02/01/2024
https://www.youtube.com/shorts/kkXRn8cj4X8?feature=share
Feeding baby withouth using hands 🙈❤️ #baby #babygirl #lara #serbia #balkan #happy #grateful
A child or young person has special educational needs (SEN) if he or she has learning difficulties or disabilities that make it harder for him or her to le
02/01/2024
https://www.youtube.com/shorts/kkXRn8cj4X8?feature=share
Feeding baby withouth using hands 🙈❤️ #baby #babygirl #lara #serbia #balkan #happy #grateful
ඉදිරියේ දී ස්ථාපනය කෙරෙන ජාතික අධ්‍යාපන විශ්වවිද්‍යාලය තුළ විශේෂ අධ්‍යාපනය වෙනුවෙන් වෙනම දෙපාර්තමේන්තුවක් පිහිටුවන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ, විශේෂ අධ්‍යාපන තක්සේරුකරණය පිළිබඳ චක්‍රලේඛය හා උපදෙස් සංග්‍රහය එළිදැක්වීමත්, කලාප මට්ටමේ විශේෂ අධ්‍යාපන තක්සේරුකරණ කමිටු පිහිටුවීම සහ අන්තර්කරණ අධ්‍යාපනය කරා ගුරු මාර්ගෝපදේශ සංග්‍රහය එළිදැක්වීමත් වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති උත්සවයට එක්වෙමිනි.
මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
"කහතුඩුවේ වෙනිවැල්කොළ පිහිටි විශේෂ අධ්‍යාපන සම්පත් මධ්‍යස්ථානයෙන් අපි උපරිම ප්‍රයෝජන ගන්න ඕන. ඉතා කුඩාම අවධියේදීම දරුවන්ගේ විශේෂ තත්ත්වයන් වෙතොත් හඳුනාගැනීමට දියුණු රටවල තාක්ෂණය භාවිත කරමින් සකස් කළ විශේෂ ක්‍රමවේද තියෙනවා. අපේ රට තුළ තවමත් විශේෂ අවශ්‍යතා සහිත දරුවන් කල්තියා හඳුනා ගැනීමේ ප්‍රමාදයන් තියෙනවා. මේ ක්ෂේත්‍රයට එය විශාල බලපෑමක්. මේ වෙනකොට ඔස්ට්‍රේලියාව වගේ රටවල්වල කථන සහ ශ්‍රවණ ආබාධ තියෙන කිසිම දරුවෙක් නෑ. අපිත් ඒ තත්ත්වයට අදියරෙන් අදියර ළඟා විය යුතුයි..."
එමෙන්ම විශේෂ අවශ්‍යතා සහිත දරුවන් පිළිබඳ සමාජමය සංස්කෘතිමය වශයෙන් මෙරට අභියෝග රැසක් පවතින බව පැවසු අමාත්‍යවරයා, ඔවුන් වෙනුවෙන් මීට වඩා අවධානය ලබා දිය යුතු බව ද කියා සිටියේය.
පසුගිය වර්ෂ කිහිපය තුළ මෙරට ළදරු උපත් අනුපාතිකය අඩුවෙමින් පවතින වාතාවරණයකදීත් ඉපදෙන දරුවන්ගෙන් 6,000-8,000ක් අතර පිරිසක් වසරකට විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වන බව ද පැවසු අමාත්‍යවරයා, විශේෂ දරුවන් අන්තර්කරණ අධ්‍යාපනයට යොමු කිරීම වෙනුවෙන් ගුරුවරුන්, සමාජය හා පාසල, පන්තිකාමරය සූදානම් කළ යුතුව පවතින බව ද පෙන්වා දුනි.
ලොව බොහෝ රටවල් අතර අන්තර්කරණ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉහළ සාර්ථකත්වයක් ලබා සිටින සිංගප්පූරුවේ මේ වෙනුවෙන් ගුරුවරුන් පුහුණු කරන වෙනම ආයතන පවත්නා බව සුසිල් ප්‍රේමජයන්ත මහතා කියා සිටියේය.
