Sri Ariyamiththa Daham Pasala

Sri Ariyamiththa Daham Pasala

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sri Ariyamiththa Daham Pasala, Pannipitiya.

Photos from Sri Ariyamiththa Daham Pasala's post 19/04/2026

🌸 ශ්‍රී අරියමිත්ත දහම් පාසල් සූර්ය මංගල්‍යය - 2026 🌸
​සිංහල හා හින්දු අලුත් අවුරුදු උදාව නිමිත්තෙන්, ශ්‍රී අරියමිත්ත දහම් පාසලේ සිසු දරුවන්ගේ සහ මව්පියන්ගේ සහභාගිත්වයෙන් සංවිධානය කරන ලද "සූර්ය මංගල්‍යය" පසුගිය අප්‍රේල් 5 වන දින ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

​අපේකම, සංස්කෘතිය සහ සහජීවනය දහම් පාසල් දරුවන්ගේ සිත් තුළ ජනිත කරවීම අරමුණු කරගනිමින් අපේ හෙළ සිරිත් විරිත් අනාගත පරපුරට දායාද කිරීම උදෙසා මෙවැනි උත්සව සංවිධානය කිරීම ශ්‍රී අරියමිත්ත දහම් පාසල මගින් සිදු කෙරෙන කාලීන මෙහෙවරකි.

25/03/2026

ආරාධනා!!!

02/01/2026

"සම්බුදු හිමිගේ සදහම් සිසිලෙන් සැනහෙන
උදාර ගුණදම් පුරන දරුවන් තනමු".

23/10/2025

🙏🙏🙏

Photos from Sri Ariyamiththa Daham Pasala's post 14/10/2025

"මල් කියන්නෙ කාට කාට
ළමයින්ටයි පාට පාට"
මේ ලෝකය සුවඳවත් කරන පුංචි මල් කැකුළු හරි ආදරයෙන් බලා ගන්න ඕනෙ. ඔවුන් තමයි රටේ, ලෝකෙ අනාගත පරපුර. අනාගතය වර්තමානයට වඩා උසස් වන්නට නම් වත්මන් දරු පරපුර දැනුම මෙන් ම යහගුණයන්ගෙන් පෝෂණය කරන්නට අවශ්‍යයි. ඒ සඳහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා.

දරුවන් කෙරෙහි සංවේදී හිතකාමී සමාජයක අවශ්‍යතාව නිතර අවධාරණය කරන සිරි ගුණසේකර ධර්මායතනාධිපති, ශ්‍රී අරියමිත්ත දහම් පාසලේ ප්‍රධානාචාර්ය, කොට්ටාව ආනන්ද විද්‍යාලයේ ආචාර්ය පූජ්‍යපාද රම්මලේ අරියවිසුද්ධි නායක ස්වාමීන්වහන්සේගේ අවවාද අනුශාසනා හා මග පෙන්වීම යටතේ "ආදරයෙන් සුරකින්න - අපට ලොව දිනන්නට" මෙවර ලෝක ළමා දින තේමාව අනුව ශ්‍රී අරියමිත්ත දහම් පාසලේ ලෝක ළමා දින වැඩසටහන ද ඉතා වර්ණවත් අයුරින් පැවැත්විණි.

එමෙන් ම පන්නිපිටිය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ දහම් පාසල් තරගවලින් ජයගත් සිසු සිසුවියන් ඇගයීම ද මෙදින සිදු කෙරුණු අතර ශ්‍රී අරියමිත්ත දහම් පාසල් ඉතිහාසයේ වසර ගණනකට පසු උදා වූ සුවිශේෂී අවස්ථාවක් ලෙසින් දිස්ත්‍රික් තරගවල 4 ශ්‍රේණිය දහම් දැනුම ප්‍රථම ස්ථානය දිනා ගනිමින් සමස්ත ලංකා දහම් පාසල් තරග සඳහා තේරී පත් වූ නිසිනි සනුමිතා දියණිය ඇගයීමට ලක් වූයේ සිසු දරු දැරියන්ට තම ඉදිරි මං පෙත් හඳුනා ගැනීමට දෑස් විවර කරලන පූර්වාදර්ශයක් ලෙසිනි.

ශ්‍රී අරියමිත්ත දහම් පාසල මෙම වැඩසටහන හා සමගාමීව ලෝක ගුරු දිනය ද සමරනු ලැබුවේ පරපුරක් තැනූ ජ්‍යේෂ්ඨ ගුරු මව් පියවරුන් පෙරටු කර ගනිමින් වත්මන් දහම් පාසල් ආචාර්ය මණ්ඩලය සමගිනි. දරුවන්ට නිසි ඔවදන්, මග පෙන්වීම, ලබා දෙන දිසාපාමොක් පරපුරෙන් පැවත එන ඔවුන් සිය දැනුම කැටි කර දරුවන්ට ලබා දෙන්නේ අපමණ වූ ස්නේහයෙනි. දහම් ඇදුරු මඬුල්ල තවත් සුවිශේෂී වන්නේ නිස්සරණාධ්‍යාශයෙන් උතුම් අරමුණක් උදෙසා කටයුතු කරන පිරිසක් බැවිනි.

