Panadura අපි

Panadura අපි

Share

Home ,vehicles land ,rent house,vacancies ,free ads service

07/02/2026

බඩගින්නෙ හිටපු බව්රාලලාගේ

කදුලු නිමපු කතාව......

රත්මලානේ රජයේ ආයතනයක කෑම බීම නැතුව ඉන්න බව්රාලලාගේ කතාව ගැන පසුගියදා බොහෝ පිරිසක් අපිට පෞද්ගලිකව යොමුකරල තිබුනා,

ඒ විස්තරය සමාජජාල වල පලකරපු Charuka Wickramasekera ගෙන් ලැබුන ඉල්ලීම මත එම සතුන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබාදෙන්න සහ වන්ද්‍යාකරන සැත්කම් සිදුකරන්න අපි එකගතාවය ලබාදුන්නා, ඒ වෙනුවෙන් අපි එක්ක අත්වැල් බැදගෙන ඉන්න ආදරණීයන් බොහොමයක් එකතු උනා..

ආයතනයේ ඇතුලත සිටින සතුන් වෙනුවෙන් මේ වෙනකොට අවශ්‍ය සහයෝගයන් ලබාදෙන්න පාර්ශවයන් ඉදිරිපත් වෙලා තියෙන නිසා එම සතුන්ට අමතරව ඒ අවට ප්‍රදේශයේ වීදි සුනඛයන් සියයකට ආසන්නව දිනපතා ආහාර ලබාදීම සිදුකරන ශාමලී මහත්මියට අවශ්‍ය සහල් සහ වියලි ආහාර ද්‍යවයන් ලබාදෙන්න අපි කටයුතු කලා, ඊට අමතරව ඒ අවට සිටින සතුන්ට අවශ්‍ය ප්‍රතිකාර සහ සැත්කම් සිදුකිරීමටද අපි බලාපොරොත්තු වෙනව

ස්තූතියි ❤️

මේ වෙනුවෙන් එකතු වෙලා සහයෝගය ලබාදීපු ආදරණීයන් හැමෝටම, වචනෙකින් හරි සහයෝගය ලබාදීපු හැමෝටම

සම්පූර්ණ විස්තරය 👇

https://www.facebook.com/share/p/184uj8ZrZS/

bawbaw.org

07/02/2026

ගෙදරට ගොඩවෙද්දී වෙනදා වගේ දුවගෙන ඇවිත් ඇඟට පනින්න අද කවුරුත් නෑ. මුළු ගෙදරම පුදුම නිශබ්දතාවයක්.

ඒ හිස් කූඩුව... 🏠💔 උදේ පාන්දර නැගිට්ට ගමන් ඉබේම ඇහැ යන්නේ එයා හිටපු කූඩුව පැත්තට. ඒත් එතන අද හිස්. එයා නිදාගත්ත පරණ පැදුර කෑල්ල, එයා කාපු බත් පිඟාන තාම එතනමයි. ඒ දිහා බලද්දී ඇස් දෙකට කඳුළු එනවා. "අනේ මගේ පැටියා" කියලා කෑගහලා අඬන්න හිතෙනවා.

මිනිස්සුන්ට වඩා වටිනාකමක්... ❤️ සමහර වෙලාවට ගෙදර මිනිස්සු එක්ක ප්‍රශ්න ඇතිවෙද්දී, මගේ දුක අහන් හිටියේ ඌ විතරයි. මම පැත්තකට වෙලා අඬද්දී, ළඟට ඇවිත් වලිගෙ වනලා මගේ මූණ ලෙවකද්දී මගේ ඔක්කොම ප්‍රශ්න අමතක වුණා. සතෙක් වුණාට ඌට සමහර මිනිස්සුන්ට වඩා මනුස්සකම තිබුණා.

මැකිලා නොයන මතක... 🐾 තාමත් රෑට දොර රෙද්ද හෙලවෙන සද්දෙට, ගේට්ටුව සෙලවෙන සද්දෙට මම ගැස්සිලා බලනවා "එයා ආවද" කියලා. ඒත් එයා ආයේ කවදාවත් එන්නේ නෑ කියලා මතක් වෙද්දී දැනෙන පාළුව දරාගන්න බෑ.

මේ දුක දන්නේ සතෙක්ට පණ ඇරලා ආදරේ කරපු කෙනෙක් විතරයි. එයාලා යන්නේ අපේ ජීවිතේ කෑල්ලක් අරගෙන.

ඔයාලටත් මේ වගේ නැති වුණු, තාමත් මතක් වෙද්දී ඇඬෙන සුරතලෙක් හිටියද? එයාගේ මතකයක් (Photo එකක්) පහළින් කමෙන්ට් කරගෙන යමු. අපි එයාලව මතක් කරමු. 🐕🥺🙏

Want your school to be the top-listed School/college in Panadura?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address

Panadura