Sri Subasetha Daham Pasala

Sri Subasetha Daham Pasala ශ්‍රී සුබසෙත දහම් පාසල
ගන්නෝරුව රාජමහා විහාරය
ගන්නෝරුව
පේරාදෙණිය

පරාභව සූත්‍රයට අනුව පිරිහීමට හේතු වන කරුණු 12 බුදුරජාණන් වහන්සේ පරාභව සූත්‍රයේ පෙන්වා දුන් පරිදි, මනුෂ්‍යයෙකුගේ පිරිහීමට...
19/09/2026

පරාභව සූත්‍රයට අනුව පිරිහීමට හේතු වන කරුණු 12

බුදුරජාණන් වහන්සේ පරාභව සූත්‍රයේ පෙන්වා දුන් පරිදි, මනුෂ්‍යයෙකුගේ පිරිහීමට හේතු වන ප්‍රධාන කරුණු 12 මෙසේය.

❖ ධර්මයට අකමැති වී යහපත් ධර්මය ප්‍රතික්ෂේප කිරීම.

❖ අසත්පුරුෂයන් ඇසුරු කිරීම.

❖ අලසකම හා වැඩිපුර නිදාගැනීම.

❖ වයස්ගත මව්පියන්ට උපස්ථාන නොකිරීම.

❖ බොරු කියමින් දන් නොදී යාචකයන් හෝ සිල්වතුන් රැවටීම.

❖ ධනය තිබියදීත් තනිව භුක්ති විඳීම හා බෙදා නොගැනීම.

❖ කුලය, ධනය හෝ ජාතිය ගැන උඩඟු වී අන් අය අවමානයට ලක් කිරීම.

❖ ස්ත්‍රීලෝලකම, මත්පැන් හා සූදු කෙළීම.

❖ තම බිරිඳ ගැන සෑහීමකට පත් නොවී අනියම් සම්බන්ධතා පැවැත්වීම.

❖ වයස්ගත පුද්ගලයෙකු තරුණියක් විවාහ කරගෙන සැකයෙන් ජීවත් වීම.

❖ අවිචාරවත් හා නාස්තිකාර පුද්ගලයෙකුට වගකීම් පැවරීම.

❖ තම හැකියාව ඉක්මවා බලය හා පාලනය ලැබීමට අධික ආශාවෙන් කටයුතු කිරීම.

🙏 මේ කරුණු දුරලමින් සද්ධර්මයට අනුව ජීවත් වීමෙන් මෙලොව හා පරලොව යහපත උදාකර ගත හැක.

📖 "පරාභවයට හේතු දැනගෙන ඒවායින් වැළකෙමු. ධර්ම මාර්ගයේ ගමන් කරමු."

#පරාභසුත්‍රය

බුදුදහමට අනුව "අට මහ කුසල්" යනු, සංසාරයේදී පුද්ගලයෙකුට සිදු කරගත හැකි, අතිමහත් ආනිශංස ගෙන දෙන, බලවත්ම පුණ්‍යකර්ම අටයි (8...
14/09/2026

බුදුදහමට අනුව "අට මහ කුසල්" යනු,

සංසාරයේදී පුද්ගලයෙකුට සිදු කරගත හැකි, අතිමහත් ආනිශංස ගෙන දෙන, බලවත්ම පුණ්‍යකර්ම අටයි (8).

මෙම කුසල්වල ඇති විශේෂත්වය නම්, අනෙකුත් සාමාන්‍ය පින්කම්වලට වඩා ඉතා ඉක්මනින් හා මහත්ඵල මහානිශංස ලෙස මෙලොව සහ පරලොව සුභ විපාක ලබා දීමයි.

අට මහ කුසල්

01. කඨින සිවුරක් පූජා කිරීම

වසරකට එක් වතාවක්, එක් වෙහෙර විහාරස්ථානයකදී වස් විසූ මහා සංඝරත්නය උදෙසා පමණක් සිදු කළ හැකි, අට මහ කුසල් අතරින්ද අග්‍රගණ්‍යම මහා පුණ්‍යකර්මයයි.

