සේපාලිකා මල් - Sepalika flowers
Ape Gedara Kitchen
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ape Gedara Kitchen, 632/3A, Maithree Mawatha, Arawwala,, .
11/03/2026
වෙලාව උදෑසන අටයි . පරිසරයම සුගන්ධවත් කරන සේපාලිකාවන් නටුවෙන් ගිලිහී යන්න ඉතාම ආසන්නයි.
අහම්බෙන් නෙත ගැටුණු සැනින් බුදුන් පුදට මල් ටිකක් නෙලාගන්න ආවෙ හරිම නැවුම් හැඟීමකින්.
රාත්‍රියේ පිපෙන සේපාලිකා මල්( රාත්‍රි කුසුම) හිරු පායනවාත් සමඟම හැලිල උදෑසන නිවස ඉදිරිපිට හැදෙන සේපලිකා පලස දැන් අපිට හුරුපුරුදු දසුනක්.
හරිම ලස්සන සේපාලිකාවෝ ගෙවත්තම හැඩකාර කර මේ විහිදන සුවදින් දැනෙන්නේ හරිම ආදරණීය නැවුම් හැඟීමක්.
නිවස ඉදිරිපිට සේපාලිකා ගසක් සිටවිමේ යෝජනාව මගේ මහත්තයගෙන් ආවේ ඔහුගේ මහගෙදර ඉදිරිපිට තිබූ සේපාලිකා ගසේ හුරු පුරුදු මතකයන් එක්ක යැයි මට සිතේ.. සේපාලිකා ගස එතරම්ම අපූරුය.ගෙවත්තක තිබිය යුතුම හොද ඖෂධීය ශාකයකි.ඉතින් ටික කලකට පෙර අපි රෝපණය කල සේපාලිකා පැළය අද මේ විදියට අපිව සුවදින් වර්ණවත් කරනව.
ගොඩක් අය සේපාලිකා වලට කොපමණ ආස කලත් ගෙවත්තෙ සිටුවීමට කැමැත්තක් දක්වන්නෙ නැත්තෙ මේ ගස් අතු විහිදිලා ගොඩක් විශාල( රූස්ස ගස් ) වෙලා සිදුවෙන අපහසුතා නිසාවෙන් යැයි මට සිතේ. ඒත් බලන්න මගේ ගෙවත්තෙ තිබෙන මේ සේපාලිකා ගස එතරම් ලොකු ගසක් නොවෙයි. සාමාන්‍යයෙන් පේර ගසක් එතරම්ම ලොකු වෙන්නෙ නැහැනෙ.ඒ වගේ අපිට පුළුවන් සේපාලිකා ගසත් ගොඩක් අතු විහිදිලා උස යන කොට ගෙවත්තෙ ඉඩ තිබෙන හැටියට උඩින් වගේම හතරවටින්ම අවශ්‍ය ගානට අතු කපල හදාගන්න. පෝච්චියක සිටවන සේපාලිකා පැළයක උනත් ලස්සනට මල් හැදෙනව.
සේපාලිකා මල් දියවැඩියාව ,කැස්සට පමනක් නොවෙයි ,බොහෝ රෝග රැසකට වටිනා සොබාවික ඖෂධයක්. මේ ගසේ කොළ,පොතු, මල් මේ සියලු දෑ ඖෂධීය වශයෙන් ප්‍රයෝජනවත් වෙනව. ඒ වගේම සුවද විලවුන් සෑදීමටද සේපාලිකා උපයෝගි කරගන්නව.
සේපාලිකා මල් - Sepalika Flowers
Butterscotch pudding - බටර්ස්කොච් පුඩිම
චොකලට් චිප් කුකීස් -Chocolate Chip Cookies EP134🍪🍪🍪
https://youtu.be/_0HWiZ104f8
රසට පාටට ඩෝනට්ස් හදමු - Home made Donuts
https://youtu.be/B6X-z8c7MwY
02/03/2026
නිල් වෙරළු නොහොත් රුද්‍රාක්ෂ :
නිල් වෙරළු ඇත්තටම පලතුරක්ද ?
