Gaweshaka - ගවේෂක

  • Home
  • Gaweshaka - ගවේෂක

Gaweshaka - ගවේෂක ඉන්න හිතෙන ලෝකයක්

20/05/2021
Iron Dome එකටත් නොදෙවෙනි ඊශ්‍රායලයේ Bomb Shelters 👇👇
16/05/2021

Iron Dome එකටත් නොදෙවෙනි ඊශ්‍රායලයේ Bomb Shelters 👇👇

1951 සිවිල් ආරක්ෂක නීතියට අනුව, ඊශ්‍රායලයේ සියලුම නිවාස, නේවාසික ගොඩනැගිලි සහ කාර්මික ගොඩනැගිලි සඳහා Bomb Sehlters තිබිය යු....

14/05/2021
ලෝකයේ දිගම ඇවිද යා හැකි මග😍💖🌺🌱🗽🌷 🍀කේප් ටවුන් (දකුණු අප්‍රිකාව) සිට මගදන් (රුසියාව) දක්වා වේ. ගුවන් යානා හෝ බෝට්ටු අවශ්‍ය...
09/05/2021

ලෝකයේ දිගම ඇවිද යා හැකි මග😍💖🌺🌱🗽🌷 🍀

කේප් ටවුන් (දකුණු අප්‍රිකාව) සිට මගදන් (රුසියාව) දක්වා වේ.
ගුවන් යානා හෝ බෝට්ටු අවශ්‍ය නැත, පාලම් තිබේ.

එය කිලෝමීටර් 22,387 ක් වන අතර එය ගමන් කිරීමට පැය 4,492 ක් ගතවේ.
එය නැවැත්වීමකින් තොරව ගියහොත් දින 187 කදී යා හැකිය.

මෙම මාර්ගය ඔස්සේ ඔබ රටවල් 17 ක්, කාල කලාප හයක් සහ වසරේ සියලුම සෘතු හරහා ගමන් කරයි.

Copied

කොහොමද භ්‍රමණය අඩු වෙන්නේ ❓°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°⛔ Intro...°°°°°°°°°°°°°°මේ තමයි චීනයේ යැන්ට්සි ග...
01/12/2020

කොහොමද භ්‍රමණය අඩු වෙන්නේ ❓
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
⛔ Intro...
°°°°°°°°°°°°°°
මේ තමයි චීනයේ යැන්ට්සි ගංගාවේ තිබෙන Three Gorges Dam එක. මේක ජල විදුලිය නිපදවන්න හදපු ලොකූ dam එකක්. මෙය දිගින් කිලෝමීටර් 2.3 ක් වගේ වෙනවා ඒ වගේන උසින් මිටර් 181 වෙනවා. විශාලත්වය කොච්චරද කියලා හිතාගන්න පුලුවන් නේ.

මෙහි කිලෝග්‍රෑම් ට්‍රිලියන 39.3 ජලය රදවා තිබෙනවා. මේ විශාල ජල කදෙන් මෙගා වොට් 22500 ක ශක්තියක් නිපදවනවා. ඒ නිසාම 2012 සිට ස්තාපිත ධාරිතාවය මත ( නිපදවන ශක්තිය මත ) ලොව විශාලතම විදුලි බලාගාරය වන්නෙ මෙයයි. ඒ වගේම 2018 එම වාර්තාව මෙමගින්ම ටෙරාවොට් පැය 101.6 නිපදවා අලුත් කරන ලදී.

⛔ ගැටලුව
°°°°°°°°°°°°°°°°°
දැන් දැවෙන ප්‍රශ්නේ කොහොමද මේක පෘථිවිය භ්‍රමණය වන වේගය අඩු කරන්නෙ කියන එක....
මෙතන පොඩ්ඩක් භෞතික විද්‍යාත්මක යෙදුම් භාවිත වෙනවා. ඒ නිසා මම මේක ලොකු බර වචන නොදා හමෝටම තේරෙන විදිහට සරලව කියන්නම්.

