University of Peradeniya - Public Relations Division

University of Peradeniya - Public Relations  Division The Public Relations Division builds a positive brand image of the University.

Nursing Pledge Ceremony of Batch 2023/24Department of Nursing,Faculty of Allied Health Sciences,University of Peradeniya...
25/09/2026

Nursing Pledge Ceremony of Batch 2023/24
Department of Nursing,
Faculty of Allied Health Sciences,
University of Peradeniya.

25th September 2026

Nursing Pledge Ceremony of Batch 2023/24Department of Nursing,Fac...

24/09/2026

RESCON 2026!

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ සිව්වන වසර ශිෂ්‍ය පූජ්‍ය වරල්ලේ සංඝරක්ඛිත හිමියන් විසින් රචිත "ධෘති" නවකතා...
22/09/2026

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ සිව්වන වසර ශිෂ්‍ය පූජ්‍ය වරල්ලේ සංඝරක්ඛිත හිමියන් විසින් රචිත "ධෘති" නවකතාව දොරට වැඩීම 2026 සැප්තැම්බර් 24 වන බ්‍රහස්පතින්දා ප.ව. 2.30ට මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේදී පැවැත්වේ.

මල්වතු මහාවිහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමිපාණන් වහන්සේගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන උළෙලේ ප්‍රධාන දේශන පූජ්‍ය බටුවන්ගල රාහුල හිමියන් හා මහාචාර්ය ලියනගේ අමරකීර්ති මහතා විසින් පවත්වනු ලැබේ.

The University of Peradeniya deeply mourns the passing of Professor Gerald H. Peiris, former Chancellor of the Universit...
21/09/2026

The University of Peradeniya deeply mourns the passing of Professor Gerald H. Peiris, former Chancellor of the University of Peradeniya

Professor Peiris made an outstanding contribution to the advancement of Geography and higher education in Sri Lanka through his distinguished academic career as a Professor of Geography. His exceptional scholarship, intellectual contributions, and dedicated service to the University of Peradeniya have left an indelible mark on the University's academic legacy.

His passing is a profound loss to the University, the academic community and the nation. His contributions and memory will continue to inspire generations of scholars and students.

The University of Peradeniya extends its deepest condolences to his bereaved family, colleagues, friends, and all those who mourn his passing.

May he attain the Supreme Bliss of Nibbana!

ආරාධනා ස්වර දැහැන 2026 | සොඳුරු මතකයන්..ලංකා බැංකුව, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, පේරා...
21/09/2026

ආරාධනා ස්වර දැහැන 2026 | සොඳුරු මතකයන්..

ලංකා බැංකුව, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, පේරාදෙණිය විශ්වවිද්‍යාලය හා එක්ව ඉදිරිපත් කළ සජීවී සෞන්දර්යාත්මක මියැසි සුයාමය “ආරාධනා ස්වර දැහැන”, 2026 සැප්තැම්බර් 10 වන දින පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර එළිමහන් රංගමඩලයේදී (වල) අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

එහි සොඳුරු මතකයන්...

📸 Yasas Chandima Samaranayake II

#ආරාධනාස්වරදැහැන

පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය ගවේශකයන්ගේ සංගමය විසින් වාර්ශිකව සංවිධානය කරනු ලබන PeraCHAMPS අන්තර් පීඨ අභියෝගතා තරඟාවලිය මෙ...
21/09/2026

පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය ගවේශකයන්ගේ සංගමය විසින් වාර්ශිකව සංවිධානය කරනු ලබන PeraCHAMPS අන්තර් පීඨ අභියෝගතා තරඟාවලිය මෙවර සැප්තැම්බර් 19 සහ 20 යන දෙදින විශ්වවිද්‍යල පරිශ්‍රයේදී පැවැත්විය.

සැප්තැම්බර් 19 වන දින පෙරවරුවේ, පේරාදෙණිය විශ්වවිද්‍යාල ක්‍රීඩාංගණ පරිශ්‍රයේදී සමාරම්භක උත්සවය පැවැත්වුණු අතර, විශ්වවිද්‍යාලයේ පීඨ නවයම නියෝජනය කරමින් කණ්ඩායම් 09ක් තරඟ බිමට එක්විය.

දෙදිනක් පුරා පැවති විවිධ අභියෝගාත්මක සහ ත්‍රාසජනක ක්‍රීඩා ඉසව්වලදී තරඟකරුවන් සිය ධෛර්යය, එකමුතුව, නායකත්වය සහ අධිෂ්ඨානය මැනවින් ප්‍රදර්ශනය කළහ.

