Atamagala tv

Atamagala tv

Share

𝓣𝓱𝓲𝓼 𝓲𝓼 𝓪𝓷 𝓔𝓭𝓾𝓬𝓪𝓽𝓲𝓸𝓷𝓪𝓵 𝓪𝓷𝓭 𝓔? Subscribe from Youtube - https://www.youtube.com/c/atamagalatv

Photos from InnoEvents's post 27/02/2024
Photos from Kuru Kuru Plants's post 15/01/2021

වෙනස් විදිහේ තෑග්ගක්. 🌵
Bambo Poted Cactus and Plants

Fb. - Kuru Kuru Plants
IG. -
Whatsapp - +94712454289

* Delivery available around Colombo, Kaluthara & Horana

* Deliveries around Panadura "Totally Free" 🌵💙

🌵 Limited Stock❤️
Order your plant just now 😉

12/01/2021

ᴋᴜʀᴜ ᴋᴜʀᴜ ᴘʟᴀɴᴛ ɴᴜʀꜱᴇʀʏ

Order your Lucky Plants from us 🌵

පොඩි වෙනසක් කරමු ද ?
ඔබේ ආදරණීයයන්ට ඉතා වටිනා තෑග්ගක් ලබා දෙමු.
ලකී ප්ලාන්ට් එකක් තෑගි කරමු !!!

Call | Whats app | Viber - 0712454289
Facebook - https://www.facebook.com/kuru.kuru.plants/
Instagram - kuru.kuru.plants

Photos 04/01/2021

**උපුටා ගන්නා ලදී**
කාලි අම්මාගේ "ශ්‍රී ලංකන් වර්ෂන් එක" පැණි කාලී..! ලෝකෙටම එකයි, මේඩ් ඉන් ශ්‍රී ලංකා..!

-ආචාර්ය සිරිනිමල් ලක්දුසිංහ ලියයි.

*

"කොරෝනා වලට කාලි අම්මා දීපු වට්ටෝරුවකින් පැණියක් හදලා කියන්නේ ඇත්තද?"

පහුගිය දවස් වල දහ පහලොස් දෙනෙක් නැත්නම් ඊටත් වැඩි දෙනෙක් මගෙන් ඔය ප්‍රශ්නය අහන්න ඇති. ඒත්, ඔය වගේ ප්‍රශ්නයක් මගෙන් අහන්න හේතුව මටත් මුලදී ප්‍රශ්නයක් වුණා. එතකොට ඒ කීප දෙනෙක්ම කිව්වේ ඔබ තුමා කාලයක් ජාතික කෞතුකාගාර අධ්‍යක්ෂ වෙලා හිටපු හින්දා ඔය ගැන දන්නවා ඇතිනේ කියලයි. ඒ එක්කම කාලි අම්මා ලෙඩ සුව කරන කතාව කෞතුකාගාර පුස්තකාලයේ තියන පරණ පුස්කොළ පොත් වල ඇතිනේ කියලත් සමහරු කිව්වා. ඒත්, ඉතින් කෞතුකාගාර පුස්තකාලයේ තියන හැම පරණ පුස්කොළ පොතක්ම මම කියවලා නැහැ තමයි. නමුත්, කාලි බෙහෙත් කියලා ලෙඩ්ඩු සනීප කරපු කතාවක් ඒ කිසිම පුස්කොළ පොතක ඇතියි කියලා මම හිතන්නේ නැහැ.

හැබැයි කොළඹ ජාතික කෞතුකාගාරේ පොලොන්නරු යුගයට අයිති ශෛලමය කාලි ප්‍රතිමාවක් නම් තියනවා. ඒකෙත් යට කොටසට හානි වෙලා. කොහොමත් මේ දවස් වල රටේ පැන නැඟිලා තියන කාලි පැණි උන්මාදය මුල් කරගෙන උන්දෑ ගැන මං දන්න වංහුං ටිකක් හෙලි කරන්න මට හිතුණා.

