Rali Bimen Sama Bimata - රැළි බිමෙන් සමබිමට

Rali Bimen Sama Bimata - රැළි බිමෙන් සමබිමට පිපෙන්නට වෙර දරණ නව පරපුරක් උදෙසා...

රැලිබිමෙන් සමබිමට 2026  📖2026/09/05 - Day 01🔥Album 2 Out🔥
15/09/2026

රැලිබිමෙන් සමබිමට 2026 📖
2026/09/05 - Day 01

🔥Album 2 Out🔥

05/09/2026

⭕️⭕️⭕️
ඝනඳුරේ පවා මුකුලිත වන්න අමතක නොකල සිහින උදෙසා....✨

රැළි බිමෙන් සම බිමට අධ්‍යාපනික සත්කාරක වැඩසටහන් මාලාවේ තවත් එක් අදියරක් ,
*කටුගස්තොට ඉඩමේගම ජාතික* පාසල කේන්ද්‍ර කර ගනිමින්,
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨ සහෝදරත්වයේ දෑත් මතින් මෙසේ දිග හැරෙන වගයි....

රැළි බිමෙන් සම බිමට අනුකමිටුව,
කෘෂිකර්ම පීඨ ශිෂ්‍ය සංගමය,
පේරාදෙණිය විශ්වවිද්‍යාලය

එළිය වූ නෙක  - නැණ පහන් ලෙසසවිය දෙන්නට  - තව පහන්   වෙතඑළිය දෙන්නට  - සිය    දහසකටසවිය දෙන්නට  - එකතු   වනු මැනඑළිය වී ද...
31/08/2026

එළිය වූ නෙක - නැණ පහන් ලෙස
සවිය දෙන්නට - තව පහන් වෙත
එළිය දෙන්නට - සිය දහසකට
සවිය දෙන්නට - එකතු වනු මැන

එළිය වී දිලෙන්නට වෙර දරන සිය දහක් නැණ පහන් දල්වන්නට කෘෂිකර්ම පීඨ සහෝදරත්වයේ රැළි බිමෙන් සම බිමට අධ්‍යාපන සත්කාරය සඳහා,
මෙවරත් සියල්ල සූදානම්.

*රැළි බිමෙන් සම බිමට 2026 ක්‍රියාන්විතයේ T - shirt ඇනවුම් භාර ගැනීම අද සිට විවෘතයි*.

සීමිත කාලසීමාවක් තුළ,
සීමිත T - Shirt ප්‍රමාණයක ඇනවුම් ලබා ගැනීමට අප සූදානම්.

ඔබගේ ඇනවුම දැන්ම අප වෙතට යොමු කරන්න.

https://docs.google.com/forms/d/e/1FAIpQLSeNqP1agZfIh8bzR4z-W0H9mGMhLkookqauAOIFg_dVtUCeHQ/viewform?usp=dialog

Full Payment - 1800
Advance payment - 1000

Bank Payments Details :

Bank : *Commercial Bank*
Account No : *8030566435*
Name : *Isuri Methhari Rodrigo*
Branch : *Anuradhapura
(Main Branch)*

නැණ පහන් දල්වන්නට,
ඔබත් එක්වන්න...



වැඩිදුර විස්තර සදහා,

21 බාබු (ළහිරු) - 071 709 7600
22 උක්කු(රොෂාන්) - 070 328 0925
23 කුයියා(අනුරුද්ධ)- 076 165 7265

28/08/2026

රැළි බිමෙන් සම බිමට අධ්‍යාපන සත්කාරය 2026,

විදුබිමේ අඳුරු තිරපට බිඳ දමා,
දැයක් දිනවමු
සබඳ අත්වැල් නගා.

අපේ දැනුමෙන් ඔවුන්ගේ අනාගතය ගොඩනගමු!
රැළි බිමෙන් සම බිමට – තවත් අනාගතයක් අස්වද්දමු!

මෙහෙයවීම - කෘෂිකර්ම පීඨ ශිෂ්‍ය සංගමය,පේරාදෙණිය විශ්වවිද්‍යාලය

Rali Bimen Sama Bimata - Educational Outreach 2026

Hand in hand, we tear away the dark veils over the field of knowledge,
and carry our nation toward victory.

