සිරි රාජගිරි දහම් පාසල - Dhamma school

සිරි රාජගිරි දහම් පාසල - Dhamma school "ඒහි පස්සිකෝ*

15/05/2024

❤️

04/05/2024
ගා/ හත්තක මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍ය විශ්‍රාමික අභ්‍යන්තර වෙළඳ පරීක්ෂක පියසේන ජයසිංහ මහතා ගේ වියෝවෙන් වසරක් පිරීම නිමිත්ත...
29/03/2024

ගා/ හත්තක මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍ය විශ්‍රාමික අභ්‍යන්තර වෙළඳ පරීක්ෂක පියසේන ජයසිංහ මහතා ගේ වියෝවෙන් වසරක් පිරීම නිමිත්තෙන් එතුමාට පිං පැමිණවීම සඳහා එම පවුලේ පිංවත් පිරිස ( ශ්‍රියානි දිසානායක මහත්මිය - බිරිඳ / නලින්ද පී. ජයසිංහ පුතා/ සමින්ද පී. ජයසිංහ පුතා/ කුසල්‍යා පී. ජයසිංහ දියණිය/ පාඨශාලාචාරිනී වින්ද්‍යා පී. ජයසිංහ දියණිය ) සංවිධානය කළ පිංකම් මාලාවේ එක් අවස්ථාවක් වූයේ අප විද්‍යාලයේ දරුවන් 26 දෙනෙකු සඳහා අවශ්‍ය සපත්තු පිරිනැමීමයි. මේ එම පිංකම සිදු වූ අවස්ථාවේ ලබා ගත් ඡායාරූප අතරින් කිහිපයකි. පියසේන ජයසිංහ මහතාට නිවන් සුව පතමු.

03/03/2024
https://youtu.be/W7dgKyfl2qc?si=oxDJSTSVnHXylplZ
26/02/2024

https://youtu.be/W7dgKyfl2qc?si=oxDJSTSVnHXylplZ

ලේ බිදක් දන්දෙමුද ලේ බිදක් දන්දෙමුද ලේ බිදක් දන්දෙමුද ලේ බිදක් දන්දෙමුද ලේ බිදක් දන්දෙමුද ලේ බිදක් දන්දෙමුද ලේ බ.....

25/02/2024

අපි හැමෝම ජීවත් වෙන්න කැමති යි. මේ කෙළවරක් නො පෙනෙන සංසාර ගමනෙදි මිනිස් ජීවිතයක් ලැබෙන්නේ ඉතාමත් ම කළාතුරකින්. එහෙම ලැබෙන මිනිස් ජීවිතය, ධර්මය ගලපා ගන්නට කලින් ම අකාලයේ මිලින වෙලා ගියොත් ඒක මොනතරම් නම් අවාසානාවක් ද..? ඒ නිසා ම තමයි ලැබුණ අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන කෙසේ හෝ ජීවිතයට ධර්මය ගලපා ගත යුත්තේ.

අපට කොයි වෙලාවේ මොන අනතුරක් වෙයි ද කියල අපි කවුරුත් දන්නේ නැහැ. ජීවිතේ තියෙන අස්ථිර බව ම තමයි හැම පැත්තෙන් ම මතු වෙන්නේ. දිනපතා ම හදිසි අනතුරු සහ විවිධ රෝගාබාධ ආදිය නිසා විශාල මිනිසුන් පිරිසක් මෙලොව අතහැර යනවා. ඒ විතරක් නොවෙයි, තවත් බොහෝ පිරිසක් රෝහල්වල දුක් විඳිනවා. නමුත්, කොතරම් එබඳු සිදුවීම් දුටුවත්, තමන්ට එබඳු දෙයකට මුහුණ පෑමට සිදු වන තුරු ම, බොහෝ දෙනෙකුට ජීවිතයේ ඇති අසරණකම වැටහෙන්නේ නැහැ.

