𝐒𝐫𝐢 𝐩𝐮𝐧𝐲𝐨𝐝𝐚𝐲𝐚 𝐝𝐡𝐚𝐦𝐦𝐚 𝐬𝐜𝐡𝐨𝐨𝐥.

  • Home
  • Sri Lanka
  • Panadura
  • 𝐒𝐫𝐢 𝐩𝐮𝐧𝐲𝐨𝐝𝐚𝐲𝐚 𝐝𝐡𝐚𝐦𝐦𝐚 𝐬𝐜𝐡𝐨𝐨𝐥.

𝐒𝐫𝐢 𝐩𝐮𝐧𝐲𝐨𝐝𝐚𝐲𝐚 𝐝𝐡𝐚𝐦𝐦𝐚 𝐬𝐜𝐡𝐨𝐨𝐥. මා නිවතත අභිකඛම

19/06/2026

✨️දාන සූත්‍රය✨

98. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී.

1. මහණෙනි, ආමිසදානය ධර්‍මදානයැ යි මේ දාන දෙකෙකි. මහණෙනි, මේ දාන දෙක අතුරෙන් යම් ධර්‍මදානයෙක් වේ නම් මෙය අග්‍ර‍ ය. මහණෙනි, ආමිසසංවිභාගය ධර්‍මසංවිභාගයැ යි මේ සංවිභාගයෝ දෙදෙනෙකි. මහණෙනි, මේ සංවිභාග දෙක අතුරෙන් යම් ධර්‍මසංවිභාගයෙක් වේ නම් මෙය අග්‍ර‍ය. මහණෙනි, ආමිස අනුග්‍ර‍හය ධර්‍මානුග්‍ර‍යැ යි මේ අනුග්‍ර‍හ දෙ‍කෙකි. මහණෙනි, මේ අනුග්‍ර‍හ දෙක අතුරෙන් ධර්‍මානුග්‍ර‍හය යන යමෙක් වේ නම් මෙය අග්‍ර‍ය.

භාග්‍යවත්හු මෙ කරුණ වදාළහ. එහි අර්ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:

2. “භගවත්හු උතුම් වූ නිරුත්තර වූ යම් දානයක් වදාළ ද, (උතුම්) යම් දානසංවිභාගයක් වැණුහු ද, අග්‍ර‍ වූ පින්කෙතෙහි පහන් සිත් ඇති, මැනැවින් අනුසස් දන්නා, කවර නම් නුවණැත්තෙක් සුදුසු කල්හි ඒ දන් නො දෙන්නේ ද,

3. බුදුරදුන්ගේ ශාසනයෙහි පහන් සිත් ඇති යම් (දෙශක) කෙනෙක් කියද්ද, යම් (ප්‍ර‍තිග්‍රාහක) කෙනෙකුත් අසද්ද, ඒ දෙ පක්‍ෂය පිළිබඳ ධර්‍මදානාදි පරමාර්ථය (ක්ලේශමල විශොධනයෙන්) පිරිසිදු වෙයි. යම් කෙනෙක් බුද්ධානුශාසනයෙහි අප්‍ර‍මත්ත වෙත් නම් (ඔවුන්ගේ) පරමාර්ථය (අර්හත්ත්‍වඵලවිශුද්ධියෙන්) අතිශයින් පිරිසිදු වේ.”

මෙ කරුණ ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදී.

https://www.thripitakaya.org/tipitakaya/Index/661?s=21395

✨️ත්‍රෛවිද්‍යා සූත්‍රය✨️

99. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී.

1. මහණෙනි, මම් (සම්‍යක්ප්‍රතිපත්ති සඞ්ඛ්‍යාත) කාරණයෙන් ත්‍රිවිද්‍යා ඇතියහු බ්‍රාහ්මණයා කොට පණවමි. (අට්ටකාදි ඍෂීන්) කී දෑ කියන පමණින් ත්‍රෛවිද්‍යායාගෙන් අන්‍ය වු එකකු බ්‍රාහ්මණ කොට නො පණවමි.

මහණෙනි, කෙසේ නම් කාරණයෙන් ත්‍රෛවිද්‍යාක බ්‍රාහ්මණයා පණවම් ද, ලපිතලාපන මාත්‍රයෙන් නො පණවම් ද?

