23/04/2026
End of the year Reports
Let's create a better world for children...
23/04/2026
End of the year Reports
21/04/2026
Celebrating my 6th year on Facebook. Thank you for your continuing support. I could never have made it without you. 🙏🤗🎉
19/04/2026
🌈 Daily Activity Plan: “All About Colours”
Learning Objectives
* Recognise and name basic colours
* Develop fine motor skills
* Encourage communication and social interaction
* Explore creativity through play
15/04/2026
This Things That Go Activity Pack is a fun, engaging resource for preschool and kindergarten students. Featuring a mix of creative, maths, literacy, and interactive activities, it helps children learn about vehicles while building essential skills through play.
03/04/2026
Toothbrush painting activity. Simple but engaging🥰
03/04/2026
Thanks for being a top engager and making it on to my weekly engagement list! 🎉
Maggie Kiryokya, Chamika Pahalawaththa, Seli Nagahawattha
02/04/2026
“Marriage is not the end of your dreams” 💛✨
ගොඩක් වෙලාවට අපේ සමාජේ එක වැරදි අදහසක් තියෙනවා…
👉 “විවාහ වුණාම ජීවිතේ settle වෙලා ඉවරයි”
👉 “දැන් ඉතින් dreams, goals ඔක්කොම නවත්තන්න ඕනේ”
ඒත් ඇත්තටම එහෙමද?
විවාහය කියන්නේ අවසන් වීමක් නෙවෙයි…
එක අලුත් ආරම්භයක්.
ඔයාගේ හීන…
ඔයාගේ ඉලක්ක…
ඔයාගේ හැකියාව…
ඒවා කිසිවක් විවාහයත් එක්ක අතුරුදහන් වෙන්න ඕනේ නෑ.
ඔව්…
ජීවිතේ responsibilities වැඩි වෙනවා.
Family, kids, work — balance කරන්න වෙනවා.
කාලයත් ටිකක් අඩු වෙනවා.
ඒත්…
👉 කාලය නැති එක problem එකක් නෙවෙයි
👉 Perfect time එකක් එන්නේ නෑ… start කරන එකයි වැදගත්.
ගොඩක් අම්මලා හිතනවා:
“දැන් පරක්කුයි…”
“මට බැහැ…”
“ළමයි ඉන්නවා…”
ඒත් ඔයා හිතන්න…
ඔයා හීන follow කරද්දි, ඔයාගේ පොඩ්ඩෝන්ට මොන වගේ example එකක් දෙනවද?
👉 Strong අම්ම kenek
👉 Give up නොකරන kenek
👉 Life eka හදන්න try කරන kenek
ඒ තමයි ඔවුන්ට තියෙන ලොකුම inspiration එක.
මමත් ඒම හිතපු කාලයක් තිබුණා…
ඒත් අද මට තේරෙනවා —
ජීවිතේ නවතින්නේ අපි නවත්තන තැනටමයි.
ඒ නිසා…
💛 විවාහය හීන වලට අවසානයක් කරගන්න එපා
💛 ඒක ඔයාගේ හීන fulfill කරගන්න අලුත් ශක්තියක් කරගන්න
ඔයාටත් පුළුවන් ✨
Start කරන්න… අදම.
02/04/2026
🐰🌸 Easter වලට පොඩ්ඩෝ එක්ක Fun activity එකක් කරන්න කැමතිද? 🧺🥚
මේ scavenger hunt එක හරිම හොඳයි පොඩි ළමයින්ට 💛
පළවෙනි රූපය (worksheet එක) print කරලා දරුවන්ට දෙන්න.
ඊට පස්සේ දෙවෙනි රූපයේ තියෙන items ටික කපලා ✂️
ගෙදර හෝ nursery එකේ තැනින් තැන අලවන්න 🌿
ඉතින් දරුවට පැන්සලක් හරි marker pen එකක් හරි දීලා ✏️
එයාට ඒවා හොයාගෙන mark කරන්න දෙන්න ✔️
Easter theme එක යටතේ කරන්න පුළුවන් ලස්සන, easy සහ fun activity එකක් මේක 🐣🌈
01/04/2026
Job එකක් කරන ගමන් IELTS prepare වෙන්නේ කොහොමද? 📚✨
රට යන්න ගොඩක් අය කැමති. Job apply කරනවා.
ඒත් “IELTS” කියන තැනට එද්දි බොහෝ දෙනා නවතිනවා.
ඒත්… ඒක impossible දෙයක් නෙවෙයි 💪
මම job එකක් කරන ගමන්, පොඩි බබාලා දෙන්නෙක් බලගෙන, ඒ වගේම මගේ දෙමව්පියෝ දෙන්නා අසනීපයෙන් ඉන්න වෙලාවේ… ආර්ථික ප්‍රශ්නත් ගොඩක් තිබ්බා.
ඒ අතරේ මම IELTS කරලා 7.5 overall score එකක් ගත්තා.
