Pera Arts Buddhist Brotherhood Society

Pera Arts Buddhist Brotherhood Society This official page belongs to The Arts Buddhist Brotherhood Society,University of Peradeniya ශාස්ත්‍රපිඨ බෞද්ධ සහොදර සංගමය- පේරාදෙණිය විශ්වවිද්‍යාලය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය ශාස්ත්‍රපීඨ බෞද්ධ සහෝදර සංගමය මගින් 2026 සැප්තැම්බර් මස 16 වෙනි බදාදා දින වස් තුන්මාසය මූලික ...
23/09/2026

පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය ශාස්ත්‍රපීඨ බෞද්ධ සහෝදර සංගමය මගින් 2026 සැප්තැම්බර් මස 16 වෙනි බදාදා දින වස් තුන්මාසය මූලික කරගෙන සරසවි විහාරස්ථානයේ පැවැත්වූ චතුමධුර ගිලන්පස සම්බුද්ධ පූජාව 🙏

Pera Arts Buddhist Brotherhood Society

ලක් වාසී ලෝ වාසී සැමට පින්බර නිකිණි පොහෝ දිනක් වේවා ...☸️🙏⛔නිකිණි පොහොය වැදගත්කම *ආනන්ද හිමියන් රහත් භාවයට පත්වීම.*රජගහ ...
27/08/2026

ලක් වාසී ලෝ වාසී සැමට පින්බර නිකිණි පොහෝ දිනක් වේවා ...☸️🙏

⛔නිකිණි පොහොය වැදගත්කම

*ආනන්ද හිමියන් රහත් භාවයට පත්වීම.

*රජගහ නුවරදී ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීම.

*පෙරවස් මගහැරී ගිය භික්ෂූන් වහන්සේලා පසුවස් සමාදන් වීම

*බුදුරජාණන්වහන්සේගේ ලලාට ධාතු නිධන් කර සේරුවිල දාගැබ තැනීම ආරම්භ කිරීම

☸️🙏

#පොසොන්පොහොය Pera Arts Buddhist Brotherhood Society

ලක් වාසී ලෝ වාසී සැමට පින්බර ඇසළ පොහෝ දිනක් වේවා ...☸️🙏⛔ඇසළ පොහොය වැදගත්කම *සිදුහත් කුමරු මව් කුස පිළිසිඳ ගැනීම.*සිදුහත්...
29/07/2026

ලක් වාසී ලෝ වාසී සැමට පින්බර ඇසළ පොහෝ දිනක් වේවා ...☸️🙏

⛔ඇසළ පොහොය වැදගත්කම

*සිදුහත් කුමරු මව් කුස පිළිසිඳ ගැනීම.

*සිදුහත් කුමරු මහා අභිෂ්ක්‍රමණය කිරීම.

*රාහුල කුමරුගේ උපත සිදුවීම.

*පස්වග මහනුන්ට දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කිරීම.

*බුදු රදුන් දෙව් ලොවට වැඩම කර මාතෘ ඇතුළු දිව්‍ය රාජයා ඇතුළු දෙවියන්ට අභිධර්මය දේශනා කිරීම.

*බුදු රදුන්ගේ පරිනිර්වාණයෙන් පසුව ප්‍රථම ධර්ම සංඝායනාව පැවැත්විම.

☸️🙏

#පොසොන්පොහොය Pera Arts Buddhist Brotherhood Society

ලක් වාසී ලෝ වාසී සැමට පින්බර බක් පොහෝ දිනක් වේවා ...☸️🙏⛔පොසොන් පොහොය වැදගත්කම 1) මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රමුඛ ඉට්ඨිය, ...
28/06/2026

ලක් වාසී ලෝ වාසී සැමට පින්බර බක් පොහෝ දිනක් වේවා ...☸️🙏

⛔පොසොන් පොහොය වැදගත්කම

1) මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රමුඛ ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්දසාල යන රහතන් වහන්සේලාත්, සුමන සාමණේරයන් වහන්සේත්, භණ්ඩුක නම් අනාගාමී උපාසකවරයාත් බුදුරජාණන් වහන්සේගේ නිර්මල බුදු දහම රැගෙන අනුරාධපුර මිහින්තල පව්වට වැඩම කරවීම.