ඖෂධයක්ද ?
නැතහොත් ආගමික වස්තුවක්ද ?
මෙයට අද්‍යයාත්මික බලයක් තිබේද ?
ශිව දෙවියන්ගෙ කඳුලින් උපන් යැයි
පැවසෙන්නේ ඇයි?
මොනවද මේ රුද්‍රාක්ෂ ?
නිල් වෙරළු අති දුර්ලභ වටිනා ඖෂධීය පලතුරක්.වෙරළු වර්ග වල වෙනස්ම වෙරළු විශේෂයක්. නිල් වෙරළු ශාකයේ නිජබිම ඉන්දියාවේ හිමාලයයි .පසුව නේපාලය, තායිලන්තය,බංගලිදේශය වගේ රටවල් වලද දක්නට ලැබෙන බව පැවසෙනව. ලංකාවෙ නුවර මාතලේ වගේ පැති වල බොහොම අවම වශයෙන් නිල් වෙරළු ගස් දක්නට ලැබෙන අතර ,නිල් වෙරළු පලතුරකට වඩා විශේෂ වෙන්නෙ වෙනත් දෙයකට.
හින්දු භක්තිකයන් රුද්‍රාක්ෂ නමින් හඳුන්වන මේ නිල් වෙරළු, ශිව දෙවියන් හා සමානවම පූජනීයත්වයෙන් සලකනව. රුද්‍රාක්ෂ නාමය, රුද්‍ර - ශිව , අක්ෂ - ඇස යනුවෙන් රුද්‍රාක්ෂ ශිව දෙවියන්ගෙ කදුලින් උපන් බීජයක් ( ශිව ඇසින් බිමට පතිතවූ කඳුළු බිදු තුළින් පොළොව මහී කාන්තාව බිහිකළ රුද්‍රාක්ෂ ගස) ලෙස බැතිමතුන් විශ්වාස කරනව.
ඖෂධීය වටිනාකමක් සහ අද්‍යයාත්මික
බලයක් තිබෙන රුද්‍රාක්ෂ ඉන්දියානු බැතිමතුන්, ආගමික වස්තුවක් ලෙස මහත් භක්තියෙන් යුතුව අදහනු ලබනව.
බොහෝ කලක් හිමාලයේ යෝගි බාවනාවක සමාධි සුවයෙන් වාසය කල ශිව දෙවියන් ,තමාගෙ දිව්‍යමය නේත්‍රයන් විවරකර ලෝකය දෙස බැලූ කල බොහෝ ජනයා විදින දුක්ක දරිද්‍ර අනේකවිදි පීඩා අකල් මරණ ආදිය දැක ශිව ඇසින් බිමට පතිතවූ කඳුළු බිදු වලින් හටගත් බීජයක් ලෙස රුද්‍රාක්ෂ හදුන්වනු ලබනව .
රුද්‍රාක්ෂ බීජ වල වෙනම හැඩතල තිබෙන අතර වර්ග විසිඑකක් තිබෙන බව සදහන් වෙනව. මේ බීජ ඉතාමත් ඉහළ මිල ගනන් වලට යන බව පැවසෙනව.ශිව දෙවියන් පමණක් නොව ,ඕනම දෙවි කෙනෙක්ගෙ බලය නතු කර ගැනීමේ තරංග ශක්තිය රුද්‍රාක්ෂ සතු බවත් වාසනා ගුණ දෙන ශාකයක් බවත් මේ ඇට පැළදීමෙන් දේව ආශිර්වාදය, ආකර්ෂණය ලැබෙන බවත් හින්දු බැතිමතුන් විශ්වාස කරනව.එම නිසා ඔවුන් මෙය පලදනාවක් වශයෙන් පලදිනු ලබනව .නවගමුව දේවාලයේ සිදු කෙරෙන ඇට පළදනාව සදහාද මේ රුද්‍රාක්ෂ පබළු යොදා ගන්නව.
