Sri Medhananda Dhamma School

Sri Medhananda Dhamma School උගත් ශිල්ප අප සැම දම් පියසක - සැරද අවසර මේධානන්දෙට..!

ශ්‍රී මේධානන්ද දහම් පාසල - වෑවල, පිළියන්දල.

මෙවර අ.පො.ස.උසස් පෙළ විභාගයට මුහුණ දෙන ශ්‍රී මේධානන්දයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුළු විභාගයට මුහුණ දෙන සියලු දෙනාටම තෙරුවනේ අ...
09/08/2026

මෙවර අ.පො.ස.උසස් පෙළ විභාගයට මුහුණ දෙන ශ්‍රී මේධානන්දයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුළු විභාගයට මුහුණ දෙන සියලු දෙනාටම තෙරුවනේ අනන්ත වූ ගුණ බලයෙන් එම විභාගය සාර්ථකව මුහුණ දීමට ධෛර්‍යය ශක්තිය ලැබේවා යැයි ප්‍රාර්ථනා කරන්නෙමු.

උණුසුම් සුබ පැතුම් ! 💐🤍

#උසස්පෙල2026
# ශ්‍රීමේධානන්දදහම්පාසල

අභිෂේක 2026 🤍☸️ශ්‍රී මේධානන්ද ධර්ම විද්‍යාලයීය ශිෂ්‍ය නායක මණ්ඩලයේ විධායක ශිෂ්‍ය නායක නායිකාවන්ගේ නිල ලාංඡන පැළඳවීමේ උත්...
05/08/2026

අභිෂේක 2026 🤍☸️

ශ්‍රී මේධානන්ද ධර්ම විද්‍යාලයීය ශිෂ්‍ය නායක මණ්ඩලයේ විධායක ශිෂ්‍ය නායක නායිකාවන්ගේ නිල ලාංඡන පැළඳවීමේ උත්සවය පසුගිය ඉරු දින සාර්ථකව නිමාවට පත් වුණි.

එහිදී අභිනවයෙන් තෝරා පත් කර ගත් පරිවාස ශිෂ්‍ය නායක නායිකාවන් ද ප්‍රකාශයට පත් කරන ලදී.

#අභිෂේක2026
# ශ්‍රීමේධානන්දදහම්පාසල

වර්ෂ 1895 අගෝස්තු 03 වන දින කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කොට් තුමන්ගේ සංකල්පයක් අනුව සදාචාරාත්මක ගුණ යහපත් බෞද්ධ දරු පිරිසක් ...
03/08/2026

වර්ෂ 1895 අගෝස්තු 03 වන දින කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කොට් තුමන්ගේ සංකල්පයක් අනුව සදාචාරාත්මක ගුණ යහපත් බෞද්ධ දරු පිරිසක් බිහි කිරීම අරමුණු කොට ගෙන ගාල්ල වැලිවත්ත විජයානන්ද පිරිවෙනේ ලක්දිව ප්‍රථම සංවිධානාත්මක ඉරුදින දහම් පාසල ආරම්භ විය.

එම සිදුවීම සිහිපත් කොටගෙන අද දින 131 වන අභිමානවත් දහම් පාසල් දිනය සමරනු ලබයි ! ☸️🤍

#දහම්පාසල්දිනය
# ශ්‍රීමේධානන්දදහම්පාසල

02/08/2026

ප්‍රධාන විධායක ශිෂ්‍ය නායක නායිකාවන්ගේ නිල ලාංඡන පැළඳවීමේ උත්සවය

ශ්‍රී මේධානන්ද ධර්ම විද්‍යාලයීය ප්‍රධාන විධායක ශිෂ්‍ය නායක නායිකාවන්ගේ නිල ලාංඡන පැළඳවීමේ උත්සවය," අභිෂේක 2026 " 🪷2026 අ...
01/08/2026

ශ්‍රී මේධානන්ද ධර්ම විද්‍යාලයීය ප්‍රධාන විධායක ශිෂ්‍ය නායක නායිකාවන්ගේ නිල ලාංඡන පැළඳවීමේ උත්සවය,

" අභිෂේක 2026 " 🪷

2026 අගෝස්තු මස 02 වන දින පෙ.ව.8.00 ට ධර්මශාලා මණ්ඩපයේ දී පැවැත්වේ.

#අභිෂේක2026
# ශ්‍රීමේධානන්දදහම්පාසල

❝ සබ්බේ සංඛාරා අනිච්චා තියදා පඤ්ඤාය පස්සතිඅථ නිබ්බින්‍දති දුක්ඛේඒස මග්ගෝ විසුද්ධියා ❞සියලු සංස්කාරයෝ අනිත්‍ය යැයි යම් කල...
28/07/2026

❝ සබ්බේ සංඛාරා අනිච්චා ති
යදා පඤ්ඤාය පස්සති
අථ නිබ්බින්‍දති දුක්ඛේ
ඒස මග්ගෝ විසුද්ධියා ❞

සියලු සංස්කාරයෝ අනිත්‍ය යැයි යම් කලෙක විදසුන් නුවණින් දක්නේ ද, එ කල්හි මේ දුකෙහි කළකිරෙන්නේ ය. මේ සංස්කාරයන් කෙරෙහි නිර්වේදය, නිර්‍මල වීමට මග ය.