මෙලෙසින් ලෝක ළමා දිනය හා ලෝක ගුරු දිනය සැමරීම සඳහා දහම් පාසල් ගිහි පැවිදි ආචාර්ය මණ්ඩලය, ශිෂ්‍ය නායක මණ්ඩලය ප්‍රමුඛ සිසු දරු දැරියන් හා දෙමාපියන් මෙන් ම ධර්මායතනයේ සමිතිසමාගම්වල දායකත්වය නොමඳව ලැබිණි.

මෙදින දහම් පාසලේ ආහාර හා පෝෂණ වැඩසටහන සඳහා දායකත්වය මහරගම නගර සභා ගරු මන්ත්‍රිනී ඉනෝජා මුණසිංහ මහත්මිය විසින් ලබාදුන් අතර ළමා දින සැමරුම් වැඩසටහන වෙනුවෙන් උදෑසන සංග්‍රහ කටයුතු සඳහා දායකත්වය කර්නල් ජයලත් මහතා සහ ආදි ශිෂ්‍ය හංසණී බණ්ඩාර මෙනවිය විසිනි.

"පාසලක් විවෘත කිරීම සිර ගෙයක් වැසීමකි". "දහම් පාසල" යනු එම උදාර කර්තව්‍යයට ශක්තිය සපයන විසල් රුක යි.
"දහම් පාසල් එන්න. ජීවිතය ඉගෙන ගන්න."

නදීෂා ලක්මිණී
ශ්‍රී අරියමිත්ත දහම් පාසලේ ආචාර්ය මණ්ඩලය වෙනුවෙන්.

Photos from Sri Ariyamiththa Daham Pasala's post 14/10/2025

ශ්‍රී අරියමිත්ත දහම් පාසලේ ආචාර්ය මණ්ඩලය, ශිෂ්‍ය ශිෂ්‍යාවන් හා දෙමාපියන් විසින් වාර්ෂිකව සිදු කරනු ලබන ක්ෂීර පායාස බුද්ධ පූජා පින්කම මෙවරත් වප් පුර පසළොස්වක පොහෝ දින (2025.10.06) කලල්ගොඩ සිරි ගුණසේකර ධර්මායතනයේ දී සිදු කෙරිණි.

20/09/2025

මෙවර පන්නිපිටිය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ දහම් පාසල් සිසු නිපුණතා තරගාවලියෙන් ජයග්‍රහණ රැසක් අත් කරගත් ශ්‍රී අරියමිත්ත දහම් පාසල් දූ පුතුන්ට අපගේ උණුසුම් සුබ පැතුම්!!!

14/09/2025

සිරි ගුණසේකර ධර්මායතනාධිපතිව වැඩ විසූ ශ්‍රී අරියමිත්ත දහම් පාසලේ නිර්මාතෘවර අපවත් වී වදාළ පූජ්‍යපාද ලේනබටුවේ මිත්තාලෝක නායක ස්වාමීන් වහන්සේගේ ජන්ම දිනය සැප්තැම්බර් 13 දිනට යෙදී තිබිණි.

ඒ වෙනුවෙන් අටවිසි බුදුරජාණන්වහන්සේලා උදෙසා අෂ්ටපාන සහිත ගිලන්පස බුද්ධ පූජාව පූජ්‍ය ලේනබටුවේ පඤ්ඤා විසුද්ධි ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් පැවැත් වූ අතර විශේෂ ධර්ම දේශනය සඳහා වැඩමවන ලද්දේ පූජ්‍ය අක්මීමන ධර්මපාල නායක ස්වාමීන් වහන්සේ ය. මේ සඳහා බැතිබර දායකත්වය විශාඛා කුලඟන සමිතියේ සභාපතිනි ධම්මි ද අල්විස් මහත්මිය විසිනි. සංග්‍රහ කටයුතු සඳහා දායකත්වය ශ්‍රී අරියමිත්ත දහම් පාසල විසිනි.

මේ සියලු පුණ්‍ය කර්මයන් අපේ ලොකු හාමුදුරුවන් වහන්සේට සසර ගමනේ දී දරුණු රෝගාබාධවලට ලක් නොවී අමා මහ නිවනින් සැනසීමට හේතු වාසනා වේවා!

(ලොකු හාමුදුරුවන් වහන්සේ සුජීවත්ව සිටි 2014 වර්ෂයේ ආශිර්වාද පින්කමක ඡායාරූප සහිත වීඩියෝවකි.)
VC: Rev. Rathanavisuddhi himi

10/09/2025

බිනර පුර පසළොස්වක පොහෝ දින සිරි ගුණසේකර ධර්මායතනයේ පුෂ්පෝපහාර පූජාව සහිත විශේෂ මහා සෑ වන්දනා පින්කමක් පැවැත්විණි. ධර්මායතනාධිපති පූජ්‍යපාද රම්මලේ අරියවිසුද්ධි නායක හිමිපාණන් වහන්සේගේ අනුශාසනා ඇතිව පූජ්‍ය ලේනබටුවේ පඤ්ඤා විසුද්ධි ස්වාමීන් වහන්සේ විශේෂ මහ සෑ වන්දනාව මෙහෙයවනු ලැබී ය.

Want your school to be the top-listed School/college in Pannipitiya?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address

Pannipitiya