ඉතින් මේ වාසනා ගුණ දෙන නිල් වෙරළු වලට ආවේනික දීප්තිමත් වර්ණයක් සහ රසයක් තිබෙනව වගේම විටමින් C ඛනිජ ද්‍රව්‍ය ගොඩක් අඩංගු වෙනව. අමු ගෙඩි කොළ පැහැ මිශ්‍ර ලා නිල් පැහැයකින් යුක්ත වන අතර, හොදින් ඉදුනු ගෙඩි තද නිල් පැහැති අද්භූත දේව වර්ණයකින් යුක්ත වෙනවා.(මට මතක් වෙන්නෙ ඇලඩින්ගේ පුදුම පහනෙ ඉන්න භූතයව 🙃)
අපි කන සාමාන්‍ය කොල පැහැති වෙරළු වලට වඩා කහට ගතියෙන් වැඩියි.අමු ගෙඩි නමි කන්න අපහසු තරමටම හයියයි. නිල් වෙරළු වල මස් ගතිය ටිකක් අඩුවන අතර බීජය විශාලත්වයෙන් වැඩි වෙනව.
නිල් වෙරළු නොහොත් රුද්‍රාක්ෂ පෙනුමෙන් ජිල් බෝලයක් වගේ රවුම් හැඩයක් ගන්නවා .එහි මතුපිට පිහිටා තිබෙන හැඩතල අනුව ලග්නය හා සංසදය කර කෙනෙකුට පැළදීමට අවශ්‍ය ඇට වර්ගය හා ප්‍රමාණය ගණනය වෙනවා.
රුද්‍රාක්ෂ ( නිල් වෙරළු)ඇට, මාලයක්, වළල්ලක් ,පෙන්ඩන් එකක් හෝ මුදුවක් වශයෙන් පලදිනු ලබනව.තමන්ට කැමති ප්‍රමාණයක් මේ ඇට පලදන්නට නොහැකි අතර, තමන්ගෙ ලග්නයට අනුව රුද්‍රාක්ෂ ඇට වර්ගය තෝරාගෙන ගෙලට 32ක් සහ අතට 12 ක් වශයෙන් පලදනු ලබනව.
මේ රුද්‍රාක්ෂ බීජ රෑට ජලයෙ පෙගෙන්න දාලා උදෑසන පානය කිරීම මඟින් දියවැඩියාව ,කොලෙස්ටරෝල් රුධිර පීඩනය, මානසික රෝග,බිය, මහන්සි ගතිය, වකුගඩු පිරිසිදු කිරීම සහ උගුරේ අපහසුතා වගේ බොහෝ ලෙඩ රෝග සුව කරගත හැකි බව පැවසෙනව . ඒ වගේම තුවාල ලප ,පලු වලට මේ ඇට කුඩු කරල ආලේප කිරීම මඟින් සුව කරගත හැකි බවද පැවසෙනව.
ඉතින් මේ ගස් වල අතු ශක්තිමත් භාවයෙන් අඩු අතර අඩි 25, 30 න් පසු අතු හයිය වෙන්න පටන් ගන්නවා.
අදෘශ්‍යමාන බලවේගයක් තිබෙන රුද්‍රාක්ෂ ගස් අනිත් සෑම ගසක්ම අභිබවා අඩ් 80, 100 දක්වා බොහෝ උස යනවා. අනිත් වෙරළු කොළ වලට වඩා නිල් වෙරළු පත්‍ර වෙනස් සිහින් දිගැටි හැඩයකින් යුත්ත වෙනවා.
නිල් වෙරළු නොහොත් රුද්‍රාක්ෂ : blue olive (rudraksha)
නිල් වෙරළු ඇත්තටම පලතුරක්ද ?