2)දේවානම්පියතිස්ස රජු ඇතුළු පිරිස චුල්ලහත්ථිපදෝපම සූත්‍රය අසා තෙරුවන් සරණ යාම.

3)මිහින්තල පව්වේදී භණ්ඩුක උපාසකවරයා පැවදි කොට මහණ උපසම්පදාව සිදු කිරීම.

☸️🙏

#පොසොන්පොහොය Pera Arts Buddhist Brotherhood Society

යො හි පස්සති සද්ධම්මංසො මං පස්සති පණ්ඩිතොඅපස්සමානො සද්ධම්මංමං පස්සම්පි න පස්සති"ඉදින් යමෙක් සද්ධර්මය දකී ද, හෙතෙම බුදුන්...
29/05/2026

යො හි පස්සති සද්ධම්මං
සො මං පස්සති පණ්ඩිතො
අපස්සමානො සද්ධම්මං
මං පස්සම්පි න පස්සති

"ඉදින් යමෙක් සද්ධර්මය දකී ද, හෙතෙම බුදුන් වහන්සේ දකී.සද්ධර්මය නොදැක බුදු වහන්සේ දැක්කද එය නොදැක්කා මෙනි *"

සම්බුදු තෙමඟුල සිහිකරන ඔබ සැමට පිංබර වෙසක් පුර පසළොස්වක පොහෝ දිනක් වේවා.🙏☸

☸️🌺
*වෙසක් පොහොය වැදගත්කම්*

01)සිද්ධාර්ථ කුමාරයාගේ උපත සිදුවීම

02)සිද්ධාර්ථ බෝසතුන් වහන්සේ ලොව්තුරු බුද්ධ රාජ්‍ය ලැබීම

03)ගෞතම බුදුන් වහන්සේගේ පරිණිර්වානය.

04)බුදුන් වහන්සේ තෙවන වරට ලංකාගමනය සිදු කිරීම.

ඔබ සැමට තෙරුවන් සරණයි.🙏☸
#වෙසක්පොහොය

ලක් වාසී ලෝ වාසී සැමට පින්බර බක් පොහෝ දිනක් වේවා ...☸️🙏⛔බක් පොහොය වැදගත්කම *නාගදීපයේදී මැණික් පුටුවකට යුද වදිමින් සිටි ච...
31/03/2026

ලක් වාසී ලෝ වාසී සැමට පින්බර බක් පොහෝ දිනක් වේවා ...☸️🙏

⛔බක් පොහොය වැදගත්කම

*නාගදීපයේදී මැණික් පුටුවකට යුද වදිමින් සිටි චූලෝදර සහ මහෝදර නමැති නා රජුන් දෙදෙනාට ධර්මය දේශනා කිරීමට බුදුන් වහන්සේ දෙවන වරට ලක්දිවට වැඩම කිරීම.

*මණිඅක්ඛිත නා රජු බුදුන් වහන්සේට කැළණියට වැඩම කරන ලෙස ආරාධනා කිරීම.

*සතර පෙරනිමිති වලින් පළමු පෙරනිමිත්ත සිදුහත් කුමරු ඇස ගැටීම.

☸️🙏

#මැදින් #පෝය Pera Arts Buddhist Brotherhood Society fans

ලක් වාසී ලෝ වාසී සැමට පින්බර මැදින් පොහෝ දිනක් වේවා ...☸️🙏⛔මැදින් පොහොය වැදගත්කම *බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් අනතුරුව...
02/03/2026

ලක් වාසී ලෝ වාසී සැමට පින්බර මැදින් පොහෝ දිනක් වේවා ...☸️🙏

⛔මැදින් පොහොය වැදගත්කම

*බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් අනතුරුව ප්‍රථම වරට ශාක්‍ය දේශයට වැඩම කිරීම.

*ඤාතීන්ගේ මානය බිඳීම සඳහා යමාමහ පෙළහර පෑම.

*සුද්ධෝදන රජතුමා බුදුන් වහන්සේට තුන්වන වරට වන්දනා කිරීම.