කාලි ගැන වං හුං..
කාලි කියන්නේ ඉන්දියානු සංස්කෘතියට අයිති දෙවඟනක්. ඉන්දියානු හින්දු දේව ත්‍රිමුර්තියේ මුලටම එන ශිව හඳුන්වන්නේ මහා කාල කියලයි. කාලි කියන්නේ මේ මහා කාලගේ එක අවතාරයක් කියන එක තමයි ප්‍රකටම මතය. නමුත් මෙතනදී අවතාර කියන්නේ ඒ දෙවියන්ගේ එක්තරා දිව්‍යමය ස්වරූපයකට මිසක් අපේ රටේ ව්‍යවහාර වෙන විදිහට හොල්මන් අවතාර වලට එහෙම නෙවෙයි. ශිව දෙවියන්ගේ අවතාරයක් වුණු කාලිටත් වෙනම අවතාර, ඒ කියන්නේ ස්වරූපයන් දොලහක් තියනවා කියලා හින්දු දේව කතාවල සඳහන් වෙනවා.

ඒ දොලහ ආදිය කාලි, චින්තාමනී කාලි, සන්තිති කාලි, සිද්ධිකාලි, දක්ෂිණ කාලි, භද්‍ර කාලි, ශ්මාසන කාලි, අධර්වන කාලි, කම්කාල කාලි, ගුප්ත කාලි, හම්ස කාලි, කාලසංකර්ශිනී කාලි විදිහට හඳුන්වන්න පුළුවන්.

අපේ රටේ ජන විශ්වාස වලට අනුවත් කාලිට අවතාර, ඒ කියන්නේ ස්වරූප අටක් තියනවා. ඒ භද්‍ර කාලී, සොහොන් කාලී, රීරි කාලී, වදුරු කාලී, පුළුටු කාලී, ගිනි කාලී, මරු කාලී සහ පේන කාලී විදිහට. සමහර ලේඛන වල මේ නම් තරමක් වෙනස් විදිහටත් දක්වලා තියනවා.

මේ අතරින් වදුරු කාලී කියන නම සමහරු "වඳුරු කාලී" කියලා පත්තර වලට පවා ලියලා තියන හැටි මම දැකලා තියනවා. කාලිට වඳුරු කාලී කියන්නේ ඇ‍ය වැඳිරියක් කියලා හිතාගෙන ද දන්නේ නැහැ නමුත්, මෙතන වදුරු කියන්නේ වසූරිය කියන එකට. කෝට්ටේ යුගයේ ලියවුණු 'යෝගරත්නාකරය' කියන වෙද පොතෙනුත් ඒ බව තහවුරු වෙනවා. ඒ කියන විදිහට නම් කාලි කියන්නේ වසංගත රෝග පතුරුවන්නියක් මිසක් හොඳ කරන්නියක් නෙවෙයි.

සොහොන් කාලි නිදියන්නෙ දවල්ද?..
අපේ රටේ කාලි අවතාරයි, ඉන්දියානු කාලි අවතාරයි අතරේ යම් යම් වෙනස් කම් තියනවා තමයි. නමුත් භද්‍ර කාලි,ශ්මාසන කාලි කියන කාලි අවතාර දෙක නම් රටවල් දෙකේම තියන බව පේනවා. කාලී, භද්‍ර කාලී විදිහට ප්‍රසිද්ධ වෙන්නේ මහීෂ කියන මහා ප්‍රබල අසුරයා විනාශ කළ නිසා කියලයි හින්දු දේව කතා වල සඳහන් වෙන්නේ. කාලිට, ශ්මාසන නම පටබැඳෙන්නේ මහීෂ අසුරයා ගේ සේනාව සමූල ඝාතනය කරපු නිසාලු. ස්මාශන කියලා වචනයක් සිංහල භාෂාවේ නැති වුණාට සංස්කෘත වල තියනවා. ඒකෙ තේරුම සොහොන් පිටිය කියන එකයි. මහීෂ අසුරයාගේ සේනාව හිටපු රණ භූමිය එකම සොහොන් පිටියක් කරපු නිසා තමයි කාලිට 'ස්මාශන' නම පටබැඳිලා තියෙන්නේ. ඒකට තමයි අපි සිංහලෙන් සොහොන් කාලි කියන්නේ.

