Sri Gunarathana Daham Pasala

Sri Gunarathana Daham Pasala Dhamma School for children living around Kaludewala Village

20/09/2026

2026/09/20 ඉරුදින උදෑසන වතාවත් භාරව තිබූ 02 ශ්‍රේණියේ දරුවන් කිහිපදෙනෙකු සහ ප්‍රාදේශීය තරඟ වලට ඉදිරිපත් වූ දරුවන් කිහිපදෙනෙකු උදෑසන සභාව වෙත ඔවුන්ගේ හැකියාවන් ඉදිරිපත් කල අයුරු ඉතාම අපූරුයි.

12/09/2026

පරිසර මිතුරෝ වැඩසටහන 2026

2026 වසර ශිෂ්‍ය නායක සංසදයේ පරිසර මිතුරෝ සංකල්පය ඔස්සේ 2026 ජූලි මස 26 දින පන්සල් භූමියේ සිදු කරන ලද රුක් රෝපණ වැඩසටහන ඉතා සාර්තක විය. ඒ සඳහා ශිෂ්‍යනායක සංසදය භාර නුවන් පෙරේරා ගුරුතුමා ප්‍රමුඛ ශිෂ්‍යනායක දරුදැරියන් පෙරමුණ ගෙන ක්‍රියා කරන ලදී.

මෙම කර්තව්‍යයයේ තිරසාර පැවැත්ම උදෙසා එම ගස්වැල් අපි හොදින් රැකබලා ගමු!!

පරිසර මිතුරෝ වැඩසටහන 20262026 වසර ශිෂ්‍ය නායක සංසදයේ පරිසර මිතුරෝ සංකල්පය ඔස්සේ 2026 ජූලි මස 26 දින පන්සල් භූමියේ සිදු ක...
12/09/2026

පරිසර මිතුරෝ වැඩසටහන 2026

2026 වසර ශිෂ්‍ය නායක සංසදයේ පරිසර මිතුරෝ සංකල්පය ඔස්සේ 2026 ජූලි මස 26 දින පන්සල් භූමියේ සිදු කරන ලද රුක් රෝපණ වැඩසටහන ඉතා සාර්තක විය. ඒ සඳහා ශිෂ්‍යනායක සංසදය භාර නුවන් පෙරේරා ගුරුතුමා ප්‍රමුඛ ශිෂ්‍යනායක දරුදැරියන් පෙරමුණ ගෙන ක්‍රියා කරන ලදී.

මෙම කර්තව්‍යයයේ තිරසාර පැවැත්ම උදෙසා එම ගස්වැල් අපි හොදින් රැකබලා ගමු!!

2025 වසරේ පැවැත්වූ අන්තර් දහම්පාසල් සිසුනිපුණතා තරඟාවලියේ ප්‍රාදේශීය ප්‍රථමස්තානයත්, දිස්ත්‍රික් ප්‍රථමස්ථානයත්, වසර 36 ...
12/09/2026

2025 වසරේ පැවැත්වූ අන්තර් දහම්පාසල් සිසුනිපුණතා තරඟාවලියේ ප්‍රාදේශීය ප්‍රථමස්තානයත්, දිස්ත්‍රික් ප්‍රථමස්ථානයත්, වසර 36 ක ශ්‍රී ගුණරතන දහම්පාසල් ඉතිහාසයේ ප්‍රථම සමස්ථ ලංකා වරම දිනාගනිමින් 2026 ජූලි මස 25/26 දිනයන්වල හම්බන්තොට දෙබරවැව පැවති සමස්ථ ලංකා දහම්පාසල් තරඟාවලියේ අවසාන ශ්‍රේණි දහම් දැනුම අංශයේ 06 වන ස්තානය දිනා ගනිමින් ශ්‍රී ගුණරතනයට අභිමානයක් එක් කළ අපේ දහම්පාසලේ ප්‍රධාන ශිෂ්‍යනායිකා යෙසඳි බිනාංගා දියණියට දහම්පාසලේ උණුසුම් සුභ පැතුම් එක්කරමු!

06/09/2026

සුභ උදෑසනක් !!
මේ මල් සේ ඔබේ සිතත් සුවඳවත් වේවා!! 🙏

2026.07.26 දින වොලන්ටියර් ශ්‍රී ලංකා (Volunteer Sri Lanka) පදනමේ නිර්මාතෲ ප්‍රමිල පුලෝචන සිල්වා මහතා අප දහම් පාසලේ කාර්‍...
22/08/2026

2026.07.26 දින වොලන්ටියර් ශ්‍රී ලංකා (Volunteer Sri Lanka) පදනමේ නිර්මාතෲ ප්‍රමිල පුලෝචන සිල්වා මහතා අප දහම් පාසලේ කාර්‍යාලීය කළමණාකරන කාර්‍යන් පහසු කරගැනීමටත් නිලධාරී මණ්ඩලයේ සහ දරුවන් ගේ පරිහරණයටත් අත්‍යවශ්‍යව තිබූ ලැප් ටොප් පරිඝණක යන්ත්‍රයක් අප වෙත පරිත්‍යාග කරන ලදී.

