Oxbridge College - Thilina Peiris

Oxbridge College - Thilina Peiris

Share

We make you experience something unbelievable with our arresting teaching.

23/06/2026

ජීවිතය අවසන් වෙන්න කලින් අගය කලයුතු චරිත කිහිපයක් ඉන්නවා.ඒ සමහර චරිත,නිහඬ ස්තූතියකට වඩා පොදු ස්තූතියකට සුදුසුකම් තියන අය.ඒ සමහරු වෘත්තීය ජීවිතය පටන් ගත්තු දා පටන් ජීවිතය ඉදිරියට යන්න මොන යම් විදියකින් හෝ උදව් කරපු අය.එවැනි අයව කෘතඥ පූර්වකව සිහිපත් කිරීම පමනක් මෙහිදී සිදුවේ.එසේත් නොමැතිව කිසිඳු වාණිජ්‍යමය අරමුණක් මෙහි කිසිඳු ආකාරයක නොමැත.සරලවම ජීවිතයේ යම් ස්ථානවලදී උදව්කරපු මිනිස්සුන්ට කලගුණ දැක්වීම පමනක් මෙවැනි Post වලින් සිදුවේ ( කරුණිකව මෙය වානිජ්‍යමය කෝණයකින් දැකීමෙන් වළකින ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමු )

✍️අවුරුද්ද 2007 ,පානදුර නිව් එඩික්ස් ආයතනය.Interval එක වෙලාවෙදි අපිට මුන ගැහෙනවා තුසිත සමරසිංහ ගුරුතුමාව.

🅾️අප - සර් ටිකක් දුරක ගිහිල්ලා පංතියක් කරන්න කැමැත්තකුත් තියනවා.
🅾️තුසිත සර් - ඉතින් යමංකෝ ගාල්ලේ.මම ඉන්නේ සදර්න් එකේ.
🅾️අප - එහෙ මේ වෙනකොට English වලට ගුරුවරයෙක් නැද්ද සර්?
🅾️තුසිත සර් - නැහැ මචං. කවුරුත් නැහැ.එහෙ යං මචං.එහේ සුපිරි කොල්ලෝ සෙට් එකකුත් ඉන්නවා.උන් උබට උදව් කරයි ( ආදරණීය සමිත් මහත්මයා , පාලිත මහත්මයා ,රොෂාන් මහත්මයා , ලක්මාල් මහත්මයා, පුතා වැනි ඒ උදව්කල සියලු දෙනාවම ආදරණීයව සිහිපත් කරන්නෙමු …).

🙏තුසිත සර් ගාල්ල සදර්න් ආයතනය සමඟ කතා කරලා අපිට ගාල්ලට එන්න අවස්තාව හදලා දෙනවා.🙏

ආදරණීය හිතවත් තුසිත සර් ,ඔයා අපිට ඒ උදව්ව කලේ කිසිඳු ආකාරකින් මිනිසුන් අපව නොදන්නා අවදියක.ඔයා ඒ කරපු උදව්ව නිසා අපි අපේ ගමන ඉදිරියට ආවා.බොහොම ආදරණීය ,උදව් සහගත මිනිසුන් ඉන්න ගාල්ල සදර්න් කියන ආයතනය මුනගැහුනා.ඊට පසුව ,ඔයා පානදුර නිව් එඩික්ස් ආයතනයෙන් ගියායින් පසුව අපිට ඔබව මුනගැසුනේ නැහැ.ගාල්ලේ අපි 2019 අසනීප තත්වය නිසා පංති නවත්වන කාලෙදිත් ඔයාව මුනගැසුනේ නැහැ.ඒක නෙමෙයි යාලුවා ඔයා දැන් හිටියටත් වඩා කඩවසම් වෙලා.😍😍😍😍

කොහොමවුනත් ආදරණීය මිත්‍රයා ,ඔයා ඒ කරපු උදව්ව හැමදාමත් හිතේ තියනවා.ඔයාට ඒ කරපු උදව්වට බොහොම පිං මිත්‍රයා.🙏🙏🙏🙏🙏🙏
✍️✍️✍️මොකද සමහර මිනිස්සු ,සමහර මිනිස්සුන්ට උදව් කරන්නේ ඒ මිනිස්සුන්ව කවුරුවක්වත්ම දන්නේ නැති කාලෙක.ඔයා එහෙම කෙනෙක්.🙏🙏🙏

තිළිණ පීරිස්.