♉ අවස්ථිති ඝූර්ණය
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
මේ බැම්මෙන් නිදහස් වෙන විශාල ජල කද නිසා පෘථිවියේ අවස්ථිති ඝූර්ණයට බලපෑම් වෙන නිසා තමා මේ භ්‍රමන වේගය අඩුවෙන්නෙ. මොකක්ද මේ අවස්ථිති ඝූර්ණය කියන්නෙ කියලා ඔයාලා බලනව ඇති.

මෙහෙමයි අපේ පෘථිවිය ගත්තම භ්‍රමණය වෙන ස්කන්ධයක් සහිත වස්තුවක්. වස්තුවක ස්කන්ධය සහ එම ස්කන්ධය භ්‍රමණ අක්ශය වටා ව්‍යාප්තව ඇති ආකාරය යන දෙකම මත රදාපවතින රාශියට අපි කියනවා අවස්ථිති ඝූර්ණය කියලා.

දැන් සමහර අයට මීටරේට වැටුනෙ නැතුව ඇති. දැන් මේමනේ අපේ පෘථිවියට ස්කන්ධයක් තිබෙනවා ඒක යම් කිසි වපසරියක ව්‍යාප්ත වෙලානේ තියෙන්නෙ. මෙන්න මේ ස්කන්ධය ව්‍යාප්තියම මත සහ ස්කන්ධය මත මේ අවස්ථිති ඝූර්ණය වෙනස් වෙනවා. අවස්ථිති ඝූර්ණය වෙනස් වීම නිසා වස්තුවේ නැත්නම් පෘථිවියේ භ්‍රමණය වෙන වේගය වෙනස් වෙනවා.

♉ අවස්ථිති සහ භ්‍රමනය
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
මම වැල් වටාරම් නැතුව කෙලින්ම කියන්නම්. අවස්ථිති ඝූර්ණය අඩු උනොත් වස්තුවේ භ්‍රමණය වන වේගය වැඩි වෙනවා. අවස්ථිති ඝූර්ණය වැඩි උනොත් භ්‍රමණය වන වේගය අඩු වෙනවා. ප්‍රතිලෝමව තමා දේවල් වෙන්නෙ.

මම සරල උදාහරණයක් ගන්නම්කො.....
ඔයාලා දැකලා ඇති අයිස් මත ලිස්සලා අය. අර ice skating කියලා කියන්නෙ. අයිස් මත විවිද ලස්සන රංගනයන් ඉදිරිපත් කරල ලස්සන ගෑල්ලමයි ගැන තමා මම මේ කියන්නෙ හොදේ 🤭

මේ අය නැටුම හෝ එයාගේ performance එක අතරතුර එකතැන වේගෙන් කැරකෙනවා දැකලා තියනව නේද. එතන වෙන්නෙත් මේකම තමා. ඒ වීඩියෝ එකක හොදින් බලන්න.

ඒ අය අත් ඉවතට දික් කරන් ඉන්නකොට සෙමින් භ්‍රමණය වෙන්නෙ. මොකක්ද ස්කන්ධය ව්‍යාප්තිය වැඩී අවස්ථිති ඝූර්ණය වැඩී ඒනිසා භ්‍රමණය වෙන්නෙ හෙමින්. නමුත් අත් ලන් කරනවත් එක්කම මෙයා ආයි මොකුත් නෑ බබරයක් වගේ කැරකෙනවා. අත් ලංකරාම ස්කන්ධ ව්‍යාප්තිය අඩු වෙලා භ්‍රමණය වැඩි වෙනවා. නැත්නම් අපි කියනවා කෝනික ප්‍රවේගය වැඩි උනා කියලා.

♉ Self Experiment
°°°°°°°°°°°°°°°°°°°°°°°°°
ඔයාලගේ ගෙදර කැරකෙන පුටුවක් තියෙනව නම් මේක කරන්න පුලුවන්.

1. මුලින්ම ඔයා පුටුවෙ ඉදගෙන අත්දෙක දෙපැත්තට දිග හැරගෙන ඉන්න ගමන් පුටුවක කෙනෙක්ට කරකවන්න කියන්න. එතකොට ඔයා අනික් පුද්ගලයා දුන්න මුල් ගැම්මෙන් ඔන්න කැරකෙනවා.