මෙය තරඟයක් පමණක් නොව, මිත්‍රත්වය, සහයෝගීතාවය සහ වික්‍රමාන්විත අත්දැකීම් එක්වන අමතක නොවන ගමනක ආරම්භයයි.

විඟසර 2026 – අවසාන මහා තරගය “මාගේ දේශය අවදි කරනු මැන” ශිෂ්‍ය සාහිත්‍ය උළෙලට සමගාමීව, පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය කෘෂිකර්ම...
21/09/2026

විඟසර 2026 – අවසාන මහා තරගය

“මාගේ දේශය අවදි කරනු මැන” ශිෂ්‍ය සාහිත්‍ය උළෙලට සමගාමීව, පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය කෘෂිකර්ම පීඨ ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරන ලද “විඟසර 2026” අවසාන මහා තරගය 2026 සැප්තැම්බර් 19 වන දින උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

මෙහිදී විශ්වවිද්‍යාල විද්‍යාර්ථයන්ගේ ගායන, නර්තන, වාදන සහ නිවේදන ඇතුළු විවිධ කලා හැකියාවන් රැසක් එකම වේදිකාවක් මත අපූර්ව ලෙස දිගහැරිණි. 🎶🎤

විද්‍යාර්ථීන්ගේ නිර්මාණශීලීත්වයෙන් හා කලා කුසලතා තුළින්, "විඟසර 2026 අවසන් මහා රාත්‍රිය කලා රසයෙන් පිරුණු මනරම් සැඳෑවක් බවට පත් විය.

#මාගේදේශයඅවදිකරනුමැන

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ “Geo Pera 26” භූගෝලීය හා භූ-තාක්ෂණික ප්‍රදර්ශනයපේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යා අධ්‍යයන...
20/09/2026

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ “Geo Pera 26” භූගෝලීය හා භූ-තාක්ෂණික ප්‍රදර්ශනය

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යා අධ්‍යයන අංශය සහ භූගෝල විද්‍යා සංගමය එක්ව සංවිධානය කළ “Geo Pera 26” භූගෝලීය හා භූ-තාක්ෂණික ප්‍රදර්ශනය සැප්තැම්බර් 18 වැනි දින විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

“භූගෝල විද්‍යාත්මක දැනුම තුළින් තිරසාර ලෝකයක්” යන තේමාව යටතේ පැවති ප්‍රදර්ශනයේදී පාරිසරික පද්ධති, කෘෂිකර්මය, ජලධාරා හා වෙරළ සම්පත් කළමනාකරණය, දේශගුණ විද්‍යාව, හරිත නාගරීකරණය, දුරස්ථ සංවේදන හා ඩ්‍රෝන තාක්ෂණය ඇතුළු ක්ෂේත්‍ර රැසක් ආවරණය වන ප්‍රදර්ශන කුටි 20ක් ඉදිරිපත් කර තිබිණි.

විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යා අධ්‍යයන අංශ විද්‍යාගාර ද නරඹන්නන් සඳහා විවෘත කර තිබූ අතර, රාජ්‍ය ආයතන හා පාරිසරික සංවිධාන රැසක්ද මේ සඳහා එක්විය. පාසල් සිසුන් ඇතුළු 7,000කට ආසන්න පිරිසක් ප්‍රදර්ශනය නැරඹූ අතර, භූගෝල විද්‍යාව හා නව තාක්ෂණය පිළිබඳ ප්‍රායෝගික දැනුම ලබාගැනීමට එමගින් අවස්ථාව සැලසිණි.


📷 Mahesh Kalpage

19/09/2026

සිංහල පර්යේෂණ සම්භාෂණය 2026

Future Life International Buddhist Conference 2026
18/09/2026

Future Life International Buddhist Conference 2026

Future Life - International Buddhist Conference 2026University of ...

Address

University Of Peradeniya
Peradeniya
20400

Opening Hours

Monday 08:00 - 16:30
Tuesday 08:00 - 16:30
Wednesday 08:00 - 16:30
Thursday 08:00 - 16:30
Friday 08:00 - 16:30
Saturday 08:00 - 16:30
Sunday 08:00 - 16:30

Telephone

+94812392307

Alerts

Be the first to know and let us send you an email when University of Peradeniya - Public Relations Division posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to University of Peradeniya - Public Relations Division:

Shortcuts

Share