මහණෙනි, මේ ශාසනයෙහි යම් මහණෙක් නන්වැදෑරුම් වූ පෙරැ විසූ කඳපිළිවෙළ සිහි කෙරෙයි: ඒ මෙසේ යි. එක් ජාතියක් ද, දෙ ජාතියක් ද, තුන් ජාතියක් ද, සිවු ජාතියක් ද, පස් ජාතියක් ද, දස ජාතියක් ද, විසි ජාතියක් ද, තිස් ජාතියක් ද, සතළිස් ජාතියක් ද, පනස් ජාතියක් ද, සියක් ජාතියක් ද, දහස් ජාතියක් ද, සියදහස් ජාතියක් ද, නොයෙක් නැසෙන කල්පයන් ද, නොයෙක් වැඩෙන කල්පයන් ද, නොයෙක් නැසෙන වැඩෙන කල්පයන් ද, අසෝ තැනැ වීමි. එහි මෙ නම් ඇත්තේම් වීමි. මෙනම් ගොත්‍ර‍ ඇත්තෙම් වීමි. මෙබඳු පැහැ ඇත්තෙම් වීමි, මෙබඳු අහර ඇත්තෙම් වීමි, මෙබඳු සැප දුක් විඳින්නෙම් වීමි, මෙබඳු අහර ඇත්තෙම් වීමි, මෙබඳු සැප දුක් විඳින්නෙම් වීමි, මෙබඳු ආයු සීමාවක් ඇත්තෙම් වීමි. ඒ මම් එයින් සැව මෙහි උපනිමි යි මෙසේ ආකාර සහිත ව, උදෙසීම් සහිතව, නන් වැදෑරුම් පෙර වුසූ කඳපිළිවෙළ සිහි කෙරෙයි. ඔහු විසින් මේ පළමු වන විද්‍යාව ලද්දේ ය. ඔහුගේ පූර්වේනිවාසය වසා ලන මොහය නැසුනේ ය., (පූර්වේනිවාසය දැන ගන්නා) විද්‍යාව පහළ විය. මොහඳුර නැසින. විද්‍යාලෝකය උපන. අප්‍ර‍මත්ත ව කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇති ව කායජීවිතයෙහි අපේක්‍ෂා රහිත ව, වසන්නකුට යම්සේ ද එසේ ය.

මහණෙනි, නැවත අනෙකක් කියමි: ඒ මහණ තෙමේ පිරිසුදුවූ මිනිසැස ඉක්මැ පැවැත්තාවූ දිවැසින් චුත වන්නාවූ ද, උපදින්නාවූ ද, (ජාතිගොත්‍රාදියෙන්) හීන වූ ද (ජාතිගොත්‍රාදියෙන්) ප්‍ර‍ණීත වූ ද, මන වඩන රූසපුව ඇත්තාවූ ද, විරූපවර්‍ණ ඇත්තාවූ ද, යහපත් ගති ඇත්තාවූ ද, නපුරුගති ඇත්තාවූ ද, සත්ත්‍වයන් දකී කම් වූ පරිද්දෙන් (ඒ ඒ භවයට) ගියාවූ සත්ත්‍වයන් දනියි: පින්වත් මේ සත්ත්‍වයෝ කායදුශ්චරිතයෙන් යුක්තවූවාහු, වාග්දුශ්චරිතයෙන් යුක්ත වූවාහු, මනොදුශ්චරිතයෙන් යුක්ත වූවාහු, ආර්‍ය්‍යයන්ට උපවාද කරන්නාහු, මිථ්‍යාදෘෂ්ටි ඇත්තාහු, මිථ්‍යාදෘෂ්ටිකර්‍ම සමාදන් කොට ගත්තාහු වෙත්. ඔහු තුමූ කායභෙදයෙන් මරණින් මතු සැපයෙන් පහ වූ නපුරු ගති ඇති විවශ ව පතිත වන නිරයට පැමිණියාහ. මේ භවත් සත්ත්‍වයෝ කායසුචරිතයෙන් සමන්විත වූවාහු, වාක්සුචරිතයෙන් යුක්ත වූවාහු, මනඃසුචරිතයෙන් යුක්ත වූවාහු ආර්‍ය්‍යයන්ට උපවාද නොකරන්නාහු සම්‍යග්දෘෂ්ටි ඇත්තාහු සම්‍යග්දෘෂ්ටිකර්‍මසමාදානය ඇත්තාහු වෙත්. ඔහු තුමූ කායභෙදයෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්‍ගලොකයෙහි උපන්නාහු යි. මෙසේ මිනිසැස ඉක්ම පැවැත්තාවූ පිරිසිදු වූ දිවැසින්, චුත වන්නාවූ ද, උපදින්නාවූ ද, හීනවූ ද, ප්‍ර‍ණීත වූ ද යහපත් වර්‍ණ ඇත්තාවූ ද, දුර්‍වණවූ ද යහපත් ගති ඇත්තාවූ ද නපුරු ගති ඇත්තාවූ ද සත්ත්‍වයන් දකියි. කම් වූ පරිද්දෙන් (ඒ ඒ භවයට) ගියා වූ සත්ත්‍වයන් දනියි. ඔහු විසින් මේ දෙවෙනි (දිබ්බචක්ඛූ) විද්‍යාව ලබන ලද්දේ වෙයි. (ච්‍යුතිප්‍ර‍තිසන්‍ධිප්‍ර‍තිච්ඡාදක) අවිද්‍යාව නැසිණ. විද්‍යාව උපන. මොහඳුර නසන ලදී. විද්‍යාලොකය උපන. අප්‍ර‍මත්ත වූ, වීර්‍ය්‍යයෙන් යුත්, කාය ජීවිත දෙක්හි නිරපේක්‍ෂ වැ වසන්නකුට යම්සේ ද, එමෙනි.

