AtoZscience

AtoZscience Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from AtoZscience, Education, Madupitiya, Panadura.

Behind every great learning experience is a dedicated team working together. 💙We’re proud to introduce the people behind...
17/08/2026

Behind every great learning experience is a dedicated team working together. 💙

We’re proud to introduce the people behind AtoZScience — a team bringing together teaching expertise, academic knowledge, creativity, technology and quality educational resources.

* Pameera Lakdiv — Owner
* Wathsala Arawindi Diassanayake — Paper Maker
* A.H. Dasun Adhikari — Social Media Manager
* Lakshan Fernando — Resources Contributor

Together, we work to make learning clearer, smarter, more engaging and more meaningful for every student.

AtoZScience CREW

GRADE 6 STARTER PROGRAMME  2027 5 ශ්‍රේණියෙන් 6 ශ්‍රේණියට පියවර තබන ඔබේ දරුවා වෙනුවෙන් විශේෂ මූලික වැඩසටහනක් ! 6 ශ්‍රේණි...
17/08/2026

GRADE 6 STARTER PROGRAMME 2027
5 ශ්‍රේණියෙන් 6 ශ්‍රේණියට පියවර තබන ඔබේ දරුවා වෙනුවෙන් විශේෂ මූලික වැඩසටහනක් !

6 ශ්‍රේණියේ සිට අලුතෙන් එක්වන විද්‍යාව විශයට, 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් පසු 2026 වසරේ ඉතිරි මාස කිහිපය නිකරුණේ ගත නොකර, දැන් සිටම සූදානම් වීමට ඔබේ දරුවාට අවස්ථාව ලබා දෙන්න.

මෙම වැඩසටහන තුළින්,

🔹 6 ශ්‍රේණියේ විද්‍යා විෂයට අවශ්‍ය මූලික දැනුම
🔹 නව විෂය නිර්දේශයට හුරු කිරීම
🔹 විද්‍යාත්මක සිතීමේ හැකියාව වර්ධනය කිරීම
🔹 සරල හා රසවත් ප්‍රායෝගික ක්‍රියාකාරකම්
🔹 6 ශ්‍රේණියට විශ්වාසයෙන් පියවර තැබීමට අවශ්‍ය මූලික සූදානම

ආරම්භය - අගෝස්තු 18වන අඟහරුවාදා දහවල් 12.30 - 2.00 දක්වා.

*අගෝස්තු මාසය සම්පූර්ණයෙන්ම නොමිලේ !*

Grade 6 starter programme | 2027
NETHYA EDUCATIONAL INSTITUTE

වැඩි විස්තර සඳහා අපව සම්බන්ධ කරගන්න
0764459883

Conducting by :- Pameera Lakdiv (HND in psychology and counseling, Diploma in Criminology, Undergraduate Bsc )

15/08/2026

මැග්නීසියම් (Mg) පටියක් වාතයේ දහනය.

මැග්නීසියම් වාතයේ ඇති ඔක්සිජන් සහ නයිට්‍රජන් සමග ප්‍රතික්‍රියා කර මැග්නීසියම් ඔක්සයිඩ් සහ මැග්නීසියම් නයිට්‍රයිට් සාදයි.

මැග්නීසියම් ඔක්සයිඩ් භාශ්මික වන අතර එය ජලය සමග මිශ්‍ර කිරීමෙන් මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් ලබාගත හැක. 🇱🇰

14/08/2026
09/08/2026

Elephant toothpaste හෙවත් අලි දත් බෙහෙත් නිර්මාණය වන හැටි ඔබ දන්නවාද?

හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්, පොටෑසියම් පර්මැංගනේට් සමග ප්‍රතික්‍රියා කර නිපදවන ඔක්සිජන් වායුව සබන් තුළ සිරවීමෙන් මේවා නිපදවේ.

Practical සමග විද්‍යාව

🇱🇰

08/08/2026

🦋 බත්කූරකු සංරක්ෂණය කිරීම | Dragonfly Preservation

ස්වභාවිකව ලැබෙන ජීවී ආකෘති අධ්‍යයන කටයුතු සඳහා සංරක්ෂණය කරන ආකාරය. 🧪🦋

2026 අ.පො.ස. සාමාන්‍ය පෙළ සිසුන් සඳහා රාවතාවත්ත නෙත්‍යා අධ්‍යාපන ආයතනයේ කාලසටහන. Theory - ඉරිදා - 3.00 සිට 5.00 දක්වා   ...
04/08/2026

2026 අ.පො.ස. සාමාන්‍ය පෙළ සිසුන් සඳහා රාවතාවත්ත නෙත්‍යා අධ්‍යාපන ආයතනයේ කාලසටහන.
Theory - ඉරිදා - 3.00 සිට 5.00 දක්වා
අඟහරුවාදා - 9.00 සිට 1.00 දක්වා

Paper - බ්‍රහස්පතින්දා - 10.00 සිට 1.00 දක්වා

වැඩි විස්තර සඳහා - 076 445 9883

03/08/2026
30/07/2026

ඔබේ දරුවාටත් වටිනා අවස්ථාවක්❤️🔥
Nethya Educational Institute
0766313418

ඉගෙනීම (Learning) යනු කුමක්ද?"ඉගෙනීම" කියන වචනය ඇසූ විට බොහෝ දෙනෙකුට මතක් වෙන්නේ පාසල, පොත්පත් සහ විභාගයි. නමුත් මනෝවිද්...
29/07/2026

ඉගෙනීම (Learning) යනු කුමක්ද?

