07/10/2025
𝑜𝑙𝑒𝑢𝑠 ℎ𝑎𝑘𝑔𝑎𝑙𝑒𝑛𝑠𝑖𝑠 (Lamiaceae), ශ්‍රී ලංකාවෙන් නව ශාක විශේෂයක්
--------------------------------------------
ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරය ආශ්‍රිතව Lamiaceae ශාක කුලයට අයත් , 𝐶𝑜𝑙𝑒𝑢𝑠 ශාක ගණයේ නව ශාක විශේෂයක් සොයා ගැනීමට අපගේ පර්යේෂණ කණ්ඩායම වන සුමේධා අබේසේකර, ඕ. එම්. කසුනිකා, නිශාන්ති හළුවන සහ නදුන් නිලංක විසින් සමත් විය. 2024 පෙබරවාරි මස ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ (DNBG) ජාතික ශාකාගාරය විසින්, ජාතික ශාක ගවේෂණ වැඩසටහන යටතේ මෙහෙයවනු ලැබූ නුවරඑළිය දිස්ත්‍රික්කයේ හක්ගල ප්‍රදේශයේ උද්භිද විද්‍යාත්මක ගවේෂණයකදී මෙම සොයා ගැනීම සිදු කරන ලදී. 2013 වසරේ සිට ක්‍රියාත්මක වන ජාතික ශාක ගවේෂණ වැඩසටහන යටතේ ජාතික ශාකාගාර කාර්ය මණ්ඩලය විසින්ම විස්තර කරන ලද ශාක විශේෂයක් ලෙස මෙය ඉතිහාසයට එක් වේ. පසුගිය වසර පුරාවට ශාකාගාරයේ සහකාර අධ්‍යක්ෂ ලෙස මෙම පර්යේෂණ කණ්ඩායම අධීක්ෂණය කිරීමට ලැබීමත් ,කණ්ඩායමේ සාමාජිකයෙකු වීමත් මට මහත් ගෞරවයක් වන අතර මගේ කණ්ඩායමට හෘදයාංගම සුබ පැතුම් පිරිනමමි.
ඒ අනුව නව ශාක විශේෂය උද්භිද විද්‍යාත්මකව මෙසේ නම් කරයි.
𝐶𝑜𝑙𝑒𝑢𝑠 ℎ𝑎𝑘𝑔𝑎𝑙𝑒𝑛𝑠𝑖𝑠 Abeysekara, Kasunika, Haluwana & Nilanka 𝑠𝑝. 𝑛𝑜𝑣. මෙම සොයා ගැනීම අද, ඔක්තෝබර් 30 වන දින, ශාක වර්ගීකරණය විද්‍යාව පිළිබඳ ප්‍රධානතම ජාත්‍යන්තර සඟරාවලින් එකක් වන Phytotaxa සඟරාවේ ප්‍රකාශයට පත් කර ඇත. 2013 වසරේ සිට ශාක ගවේෂණ වැඩසටහන ආරම්භ කල ශාකාගාරයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය සුභානි රණසිංහ මහත්මියටත් DNBG හි සියලුම කාර්ය මණ්ඩල සාමාජිකයින්ටත්, ශාක ගවේෂණය සදහා රක්ෂිතයට පිවිසීමට අවසර ලබාදුන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවටත්, කෘතඥතාවය පුද කරන්නෙමු.
සටහන : නිශාන්ති හළුවන මහත්මියගේ පිටුවෙන්
ඡායාරූපය : සුමේධා අබේසේකර මහත්මිය
✒ Research team: SUMEDHA ABEYSEKARA, OVITI MULLAGE KASUNIKA, NISHANTHI HALUWANA, NADUN NILANKA
🔗 DOI: 10.11646/phytotaxa.670.2.5
➡ Vol. 670 No. 2: 30 Oct. 2024
📰 Published: 2024-10-30
#පරිසර_සමාගම