~ ධම්ම පදය : මාර්ග වර්ගය : 02

සිදුහත් බෝසතුන් මායා දේවියගේ කුස පිළිසිඳ ගැනීම, සිදුහත් කුමරුන් ගිහි ගෙය හැර යාම, බුද්ධත්වයෙන් පසු ප්‍රථම දම් දෙසුම වූ දම් සක් පැවතුම් සූත්‍රය දේශනා කිරීම සහ බුද්ධ පරිනිර්වාණයෙන් තෙමසකට පසු ප්‍රථම ධර්ම සංගායනාව සිදු වීම යන උතුම් සිදුවීම් සිදු වූ ඇසළ පොහොය අදයි. 🪷

ඔබ සැමට පින්බර ඇසළ පුර පසළොස්වක පොහොය දිනයක් වේවා !🙏🏻☸️

#ඇසළපොහොය
# ශ්‍රීමේධානන්දදහම්පාසල

19/07/2026

Medhananda FM 71st Broadcast

ශ්‍රී මේධානන්ද දහම් පාසල වෙසක් පොහොය දිනය ට සමගාමී ව සංවිධාන කෙරූ " වෙසක් සිරිසඳ " සිතුවම් නිර්මාණ තරගයේ ජ්‍යේෂ්ඨ අංශයේ ...
13/07/2026

ශ්‍රී මේධානන්ද දහම් පාසල වෙසක් පොහොය දිනය ට සමගාමී ව සංවිධාන කෙරූ " වෙසක් සිරිසඳ " සිතුවම් නිර්මාණ තරගයේ ජ්‍යේෂ්ඨ අංශයේ ප්‍රථම ස්ථානය ලද සිතුවම, එහි සිත්තරා වන රිසිත් මෙත්නුක ශිෂ්‍යයා විසින් උප ප්‍රධානාචාර්‍ය ජානක නාමල් ගුරු පියාණන් වෙත පිරිනැමූ අවස්ථාව ... 🤍

ශ්‍රී මේධානන්ද ධර්ම විද්‍යාලයීය වාර්ෂික ශීල සමාදාන වැඩසටහන සාර්ථකව පසුගිය ඉරුදින පවත්වන ලදී. 🤍☸️වෑවල, ශ්‍රී ගංගාරාම පුරා...
06/07/2026

ශ්‍රී මේධානන්ද ධර්ම විද්‍යාලයීය වාර්ෂික ශීල සමාදාන වැඩසටහන සාර්ථකව පසුගිය ඉරුදින පවත්වන ලදී. 🤍☸️

වෑවල, ශ්‍රී ගංගාරාම පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති, රාජකීය පණ්ඩිත, පූජ්‍ය රත්තනදෙණියේ වජිරසාර ස්වාමීන්වහන්සේගේ අනුශාසකත්වයෙන්, ධර්ම විද්‍යාලයේ ආචාර්‍ය මණ්ඩලයේ සහ දෙමාපියන්ගේ සංවිධාන ශක්තියෙන් සහ අනුග්‍රහයෙන් මෙම කටයුත්ත සංවිධාන විය.

සහය දුන් සැමට පුණ්‍යානුමෝදනා පූර්වක ස්තුතිය. 🙏

ශ්‍රී මේධානන්ද දහම් පාසල වාර්ෂික ව සංවිධාන කරනු ලබන,ශීල සමාදාන වැඩසටහන 🪷🤍2026 ජූලි මස 05 වන දින, එනම් හෙට දින උදෑසන 6.00...
04/07/2026

ශ්‍රී මේධානන්ද දහම් පාසල වාර්ෂික ව සංවිධාන කරනු ලබන,

ශීල සමාදාන වැඩසටහන 🪷🤍

2026 ජූලි මස 05 වන දින, එනම් හෙට දින උදෑසන 6.00 සිට සවස 2.00 දක්වා පැවැත්වේ.

01 ශ්‍රේණියේ සිට ධර්මාචාර්‍ය ශ්‍රේණිය දක්වා සියලු ම ශ්‍රේණිවල සිසුන් මේ සඳහා සහභාගි විය යුතු වේ.

#ශීලභාවනාවැඩසටහන
# ශ්‍රීමේධානන්දදහම්පාසල

Address

Sri Gangarama Purana Viharasthanaya
Piliyandala
10300

Alerts

Be the first to know and let us send you an email when Sri Medhananda Dhamma School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Sri Medhananda Dhamma School:

Shortcuts

Share