*බුදුන් වහන්සේ යශෝධරා දේවියට සඳකිඳුරු ජාතකය දේශනා කිරීම.

*බුදුන් වහන්සේ විසින් නන්ද කුමරු සහ රාහුල කුමරු පැවිදි කිරීම.

☸️🙏

#මැදින් #පෝය Pera Arts Buddhist Brotherhood Society fans

ලක් වාසී ලෝ වාසී සැමට පින්බර නවම් පොහෝ දිනක් වේවා ...☸️🙏⛔නවම් පොහොය වැදගත්කම *සැරියුත් මුගලන් දෙනමට අගසව් තනතුරු පිරිනැම...
31/01/2026

ලක් වාසී ලෝ වාසී සැමට පින්බර නවම් පොහෝ දිනක් වේවා ...☸️🙏

⛔නවම් පොහොය වැදගත්කම

*සැරියුත් මුගලන් දෙනමට අගසව් තනතුරු පිරිනැමීම

*මහා සංඝරත්නයට ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීම

*බුදුරදුන් පිරිනිවන් පෑමට මාස්තුනකට ප්‍රථම ආයු සංස්කාරය අත්හැරීම ප්‍රකාශයට පත්කිරීම

*උරුවෙල කාශ්‍යප,නදී කාශ්‍යප,ගයා කාශ්‍යප යන තුන් බෑ ජටිලයන් දහසක පිරිසක් සමඟ පැවිදි වීම

*එක් දහස් දෙසිය පනහක පමණ සංඝයා වහන්සේ රජගහ නුවර වේළුවනාරාමයට රැස්ව පළමු සංඝ සම්මේලනය පැවැත්වීම

☸️🙏

#නවම් #පෝය Pera Arts Buddhist Brotherhood Society

☸️ලෝ වාසී සැමට පිංබර දුරුතු පොහොයක් වේවා.☸⛔දුරුතු පොහොයේ වැදගත්කම .බෝධිතෝ නවමෙ මාසෙඵුස්සපුණ්ණමියං ජිනොලංකාදීපං විසොධෙතුං...
03/01/2026

☸️ලෝ වාසී සැමට පිංබර දුරුතු පොහොයක් වේවා.☸

⛔දුරුතු පොහොයේ වැදගත්කම .

බෝධිතෝ නවමෙ මාසෙ
ඵුස්සපුණ්ණමියං ජිනො
ලංකාදීපං විසොධෙතුං
ලංකාදීප මුපාගමි

1. බුද්ධත්වයෙන් නව වැනි මස දුරුතු පුර පසළොස්වක පොහෝ දිනක බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය සිදුවීම.

2. බුදුන් වහන්සේ සමන් දෙවිඳුන්ට පූජා වස්තුවක් ලෙස කේශ ධාතු මිටක් පරිත්‍යාග කිරීම.

3. බුදුන් වහන්සේ දහසක් ජටිල රහතන් වහන්සේ සමඟ රජගහ නුවරට වැඩම කිරීම.

4. බුදු සසුනේ පළමු ආරාම පූජාව වන වේළුවනාරාම පූජාව බිම්බිසාර රජු විසින් සිදු කිරීම.

☸️🙏තෙරුවන් බලෙන් ලෝ වාසී සැමට සුබ නව වසරක් වේවා.☸🙏

ශාස්ත්‍රපීඨ බෞද්ධ සහෝදර සංගමය,
පේරාදෙණිය විශ්වවිද්‍යාලය ,
පේරාදෙණිය.

#දුරුතුපෝය ,

ලක් වාසී ලෝ වාසී සැමට පිංබර උඳුවප් පොහෝ දිනයක් වේවා.☸️🙏Pera Arts Buddhist Brotherhood Society
04/12/2025

ලක් වාසී ලෝ වාසී සැමට පිංබර උඳුවප් පොහෝ දිනයක් වේවා.
☸️🙏

Pera Arts Buddhist Brotherhood Society

Address

Faculty Of Arts, University Of Peradeniya
Peradeniya

Alerts

Be the first to know and let us send you an email when Pera Arts Buddhist Brotherhood Society posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share