපට්ටම් වෙලා ගියා. ආදරය, අහිමි වීම, වේදනාව සහ කෘතගුණ සැලකීම කියන දේවල් මිනිස්සුන්ට විතරක් අයිති දේවල් නෙවෙයි කියලා මේ වනාන්තරයේ යෝධයෝ මුළු ලෝකයටම ඔප්පු කරලා පෙන්වුවා.
අපි හිතාගෙන ඉන්නේ සත්තුන්ට වඩා මිනිස්සු උසස් කියලා. හැබැයි අද සමාජයේ තමන්ව හදපු වඩපු දෙමව්පියන්ව මහමඟ දාලා යන, තමන්ට උදව් කරපු මිනිස්සුන්ගේ ජීවිතය අහිමි කරන මිනිස්සු ඉන්න ලෝකෙක, තමන්ව එක පාරක් ම ර ණ යෙන් බේරගත්ත මිනිහෙක් වෙනුවෙන් අවුරුදු ගණනාවක් තිස්සේ දින වකවානු මතක තියාගෙන ඇවිත් අඬන මේ අලි රංචුව මිනිස් අපිට දෙන්නේ මහා විශාල පාඩමක්.
ලෝරන්ස් ඇන්තනිගේ සහ මේ අලි රංචුවේ කතාව අපිට මතක් කරලා දෙන්නේ එකම එක දෙයයි. මේ ලෝකය පාලනය කරන්නේ වෛ !ර !ය හෝ ආ යු ධ නෙවෙයි, අවංක ආදරය විතරමයි. සතෙකුට වුණත් හදවතින්ම ආදරය කරලා බලන්න, උන් ඒ ආදරය පෙරළා දෝතින්ම පුද කරන්නේ තමන්ගේ මුළු ජීවිතයම වුණත් ඔයා වෙනුවෙන් කැප කරලයි. 🐘
නුදුටු නෙතකට දකින්න, නොදන්නා කෙනෙකුට කියවන්න මේ සංවේදී සත්‍ය කතාව ඔයාගේ යාළුවෝ අතරෙත් ශෙයා කරගන්න අමතක කරන්න එපා.. ❤️🌿