රුධිරය අපේ සිරුර පුරා ප්‍රාණය රඳවන ජීව දියරයක්. සිරුරේ සෛලවලට අවශ්‍ය ඔක්සිජන් ආදියත්, ශරීරයේ වර්ධනයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ආදියත්, සිරුර පුරා සංක්‍රමණය වන්නේ එමඟින්. එපමණක් නොව විවිධ රෝග කාරකයන්ට එරෙහිව, ප්‍රතිශක්තිය උපදවා ගැනීම පිණිස ත්, රුධිරයෙන් විශාල දායකත්වයක් ඉටුවෙනවා. කොටින් ම කිව්වොත්, ජීවයේ පැවැත්මට රුධිරයේ කාර්යභාරය අති මහත්.

නොයෙක් හේතු නිසා සිරුරේ රුධිර ප්‍රමාණය අනපේක්ෂිත ලෙස පහළ බසින අවස්ථා තිබෙනවා. එබඳු අවස්ථාවල දී ජීවිත ප්‍රබල ලෙස අනතුරට ලක් වෙනවා. හදිසි අනතුරු ආදියේ දී සිදුවන අධික රුධිර වහනය, ඩෙංගු වැනි රෝගවල දී සිදු වන රුධිර පට්ටිකාවල ක්ෂණික පහළ බැසීම සහ ලියුකේමියා වැනි තත්ව වල දී සිදුවන රුධිර සෛලවල පහළ යෑම මේ සඳහා උදාහරණ කිහිපයක් පමණ යි. මෙබඳු අවස්ථාවල දී වහා ම රුධිරය ශරීර ගත කිරීම සිදු නො කළ හොත්, බොහෝ විට රෝගියා මිය යෑම සිදු වෙනවා. මේ නිසා රුධිර පාරවිලයනය හෙවත් බාහිරින් රුධිරය ශරීරගත කිරීම ජීවිත සුරැකීමේ දී අද්විතීය මෙහෙයක් ඉටු කරනවා.

එය එසේ වුවත් රුධිරය කෘත්‍රිමව නිපදවිය නො හැකි යි. තවත් පුද්ගලයෙකුගෙන් ලබා ගත් රුධිරය අදාළ රෝගියා ගේ රුධිර සංසරණ පද්ධතියට එක් කිරීම යි මෙහි දී සිදු වන්නේ. නමුත්, ඕනෑම අයෙකු ගේ රුධිරය තවත් අයෙකුට පාරවිලයනය කිරීම සිදු කළ නො හැකි යි. ඒ සඳහා ප්‍රතිග්‍රාහකයා ගේ රුධිර ගණයත්, රුධිර දායකයා ගේ රුධිර ගණයත් එකිනෙකට ගැලපිය යුතු වනවා. මෙය ක්ෂණික ව මොහොතක් තුළ සිදු කළ හැක්කක් නො වෙයි. රුධිර ගණය ගැලපුන පමණින් එක් අයෙකු ගේ රුධිරය තවත් අයෙකුට ලබා දිය නො හැකි යි. දායකයාගෙන් ලබා ගන්නා රුධිරය රෝගියාට ලබා දීමට පෙර එම රුධිරයේ පිරිසිදු බව තහවුරු කිරීම පිණිස රෝග ගණනාවක් සඳහා රසායනික පරීක්ෂණයන්ට ලක් කළ යුතු වනවා.