ඖෂධයක්ද ?
නැතහොත් ආගමික වස්තුවක්ද ?
මෙයට අද්‍යයාත්මික බලයක් තිබේද ?
ශිව දෙවියන්ගෙ කඳුලින් උපන් යැයි
පැවසෙන්නේ ඇයි?
මොනවද මේ රුද්‍රාක්ෂ ?
නිල් වෙරළු අති දුර්ලභ වටිනා ඖෂධීය පලතුරක්.වෙරළු වර්ග වල වෙනස්ම වෙරළු විශේෂයක්. නිල් වෙරළු ශාකයේ නිජබිම ඉන්දියාවේ හිමාලයයි .පසුව නේපාලය, තායිලන්තය,බංගලිදේශය වගේ රටවල් වලද දක්නට ලැබෙන බව පැවසෙනව. ලංකාවෙ නුවර මාතලේ වගේ පැති වල බොහොම අවම වශයෙන් නිල් වෙරළු ගස් දක්නට ලැබෙන අතර ,නිල් වෙරළු පලතුරකට වඩා විශේෂ වෙන්නෙ වෙනත් දෙයකට.
හින්දු භක්තිකයන් රුද්‍රාක්ෂ නමින් හඳුන්වන මේ නිල් වෙරළු, ශිව දෙවියන් හා සමානවම පූජනීයත්වයෙන් සලකනව. රුද්‍රාක්ෂ නාමය, රුද්‍ර - ශිව , අක්ෂ - ඇස යනුවෙන් රුද්‍රාක්ෂ ශිව දෙවියන්ගෙ කදුලින් උපන් බීජයක් ( ශිව ඇසින් බිමට පතිතවූ කඳුළු බිදු තුළින්, පොළොව මහී කාන්තාව බිහිකළ රුද්‍රාක්ෂ ගස) ලෙස බැතිමතුන් විශ්වාස කරනව.
ඖෂධීය වටිනාකමක් සහ අද්‍යයාත්මික
බලයක් තිබෙන රුද්‍රාක්ෂ ඉන්දියානු බැතිමතුන්, ආගමික වස්තුවක් ලෙස මහත් භක්තියෙන් යුතුව අදහනු ලබනව.
බොහෝ කලක් හිමාලයේ යෝගි බාවනාවක සමාධි සුවයෙන් වාසය කල ශිව දෙවියන් ,තමාගෙ දිව්‍යමය නේත්‍රයන් විවරකර ලෝකය දෙස බැලූ කල බොහෝ ජනයා විදින දුක්ක දරිද්‍ර අනේකවිදි පීඩා අකල් මරණ ආදිය දැක ශිව ඇසින් බිමට පතිතවූ කඳුළු බිදු වලින් හටගත් බීජයක් ලෙස රුද්‍රාක්ෂ හදුන්වනු ලබනව .
රුද්‍රාක්ෂ බීජ වල වෙනම හැඩතල තිබෙන අතර වර්ග විසිඑකක් තිබෙන බව සදහන් වෙනව. මේ බීජ ඉතාමත් ඉහළ මිල ගනන් වලට යන බව පැවසෙනව.ශිව දෙවියන් පමණක් නොව ,ඕනම දෙවි කෙනෙක්ගෙ බලය නතු කර ගැනීමේ තරංග ශක්තිය රුද්‍රාක්ෂ සතු බවත් වාසනා ගුණ දෙන ශාකයක් බවත් මේ ඇට පැළදීමෙන් දේව ආශිර්වාදය, ආකර්ෂණය ලැබෙන බවත් හින්දු බැතිමතුන් විශ්වාස කරනව.එම නිසා ඔවුන් මෙය පලදනාවක් වශයෙන් පලදිනු ලබනව .නවගමුව දේවාලයේ සිදු කෙරෙන ඇට පළදනාව සදහාද මේ රුද්‍රාක්ෂ පබළු යොදා ගන්නව.