මහණෙනි, නැවත අනෙකක් කියමි: ඒ මහණ තෙමේ ‍ආස්‍රවයන් ක්‍ෂය කිරීමෙන් ආස්‍ර‍ව රහිත වූ, ඵලසමාධිය ද ඵලප්‍ර‍ඥාව ද මේ අත්බැව්හිදී ම තෙමේ ම විශිෂ්ට ඥානයෙන් දැන, ප්‍ර‍ත්‍යක්‍ෂ කොට, එයට පැමිණ වෙසෙයි. ඔහු විසින් මේ තෙවෙනි (අර්හත්ත්‍වමාර්‍ග) විද්‍යාව ලබන ලද්දේ වෙයි. (චතුස්සත්‍යප්‍ර‍තිච්ඡාදක) අවිද්‍යාව නැසින. මොහඳුර නසන ලදී. විද්‍යාලොකය උපන. අප්‍ර‍මත්ත ව වීර්‍ය්‍යයෙන් යුත් හරණ ලද ආත්ම ස්නේහය ඇති ව වසන්නහුට යම්සේ ද එමෙනි.

මහණෙනි, මෙසේ වනාහි මම් කාරණයෙන් ත්‍රෛවිද්‍යාක බ්‍රාහ්මණයා පණවමි. පෙර සිටි ඍෂීන් කියන ලද්ද කී පමණින් ත්‍රෛවිද්‍යාකයාගෙන් අන්‍ය වූ එකකු බමුණකු කොට නො පණවමි.

මෙ කරුණ භාග්‍යවත්හු වදාළහ. එහි මේ අර්ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:

2. “යම් ක්‍ෂීණාස්‍ර‍වයෙක් තෙම පෙර වුසූ කඳපිළිවෙළ දනී ද, ස්වර්‍ගය හා අපාය (දිවැසින්) දකී ද, යලි විශිෂ්ට ඥානයෙන් දැන (සිවුමගින්) කටයුතු නිම කළේ ද, අර්හත්ත්‍වඵලයට පැමිණියේ ද,

3. මේ ත්‍රිවිද්‍යාව කරණ කොට ගෙණ බ්‍රාහ්මණ තෙම ත්‍රෛවිද්‍යාක වේ. මම් ඔහු ත්‍රිවිද්‍යාවෙන් යුක්ත යැ යි කියමි. පෙරැ සිටියන් විසින් කියන ලද වචන කීම් මාත්‍රයෙන් ත්‍රෛවිද්‍යාකයාගෙන් අන්‍ය වූ එකකු (බ්‍රාහ්මණ කොට) නො කියමි.”

මෙ කරුණ ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදී.

✨️️තථාගත ශ්‍රී සද්ධර්මය✨️

https://www.thripitakaya.org/tipitakaya/Index/147

https://www.thripitakaya.org/tipitakaya/Index/969?s=23487


https://play.google.com/store/apps/details?id=lk.pitaka.books ,

https://tipitaka.lk/library/462

🪔තෙරුවන් ගුණ දැන ගැනීමට හා සරල දහම් කරුණු සඳහා
https://tipitaka.lk/library/513
https://tipitaka.lk/library/502
https://tipitaka.lk/library/492

https://pitaka.lk/dhammapada/index-old.html -8

🪔ධම්මපද කතා

https://pitaka.lk/dhammapada/index-old.html -8

https://pitaka.lk/dhammapada/vagga-8.html

🪔අභිධර්මයේ මූලික කරුණු දැනගැනීමට
https://tipitaka.lk/library/485
https://tipitaka.lk/library/484
https://tipitaka.lk/library/486