දවසක් මම සාත්තර මෑණි කෙනෙකුගෙන් ඇයි මේ කාලි මෑණියන්ට සොහොන් කාලි කියන්නේ කියලා ඇහුවා. එතකොට මුන්දෑ ගත්තු කටටම කියනවා 'සොහොන් වල බුදියන හින්දා' කියලා. ඒත් එක්කම මම අහපු ප්‍රශ්නෙට නම් මේ සාත්තර මෑණියන්ට කාලි මෑණියන්ටත් වඩා තරහා ගියානේ. මම ඒ මෑණියන්ගෙන් ඇහුවේ "දවල්ද?" කියලා විතරමයි. මොකද? අමනුස්සයො තමන්ගේ බලේ ක්‍රියාත්මක කරන්නේ රෑට නම් දවල්ට හරි එපා‍යැ ටිකක් නිදාගන්න.

ස්වාමියා පාගා නටන කාලි..
ලෝකයේ හැම ජන සංස්කෘතියකම වගේ මරණය, විනාශය සංකේතනය කරන දෙවි දේවතාවන් ඉන්නවා. ඉන්දියානු වගේම අපේ ජන සංස්කෘතියට අනුවත් මරණයේ විනාශයේ දෙවඟන විදිහට සැලකෙන්නේ කාලි තමයි. ලංකාවේ වගේම ඉන්දියාවේ කාලි රූප වලින් කාලි දෙවඟන ගේ එක එක ස්වරූප දැක්වෙනවා. ඒ රූප බොහොමයක කාලිගේ රංගන ඉරියව්වකින් දැක්වෙනවා. ඒ කාලි රූපය දරුණු වගේම අඩ නිරුවත් ස්වරූපයෙන් දක්වා තිබීමත් විශේෂත්වයක්. ඒ අතරේ කාලි නිල් පාට ශරීරයක් ඇති කෙනෙකුව පාගා ගෙන නට නටා ඉන්න රූපයකුත් ඔබ දැකලා ඇති. ඒ විදිහට කාලිට යට වලා පෑගිලා ඉන්නේ කාලිගේ ස්වාමි පුරුෂයා. ශිව.

එක කාලෙක ශිවගේ බලය හීන වෙලා ගිහින් ශිව ශව වුණාලු. ශව කියන්නේ මළ සිරුර කියන එකට. සමාජයේ යුක්ති ධර්මය යටවීමත් එක්කම අධර්මයේ ඉස්මතු වීම කාලි මේ විදිහට ශිවගේ ඇඟ උඩ නට නටා ඉන්න රූපයෙන් කියවෙන බවක් තමයි මානව විද්‍යාඥයන්ගේ මතය.

කොහොම වුණත් ඕක සමාජයේ සැමියන්ට වුණත් හොඳ පාඩමක්. මොකද? පවුල් ජීවිතයේදී සැමියාගේ ප්‍රබලත්වය, පෞරුෂය බිඳවැටුණම බිරිඳ කාලි වගේ සැමියාව යට කර ගන්න පුළුවන් කියන පණිවිඩේනෙ මේකෙන් දෙන්නේ.

බෞද්ධ සාහිත්‍යයේ එන කාලි..
අපේ බෞද්ධ සාහිත්‍යයෙත් කාලි කෙනෙක් ඉන්නවා. හැබැ‍යි ඒ නම් යකින්නක්. ඒ කාලි යකින්නගේ කතාව තියෙන්නේ ධම්ම පදයේ එන අතිශය ජනප්‍රිය නහී වේරේන වේරානි, ඒකියන්නේ වෛරයෙන් වෛරය නොසන්සිඳේ කියන ගාථාවේ නිදාන කතාව විදිහට.