02. අටපිරිකර පූජා කිරීම

මහා සංඝරත්නයේ පරිභෝගයට අවශ්‍ය වන අටපිරිකර (සිවුරු, පාත්‍රය, දැළි පිහිය, ඉඳිකටුව ආදී) පූජා කිරීම.

03. ආවාස ගෙවල් (ආරාම/සංඝාවාස) තනවා පූජා කිරීම

භික්ෂූන් වහන්සේලාට වැඩ සිටීම සඳහා ආරාම, විහාරගෙවල් හෝ කුටි තනවා මහා සංඝරත්නයට පූජා කිරීම.

04. බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට දානය (සංඝගත දක්ෂිණාව) පිරිනැමීම

බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ අතීත, අනාගත, වර්තමාන යන තුන්කාලයේම වැඩසිටින මහා සංඝරත්නය උදෙසා පිරිසිදු සිතින් පූජා කරන දානය.

05. බුද්ධදේශනා ලියවීම, අච්චු ගැසීම හෝ ධර්ම පුස්තක පූජා කිරීම (ධර්මදානය)

ශ්‍රී සද්ධර්මය ලියා තැබීම, ධර්ම ග්‍රන්ථ මුද්‍රණය කරවීම, ධර්ම පුස්තකාල පවත්වාගෙන යාම සහ අන් අයට දහම් දැනුම ලබා දීම.

06. සංඝ සන්තක කර වෙල් අස්වැද්දීම (කෙත් වතු/ඉඩම් පූජා කිරීම)

මහා සංඝරත්නයේ සහ විහාරස්ථානයන්හි පැවැත්ම උදෙසා කුඹුරු, වතුපිටි, ඉඩකඩම් හෝ දේපළ පූජා කිරීම.

07. බුද්ධප්‍රතිමා, චෛත්‍ය, බෝධිප්‍රාකාර හෝ සූප (සේනාසන) කරවීම

තෙරුවන කෙරෙහි ශ්‍රද්ධාව වර්ධනය වන අයුරින් බුදුපිළිම වහන්සේලා, චෛත්‍ය, බෝධි ප්‍රාකාර හෝ ධාතු මන්දිර තනවා පූජා කිරීම.

08. වැසිකිළි, කැපකුටි (සංඝයා උදෙසා) තනවා පූජා කිරීම

මහා සංඝරත්නයේ ශාරීරික අවශ්‍යතා සහ සෞඛ්‍ය පහසුව උදෙසා වැසිකිළි හා සන්ථාගාර (කැපකුටි) තනවා පූජා කිරීම.

මෙම කුසල් අටෙන් එකක් හෝ ජීවිත කාලය තුළ ප්‍රසන්න සිතින් සිදුකරගත් තැනැත්තා අපායගාමී නොවී, සුගතිගාමී වන බවත්, නියත වශයෙන්ම නිවන් දැකීමට උපකාර වන බවත් බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වේ.

#අටමහකුසල් #දහම්දැනුම

අපවත් වී වදාළ අපගේ ගුරුදේවෝත්තම නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ දෙවර්ෂ පූර්ණ පිංකම . . . .. මෙත් සිතින් ඔබ සියලු දෙනාටම ආර...
25/08/2026

අපවත් වී වදාළ අපගේ ගුරුදේවෝත්තම නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ දෙවර්ෂ පූර්ණ පිංකම . . . ..
මෙත් සිතින් ඔබ සියලු දෙනාටම ආරාධනා......
✨✨✨✨🙏✨✨✨✨