මේ නිසා ඉතා විශ්වාසනීය රුධිර පාරවිලයනයක් සිදු වීමට නම්, ඒ සඳහා සුවිශේෂී ක්‍රියාදාමයන් රැසක් අනුගමනය කළ යුතු යි. මෙසේ මියෙන ජීවිත සුරැකීමට අත්වැලක් සැපයීම පිණිස යි, “ජාතික ලේ දීමේ සේවය” නමින් ආයතනික ව්‍යුහයක් බිහි වී තිබෙන්නේ. දිවයින පුරා රෝහල්වල ස්ථාපිත කොට ඇති ලේ බැංකු හරහා එය ක්‍රියාවට නැංවෙනවා. එහි දී මූලිකව ම සිදු කෙරෙන්නේ, ස්වේච්ඡාවෙන් රුධිරය දන් දීමට ඉදිරිපත්වන පුද්ගලයන් ගෙන් රුධිරය ලබා ගෙන, පසු භාවිතය පිණිස ක්‍රමවත්ව එම රුධිරය ගබඩා කොට තබා ගැනීම යි. මෙම ක්‍රියාවලියේ දී අදාළ රුධිරය සඳහා විවිධ පර්යේෂණ රැසක් සිදු කරනවා. ඒ ඔස්සේ එම රුධිරයේ විශ්වාසනීයත්වය තහවුරු කරනවා.

එසේ ආරක්ෂිත බව තහවුරු කළ රුධිරය, අවශ්‍ය අවස්ථාවල දී රෝගීන් වෙත නිකුත් කිරීම සිදු වෙනවා. ඒ අනුව යි රෝගීන් ගේ ජීවිත සුරැකීම සිදු වන්නේ. මේ අයුරින් ජාතික ලේ දීමේ සේවය ජාතියට පණ පිඹින්නට අද්විතීය මෙහෙයක් සිදු කරනු ලැබුවත්, තවමත් එම ආයතනය මගින් ආවරණය වන්නේ ජාතික රුධිර අවශ්‍යතාවයෙන් 75% ක් පමණ යි. එයට මූලික හේතුව ලෙස දක්වන්නේ ස්වේච්ඡා රුධිර දායකයන් ගේ හිඟය යි. ඒ නිසා ජීවිතය අයදින රෝගියෙකු ගේ දිවි සුරැකීමට නිරෝගී පුරවැසියන් ලෙස අප සියලු දෙනාහට ම පැවරෙන්නේ සුවිශාල වගකීමක්.

අප මහා බෝසතාණන් වහන්සේ බුදු බව පිණිස යන ගමනේ දී ප්‍රමාණ කළ නො හැකි තරම් ඇස් ඉස් මස් ලේ ආදිය දන් දුන්නා. ඒ බෝසත් සිරිත සිහියට නඟා ගනිමින් ගෞතම බුදු සමිඳුන් ගේ ශ්‍රාවක දරුවන් වන අප ඇඟේ දුවන ලේ බිඳක් පහන් සිිතින් යුතු ව ජීවිතයක් ජීවත් කරවීම පිණිස දන් දෙන්නට කිසි සේත් ම පැකිළිය යුතු නැහැ. ඒ තුළින් රැස් කර ගත හැකි පින අප්‍රමාණ යි.

ඇත්තට ම ජීවිතයක් බේරා ගන්නට නම් ඔබ වෛද්‍යවරයෙකු විය යුතු ම නැහැ. සැදැහැවත් ශ්‍රාවක දරුවෙකු ලෙස සිතේ කරුණාව උපද්දවාගන්න පුළුවන් නම්, ඔබටත් මේ ලෝකයේ ජීවිතය අයදින රෝගීන් වෙනුවෙන් බොහෝ දේ කරන්න පුළුවන්. මේ පිළිබඳව ඔබ ව දැනුවත් කිරිම පිණිස ම අපි නාරාහේන්පිට ජාතික රුධිර මධ්‍යස්ථානයට ගොඩ වැදුණා.

මටත් ලේ දෙන්න පුළුවන් ද..?
ඔව්…

ඇත්තට ම ඔබේ සිතේ ඇතිවෙන එවැනි සිතුවිල්ලක් පවා බොහෝ පින් ජනිත කරවනවා. හැබැයි ලේ දන්දීම පිණිස ඔබ යම් අවශ්‍යතාවන් කිහිපයක් සම්පූර්ණ කළ යුතු වෙනවා.