With our knowledge, we build their future!

Rali Bimen Sama Bimata - we sow today, to harvest a future yet to come.

Organized by - Faculty of Agriculture Students' Union, University of Peradeniya

அறிவால் எதிர்காலத்தை விதைப்போம் – கல்வி கரம் 2026

விடியலின் இருள் திரைகளைத் தகர்த்து,
ஒன்றிணைந்த கரங்களை உயர்த்தி,
ஒரு தேசத்தை வெற்றிப்பாதையில் வழிநடத்துவோம்.

கல்வியின் ஒளியை அவர்களிடம் கொண்டு சேர்ப்போம்!
அறிவால் எதிர்காலத்தை விதைப்போம்!

ஏற்பாடு செய்தவர் - பேராதனைப் பல்கலைக்கழகம், விவசாய பீட மாணவர் சங்கம்

රැලිබිමෙන් සමබිමට 2026 2026/02/08Day 02හෙට දවසේ පිපෙන්නට වෙර දරන නව පරපුරකට අත්වැලක් වෙමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලීය කෘ...
01/03/2026

රැලිබිමෙන් සමබිමට 2026

2026/02/08
Day 02

හෙට දවසේ පිපෙන්නට වෙර දරන නව පරපුරකට අත්වැලක් වෙමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලීය කෘෂිකර්ම පීඨ ශිෂ්‍ය සංගමය මඟින් සංවිධානය කළ "රැලිබිමෙන් සමබිමට -2026" අධ්‍යාපන සත්කාරක වැඩසටහන් මාලාවේ තවත් එක් අදියරක් ලෙස පැවැත් වූ අ.පො.ස./ සා.පෙළ විභාගය ඉලක්ක කරගත් ගණිතය හා විද්‍යාව සම්මන්ත්‍රණ වැඩසටහන මාතලේ රත්තොට/දංකන්ද විද්‍යාලයේදී 2026 පෙබරවාරි 7 හා 8 දෙදින තුළ කෘෂිකර්ම පීඨ සහෝදරත්වයේ දෑත් මතින් මෙසේ දිග හැරුණු වගයි.....

මෙම සත්කාර්යය සඳහා තම අපරිමිත සහයෝගය දැක් වූ මාතලේ රත්තොට/දංකන්ද විද්‍යාලීය ගරු විදුහල්පති තුමිය ඇතුළු ගුරු මණ්ඩලයටත්, වැඩසටහන සමඟ සම්බන්ධ වූ ආදරණීය සහෝදර සහෝදරියන් හා ඔවුන්ගේ ආදරණීය දෙමාපියන්ටත් අපගේ හදපිරි ස්තූතිය මෙයින් පුද කර සිටින්නෙමු !!!

රැලිබිමෙන් සමබිමට 2026 -  📖 2026/02/07 - Day 01හෙට දවසේ පිපෙන්නට වෙර දරන නව පරපුරකට අත්වැලක් වෙමින් පේරාදෙණිය විශ්වවිද්‍...
14/02/2026

රැලිබිමෙන් සමබිමට 2026 - 📖

2026/02/07 - Day 01

හෙට දවසේ පිපෙන්නට වෙර දරන නව පරපුරකට අත්වැලක් වෙමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලීය කෘෂිකර්ම පීඨ ශිෂ්‍ය සංගමය මඟින් සංවිධානය කළ "රැලිබිමෙන් සමබිමට -2026" අධ්‍යාපන සත්කාරක වැඩසටහන් මාලාව යටතේ පැවැත් වූ අ.පො.ස./ සා.පෙළ විභාගය ඉලක්ක කරගත් ගණිතය හා විද්‍යාව සම්මන්ත්‍රණ වැඩසටහන මාතලේ රත්තොට/දංකන්ද විද්‍යාලයේදී 2026 පෙබරවාරි 7 හා 8 දෙදින තුළ කෘෂිකර්ම පීඨ සහෝදරත්වයේ දෑත් මතින් මෙසේ දිග හැරුණු වගයි.....