02/08/2026

යටිනුවර ගඟ පළාත ශාසනාරක්ෂක බලමණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබූ දහම් පාසල් ගුරු සම්මේලනයේදී අප දහම් පාසලේ දරුවන් ඉදිරිපත් කරනු ලැබූ අලංකාරවත් පූජා නර්ථනය..
✨️💃💐

පින්බර සිතින් එක්ව, බුදු ගුණ සිහි කරමින්, සෙත් පතමු… 🙏🌸තෙරුවන් සරණයි! 🙏🗓️ 2026 ජූලි මස 30 වන දින🕕 ප.ව. 6.00ට📍 ගන්නෝරුව ර...
29/07/2026

පින්බර සිතින් එක්ව, බුදු ගුණ සිහි කරමින්, සෙත් පතමු… 🙏🌸
තෙරුවන් සරණයි! 🙏

🗓️ 2026 ජූලි මස 30 වන දින
🕕 ප.ව. 6.00ට
📍 ගන්නෝරුව රාජමහා විහාරයේදී

🎙️මෙහෙයවීම : හල්/උඩුගම ශ්‍රී සුදර්ශනාරාම විහාරාධිපති, පැණිදෙණිය ශ්‍රී භාරතීය කුසුමචේතියාරාම පිරිවෙන් පරිවේනාධිපති, හාරිස්පත්තුව ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ගරු ලේඛකාධිකාරී, ශාස්ත්‍රපති පණ්ඩිත නුගයායේ සරණංකර ස්වාමීන්වහන්සේ...

#බෝධිපූජාව #වස්ආරාධනා #ගන්නෝරුවරාජමහාවිහාරය #පින්කම

26/07/2026

අපේ දහම් පාසලේ පුංචි දියණියක් සමාධි පිළිම වහන්සේ ගැන කියා දුන් අපූරු කතාව...
゚viralシfypシ゚viralシalシ

Ayesha Shiromi

🌸 මිහින්තලා ගිරිහිසින් ඇරඹි ඒ මහා ප්‍රදීපය... 🌸​ඓතිහාසික ගන්නෝරුව රජමහ විහාරස්ථ ශ්‍රී සුබසෙත දහම්පාසලේ ආදරණීය දූ පුතුන්ග...
01/07/2026

🌸 මිහින්තලා ගිරිහිසින් ඇරඹි ඒ මහා ප්‍රදීපය... 🌸
​ඓතිහාසික ගන්නෝරුව රජමහ විහාරස්ථ ශ්‍රී සුබසෙත දහම්පාසලේ ආදරණීය දූ පුතුන්ගේ මියුරු හඬින් සහ සැදැහැති සිතින් නිමැවුණු "පොසොන් බැති ගී සරණිය - 2026" සැදැහැසිත් ආලෝකවත් කළ අසිරිමත් මොහොතක්...
​දහම් පාසල් දූ පුතුන්ගේ අභිමානය සහ දක්ෂතාවය බොදු බැතියෙන් බැබළුණු ඒ සුන්දර සැඳෑවේ මතක සටහන් කිහිපයක් මෙලෙස ඔබ වෙත ගෙන එන්නෙමු.
​

27/06/2026

පහන් එළියෙන් ආලෝකමත් වූ වටපිටාවක, බැති ගී සුරින් සම්බුදු ගුණ සිහි කරමින්, කැරකෙන කූඩුවේ අසිරිමත් දසුන් විඳිමින්,
දැවෙන තැවෙන සිත් නිවී සැනසෙන සන්ධ්‍යාවකට පින්බර සිත් ඇති ඔබ සැමට ආරාධනා!

#පොසොන්_පෝහෝය #බැතිගීසරණිය #පහන්කූඩුව #ගන්නෝරුවරජමහාවිහාරය 🙏🕯️🌼

Address

Sri Subasetha Dahampasala, Rajamahaviharaya, Gannoruwa
Peradeniya

Telephone

+94812388198

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Subasetha Daham Pasala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Sri Subasetha Daham Pasala:

Shortcuts

Share

Category