Sri Sudharmarama Daham Pasala

Sri Sudharmarama Daham Pasala Sri Sudharama daham school founded by Ven. Homagama Siri Dhamma thero in 1983 with around 50 students. At this time more than 200 students learn from here.

✨යාවජීව සම්මාන ප්‍රදානෝත්සවය සහ දහම් ගුරු පුහුණු වැඩමුළුව 20262026.09.27 වන දින පැවති දම් ගුරු අභිනන්දන 2026 උපහාර උත්සව...
04/10/2026

✨යාවජීව සම්මාන ප්‍රදානෝත්සවය සහ දහම් ගුරු පුහුණු වැඩමුළුව 2026

2026.09.27 වන දින පැවති දම් ගුරු අභිනන්දන 2026 උපහාර උත්සවයේ දී ඇගයීමට ලක්වූ,
අප දහම් පාසලේ අමායා හංසනී වැලිකල ගුරුතුමියට අපගේ උණුසුම් සුභ පැතුම්🎊🎉

🏆ප්‍රාදේශීය සිසු නිපුණතා ඇගයීම් 2026◻️දහම් දැනුම - 03 ශ්‍රේණියසිව්වන ස්ථානය - ඩබ්ලිව්. තිසලි යෙසන්සා◻️කථික නිපුණතා - 08 ...
27/09/2026

🏆ප්‍රාදේශීය සිසු නිපුණතා ඇගයීම් 2026

◻️දහම් දැනුම - 03 ශ්‍රේණිය
සිව්වන ස්ථානය - ඩබ්ලිව්. තිසලි යෙසන්සා

◻️කථික නිපුණතා - 08 ශ්‍රේණිය
පස්වන ස්ථානය - කේ.බී. ඉනුරි නිම්සරා

◻️බෞද්ධ චිත්‍ර නිපුණතා - ප්‍රාථමික අංශය
දෙවන ස්ථානය - ඩබ්ලිව්. මෙතුලි යෙසන්සා

ජයග්‍රාහකයන්ට අපගේ හදපිරි සුභ පැතුම්👏

එසේම ප්‍රාදේශීය සිසු නිපුණතා සදහා සහභාගි වූ සියලුම දූ දරුවන්ටද අපගේ සුභ පැතුම් එක් කර සිටිමු!

05/07/2026

පිණ්ඩපාත චාරිකාව - 2026

සීල, සමාධි, ප්‍රඥා ගුණෝපේත මහා සංඝරත්නයේ උදාර පාද චාරිකාව!🌸✨

"පිණ්ඩපාතිකස්ස භික්ඛුනෝ - පත්තපිණ්ඩං විසුද්ධං"

ශාන්ත ඉරියව්වෙන්, පාත්‍රය පෙරදැරිව වැඩම කරන මහා සංඝරත්නයට පූජා කරන දානය අනුත්තර වූ ආනිශංස ගෙන දෙන්නකි.

#ශාසනාරක්ෂක_බලමණ්ඩල
#දහම්_ගුරු_සංගමය
#පාදුක්ක
#පිණ්ඩපාත_චාරිකාව
#2026

සීල, සමාධි, ප්‍රඥා ගුණෝපේත මහා සංඝරත්නයේ උදාර පාද චාරිකාව! 🌸✨"පිණ්ඩපාතිකස්ස භික්ඛුනෝ - පත්තපිණ්ඩං විසුද්ධං"ශාන්ත ඉරියව්ව...
05/07/2026

සීල, සමාධි, ප්‍රඥා ගුණෝපේත මහා සංඝරත්නයේ උදාර පාද චාරිකාව! 🌸✨

"පිණ්ඩපාතිකස්ස භික්ඛුනෝ - පත්තපිණ්ඩං විසුද්ධං"

ශාන්ත ඉරියව්වෙන්, පාත්‍රය පෙරදැරිව වැඩම කරන මහා සංඝරත්නයට පූජා කරන දානය අනුත්තර වූ ආනිශංස ගෙන දෙන්නකි.