22/06/2026

ඔයාට කවදා හරි හිතාගන්න පුළුවන් උනානම්, එයා විදවමින් ඉන්න දේ ගැන ඔයා කවදාවත් එයා අකාරුණික වෙන්නෙ නැහැ..
එයා ගොඩක් අරගල කරනවා පවුලේ අවශ්‍යතාවයන් ඉටු කරන්න.
ණය බර එයාගේ මනසට තව වේදනා දෙනවා. නොගෙවපු බිල් වල දූවිලි බැදිලා.
දරුවගේ ගෙවුණු සපත්තු දෙකට අලුත් සපත්තු දෙකක් අරන් දෙන්න එයාට විදියක් නෑ.

කොහොම වුණත්, එයා ආදරණීය තාත්තා කෙනෙක් ඇතුලාන්තයෙන් හඩන.
එයා තාමත් ධෛර්යවන්තයි. හැබැයි,ඒ උනාට එයා මැරිලා ගොඩක් කල්.

゚viralシfypシ゚viralシalシ

19/06/2026

🅾️Astounding (Astonishing ,Extremely surprising)
විශ්මය ජනකයි
🅾️Beyond imagination
හිතාගන්න බැරි
🅾️Replicate (Recreate ,Imitate)
ප්‍රතිස්ථාපනය කරනවා,
අනුකරණය කරනවා
🅾️About to fall
වැටෙන්න ළඟයි
🅾️Harvest (Reap ,Collect)
අස්වැන්න නෙලනවා
🅾️Zenith of advancement
දියුණුවේ හිනිපෙත්ත
🅾️Bear fruit
පල දරනවා
🅾️Defend ( Protect, Safeguard)
ආරක්ෂා කරනවා
🅾️Make it a habit to..
පුරුද්දක් කර ගන්නවා
🅾️Therapeutic (Healing,Curative)
දිරිමත් කරන සුළු

゚viralシfypシ゚viralシalシ

18/06/2026

සමහර වෙලාවට ඔයා කල්පනා කර කර ඇති මොකක්ද ඔයාට වෙලා තියෙන්නේ කියලා. ඔයාට පහසුවෙන් දරාගන්න පුලුවන් වුනා මුලු ලෝකයම ඔයාගෙන් ගිලිහිලා යන එක. ඒත් ඔයාට ඔයාව අහිමිවෙලා යන එක බලන් ඉන්නවා තරම් වේදනාකාරී දෙයක් කෙනෙකුට තවත් නැහැ. ඔයා ශාරීරික වශයෙන් වෙහෙසට පත් වෙලා.මානසික වශයෙන් වෙහෙසට පත්වෙලා. ඒත් ඔයා ඔයාව තාමත් දරාගෙන ඉන්නවා බිඳෙන මට්ටමටත් එහා.ඔයාව තාමත් ජීවත් කරවන දෙයක් තියනවා.ඒ තමයි ඔයාගේ දරාගැනීමේ ශක්තිය….

゚viralシ

16/06/2026

😡 මොකක්ද මගෙන් කෙරෙන්න ඕන? කියලා අහමුද English වලින්. 🫵
゚viralシ

16/06/2026

ඔයාට වැටහුනාම කාලය පෙර කවරදාටත් වඩා වේගයෙන් ගෙවිලා යනවා කියලා,ඔයා වඩා මෘදු, වඩා කාරුණික, වඩා කෘතඥ වෙනවා.
ඔයා ගෙවන හැම මොහොතකටම වටිනාකම් දෙන්න පටන් ගන්නවා. කතා කරන හැම වචනයකටම බරක් දෙන්න පටන් ගන්නවා.
ඔයා මේ ලෝකේ කවදා හරි දාලා යන දවස වෙනකන්,ඔයා හැම මතකයක්ම හානියක් වෙන්න නොදී අරගෙන යනවා.
ඔයා කැමති ලෝකය වඩා මෘදු වෙනවට, ලෝකය වඩා හෙමින් යනවට.
ඒත් ලෝකයට දැනෙන්නෙ නෑ ඔබේ ඔබේ නිහඬ ප්‍රාර්ථනය.....

