OL/AL-science

OL/AL-science science for OL and ALs

🛑 වැදගත් කරුණු සටහන් කරගන්න.2024 රසායන විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය පරිගණනමය ප්‍රෝටීන සැලසුම්කරණය වෙනුවෙන් ඇමරිකානු ජ...
23/12/2024

🛑 වැදගත් කරුණු සටහන් කරගන්න.

2024 රසායන විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය පරිගණනමය ප්‍රෝටීන සැලසුම්කරණය වෙනුවෙන් ඇමරිකානු ජාතික ජෛව රසායන විද්‍යාඥ ඩේවිඩ් බේකර් (David Baker) වෙතත්, ප්‍රෝටීන ව්‍යුහ පුරෝකථනය වෙනුවෙන් පරිගණක විද්‍යාඥ ඩේමිස් හසාබිස් (Demis Hassabis) වෙත සහ ජෝන් එම්. ජම්පර් (John M. Jumper) වෙතත් පිරිනමා තිබෙනවා.

සාමාන්‍ය ප්‍රෝටීනයක විවිධ වර්ගයේ ඇමයිනෝ අම්ල 20ක් පමණ තිබෙනවා. මේවා ජීවයේ තැනුම් ඒකක ලෙස හැඳින්විය හැකියි. 2003 දී මේ තැනුම් ඒකක යොදාගනිමින් නවතම ව්‍යුහයකින් යුතු ප්‍රෝටීනයක් තනන්නට ඩේවිඩ් බේකර් සමත් වුණා. එතැන් පටන් ඔහු ප්‍රමුඛ පර්යේෂණ කණ්ඩායම් විවිධ අවශ්‍යතාවන්ට සරිලන ප්‍රෝටීන ගණනාවක් සැලසුම් කරන්නට සමත් වුණා. මේවා ඖෂධ, වැක්සීන, නැනෝ ද්‍රව්‍ය සහ කුඩා ප්‍රමාණයේ සංවේදක තැනීම සඳහා ඉවහල් වී තිබෙනවා. බේකර් මේ වන විට වොෂිංග්ටන් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකු ලෙස කටයුතු කරනවා.

Google DeepMind සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා වන ඩේමිස් හසාබිස් හා එහි ම පර්යේෂණ විද්‍යාඥයෙකු ලෙස කටයුතු කරන ජෝන් එම්. ජම්පර් 2020 වසරේ දී AlphaFold2 නමින් යුතු සුවිශේෂ වූ කෘත්‍රිම බුද්ධි මොඩලයක් හඳුන්වා දුන්නා. එහි උපකාරයෙන් දැනට විද්‍යාඥයන් විසින් හඳුනාගනු ලැබ ඇති ප්‍රෝටීන මිලියන 200ක පමණ ව්‍යුහය කෙසේ දැ යි පුරෝකථනය කිරීමේ හැකියාව ලැබුණා. එහි ආගමනයත් සමඟ ප්‍රෝටීන හඳුනාගැනීම කෙරේ ඇති වූ විප්ලවීය වෙනස අද්විතීය බව විද්වත් මතයයි. AlphaFold2 මේ වන විට රටවල් 190ක සිටින පුද්ගලයන් දෙ මිලියනයක් පමණ පරිශීලනය කර තිබෙනවා.

ත්‍යාගය ලෙස පිරිනැමෙන ස්විඩන ක්‍රෝනර් මිලියන 11 ක මුදලෙන් හරි අඩක් ඩේවිඩ් බේකර් වෙතත් ඉතිරි අඩ හසාබිම් හා ජම්පර් වෙතත් බෙදී යනු ඇති.

උපුටා ගැනීම විදුසර පුවත්පත ඇසුරෙන්..

Address

139/1 Namal Mavatha, Paraththa, Keselvaththa
Panadura
12500

Website

Alerts

Be the first to know and let us send you an email when OL/AL-science posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share