ඒ සඳහා ඔබ,
වයස 18-55 අතර සිටිනා අයෙකු විය යුතු යි.
කිලෝග්‍රෑම් 50ට වඩා බරින් වැඩි විය යුතු යි.
නිරෝගී අයෙකු විය යුතු යි.
අවසන් වරට ලේ දන් දී මාස හතරක් වත් ගත වී තිබිය යුතු යි.
ඉහත කරුණු සම්පූර්ණ නම් මූලික වශයෙන් ලේ දන්දීම පිණිස ඔබට ඉදිරිපත් විය හැකි යි. නමුත් එහි දී ඒ සඳහා ඔබ සුදුසු දැ යි තීරණය කිරීමට යම් ප්‍රශ්න මාලාවකට පෞද්ගලිකව පිළිතුරු ලිවීමට ඔබට සිදු වෙනවා.

ඉන් පසු ඒ පිළිබඳ ව පෞද්ගලිකත්වය බොහෝ අගයන වෛද්‍යවරයෙකු සමග සුළු මොහොතක් පෞද්ගලිකව කථා බස් කිරීමට අවස්ථාව ලැබෙනවා. එහි දී අදාළ සෞඛ්‍ය අවශ්‍යතා සම්පූර්ණ නම් ජීවිතයක් බේරා ගැනීමට තම රුධිරය දන් දෙන ශ්‍රේෂ්ඨ මිනිසෙකු වීමේ අවස්ථාව ඔබට උදාවෙනවා.

ඒ ප්‍රශ්නවලට බොරු උත්තර ලිව්වොත්…
එය නම් කිසිසේත් ම සදාචාරාත්මක නැහැ. අවබෝධයෙන් ම බුදු රජාණන් වහන්සේ සරණ ගිය ඔබේ ශ්‍රාවකත්වයට ගැලපෙන්නෙත් නැහැ. සිල්පදයකුත් බිඳෙනවා. ඒ විතරක් නොවෙයි එසේ කිරීමෙන් රුධිරය ලබා ගන්න අසරණ රෝගියා ගේ ජීවිතයත් අනතුරට ලක් වෙනවා. එම නිසා කිසි ම හේතුවක් මුල් කරගෙන අදාළ පෝරමයේ බොරු ලියන්න එපා.

රුධිරය ඔස්සේ බෝවෙන රෝග ගණනාවක් තිබෙනවා. ඒඩ්ස් වගේ මාරාන්තික රෝග පමණක් නොවෙයි, සෙංගමාලය, මැලේරියාව වගේ ම අනෙකුත් සමාජ රෝගත් රුධිරය ඔස්සේ පැතිරෙනවා. ලේ දෙන කෙනා අදාළ රෝගයකින් යුතු නම්, ලේ ලබා ගන්නා රෝගියාට ත් ඒ රෝගය වැළඳීමේ ඉතා ඉහළ ඉඩකඩක් තිබෙනවා. ඒ නිසා තමයි එම ප්‍රශ්න මඟින් රුධිර දායකයා වන ඔබට එබඳු රෝග පැවතීමේ ඉඩකඩක් තිබෙනවා ද කියා පරීක්ෂා කරන්නේ. එම සමස්ත ක්‍රියාවලියේම අරමුණ අසරණ රෝගියෙක් ව ජීවත් කරවීම යි. ඒ නිසා කෙසේවත් අදාළ පෝරමයට බොරු උත්තර ලියන්න එපා. එසේ ලබා දෙන රුධිරය පෙර සඳහන් කළ රෝග සඳහා රසායනික ව පරීක්ෂාවට ලක් කිරීම අනිවාර්යයෙන් ම සිදු වන්නක්. ඒ නිසාම බොහෝ දෙනෙක් තමන්ට එබඳු රෝග වැළඳී ඇත්දැ යි පරීක්ෂා කර ගැනීම පිණිස ත් ලේ දන් දෙන්න පෙළඹෙනවා. එය නම් කිසිසේත් ම නො කළ යුත්තක්. එමඟින් එම ලේ ගන්නා රෝගියා ගේ ජීවිතය බරපතළ ලෙස අවදානමකට ලක් වෙනවා.