බුදු පියාණන් වහන්සේ ජීවමානව වැඩසිටි සමයේ ඒ උතුම් රහතන් වහන්සේලා ශාන්ත ලීලාවෙන් වීදි සංචාරය කළ අයුරු සිහිපත් කරවමින් විහාරාධිපති සංගමය, පාදුක්ක ශාසනාරක්ෂක බලමණ්ඩලය ,දහම් පාසල් ගුරු සංගමය හා රාජ්‍ය ආයතන එක්ව සංවිධානය කරනු ලබන උදාර ශාසනික මහෝත්සවය අද දින උදෑසන 10.00 සිට පාදුක්ක නගරය කේන්ද්‍ර කරගනිමින් පැවැත්විණි.

ගුණබර, පින්බර මහා සංඝරත්නය 100 නමකගේ සිවුරු රළ රැලි සහ පාත්‍ර ධාතූන් වහන්සේලාගේ වැඩමවීමෙන් අපේ ගම්බිම් පූජනීයත්වයට පත් කරන "පිණ්ඩපාත චාරිකාව" සඳහා සහභාගි වූ උදව් උපකාර කළ සියලු සැදැහැවතුන්ට මෙත් සිතින් ස්තුතිය පුද කර සිටිමු🙏

#ශාසනාරක්ෂක_බලමණ්ඩල
#දහම්_ගුරු_සංගමය
#පාදුක්ක
#පිණ්ඩපාත_චාරිකාව
#2026

05/07/2026

පිණ්ඩපාත චාරිකාව 2026 - පාදුක්ක

ලක්වාසී ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යක් වේවා!! 🪷
30/05/2026

ලක්වාසී ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යක් වේවා!! 🪷

💐උදෑසන රැස්වීම - ලෝක මව්වරුන්ගේ දිනය සැමරීම 💐සෑම වසරකම මැයි දෙවැනි සතියේ ඉරිදා දින මව්වරුන්ගේ දිනය සමරනු ලබන අතර ඇතැම් ර...
10/05/2026

💐උදෑසන රැස්වීම - ලෝක මව්වරුන්ගේ දිනය සැමරීම 💐

සෑම වසරකම මැයි දෙවැනි සතියේ ඉරිදා දින මව්වරුන්ගේ දිනය සමරනු ලබන අතර ඇතැම් රටවල් මෙම ඉරිදාව මව්වරුන්ගේ ඉරිදාව ලෙසද හඳුන්වනු ලබයි.

උපන් දා සිට මව ජීවිතය කරගත් සමාජයක ඒ සෙනෙහසේ මහිමය තව තවත් සිහි කැඳවා ගැනීමට මෙම දිනය වැදගත් වනු ඇත.

මව්වරුන්ගේ දිනයේ නිර්මාතෘ ලෙස හඳුන්වනු ලබන්නේ ඇනා ජාවිස් නම් කාන්තාවකි.

සුදම් අපේ දූ දරුවන්ද සියලුම මව්වරුන්ගේ සහ පියවරුන්ගේ ගුණ සිහිකරමින් ඔවුන්ව වන්දනාමාන කරනු ලැබූහ.

🌞 සූර්ය මංගල්‍යය 2026 🌝ශ්‍රී සුධර්මාරාම දහම් පාසල් ශිෂ්‍ය නායක මණ්ඩලය සහ අවසාන ශ්‍රේණියේ සිසුන් ගේ එකමුතුවෙන් සංවිධානය ක...
04/05/2026

🌞 සූර්ය මංගල්‍යය 2026 🌝

ශ්‍රී සුධර්මාරාම දහම් පාසල් ශිෂ්‍ය නායක මණ්ඩලය සහ අවසාන ශ්‍රේණියේ සිසුන් ගේ එකමුතුවෙන් සංවිධානය කරනු ලැබූ අවුරුදු උත්සවය අවුරුදු චාරිත්‍ර සහ අවුරුදු ක්‍රීඩා රැසක් සමගින් ඊයේ දිනයේදී (2026.05.03) දින ශ්‍රී සුධර්මාරාම විහාරස්ථානයේ දී පැවැත්විණ..