බුදු හාමුදුරුවෝ සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩ ඉන්න කාලේ එක තරුණ අම්මා කෙනෙකුගේ ලේ කැටි බිළිඳෙක් ළඟට එන විරූපී යකින්නක් ඒ බිළිඳාගේ ලේ බොනවා. දරුවා මැරෙනවා. ඒ තමයි කාලි යකින්න. පස්සේ ඒ අම්මා ජේතවනාරාමෙට දුවගෙන ඇවිත් මේ විපත්තිය කියනවා. පස්සේ බුදු හාමුදුරුවෝ මේ කාලි යකින්නත් ඉස්සරහදිම මේ ප්‍රශ්නය විසඳනවා. ඒ දරුවගේ අම්මයි, කාලි යකින්නයි අතීත භවයක සැවැත් නුවරම ජීවත් වුණු කෙනෙකුගේ භාර්යාවෝ දෙන්නෙක්. ඒ කාලේ ඇතිවුණු වෛරයක් තමයි, දිගින් දිගටම ඇවිත් තියෙන්නේ.

දඹදෙණි යුගයේ ධර්මසේන හාමුදුරුවෝ ලියපු සද්ධර්මරත්නාවලිය කියන බණපොතේ මේ කාලි යකින්නගේ වස්තුව හරි ලස්සනට ලියැවිලා තියනවා. බුදු බණ අහපු කාලි යකින්න ඊට පස්සේ දැහැමි ජීවිතයක් ගත කළා කියලා තමයි කතාවේ තියෙන්නේ.

වසංගත පතුරුවන කාලි කොහෙන්ද බේත් දෙන්නේ ?
නමුත් ඊට පස්සේ කාලි බේත් කියලා ලෙඩ්ඩු සුවපත් කළා කියලා කිසිම තැනක සඳහන් වෙන්නේ නැහැ. ඒ හින්දා මේ කාලි පැණියේ කතාව මානව විද්‍යාත්මක විදිහටත් කොහොමවත් සනාථ කරන්න බැහැ.

අපේ ජන සංස්කෘතියේ විදිහට වසූරිය, පැපොල, සරම්ප, කම්මුල් ගාය වගේ වසංගත රෝග හැඳින්වුණේ දෙයියන්ගේ ලෙඩ කියලා. කෝට්ටේ යුගයෙදී අපේ රටේ ව්‍යාප්ත වුණු පත්තිනි ඇදහීමත් එක්ක ජාතියේ "රෝග සුවකාරක දේවතාවිය" වුණේ පත්තිනි දේවියයි. පුද්ගල, පවුල් වගේම ගම් මට්ටමින් රෝග සුවය මුල් කොට ගත්තු පූජා චාරිත්‍ර තිබුණා. අපි කවුරුත් දන්න ගම්මඩුව ශාන්ති කර්මය ඒ අතරින් ප්‍රධානයි.

මේ ගම්මඩුවේ දී කාලි පතුරුවන වසංගත මැඩලන්න සිද්ද කෙරෙන අභිචාර විධි ගැන රිචර්ඩ් ගොම්‍රිරිච්, මහාචාර්ය ගණනාථ ඔබේසේකර වගේ විද්වත්තු ලියපු Buddhism Transformed- Religious Change in Srilanka කියන පොතේත් විස්තර තියනවා. මේ සියළුම කරුණු කාරණා සලකලා බලන කොට කොරෝනා වසංගතය නැති කරන්න වසංගත රෝග පතුරුවන්නියක් දුන්නය කියලා උපන්තේකට වෙද හෙදකමක් නොදන්න මනුස්සයෙක් කියපු බේතක් ගැන රටේ ඉහළම පුර වැසියන්ගේ ඉඳලා විශ්වාසේ තියපු එක අපේ 'ජාතික මන්ද බුද්ධිකතාව' පෙන්නුම් කරන හොඳම උදාහරණයක් කියලයි මට හිතෙන්නේ.