එම පරීක්ෂාවේ දී අදාළ රෝගය යමෙකුට වැළඳී තිබෙනවා දැ යි නිගමනය කිරීමට නම්, එම රෝග කාරකයට විරුද්ධව රුධිරය තුළ නිපදවෙන ප්‍රතිදේහ ප්‍රමාණය එක්තරා අගයකට වඩා වැඩි විය යුතු යි. උදාහරණයක් ලෙස ඒඩ්ස් ආසාදිතයෙක් ගනිමු. ඔහුට HIV වෛරසය ශරීර ගත වී මාස කිහිපයක් ඇතුළත දී ඒ සඳහා රුධිරය පරීක්ෂා කිරීමෙන් ඒඩ්ස් වැළැඳී ඇද්දැ යි නිගමනය කළ නො හැකි යි. ගත වී තිබෙන්නේ, කෙටි කාලයක් නිසා එහි දී හුදෙක් රුධිර පරික්ෂාවකින් පමණක් එය හසු කරගැනීමේ හැකියාවක් නැහැ. එනිසා ම එබඳු අයෙකු ලේ දුන් විට ඔහු ගේ රුධිරය නිරෝගී අයෙකු ගේ රුධිරය ලෙසට යි, අදාළ රසායනික පරීක්ෂණයෙන් පසු සටහන් වන්නේ. මේ නිසා, එබඳු ලේ ශරීර ගත කිරීම මගින් එම ලේ ලබා ගන්නා රෝගියාට ත් එම රෝගය වැළඳීම සිදු වෙනවා. නමුත්, එම භයානක තත්වය මඟ හරවා ගැනීම පිණිස යි අදාළ පෝරමය තුළ ඔබේ පෞද්ගලික ජීවිතය පිළිබඳව ඇතැම් ප්‍රශ්න අසන්නේ. මේ නිසා ඔබ ලේ දන්දෙන විට එම පෝරමයේ සත්‍යය ම සටහන් කරන්න. සිල්වත් ව තිසරණය රැකගෙන ජීවිතයක් සුරකින්න අවස්ථාව එවිට උදාවේවි.

එතකොට මගේ පෞද්ගලිකත්වය අවදානමට ලක්වෙයි ද..?
ඇත්තෙන්ම නැහැ. මේ නිසයි අදාළ පෝරමය පෞද්ගලිකව ම පිරවීමටත් අදාළ වෛද්‍යවරයා සමඟ පෞද්ගලිකව කථා බස් කිරීමටත් ඔබට අවස්ථාව ලැබෙන්නේ. එම වෛද්‍යවරයා වෛද්‍ය වෘත්තියේ මූලික මූලධර්මවලට අනුව ඔබේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමට බැඳී සිටිනවා. එම නිසා ඒ සඳහා අදාළ ඕනෑ ම දෙයක් ගැන එම වෛද්‍යවරයා සමඟ සෘජු ව ම කථා බස් කිරීමට පැකිලෙන්න එපා.