゚viralシfypシ゚viralシalシ

14/06/2026

ඔයාගෙ අලුත්ම වාහනයවත් , ඔයාගෙ මන්දිරයක් වගේ ගේවත් , ඔයාගෙ කාන්තිමත් පෙනුමවත් , ඔයාගෙ නම යටින් ගහන සුදුසුකම් ටිකවත් නෙමෙයි ඔයාගේ අඳුරුම මොහොතෙදි ඔයාගෙ මනසට එන්නේ.

ඒ මොහොතෙදි ඔයාගෙ පිහිටට එන්නේ ඔයාගෙ ජීවිත කාලයේ ඔයා අරගෙන ආව මනුශ්‍යත්වය පමනයි.
ඔයා මහන්සියෙන් උපයාගත්ත ද්‍රව්‍යමය සෞභාග්‍යය ගැන ආඩම්බර වෙන එකේ කිසිඳු වරදක් නැහැ.ඒත් ඒ අද්විතීය ජයග්‍රාහී මනුස්සයට මනුශ්‍යත්වය පිරුණු හදවතක් නැත්නම් ලෝකයට එයාව මතක් වේවිද???

゚viralシfypシ゚viralシalシ

11/06/2026

❤️ගාල්ල -SOUTHERN එකේ ඉඳන් නුගේගොඩ -SAKYA එක වෙනකන් අවුරුදු ගාණක් Drive කරා..(වෘත්තිය නිසා) එහෙම නැත්නම්, යාලුවා Drive කරගෙන ගියා. හැබැයි හැමවෙලේම සැලකිලිමත් වුණා කිසිම කෙනෙක් එක්කලා ප්‍රශ්න ඇති නොකරගෙන පාරේ යන්න...
ඉතින් ළමයි English ත් ඉගෙන ගන්න ගමන් කැමතිනම්, ඒකත් පොඩ්ඩක් අහන්න. කොහොම වුනත්, ඔයාට පහසු ක්‍රමය ඔයා තෝරගන්න..

🅾️Altercation ( Confrontation)
වචන හුවමාරුව
🅾️Packed with ( Full of ,Loaded with)
පිරිලා
🅾️Rob ( Strip ,Steal )
මංකොල්ල කනවා / නැති කරනව
🅾️Rage ( Fury , Wrath)
දැඩි කෝපය
🅾️Entire (Complete,total)
සම්පුර්ණ
🅾️Incredible (Unbelievable)
අදහාගන්න බැරි
🅾️Get you nowhere
ඔයාට සාර්ථකත්වයක් ලැබෙන්නේ නැහැ
🅾️Argue (Clash / Scream )
වාද කරගන්නවා / කෑගහන්නවා
🅾️Purely (Obviously ,Clearly)
පාරීශුද්ධ ලෙස / පැහැදිලිව
🅾️Stimulant (Catalyst ,Trigger)
උත්තේජනය
🅾️Cuss words (Swear words,Profanity)
නරක වචන ( කුණුහරප)
🅾️Timidity (Cowardice,Timidness )
බායාදු බව
🅾️Collision (Crash ,Accident)
( ගැටීම / හැප්පීම )
🅾️Amicable (Friendly,Peaceful)
මිත්‍රශීලී

゚viralシfypシ゚viralシalシ

09/06/2026

🫵 ආ.. මට තේරෙනවා... කියලා English වලින් කියමුද?

Want your school to be the top-listed School/college in Panadura?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address

651, Galle Road
Panadura
12500