මෙම උත්සවය සාර්ථක කර ගැනීමට උදව් උපකාර කර,

- ත්‍යාග ලබා ගැනීමට උපකාර කළ සසංක මල්වත්ත මහතාටත්,
- ශබ්ද විකාශන ලබා දුන් ජනිත් ශානක
සොයුරාටත්
- ඩයමන්ඩ් වැලිකල මහතාටත්
අපගේ විශේෂ ස්තුතිය පුද කර සිටින අතර..

එසේම අප දහම් පාසල් ප්‍රධානාචාර්ය ඇඹිලිපිටියේ සුභූතිධම්ම් හිමිපාණන් ඇතුළු ආචාර්ය මණ්ඩලයටත්,

අහාර පාන සකසා දුන් සියලුම දෙමාපියන්ටත්

වැඩකටයුතු සංවිධානය කර සියලුම දූ දරුවන්ටත්

සහභාගි වූ ඔබ සැමටත් අපගේ හදපිරි ස්තුතිය පුද කර සිටිමු🙏

☸️ සුදම් ප්‍රතිභා - 2026 ☸️🪷🌼 ශ්‍රී සුධර්මාරාම දහම් පාසල් වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය සහ ශිෂ්‍ය නායක නිළ ලාංඡන පැළදවීමේ...
25/04/2026

☸️ සුදම් ප්‍රතිභා - 2026 ☸️

🪷🌼 ශ්‍රී සුධර්මාරාම දහම් පාසල් වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය සහ ශිෂ්‍ය නායක නිළ ලාංඡන පැළදවීමේ උත්සවය 2026 🌼🪷

අප දහම් පාසල් දූ දරුවන්ගේ සාහිත්‍ය සහ කලා කුසලතා ඇතුලත් සුදම් ප්‍රතිභා සඟරාව එළි දැක්වීම, දම් පාසල් දූ දරුවන්ගේ කුසලතා අගයමින් සහතික පත්‍ර සහ ත්‍යාග ප්‍රදානය කිරීමත්, 2026 වර්ෂය සදහා නව ශිෂ්‍ය නායක මණ්ඩලය පත් කර ගැනීම වෙනුවෙන් සංවිධානය කරනු ලැබූ උත්සවය බක් මස 05 වන ඉරුදින, පාදුක්ක ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු ලේඛකාධිකාරි, දාම්පේ මධුරසාර පිරිවෙනෙහි හිටපු පරිවෙනාධිපති බැරැන්ඩිගම්පල හේමාවස හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි. ඊට පාදුක්ක ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගිහි ලේඛකාධිකාරි, ගුරු සංගමයේ ලේඛම්තුමන් යසිත ජයශ්‍රීනාත් මහතාත් සහභාගි වූ අතර සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගි විය.

මෙහිදී අප දූ දරුවන් කලා කුසලතා එළි දක්වමින් නාට්‍ය, නැටුම්, ගැයුම් සහ වැයුම් වලින් මෙම උත්සවය ආලෝකමත් කරනු ලැබීය.

අප දූ දරුවන් වෙනුවෙන් ත්‍යාග ලබාදුන් සියලුම සම්පත් දායකයන් හ අපගේ ගෞරව පූර්වක ස්තුතිය පුද කර සිටිමු.

ඡායාරූපකරණය සිදු කර - සුරත් ප්‍රේමරත්න මහතාටත්, මිගාර ගීතාංජන පුතුන්ටත් ස්තුතිය පුදකර සිටිමු.

එසේම මෙම උත්සවය සාර්ථක කර ගැනීමට දිවා රෑ නොබලා වෙහෙස මහන්සි වී කටයුතු කර ප්‍රධානාචාර්ය ඇඹිලිපිටියේ සුභූතිධම්ම් හිමි ඇතුළු ආචාර්ය මණ්ඩලයටත්, ශිෂ්‍ය නායක මණ්ඩලයටත්, සියලුම දූ දරුවන්ටත්, දෙමාපියන්ටත් අපගේ හදපිරි ස්තුතිය පුදකර සිටිමු🙏

https://www.facebook.com/share/17Xaqu3HRn/?

Address

Sri Sudharmarama Daham Pasala, Madulawa
Padukka
10500

Opening Hours

07:00 - 12:30

Telephone

+94767886124

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Sudharmarama Daham Pasala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Sri Sudharmarama Daham Pasala:

Shortcuts

Share