අයියෝ..! මම ලේ දෙන්න නුසුදුස්සෙක් වුණොත්….
ඒ ගැන පසුතැවෙන්න එපා. ලේ දන්දෙන්න ඔබට නො හැකි වුණ පළියට ඒ සඳහා යම් දායකත්වයක් ලබා දෙන්න බැහැ කියන එක ඉන් අදහස් වෙන්නේ නැහැ. කරන්න පුළුවන් දේවල් තව ගොඩක් තියෙනවා. උදාහරණයක් ලෙසට ඒ සඳහා අදාළ සුදුසුකම් සම්පූර්ණ යැයි සිතෙන ඔබේ හිතවතුන් ව ලේ දන්දීම පිළිබඳව දැනුවත් කිරීම දැක්විය හැකි යි. ඒ විතරක් නොවෙයි, යාළුවන් පිරිසක් ඉන්නවා නම්, ඒ අයත් එක්ක ම එකතු වෙලා, ලේ දන්දීමක් ඔබේ ගමේ පාසලේ හෝ රැකියා ස්ථානයේ සංවිධානය කරන්නත් පුළුවන්. එවිට ගොඩක් අයට ලේ දන් දෙන්න අවස්ථාව උදාවේවි. එයින් ඔබේ ජීවිතයට බොහෝ පින් රැස් කරගන්න පුළුවන්.

ලේ දන්දීමේ කඳවුරක් සංවිධානය කිරීම
ලේ දන්දීමක් සූදානම් කරන්න මටත් පුළුවන් ද..?
ඔව්…ඔබටත් ලේ දන්දීමක් සූදානම් කරන්න පුළුවන්. ඒත් ඒක තනිව ම කරන්න පුළුවන් දෙයක් නොවෙයි. ඔබේ හිතවත් පිරිස කැමති නම්, කට්ටියට ම එකතු වෙලා වැඩේ පටන් ගන්න පුළුවන්. පළමුවෙන් ම ඒ සඳහා කාල රාමුවක් (Time Frame) සකසා ගන්න ඕන. පළමුවෙන් ම ඔබ ඒ සඳහා වන මූලික කරුණු පිළිබඳව දැනුවත් විය යුතු යි. ඉන් අනතුරු ව ඒ සඳහා අදාළ දිනයක් තීරණය කළ යුතු යි. එසේ දිනය තීරණය කළ පසු අවම වශයෙන් ඊට මසකටවත් පෙර ඒ පිළිබඳ ව ලේ බැංකුව සමඟ සාකච්ඡා කළ යුතු යි. 0777272985, 0112639931 සහ 0115332154 යන දුරකථන අංකවලින් ඒ සඳහා මූලික විමසීම් සිදු කළ හැකි යි.

කොයි වගේ තැනක් ද හොඳ…?
ලේ දන් දෙන අයට පහසුවෙන් පැමිණිය හැකි අයුරින් ගමන් පහසුව තිබෙන ප්‍රසිද්ධ පොදු තැනක් මේ කටයුත්තට ඉතාමත සුදුසු යි. නමුත් එම ස්ථානයේ ප්‍රමාණවත් ආලෝකයත්, වාතාශ්‍රයත් සහිත ශාලාවක් තිබිය යුතු යි. එමෙන් ම එය බොහෝ පිරිසිදු ස්ථානයක් විය යුතු යි. ජලය, විදුලිය වගේ ම වැසිකිළි පහසුකම් ආදිය පිළිබඳවත් සැළකිලිමත් විය යුතු යි.

එතකොට මොනවගේ දේවල් ද ඕන වෙන්නේ…?
අවම වශයෙන් පහත සඳහන් උපකරණ හා භාණ්ඩ ඒ සඳහා අවශ්‍ය වෙනවා.