එම පරිත්‍යාගය දරුවන්ගේ කුසලතා හඹායන ගුණරතන මෙහෙවර තව තවත් ශක්තිමත් කරනු ඇතැයි අපි අපේක්ෂා කරන අතර එම කණ්ඩායමට අපේ කෘතඥ පූර්වක ස්තූතිය පිරිනමමු!

එලෙසම මෙවන් සමාජ සත්කාර්‍යන්වල තව දුරටත් නියැලීමට ප්‍රමිල සිල්වා මහතා ඇතුළු වොලන්ටියර් ශ්‍රී ලංකා කණ්ඩායමට ශක්තිය දිරිය ලැබේවායි ශ්‍රී ගුණරතනයේ ගරු ප්‍රධානාචාර්‍ය ස්වාමීන් වහන්සේ ඇතුළු ආචාර්‍ය මණ්ඩලය, දෙමාපියන් හා ආදරණීය දූදරුවන් ඉත සිතින් ප්‍රාර්තනා කරමු !! ස්තූතියි ! තෙරුවන්සරණයි !!

16/08/2026

2026/08/02 ඉරුදින උදෑසන වතාවත් භාරව තිබූ 06 ශ්‍රේණියේ දරුවන් කිහිපදෙනෙකු තම පන්තිභාර ගුරුභවතුන් සමග උදෑසන සභාව වෙත ඔවුන්ගේ හැකියාවන් ඉදිරිපත් කල අයුරු ඉතාම අපූරුයි.

16/08/2026

ගුරුසිත නොරිදවා..
වේලාව නොවරදවා..
බැති පෙම් උපදවා..
අකුරු උගනී කුමරු සොඳවා..🙏

පූජේමි බුද්ධං කුසුමේන නේන - පුඤ්ඤෙන මෙතෙන ලබාමි මොක්ඛංපුප්ඵං මිලායාති යථා ඉධංමෙ - කායො තථා යාති විනාස භාවං 🌼🙏 අපේ තථාගත ...
16/08/2026

පූජේමි බුද්ධං කුසුමේන නේන - පුඤ්ඤෙන මෙතෙන ලබාමි මොක්ඛං
පුප්ඵං මිලායාති යථා ඉධංමෙ - කායො තථා යාති විනාස භාවං 🌼🙏

අපේ තථාගත බුදුරජාණන් වහන්සේ වන්දනා කිරීමට දිනපතා දහම්පාසලට මල් රැගෙන එන අපේ දරුවෝ..!

2026.06.28 පොසොන් පොහොය දිනය මුල් කරගනිමින් දහම්පාසලේ වාර්ශික ශීල සමාදාන පින්කම ජූනි මස 28 වන දින ඉතා සාර්ථකව පවත්වන ලදී...
15/08/2026

2026.06.28 පොසොන් පොහොය දිනය මුල් කරගනිමින් දහම්පාසලේ වාර්ශික ශීල සමාදාන පින්කම ජූනි මස 28 වන දින ඉතා සාර්ථකව පවත්වන ලදී. සීල සමාදාන පින්කම දහම්පාසලේ මුල්ගුරුතුමියක් වන ප්‍රියන්ති අන්ද්‍රාදි ගුරුතුමියගේ මග පෙන්වීමෙන් සංවිධානය වූ අතර ඒ වෙනුවෙන් සියළුම ගුරුවරුන් සහ දෙමාපියන් සහය ලබා දුනි.

සීල සමාදාන පින්කමේ උදෑසන හීල් දානය මෙවරත් දහම්පාසලේ ආදි ගුරු චින්තක රන්දිමාල් මහතා හා සබීතා ගුරුතුමිය විසින් ලබා දුනි. වසර ගණනාවක සිට දහවල් දාන වේල ආදි ශිෂ්‍ය ආදි ගුරු සුරංජි ප්‍රනාන්දු මහතාගේ නිවසින් ලබා දුන් අතර අතුරුපස ආදි ශිෂ්‍ය ආදි ගුරු ලක්ෂාන් මහතා සහ විශාදිකා මහත්මිය ලබා දුනි. රේණුකා ගුරුතුමියගේ නිවසින් ගිලන්පස ලබා දුන් අතර ස්වාමීන් වහන්සේ වෙනුවෙන් දැහැත්වට්ටිය දීපාල් වසන්ත ගුරුතුමා විසින් සකස් කොට පූජා කරන ලදී. දහම්පාසලේ ගුරුවරුන් සහ දෙමාපියන් එක්ව පිරිකරද පූජා කරන ලදී. මෙම පුණ්‍යකර්මය සාර්තක කරගැනීමට ඇපකැප වී උදව් උපකාර සිදුකළ සියළුම දෙනාට දහම්පාසල වෙනුවෙන් කෘතඥ පූර්වක ස්තූතිය පුදකරන අතර එම දාන පාරමිතාව හේතු කොටගෙන සියලුම දෙනාට නිදුක් නීරෝගී චිරජීවනය ප්‍රාර්තනා කරමු 🙏

Address

Kaludewala
Panadura

Opening Hours

07:00 - 13:00

Alerts

Be the first to know and let us send you an email when Sri Gunarathana Daham Pasala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share