👉 විශේෂ දෙයක් කියන්න තියෙනවා:
මම IELTS class ගියේ නෑ.
මම කරේ online resources විතරයි.
📌 මම follow කරපු දේවල් ටික:
✔️ YouTube videos – especially speaking වලට
✔️ Band 8- 9 essays හොයාගෙන, ඒවා බලලා, ආපහු ලියලා practice කළා
✔️ Comprehension passages කරා reading improve කරන්න
✔️ Listening practice – වැඩට යන ගමන්, එන ගමන් අහුවා
මට තිබ්බේ ලොකු කාලයක් නෙවෙයි.
පොඩි පොඩි වෙලාවල් තමයි use කරේ.
බබාලා නිදාගත්ත පස්සේ තමයි වැඩිපුරම පාඩම් කළේ 🌙
💭 මට තවම මතකයි…
A/L කරලා campus යන්න බැරි වෙලා ඉද්දි, “ඔයාට ඉස්සරහට යන්න දෙයක් නෑ” කියලා කිව්ව අය.
ගුරුවරු පවා එහෙම කියපු වෙලාවල් තිබුණා.
ඒත් අද…
✨ Degree එකක් complete කරලා
✨ AMI, New Zealand, UK curriculum කරලා
✨ British පොඩ්ඩන්ට උගන්වන තැනට මම ඇවිත් තියෙනවා
👉 ඒ නිසා එක දෙයක් මතක තියාගන්න:
ජීවිතේ එක තැනක අපි වැරදුනා කියලා,
එතනින් නවතින්න ඕනේ නෑ.
ඉස්සරහට යන්න හැමෝටම අවස්ථාව තියෙනවා 💛
ඔයාලටත් පුළුවන් ✨
01/04/2026
Scavenger Hunt Worksheet
01/04/2026
අද අප්‍රේල් මාසේ පටන් ගන්න මේ දවසේ, අලුත් අවුරුදු මාසයත් එක්ක, මට හිතුනා ඔයාලා එක්ක පොඩි motivation එකක් බෙදාගන්න 💛
ඔයාලා හිතනවා නම් “මට තව ඉස්සරහට යන්න කාලෙ හරි. කියලා?” කියලා අදම පටන් ගන්න උත්සාහ කරන්න. මම කරපු පොඩි දේවල් ටිකක් මගේ ජීවිතයෙන් කියන්නම්.
මගේ ගමන පටන් ගත්තේ St. Bridget’s Maria Montessori Training Center එකෙන් (2007–2009, 49th batch). එදා ඉඳලා nursery සහ primary teaching field එකේ දිග ගමනක් ආවා. ඒ අතරේ ජීවිතේ වෙනස්වුණා — විවාහ වුණා, පුංචි දරුවන් දෙන්නෙක් ලැබුණා.
ඒත්… මගේ ඉගෙනීම නතර උනේ නෑ.
මගේ husband හැමදාම මාව දිරිමත් කළා. ගොඩක් අභියෝග මැද්දෙන් 2023දී මට මගේ degree එක complete කරන්න පුළුවන් වුණා. ඒකෙන් පස්සේ අපි තව පියවරක් ඉස්සරහට යන්න තීරණය කළා.
ගොඩක් අය අහනවා — “ඔයා කොහොමද UK එකට Nursery Practitioner කෙනෙක් විදිහට ආවේ?” කියලා.
මම කරපු දෙය — UK Government website එකෙන් sponsor licence තියෙන nurseries හොයලා, ඒ හැම තැනකටම personally emails යැව්වා. ඒ අතරින් interviews තුනකට call ආවා. පළවෙනි interview එකෙන්ම select වුණා.
IELTS exam එකත් හොඳ marks එක්ක pass වෙලා, අවශ්‍ය documents සකස් කරලා visa apply කළා.
මුලින්ම මගේ දරුවන් දාලා තනියම UK එන්න වුණා — ඒක ලොකු තීරණයක්, ලොකු අභියෝගයක්.
අදට අවුරුදු 3ක් වෙනවා — මම UK එකේ Nursery Practitioner කෙනෙක් විදිහට වැඩ කරනවා. දැන් මගේ family එකත් එක්ක මෙහෙ ඉන්නවා. තවම challenges තියෙනවා… ඒත් අපි සතුටින්, හිත ශක්තිමත් කරගෙන ඉස්සරහට යනවා.
👉 විවාහ වුණා කියලා
👉 දරුවන් ඉන්නවා කියලා
👉 ජීවිතේ busy කියලා
ඔයාලා හීන නවත්තන්න එපා.
පොඩ්ඩෝන්ගේ ජීවිතේ වීරයා අම්මයි තාත්තායි. ඒ නිසා ඔවුන්ගේ අනාගතය වෙනුවෙන්, අපේ හොඳම තීරණ ගන්න.
ඔයාලටත් පුළුවන් 💪✨