🪔චතුරාර්ය සත්‍යය
https://tipitaka.lk/library/491

🪔පටිච්ච සමුත්පාදය
https://tipitaka.lk/library/495

🪔නිවන
https://tipitaka.lk/library/493

🪔කෙලෙස්
https://tipitaka.lk/library/489
https://tipitaka.lk/library/507

🪔විදර්ශනා භාවනාව
https://tipitaka.lk/library/511
https://tipitaka.lk/library/508
https://tipitaka.lk/library/490

🪔සත්තිස් බෝධිපාක්ෂික ධර්ම
https://tipitaka.lk/library/501
https://pitaka.lk/bjt?b=13&p=427

🪔කාමයන්ගේ ආදීනව සහ දුක්ඛාර්ය සත්‍යය
https://pitaka.lk/bjt?b=13&p=201
https://pitaka.lk/bjt?b=13&p=2

විනය පිටකය
https://www.thripitakaya.org/tipitakaya/Index/8?s=23652

දීඝ නිකාය
https://www.thripitakaya.org/tipitakaya/Index/45?s=6

මජ්ඣිම නිකාය
https://www.thripitakaya.org/tipitakaya/Index/37

සංයුත්ත නිකාය
https://www.thripitakaya.org/tipitakaya/Index/16

අංගුත්තර නිකාය
https://www.thripitakaya.org/tipitakaya/Index/160

ඛුද්දක නිකාය
https://www.thripitakaya.org/tipitakaya/Index/621?s=21196

අභිධර්ම පිටකය
https://www.thripitakaya.org/tipitakaya/Index/721

බුද්ධ ජයන්ති ත්‍රිපිටකය

https://tipitaka.lk/library/
https://tipitaka.lk/library/327

මෙම පුස්තකාලය තුළ පොත් සෙවීම සඳහා ඉහත කොටුව තුළ සෙවුම් පද යොදන්න.
https://tipitaka.lk/library/

බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව යුනිකේතයට හරවා උතුම් වූ ධර්ම දානයක් ලෙස සදහම් පිපාසාවෙන් සිටින සියළුම දෙන.....

07/06/2026

✨️ ප්‍රධාන ශිෂ්‍යය නායිකාව නායකත්වය හා තම පිරිසට පැවරී ඇති වගකීම් පිලිබදව පහදා දෙමින් ✨️

07/06/2026

මහවිල කනිෂ්ඨ විද්‍යාලයේ ආචාර්ය සෙවනගල සුනන්ද ස්වාමීන් වහන්සේගේ නායකත්වය පිළිබඳ දේශනය.✨️

07/06/2026

ප්‍රධාන ශිෂ්‍යය නායිකාව නායකත්වය සහ තම පිරිසට පැවරි ඇති වගකීම් පිළිබද පහදා දෙමින්...✨️

ශිෂ්‍යය නායක නායිකා නිල ලාංඡන පැළදවීම 𝟮𝟬𝟮𝟲
07/06/2026

ශිෂ්‍යය නායක නායිකා නිල ලාංඡන පැළදවීම 𝟮𝟬𝟮𝟲

✨ ️𝟮𝟬𝟮𝟲 වසර සදහා තේරී පත් වූ නව ශිෂ්‍යය නායක මණ්ඩලයට ප්‍රධානාචාර්‍ය් ස්වාමීන් වහන්සේ ගේ හා ආචාර්ය මණ්ඩලයේ හදපිරි සුභ පැත...
07/06/2026

✨ ️𝟮𝟬𝟮𝟲 වසර සදහා තේරී පත් වූ නව ශිෂ්‍යය නායක මණ්ඩලයට ප්‍රධානාචාර්‍ය් ස්වාමීන් වහන්සේ ගේ හා ආචාර්ය මණ්ඩලයේ හදපිරි සුභ පැතුම් ✨️

19/04/2026

✨️ සිරි පුන් සූර්ය උදානයේ මෙවර සිගිති අවුරුදු කුමරා සහ කුමරිය ✨️

16/04/2026

✨️ සිරි පුන් සූර්ය උදානය - 2026 ✨️

14/04/2026

✨️ සිරි පුන් සූර්ය උදානයේ විශේෂ අවස්ථා ✨️

Address

Sri Punyodyaramaya, Wanduramulla
Panadura
12500

Website

Alerts

Be the first to know and let us send you an email when 𝐒𝐫𝐢 𝐩𝐮𝐧𝐲𝐨𝐝𝐚𝐲𝐚 𝐝𝐡𝐚𝐦𝐦𝐚 𝐬𝐜𝐡𝐨𝐨𝐥. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share