2. දැන් අත් දෙක ලං කරගන්න එතකොට කැරකෙන වේගය වැඩි වෙනවා ඔයාට බලාගන්න පුලුවන්. හරියට කවුරු හරි පුටුව බලෙන් කැරකුව වගේ වෙනවා.

මෙතන උනේ මුල් අවස්තවේ ඔයාගේ ස්කන්ධය ව්‍යාප්තිය වැඩී එතකොට අවස්ථිති ඝූර්ණය වැඩී ඒ නිසා කෝනික ප්‍රවේගය අඩුයි. නමුත් අත් ලං කරාම ස්කන්ධ ව්‍යාප්තිය අඩු වෙලා කෝනික ප්‍රවේගය වැඩි වෙනවා.

( මේක පැහැදිලි කරන්න කෝනික ගම්‍යතා සංස්ථිතිය ගෑව්වේ නෑ එතකොට සංකීර්ණය බව වැඩි වෙන නිසා හොදේ )

♉ අවසානය
°°°°°°°°°°°°°°°°°°
ඔන්න ඕකම තමා අර dam එකේ වෙන්නෙ. විශාල ජල කදක් පොඩි ප්‍රමානයක් නෙවෙයි කිලෝග්‍රෑම් ට්‍රිලියන ගනනක් ඒකෙන් වෙන්නෙ පෘථිවියේ ස්කන්ධය ව්‍යාප්තිය වැඩි වෙන එක එතකොට අවස්ථිති ඝූර්ණය වැඩි වෙලා භ්‍රමණය නැත්නම් කෝනික ප්‍රවේගය අඩු වෙනවා. මෙතන ස්කන්ධය ව්‍යාප්තිය වැඩි වෙනවා කියන්නෙ එක තැකන විශාල ස්කන්ධයක් ගබඩා වෙන නිසා. ඒ ගබඩා වෙන ස්කන්ධය නිසා අවස්ථිති ඝූර්ණය වැඩි වෙලා කෝනික වේගය අඩු වෙනවා. ඔන්න ඔහොම තමා බැම්ම පෘථිවියේ භ්‍රමණ වේගය අඩු කරන්නෙ.

♉ ගොඩක් අඩු වෙනවද
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
ඉතාම සුලු අඩුවීමක් වෙන්නෙ අපිට දැන්නෙත් නැති තරම්. මෙමගින් පෘථිවියේ භ්‍රමණ වේගය මයික්‍රො තත්පර 0.06කින් ප්‍රමාද කරනවා. ඔව් ඉතාම සුලු අගයක්.

♉ මේකෙන් විතරයිද අඩුවෙන්නෙ
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
මේ ආකාරයට පෘථිවියේ අවස්ථිති ඝූර්ණය සුලු වශයෙන් වෙනස් වෙනවා භූමිකම්පා වල බලපෑම සදේ ගුරුත්වය නිසා සහ දේශගුනික විපර්යාස මගින් උත්තරද්‍රයවයේ චලනයට ඇතිවන බලපෑම්

✍️.... Praveen Nisanga Randunu
From The Page
දැනුම් සාගරය-The Ocean Of Knowledge Official

මේක කාලයක් නොනිදන නගරයක්. කන්තලේ වැව් බන්ට් එකට ගිහාම මේකේ එලිය වෙනම පෙන්වා. විදුලිය නිෂ්පාදනය කළේ ඉවත දාන උක් දඬුවලින්
24/12/2019

මේක කාලයක් නොනිදන නගරයක්. කන්තලේ වැව් බන්ට් එකට ගිහාම මේකේ එලිය වෙනම පෙන්වා. විදුලිය නිෂ්පාදනය කළේ ඉවත දාන උක් දඬුවලින්

Address


Alerts

Be the first to know and let us send you an email when Gaweshaka - ගවේෂක posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your school to be the top-listed School/college?

Share