ඉතින් මේ වාසනා ගුණ දෙන නිල් වෙරළු වලට ආවේනික දීප්තිමත් වර්ණයක් සහ රසයක් තිබෙනව වගේම විටමින් C ඛනිජ ද්‍රව්‍ය ගොඩක් අඩංගු වෙනව. අමු ගෙඩි කොළ පැහැ මිශ්‍ර ලා නිල් පැහැයකින් යුක්ත වන අතර, හොදින් ඉදුනු ගෙඩි තද නිල් පැහැති අද්භූත දේව වර්ණයකින් යුක්ත වෙනවා.(මට මතක් වෙන්නෙ ඇලඩින්ගේ පුදුම පහනෙ ඉන්න භූතයව 🙃)
අපි කන සාමාන්‍ය කොල පැහැති වෙරළු වලට වඩා කහට ගතියෙන් වැඩියි.අමු ගෙඩි නමි කන්න අපහසු තරමටම හයියයි. නිල් වෙරළු වල මස් ගතිය ටිකක් අඩුවන අතර බීජය විශාලත්වයෙන් වැඩි වෙනව.
නිල් වෙරළු නොහොත් රුද්‍රාක්ෂ පෙනුමෙන් ජිල් බෝලයක් වගේ රවුම් හැඩයක් ගන්නවා .එහි මතුපිට පිහිටා තිබෙන හැඩතල අනුව ලග්නය හා සංසදය කර කෙනෙකුට පැළදීමට අවශ්‍ය ඇට වර්ගය හා ප්‍රමාණය ගණනය වෙනවා.
රුද්‍රාක්ෂ ( නිල් වෙරළු)ඇට, මාලයක්, වළල්ලක් ,පෙන්ඩන් එකක් හෝ මුදුවක් වශයෙන් පලදිනු ලබනව.තමන්ට කැමති ප්‍රමාණයක් මේ ඇට පලදන්නට නොහැකි අතර, තමන්ගෙ ලග්නයට අනුව රුද්‍රාක්ෂ ඇට වර්ගය තෝරාගෙන ගෙලට 32ක් සහ අතට 12 ක් වශයෙන් පලදනු ලබනව.
මේ රුද්‍රාක්ෂ බීජ රෑට ජලයෙ පෙගෙන්න දාලා උදෑසන පානය කිරීම මඟින් දියවැඩියාව ,කොලෙස්ටරෝල් රුධිර පීඩනය, මානසික රෝග,බිය, මහන්සි ගතිය, වකුගඩු පිරිසිදු කිරීම සහ උගුරේ අපහසුතා වගේ බොහෝ ලෙඩ රෝග සුව කරගත හැකි බව පැවසෙනව . ඒ වගේම තුවාල ලප ,පලු වලට මේ ඇට කුඩු කරල ආලේප කිරීම මඟින් සුව කරගත හැකි බවද පැවසෙනව.
ඉතින් මේ ගස් වල අතු ශක්තිමත් භාවයෙන් අඩු අතර අඩි 25, 30 න් පසු අතු හයිය වෙන්න පටන් ගන්නවා.
අදෘශ්‍යමාන බලවේගයක් තිබෙන රුද්‍රාක්ෂ ගස් අනිත් සෑම ගසක්ම අභිබවා අඩ් 80, 100 දක්වා බොහෝ උස යනවා. අනිත් වෙරළු කොළ වලට වඩා නිල් වෙරළු පත්‍ර වෙනස් සිහින් දිගැටි හැඩයකින් යුත්ත වෙනවා.
22/02/2026
Pepinos
පෙපීනෝ | Pepino Fruits Part 11
පෙපීනෝ | Pepino Fruits Part 10
පෙපීනෝ | Pepino Fruits Part 9
පෙපීනෝ | Pepino Fruits Part 8