හැබැයි ඉතින් ඉන්දියාවෙන් ආපු කාලි අවතාර වල ඉන්දියාවවත් නොදන්න "ශ්‍රී ලංකන් වර්ෂන් එක" ඒ කියන්නේ 'පැණි කාලි' වර්ෂන් එක අපේ; ඒක ලෝකෙටම එකයි කියලා සතුටු වෙන පිරිසකුත් අපි අතරේ ඉන්න පුළුවන් මොකද? මොනවා වුණත් ඒක "මේඩ් ඉන් ශ්‍රී ලංකා" හින්දා

-ආචාර්ය සිරිනිමල් ලක්දුසිංහ
(හිටපු ජාතික කෞතුකාගාර සහ කැලණි විශ්ව විද්‍යාලයීය පුරා විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්ෂ, ශ්‍රී ලංකා පුරා විද්‍යාඥයන්ගේ සභාවේ සමාරම්භක ලේකම්)

(ලංකා ඊ නිව්ස් -2021.‍ජන.01, ප.ව.10.35)

Photos from Kuru Kuru Plants's post 04/01/2021

Small Girt Series 💙💙 ᴋᴜʀᴜ ᴋᴜʀᴜ ᴘʟᴀɴᴛ ɴᴜʀꜱᴇʀʏ

Order your Plants from us 🌵

ඔබට අවශ්‍ය පැළෑටි අපෙන් ලබා ගන්න.
දිවයින පුරා බෙදාහැරීම සිදුකෙරේ.
තොග සහ සිල්ලර මිළ ගනන් යටතේ ලබා ගත හැක.
ඕනෑම පැළ වර්ගයක් ඇණවුම් කල හැක.
ඉතාම සහනදායී මිල ගණන් යටතේ ලබාගත හැක.
බොන්සායි කිරීම සඳහා පැළ...
මංගල උත්සව සඳහා මිලදී ගැනීම් වලට විශේෂ වට්ටම්...
පෞද්ගලික තෑගි ලෙස දීමට අවශ්‍ය පරිදි පැළ සකසා දෙනු ලැබේ.

👇👇👇

Call | Whats app | Viber - 0712454289
Facebook - https://www.facebook.com/kuru.kuru.plants/
Instagram - kuru.kuru.plants

Photos 28/12/2020

ටෙරාරියම් එකක් පහසුවෙන්ම හදාගන්නෙ කොහොම ද ? | How to make a Terrarium ? | Atamagala Tv EP

Video Link - https://youtu.be/b1YF6NqAICs

අටමගල tv සිරස් සිනාමව #001 | Atamagala Vertical Cinema EP #001

ටෙරාරියම් එකක් පහසුවෙන් හදාගන්න ආකරය තමයි Episode එක හරහා ඔබ වෙත රැගෙන ආවෙ.

***මෙහිදී නිර්මාණය කරන ලද ටෙරාරියම් එක මාගේ ක්‍රමයක් අනුව නිර්මාණය කරන ලද්දකි. ඔබට සිතැඟි පරිදි මෙය නිර්මාණය කර ගැනීමට හැකියාව තියෙනවා. ටෙරාරියම් ගැන තවදුරටත් විස්තර පහතින් දක්වලා තියෙනවා.***

👇👇👇👇👇

Please Subscribe this Youtube Chanel
tv අටමගල Chanel එකට Subscribe කරලා, අලුත්ම විදිහේ වැඩසටහන් එක්ක ඉදිරියෙදි හම්බවෙමු.
LINK - Youtube : https://www.youtube.com/c/atamagalatv

Like කරන්න | Share කරන්න ඒ වගේම ඔබගේ සහයෝගය ලබාදෙන්න.

ඒ වගේම අපේ Social අටමගල එක්කත් එකතු වෙන්න. අටමගලෙ හැම Link එකක්ම පහලින් දක්වලා තියෙනවා.

Facebook අටමගල : https://www.facebook.com/ᴀᴛᴀᴍᴀɢᴀʟᴀ-ᴛᴠ-104250498194758/

Facebook Group | අටමගලෙ කට්ටිය - https://www.facebook.com/groups/2815652322025094/?ref=share

Whatsapp Group | අටමගලෙ කට්ටිය - https://chat.whatsapp.com/DCeTZ6UBmq794j4oBHSN1K

Instagram අටමගල : https://www.instagram.com/invites/contact/?i=qszow18lqf1t&utm_content=kmfn0rw

Twitter අටමගල : https://twitter.com/atamagala?s=08

Photos 25/12/2020

අන්තර්ජාලයෙන් ලිංගික උත්තේජනයක් ලැබීමට උත්සාහ කරන අයගේ සැබෑ ලෝකයේ ලිංගික ජීවිතය අතෘප්ති මත් ය
🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴

මේ ලිපිය කියවන ඔබ මේ මොහොතේ අන්තර්ජාලය තුල යහමින් සැරිසරමින් සිටියා විය හැක. අන්තර්ජාල ය නිසාම දුරකථන ය ඔබට නැතිවම බැරි අයෙක් විය හැක. මෙම ඇබ්බැහි වීම නිසාම ඔබ නොදැනුවත්වම නොසිතන කරදර වලට පත් විය හැක. විශේෂයෙන් නව යොවුන් විය පසුවන ඔබ ට මෙම බලපෑම අතිවිශාල ය......

ඇබ්බැහි වීමක් යනු..... යම් ක්‍රියාවක නැවැත නැවැතත් නිර ත වීම නිසාම තම සමාජීය කටයුතු වලට බාධා ඇති වීමයි... ඒවාගෙම අදාළ තැනැත්තා ට එය නවතා ගැනීමට නොහැකි වීමයි. මෙය නව යොවුන් වියේ උග්‍ර ලෙස ට බලපෑම් එල්ල කළ හැකි ය. ඊට හේතුව වන්නේ නව යොවුන් වියේ දී මොළයේ ව්‍යුහය ක්‍රියාකාරීත්වය වැඩිහිටි යකු ගෙ මෙන් වර්ධනය වී නොමැති වීමයි...

🔷 නව යොවුන් වියේ මොළයේ ක්‍රියාකාරීත්වය
වර්ධනය වෙමින් පවතින නව යොවුන් විය ට මෙලෙස අයහපත් උත්තේජන නිසා සම්බන්ධතා ඇති වුවහොත් එය ස්ථාවර වේ. මෙම වයස්වල පසුවන දරුවන් ගෙ මොළයේ උසස් හැකියාවන් තිබෙන පූර්ව මස්තිෂ්ක ය වැඩි නිසියාකාරව වැඩී නොමැත. මේ නිසා තිරණ ගැනීමේ දි හරි වැරද්ද කුමක්ද යන්න සිතනවාට වඩා තමාගේ අවශ්‍යතාව පිළිබඳව පමනක් සිතා බලයි.
🔷 වයසත් සමග මොළය පරි නත වීම..
වයසත් සමග ඉගෙන ගන්නා විට මෙන්ම එදිනෙදා ජීවිතයේ අපි ලබන අත්දැකීම් පූර්ව මස්තිෂ්ක ය මගින් හොඳ හා නරක ලෙස තැන්පත් කර ගනී. මෙහිදී පරි න ත නොවු මොළය ක් මගින් අවශ්‍යතා සඳහා ප්‍රමුඛත්වය ලබා දෙන අතර පරි න ත වූ මොළයක් මගින් හැගිම් මෙන්ම ආවේග ද පාලනයට ලක් කරයි. එසේම තිරණ ගැනිමේ දි වාසි අවාසි යහපත් අයහපත් ප්‍රතිඵල ආදී දේ පිළිබඳව දුර දිග බලා තිරණ වලට එළඹෙ. නමුත් නව යොවුන් විය බොහෝ විට තමාගේ අවශ්‍යතාව කෙසේ හෝ ඉටු කිරීමට හොඳින් හෝ නරකින් උත්සාහ කරයි. තිරණ ගැනිමේ දි තැකීමක් නොකර යි.
උදා ලෙස කුඩා දරුවෙක් හට බඩගිනි වුවා යැයි සිතන්න. කෙසේ හෝ එය නිවා ගැනීමට නොනවත්වාම හැඬීම සිදු කරයි. අන් කිසිදු කරුණක් පිළිබඳව අවධානය නොකරයි. නමුත් වැඩිහිටි යකු නම් එ සදහා වෙනත් විකල්පයක් සොයා ගනී.
🔷 පරි නත නොවූ මොළය ක ඇබ්බැහි වීම් භයානක ය.....
ප්‍රාථමික අවධියේ නිතර නිතර ඇබ්බැහිවීම නිසා මොළයේ උත්තේජනයක් ඇති වෙ. මෙවා කාලයත් සමග මොළයේ තැන්පත් වේ. සත්‍ය ලෝකයේ වෙනත් විකල්ප අත්දැකීම් ලැබීම් මේ නිසා මොවුන් ට අහිමි වී යයි. එමනිසා ඇබ්බැහි වීම නිදන් ග ත තත්ත්වය ට පත් වේ. එ නිසා පරි න ත හැසිරීම් රටාව ට පත් වීමට අපහසු වේ. එය එම පුද්ගලයාගේ මොළය ට දරුණු ලෙස බලපායි.