විශේෂ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉදිරි ගුරු පුහුණු කටයුතු සඳහා සිංගප්පූරු රජයේ සහාය ලබාගැනීමට තමා අපේක්ෂා කරන බවත් පැවසු අමාත්‍යවරයා, ඉදිරියේ දී සෞඛ්‍ය අමාත්‍යාංශයේ මැදිහත්වීම ද ලබාගනිමින් විශේෂ දරුවන් කල් තියා හඳුනාගැනීමට ඒ සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරුන්ට පැමිණිය හැකි, වෙනම ආයතනයක් පිහිටුවීමට පියවර ගන්නා බවද සඳහන් කළේය.
එමඟින් මූලික අවස්ථාවේදී ම හඳුනාගෙන ප්‍රතිකාර ලබාදෙන දරුවන් සාමාන්‍ය පරිදි පළමු ශ්‍රේණියේ සිට ම පාසල් වෙත ඇතුළත් කිරීමට අවස්ථාව සලසා දිය හැකි බව ද පැවසූ අමාත්‍යවරයා, සමාජමය, ආර්ථික හා පෞද්ගලික හේතු මත තොරතුරු සඟවාගෙන සිටින, තොරතුරු වාර්තා නොවන පාසල් යැවිය යුතු වයසේ පසුවන නමුත් පාසල් නොයවන විශේෂ දරුවන් පිරිසක් සිටින බව ද ප්‍රාදේශීය මට්ටමින් ඔවුන් වෙනුවෙන් ක්‍රියාත්මක වියයුතු බවද අවධාරණය කළේය.
විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වෙනම දෙපාර්තමේන්තුවක්
Driving license for special needs
දිවයිනෙහි පළමු වරට ශ්‍රවණාබාධිත පුද්ගලයන් වෙනුවෙන් සැහැල්ලු වාහන රියදුරු බලපත්‍ර ලබා දීමේ නියමු ව්‍යාපෘතියක්, ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද ආරම්භ විණි.
ශ්‍රී ලංකා බිහිරිවූවන්ගේ මධ්‍යම සම්මේලනය මගින් 1998 වසරේ සිට කරන ලද ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ මගපෙන්වීම යටතේ මෙලෙස බලපත් ලබාදීමේ නියමු ව්‍යාපෘතිය ආරම්භ කොට ඇති බව මෙහිදී ප්‍රකාශ විය.
රියදුරු බලපත් ලබා ගැනීම පිණිස මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් පවත්වන ලද ලිඛිත විභාගයට පෙනී සිටි ගම්පහ දිස්ත්‍රික්කයේ ශ්‍රවණාබාධිත තැනැත්තන් 76 දෙනකු අතුරින් විභාගය සමත් වූ 44 දෙනකු සඳහා පුහුණුවීමේ තාවකාලික බලපත් ලබා දීම මෙහිදී සිදු කෙරුණු අතර මාස තුනක පුහුණුවකින් පසු ප්‍රායෝගික පරීක්ෂණයට පෙනී සිටීමෙන් අනතුරුව සමත්වන්නන්ට ස්ථිර බලපත් ලබාදීමට නියමිතය.
07/11/2022
මෙම ලිපිනයට ලියුමක් එවන්න අවශ්ය කරුනු සමග
විශෙශ අවශ්යතා අන්ශය, සමන් සන්වර්දන පදනම, 252/2 පරන පාර, පන්නිපිටිය
විශේෂ අවශ්යතා - සමන් ග්‍රාමීය ජනතා සන්වර්ධන පදනම මගින් ආධාර බෙහෙත් අවශ්ය අයට උපදෙස් ලබා දෙනු ලැබේ. එසේ අවශ්ය අය කරුනාකර නම ලිපිනය ආබධය විස්තර අප වෙත ලැබේමට සලස්වන්න