මෙම සත්කාර්යය සඳහා තම අපරිමිත සහයෝගය දැක් වූ මාතලේ රත්තොට/දංකන්ද විද්‍යාලීය ගරු විදුහල්පති තුමිය ඇතුළු ගුරු මණ්ඩලයටත්, වැඩසටහන සමඟ සම්බන්ධ වූ ආදරණීය සහෝදර සහෝදරියන් හා ඔවුන්ගේ ආදරණීය දෙමාපියන්ටත් අපගේ හදපිරි ස්තූතිය මෙයින් පුද කර සිටින්නෙමු !!!

07/02/2026

දිලෙන අහසක් -සිහින වූ සියොත් පරපුරක් උදෙසා..... ✨

රැළි බිමෙන් සම බිමට අධ්‍යාපනික සත්කාරක වැඩසටහන් මාලාවේ තවත් එක් අදියරක් , මාතලේ රත්තොට දන්කන්ද මහා විද්‍යාලය කේන්ද්‍ර කර ගනිමින්
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨ සහෝදරත්වයේ දෑත් මතින් මෙසේ දිග හැරෙන වගයි....

රැළි බිමෙන් සම බිමට අනුකමිටුව
කෘෂිකර්ම පීඨ ශිෂ්‍ය සංගමය
පේරාදෙණිය විශ්වවිද්‍යාලය

රැලිබිමෙන් සමබිමට 2026  2026/01/09 හෙට දවසේ පිපෙන්නට වෙර දරන නව පරපුරකට අත්වැලක් වෙමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලීය කෘෂිකර...
10/01/2026

රැලිබිමෙන් සමබිමට 2026
2026/01/09

හෙට දවසේ පිපෙන්නට වෙර දරන නව පරපුරකට අත්වැලක් වෙමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලීය කෘෂිකර්ම පීඨ ශිෂ්‍ය සංගමය මඟින් සංවිධානය කළ "රැලිබිමෙන් සමබිමට -2026" අධ්‍යාපන සත්කාරක වැඩසටහන් මාලාව යටතේ පැවැත් වූ ආපදා තත්වය හේතුවෙන් පීඩාවට පත්වූ ගම්පොල ජිනරාජ බාලිකා විද්‍යාලයේ සිසු දැරියන් වෙනුවෙන් පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහන 2026 ජනවාරි 09 වෙනි දින කෘෂිකර්ම පීඨ සහෝදරත්වයේ දෑත් මතින් මෙසේ දිග හැරුණු වගයි.....
මෙම සත්කාරය සඳහා තම අපරිමිත සහයෝගය දැක් වූ ගම්පොල ජිනරාජ බාලිකා විද්‍යාලීය ගරු විදුහල්පති තුමිය ඇතුළු ගුරු මණ්ඩලයටත්, වැඩසටහන සමඟ සම්බන්ධ වූ ආදරණීය සහෝදර සහෝදරියන් හා නන් අයුරින් සහයෝගය දැක්වූ සියලුම දෙනාටත් හදපිරි ස්තූතිය මෙයින් පුද කර සිටින්නෙමු !

20/12/2025

🌎🌧️ හදිසි ආපදාවන්ගෙන් වියැකුනු පුංචි හීන වලට පණනලක් වනු වස් - රැළිබිමෙන් සම බිමට....

මුහුණ පෑමට සිදු වූ ආපදා තත්වය හමුවේ රටේ විවිධ ප්‍රදේශ ගණනාවක පාසල් දරුවන්ගේ පොත්පත් ආදී පාසල් උපකරණ විනාශයට පත් වී ඇත. ක්‍රමක්‍රමයෙන් ගංවතුර තත්වය පහව ගියද හා කඩාවැටුන පස් කදු යථා තත්වයට පත් කලද පාසල් දරුවන්ට තම ඉදිරි පාසල් ගමන සහ අනාගතය සම්බන්ධව විශාල බියක් මතුවෙමින් පවතී.

එනිසාම ඔවුන්ගේ අනාගතය සවියක් වීම උදෙසා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ "රැළි බිමෙන් සම බිමට" අපි සූදානම්........

මේ මහගු සත්කාරයට පහත දේවල් සමගින් ඔබටත් හැකි අයුරින් එහි කොටස්කරුවකු වීමට හැකියාව ඇත....