🔴 CYBER S*X ADDICTION
මේ යටතට අයත් වන්නේ ලිංගික උත්තේජනය අන්තර්ජාලය හරහා ලබා ගැන

25/12/2020

Good job Guys ❤️

ටෙරාරියම් එකක් පහසුවෙන්ම හදාගන්නෙ කොහොම ද ? | How to make a Terrarium ? | Atamagala Tv EP 24/12/2020

සම්පූර්ණ වීඩියෝව 👇👇

https://youtu.be/b1YF6NqAICs

අටමගල tv සිරස් සිනාමව #001 | Atamagala Vertical Cinema EP #001

ටෙරාරියම් එකක් පහසුවෙන් හදාගන්න ආකරය තමයි Episode එක හරහා ඔබ වෙත රැගෙන ආවෙ.

***මෙහිදී නිර්මාණය කරන ලද ටෙරාරියම් එක මාගේ ක්‍රමයක් අනුව නිර්මාණය කරන ලද්දකි. ඔබට සිතැඟි පරිදි මෙය නිර්මාණය කර ගැනීමට හැකියාව තියෙනවා. ටෙරාරියම් ගැන තවදුරටත් විස්තර පහතින් දක්වලා තියෙනවා.***

👇👇👇👇👇

Please Subscribe this Youtube Chanel
tv අටමගල Chanel එකට Subscribe කරලා, අලුත්ම විදිහේ වැඩසටහන් එක්ක ඉදිරියෙදි හම්බවෙමු.
LINK - Youtube : https://www.youtube.com/c/atamagalatv

Like කරන්න | Share කරන්න ඒ වගේම ඔබගේ සහයෝගය ලබාදෙන්න.

ඒ වගේම අපේ Social අටමගල එක්කත් එකතු වෙන්න. අටමගලෙ හැම Link එකක්ම පහලින් දක්වලා තියෙනවා.

Facebook අටමගල : https://www.facebook.com/ᴀᴛᴀᴍᴀɢᴀʟᴀ-ᴛᴠ-104250498194758/

Facebook Group | අටමගලෙ කට්ටිය - https://www.facebook.com/groups/2815652322025094/?ref=share

Whatsapp Group | අටමගලෙ කට්ටිය - https://chat.whatsapp.com/DCeTZ6UBmq794j4oBHSN1K

Instagram අටමගල : https://www.instagram.com/invites/contact/?i=qszow18lqf1t&utm_content=kmfn0rw

Twitter අටමගල : https://twitter.com/atamagala?s=08

👇👇👇👇👇

ටෙරාරියම් ගැන වැඩිදුර තොරතුරු පහතින් දක්වලා තියෙනවා. එයත් කියවලා තවදුරටත් දැනුම එකතු කරගන්න. ඔබ උගත් දේ ඔබේ මිතුරු මිතුරියන් අතර බෙදාහදා ගන්න.