කාර්යාල මේස තුනක්.
සාමාන්‍ය පුටු දහයක්.
කුඩා ස්ටූල් හෝ ඩෙස්ක් 5ක්.
ලේ පරිත්‍යාග කරන අයට ඉඳගන්න බංකු හෝ පුටු.
විදුලි පංකා හතරක් පමණ.
එපමණක් නොවෙයි, ලේ දන් දෙන විට රුධිර දායකයා ගේ මුළු රුධිර පරිමාවෙන් යම් කොටසක් ක්ෂණික ව පහළ යෑම සිදු වන නිසා එය ඉක්මණින් ප්‍රකෘති තත්වයට ගෙන ඒම පිණිස යම් දියරමය පානයක් ලබා දීම වැදගත්. එම නිසා ඒ අයට කුමන හෝ බීම වර්ගයක් ලබා දීමට කටයුතු සූදානම් කළ යුතු වනවා. කැමති නම් ආහාර දානයක් වගේ ම තමන් සිදු කළ උතුම් ක්‍රියාව සිහි ගන්වමින්, සමරු සිහිවටනයකුත් ප්‍රදානය කරන්න පුළුවන්.
ලේ දන්දෙන්නන් සොයා ගන්නේ කොහොම ද..?
එක් ලේ දන්දීමේ කඳවුරකට අඩුම තරමේ ලේ දන්දෙන්නන් පනහක ගේ වත් දායකත්වයක් ලැබිය යුතු වනවා. ඒ සඳහා විවිධ ප්‍රචාරණ මාධ්‍ය මගින් පිරිස දැනුවත් කරන්න පුළුවන්.

දුර්ලභ ගණයේ රුධිර පරිත්‍යාගශීලීන්ගේ සංගමය (Rare Donor Club)
සාමාන්‍යයෙන් හැමෝට ම තිබෙන්නේ එක ම ලේ වර්ගයක් නොවෙයි. ඉතා ම දුර්ලභ ලේ වර්ගත් තිබෙනවා. එබඳු ලේ වර්ගයක් තිබෙනා රෝගියෙකු සඳහා රුධිරය ලබා දීමට සිදු වූ විට, අදාළ ලේ වර්ගය සොයා ගැනීමට ඉතා අපහසු විය හැකි යි. ඒ නිසා එම අපහසුතා මග හැරීම පිණිස ජාතික ලේ දන්දීමේ සේවය මඟින් “දුර්ලභ ගණයේ රුධිර පරිත්‍යාගශීලීන් ගේ සංගමය” නමින් සංගමයක් පිහිටුවා තිබෙනවා.

ඔබේ ලේ වර්ගයත් ඕ-නෙගටිව් (O-negative), බී-නෙගටිව් (B-negative), ඒ-නෙගටිව් (A-negative), ඒබී-නෙගටිව් (AB-negative) හෝ ඒබී-පොසිටිව් (AB-positive) නම්, ඔබත් දුර්ලභ ලේ වර්ගයක් යුතු අයෙක්. නිරතුරු ලේ දන්දෙන ඔබේ ලේ වර්ගයත් මෙබඳු දුර්ලභ ලේ වර්ගයක් නම්, ඔබටත් මේ සංවිධානයේ ලියාපදිංචි වීමේ අවස්ථාව තිබෙනවා. එවිට කවරෙකුට හෝ හදිසියේ ඔබේ ලේ වර්ගය අවශ්‍ය වුවහොත් ජාතික ලේ දන්දීමේ සේවය ඔබට ඒ පිළිබඳව දැනුම් දෙනවා. එවිට ඔබට එම අසරණ රෝගියා වෙනුවෙන් රුධිරය දන් දිය හැකි යි. ඒ අයුරින් ජීවත් වන්නට වෙරදරනා අයෙකුට ජීවිතය දෙන්න උපකාර කළ හැකි නම්, ඔබ හැබෑ ම වීරයෙක්….
මෙම මාර්තු 1 සිකුරාදා ගා/ හත්තක මහා විද්‍යාලයට වසර 121 පිරීම නිමිත්තෙන් ලේ දන් දීමේ කඳවුරක් පැවැත්වෙනවා... ඔබටත් පුළුවනි සහභාගිවන්න.

Address

Rajagiri Viharaya. , Rajagiri Mawatha, Boraluhena,
Pitigala

Opening Hours

07:30 - 12:30

Telephone

+94718166129

Website

Alerts

Be the first to know and let us send you an email when සිරි රාජගිරි දහම් පාසල - Dhamma school posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to සිරි රාජගිරි දහම් පාසල - Dhamma school:

Shortcuts

Share

Category