"ඉගෙනීම" කියන වචනය ඇසූ විට බොහෝ දෙනෙකුට මතක් වෙන්නේ පාසල, පොත්පත් සහ විභාගයි. නමුත් මනෝවිද්‍යාවට අනුව ඉගෙනීම යනු ඊට වඩා පුළුල් සංකල්පයකි.

ඉගෙනීම (Learning) යනු අත්දැකීම්, පුහුණුව හෝ නිරීක්ෂණය හේතුවෙන් පුද්ගලයෙකුගේ දැනුම, කුසලතා, හැසිරීම් හෝ ආකල්පවල සාපේක්ෂව ස්ථිර වෙනසක් ඇති වීම ලෙස අර්ථ දැක්විය හැකිය.

සරලව කිව්වොත්, අපි අලුත් දෙයක් ඉගෙන ගන්නවා, එය මතකයේ තබාගන්නවා, පසුව එය ජීවිතයේ භාවිත කරනවා. ඒ ක්‍රියාවලිය තමයි ඉගෙනීම.

අපි ඉගෙන ගන්නේ කොහොමද?

ඉගෙනීම සිදුවන්නේ විවිධ ආකාරවලින්.

අධ්‍යයනය කිරීමෙන් – පොත් කියවීම, පාඩම් කිරීම, පර්යේෂණ කිරීම.

නිරීක්ෂණයෙන් – වෙනත් අය කරන දේ බලා අනුකරණය කිරීම.

අත්දැකීම්වලින් – සාර්ථක වීමෙන් මෙන්ම වැරදි කිරීමෙන්ද.

සන්නිවේදනයෙන් – ගුරුවරුන්, දෙමාපියන්, මිතුරන් සහ සමාජය සමඟ අන්තර්ක්‍රියා කිරීමෙන්.

ඉගෙනීමේ වැදගත්කම

ඉගෙනීම නිසා,

- නව දැනුම ලබාගත හැකිය.
- ගැටලු විසඳීමේ හැකියාව වර්ධනය වේ.
- ජීවිතයට අනුවර්තනය වීම පහසු වේ.
- වෘත්තීය හා අධ්‍යාපනික සාර්ථකත්වය වැඩි වේ.
- තීරණ ගැනීමේ හැකියාව දියුණු වේ.

ඉගෙනීමේදී මතකයේ කාර්යභාරය

අද ඉගෙන ගත් දෙයක් හෙට මතක නැත්නම්, එය සම්පූර්ණ ඉගෙනීමක් නොවේ. ඒ නිසා මතකය (Memory) සහ ඉගෙනීම (Learning) එකිනෙකට සමීපව සම්බන්ධ වේ.

ඉගෙන ගත් තොරතුරු මොළයේ කේතනය වී, ගබඩා වී, අවශ්‍ය විට නැවත මතක් කරගත හැකි වීම සාර්ථක ඉගෙනීමේ වැදගත් අංගයකි.

💡 ඉගෙනීම වැඩිදියුණු කරන පුරුදු

හොඳ නින්දක් ලබාගන්න.

එක දිගට පැය ගණන් පාඩම් කරනවාට වඩා කෙටි කාල පරාසවලින් පාඩම් කරන්න.

කියවීම පමණක් නොව, ඔබේම වචනවලින් පැහැදිලි කිරීමට උත්සාහ කරන්න.

නිතර පුනරාවර්තනය කරන්න.

ප්‍රශ්න විසඳන්න සහ ඔබම ඔබව පරීක්ෂා කරන්න.

ඉගෙන ගන්නා දේ සැබෑ ජීවිතයට සම්බන්ධ කරන්න.

*ඉගෙනීම පිළිබඳ වැරදි අදහස්*

* "බුද්ධිමත් අය විතරයි හොඳට ඉගෙන ගන්නේ."

ඇත්ත නොවේ. නිවැරදි ක්‍රම, පුහුණුව සහ කැපවීම ඉගෙනීමේ සාර්ථකත්වයට ඉතා වැදගත් වේ.

* "කටපාඩම් කළාම හොඳට ඉගෙන ගන්න පුළුවන්."

තේරුම් ගෙන ඉගෙනීම, අර්ථවත් ලෙස සම්බන්ධ කරගෙන ඉගෙනීම සහ නිතර පුනරාවර්තනය කිරීම දිගුකාලීනව වඩා ප්‍රයෝජනවත් වේ.

ඉගෙනීම යනු පාසලේදී හෝ විශ්වවිද්‍යාලයේදී පමණක් සිදුවන දෙයක් නොවේ. අපි ජීවිතයේ සෑම දිනකම, සෑම අත්දැකීමකින්ම, සෑම සංවාදයකින්ම සහ සෑම වැරැද්දකින්ම ඉගෙන ගනිමු.

ඉගෙනීම යනු ජීවිතය වෙනස් කරන, කිසිදා අවසන් නොවන ගමනකි.

/lscience

Address

Madupitiya
Panadura

Website

Alerts

Be the first to know and let us send you an email when AtoZscience posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share