ටෙරාරියම් :(Terrarium) කියන්නේ සතුන් හෝ
ශාක ආරක්ෂිතව වගා කරන කුඩා වීදුරු බඳුනක්.
මෙය සංවෘත මෙන්ම විවෘත එකක් විය හැකිය.
ටෙරාරියම් බොහෝ විට භාවිතා කරන්නේ
සැරසිල්ලක් හෝ අලංකාරය සඳහා භාවිතා වන
අංගයක් ලෙසයි. මුලින්ම ටෙරාරියම් නිර්මාණය
කරන ලද්දේ 1842 දී Nathaniel Bagshaw Ward
විසින්. ඔහු කෘමීන්ගේ හැසිරීම පිළිබඳ අධ්‍යයනය
කිරීමට උනන්දු වූ පුද්ගලයෙක් වන අතර
අත්වැරදීමකින් වීදුරු භාජනයකට වැටුණු මීවන
බීජ, ශාකයක් ලෙස වර්ධනය වීම නිරීක්ෂණය කර
ඇත. එයින් පසුව ටෙරාරියම් සංකල්පය බිහිවූ
අතර මෙය බි්‍රතාන්‍ය සමයේ ඉංග්‍රීසීන් අතර ඉතා
සීග්‍රයෙන් පැතිරුණි. මෙය ඔවුන් විසින්
"Wardian case", (හිරකරන ලද පෙට්ටිය) ලෙස
හඳුන්වන ලදී. මෙම ක්‍රමය බි්‍රතාන්‍ය සමයේදී නැව්
මඟින් නිරුපද්‍රිතව ශාක, රටකින් රටකට ප්‍රවාහනය
කිරීමට භාවිතා කරන ලදී. පැළෑටියකට සීල් කරන
ලද වීදුරු භාජනයක වාතාශ්‍රය නොමැතිව සාර්ථක
වර්ධනය විය හැකි බව මෙයින් තහවුරු විය.
එනමුත් ටෙරාරියම් ආකාර 2 කට නිර්මාණය
කරන්න පුළුවන්,

විවෘත ආකාරය :(open method)
මෙය කුඩා පතොක් සහ මාංශල ස්වභාවයක් ගන්නා
කුඩා පැළෑටි වර්ධනය කිරීමට සුදුසු වේ. මෙවැනි
පැළෑටි වියළි තත්ත්වයන් යටතේ හොඳින් වර්ධනය
වේ.

සංවෘත ආකාරය :(Closed method)
පාසි, ඕකිඞ්, මීවන වැනි නිවර්තන කලාපීය පැළෑටි
අපට සංවෘත ටෙරාරියම් එකක වගා කිරීමට
හැකිය. හේතුව එවැනි බඳුන් තුළ තත්ත්වය
නිවර්තන පරිසරයකට සමාන වීමයි.
මෙහිදී බඳුන සීල් කිරීම තුළින් එය තුළ කුඩා ජල
චක්‍රයක් නිර්මාණය වේ. නමුත් සතියකට වරක්වත්
මෙය විවෘත කොට අතිරික්ත ජලය වාෂ්ප ලෙස
ඉවත් වීමට ඉඩ දිය යුතුයි. එසේ නොමැති නම්
ඒ තුළ බෝගවලට හානිකර රෝගකාරක දිලීර
වර්ධනය වීමට හැකියාව ඇත. එසේම ශාක
මැළවීමක් පෙන්වන ඕනෑම අවස්ථාවක ජලය එකතු
කිරීම සිදු කළ යුතුයි.

ඒ අනුව සංවෘත ටෙරාරියම් එකක් නිර්මාණය
කිරීමේදී එයට යොදා ගන්නා පස් මාධ්‍ය
ජීවාණුහරණය කිරීම ඉතාම වැදගත් වේ. නොමැති
නම් රෝගකාරක ක්ෂුද්‍ර ජීවීන් ඉතාම වේගයෙන්
වර්ධනය වීමට හැකිය.

(උපුටා ගන්නා ලදදකි)
ගොවිකම් සඟරාව
එන්. ඩබ්. වී. උදාරි ශෂිකලා සෞම්‍යා කුමාරි
සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ
ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලය

ස්තුතියි.

#2030 #2032 #2020 #2044 #000

ටෙරාරියම් එකක් පහසුවෙන්ම හදාගන්නෙ කොහොම ද ? | How to make a Terrarium ? | Atamagala Tv EP අටමගල tv සිරස් සිනාමව #001 | Atamagala Vertical Cinema EP #001ටෙරාරියම් එකක් පහසුවෙන් හදාගන්න ආකරය තමයි Episode එක හරහා ඔබ වෙත රැගෙන ආවෙ.***මෙහිදී...

Want your school to be the top-listed School/college in Gampaha?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address

No. 37, Naiwala
Gampaha
12500