19/08/2026
🚨BREAKING - ගාසා තීරයේ ස්ථානයක් ඉලක්ක කරගනිමින් එල්ල වූ ප්‍රහාරයකින් හමාස් පාලනය යටතේ පැවැති ගාසා නගරයේ උසස් පොලිස් නිලධාරීන් සහ නිලධාරිනියන් ඇතුළු 7 දෙනෙකු මියගොස් ඇති බව තහවුරු වේ!
වාර්තා වන තොරතුරුවලට අනුව, මියගිය 9 දෙනා අතුරින් 7 දෙනෙකුම ගාසා නගරයේ පොලිස් බලප්‍රදේශයේ මෙහෙයුම්, පාලන සහ කාන්තා පොලිස් අංශ නියෝජනය කළ ඉහළ පෙළේ නිලධාරීන් වේ.
📌 ජීවිතක්ෂයට පත්වූ විස්තර:
🎖️ නියෝජ්‍ය පොලිස්පති අයිමන් අක්රාම් ජන්ඩියා ("අබු අක්රාම්"): ගාසා නගරයේ පොලිස් දිස්ත්‍රික් ප්‍රධානී (තවම ධුරයේ සතියක් පිරී නොමැත).
🎖️ නියෝජ්‍ය පොලිස්පති ඉබ්‍රාහිම් තම්රාස් ("අබු ඛලීල්"): හිටපු සිරකරුවෙකු සහ උසස් පොලිස් නිලධාරියෙකි.
🎖️ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඔසාමා අල්-හාජින් ("අබු අබ්දල්ලා"): ගාසා නගරයේ පොලිස් මෙහෙයුම් අංශයේ ප්‍රධානී.
🎖️ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අලා අලි අලියාන් ("අබු ඕමාර්"): මෙහෙයුම් අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි.
🎖️ පොලිස් අධිකාරී ඔත්මාන් අබු සමන් ("අබු බිලාල්"): මෙහෙයුම් අංශයේ නිලධාරියෙකි.
🎖️ පොලිස් අධිකාරී ෆත්නා අල්-සකර් ("උම් මොහොමඩ්"): ගාසා නගරයේ කාන්තා පොලිස් අංශයේ ප්‍රධානියා.
🎖️ පොලිස් පරීක්ෂක සමාහර් අල්-අජල්: කාන්තා පොලිස් අංශයේ නිලධාරිනියකි.
මෙම ප්‍රහාරයත් සමඟ ගාසා නගරයේ හමාස් පාලන තන්ත්‍රයේ ආරක්ෂක සහ පොලිස් මෙහෙයුම් ව්‍යූහයට දැවැන්ත බලපෑමක් එල්ල වී ඇති බව හමුදා විශ්ලේෂකයින් පෙන්වා දෙයි.