ලැයිස්තුව

- අභ්‍යාස පොත්
- පුස්තකාලයකට සුදුසු පොත්
- පෑන්/පැන්සල්/මකන/කටර්/අඩිරූල්
- ⁠පාට පැන්සල්/පැස්ටල්
- පැන්සල් පර්ස්
- කවකටු පෙට්ටි
- කෑම පෙට්ටි
- වතුර බෝතල්
- ස්කූල් බෑග්
- යුනිෆෝර්ම් රෙදි
- සපත්තු
- මේස්

📚📚 ඔබ කියවා අවසන් කල හෝ දීමට සුදුසු තත්වයේ පවතින පොත් පාසල් පුස්තකාල සඳහා පරිත්‍යාග කිරීම ද සිදු කල හැකිය.

මීට අමතරව ඔබ මුදලින් ආධාර කිරීමට කැමැත්තෙන් පසු වේ නම් ඒ සදහාද හැකියාව පවතී...

බැංකු විස්තර

057100101338123
Agriculture faculty student's union
Peoples Bank, Peradeniya Branch

🌎🌧️  හදිසි ආපදාවන්ගෙන්  වියැකුනු පුංචි හීන වලට පණනලක් වනු වස් - රැළිබිමෙන් සම බිමට....මුහුණ පෑමට සිදු වූ ආපදා තත්වය හමුව...
03/12/2025

🌎🌧️ හදිසි ආපදාවන්ගෙන් වියැකුනු පුංචි හීන වලට පණනලක් වනු වස් - රැළිබිමෙන් සම බිමට....

මුහුණ පෑමට සිදු වූ ආපදා තත්වය හමුවේ රටේ විවිධ ප්‍රදේශ ගණනාවක පාසල් දරුවන්ගේ පොත්පත් ආදී පාසල් උපකරණ විනාශයට පත් වී ඇත. ක්‍රමක්‍රමයෙන් ගංවතුර තත්වය පහව ගියද හා කඩාවැටුන පස් කදු යථා තත්වයට පත් කලද පාසල් දරුවන්ට තම ඉදිරි පාසල් ගමන සහ අනාගතය සම්බන්ධව විශාල බියක් මතුවෙමින් පවතී.

එනිසාම ඔවුන්ගේ අනාගතය සවියක් වීම උදෙසා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ "රැළි බිමෙන් සම බිමට" අපි සූදානම්........

මේ මහගු සත්කාරයට පහත දේවල් සමගින් ඔබටත් හැකි අයුරින් එහි කොටස්කරුවකු වීමට හැකියාව ඇත....

ලැයිස්තුව

- අභ්‍යාස පොත්
- පුස්තකාලයකට සුදුසු පොත්
- පෑන්/පැන්සල්/මකන/කටර්/අඩිරූල්
- ⁠පාට පැන්සල්/පැස්ටල්
- පැන්සල් පර්ස්
- කවකටු පෙට්ටි
- කෑම පෙට්ටි
- වතුර බෝතල්
- ස්කූල් බෑග්
- යුනිෆෝර්ම් රෙදි
- සපත්තු
- මේස්

📚📚 ඔබ කියවා අවසන් කල හෝ දීමට සුදුසු තත්වයේ පවතින පොත් පාසල් පුස්තකාල සඳහා පරිත්‍යාග කිරීම ද සිදු කල හැකිය.

මීට අමතරව ඔබ මුදලින් ආධාර කිරීමට කැමැත්තෙන් පසු වේ නම් ඒ සදහාද හැකියාව පවතී...

බැංකු විස්තර

057100101338123
People’s Bank
Peradeniya

AGRICULTURE FACULTY STUDENTS UNION

🛑වැඩි විස්තර සදහා අමතන්න.
0779361103- අවිශ්ක
0717097600- ලහිරු
0783487780- තීක්ෂණ

ඔබගේ වටිනා උපකාරය දරුවකුගේ මුවට සිනාවක් ගෙන දෙන්නට හේතුවක් වනු ඇත🩷❤️

Address

Faculty Of Agriculture
Peradeniya
20400

Telephone

+94711775313

Website

Alerts

Be the first to know and let us send you an email when Rali Bimen Sama Bimata - රැළි බිමෙන් සමබිමට posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Rali Bimen Sama Bimata - රැළි බිමෙන් සමබිමට:

Shortcuts

Share

Category