Merry Go Preschool - Liyanwala

Merry Go Preschool - Liyanwala Education is the most important thing in the world.

ක්‍රීඩා උත්සවය - 2025 - මෙරිගෝ පෙර පාසල - ලියන්වලදරුවන්ගේ ක්‍රීඩා කුසතලා වැඩි දියුණු කිරීමටත් දරුවන්ගේ ඉදිරිපත්වීම් වැනි...
04/04/2025

ක්‍රීඩා උත්සවය - 2025 - මෙරිගෝ පෙර පාසල - ලියන්වල

දරුවන්ගේ ක්‍රීඩා කුසතලා වැඩි දියුණු කිරීමටත් දරුවන්ගේ ඉදිරිපත්වීම් වැනි දෑ සංවර්ධනය කිරීමටත් ජය පරාජය සමව දරාගැනීමටත් විනෝද වීමටත් ආදී කරුණු රැසක් අරමුනු කරගනිමින් දරුවන්ට අත්‍යාවශ්‍යම අංගයක් ලෙස මෙවරත් වාර්ෂිකව පවත්වනු ලබන ළමා ක්‍රීඩා උත්සවය ඉතා අලංකාරවත් ලෙස ලියන්වල කනිෂ්ඨ විද්‍යාලයේ ක්‍රීඩා පිටියේදී සාර්ථකව පවත්වනු ලැබුවා...🏅⛳️🤼

මෙම ක්‍රීඩා උත්සවය එක් දිනක පැය කිහිපයකදී පවත්වා අවසන් වුවත් මෙහි සාර්ථකත්වයේ පිටුපස දින ගණනාවක් පුරා සංවිධාන කටයුතු කරමින් කාලය, ශ්‍රමය, මුදල් වැය කරමින් මෙම කටයුත්තට මූලිකත්වය දැක්වූ ලොකු ටීචර් ඇතුලු පෙර පාසලේ අධ්‍යාපන කටයුතු කරන ගුරු මණ්ඩලයත්, සියලුම දෙමව්පියන්ටත්, පුංචි දරුවන්ටත් කරුණා ආච්චිටත් පෙර පාසලේ පවත්වනු ලබන සියලුම විශේෂ අවස්ථා සඳහා තම වටිනා කාලය දැනුම ශ්‍රමය වැය කරමින් සියලු කටයුතු සොයා බලමින් තම උපරිම සහාය ලබාදෙන දුශ්‍යන්ත ගමලත් මහතාටත් නන් අයුරින් සහය දැක්වූ සැමටත් ⁣පෙර පාසල වෙනුවෙන් හදවතින්ම ස්තුතියි...🙏❤️🌻😊



Rukmal Kodikara
Dushyantha Gamalath
Merry Go Preschool

27/07/2024

විනෝද චාරිකාවේ අවස්ථා...❤️

ඉතා ම විනෝදජනක ගමනක නිමාව සනිටුහන් කරමි...☺️පහළ පංති  දෙකෙහිම දෙමව්පියවරුනි‍, මෙම විනෝද චාරිකාව වචනයේ පරිසමාප්තයෙන්ම වින...
27/07/2024

ඉතා ම විනෝදජනක ගමනක නිමාව සනිටුහන් කරමි...☺️පහළ පංති දෙකෙහිම දෙමව්පියවරුනි‍,
මෙම විනෝද චාරිකාව වචනයේ පරිසමාප්තයෙන්ම විනෝද චාරිකාවක් බවට පත්කළ ඔබ සියළු දෙනාට මගේ හද පිරි සතුට පිරිනමමි....❤️

එසේම ගෙසඳි‍, දුවිදු‍, ධනික යන ඉහළ පංතියේ මව්පියවරුනි‍,
විනෝ ද චාරිකාවේ සාර්ථකත්වයට මූළික වු ඔබ සියළු දෙනාටම ස්තුතියි..❤️

අපේ ලොකු teacher ඇතුළු ගුරු මඬුල්ලටත් බෙහෙවින් ම ස්තූතියි. මෙවැනි විනෝද ගමනක අත්දැකීමක් අපට ලබා ගැනීමට ඉඩ ලබාදුන්නාට..❤️

පොසොන් බැති ගී සරණිය 22.06.2024...🌻🌻සෑම වසරකම මෙන් මෙවරත් අප පෙර පාසලේ පොසොන් බැති ගී ඉදිරිපත් කරන ලදී...ලියන්වල ආනන්ද ස...
23/06/2024

පොසොන් බැති ගී සරණිය 22.06.2024...🌻🌻
සෑම වසරකම මෙන් මෙවරත් අප පෙර පාසලේ පොසොන් බැති ගී ඉදිරිපත් කරන ලදී...ලියන්වල ආනන්ද සමරකෝන් විද්‍යාලයේදී පවත්වන ලද පොසොන් බැති ගී සරණිය සඳහා ඉදිරිපත් වූ දරු දැරියන්ටත් නන් අයුරින් සහයෝගය දුන් සැමටත් ස්තුතියි..🙏🙏🌻🥀
Rukmal Kodikara

මවකට මුවාවී නුඹ වෙත දිවි දුන්නේ...මම වෙමි පුතුනි එය මා පමනයි දන්නේ..පිය සෙනෙහස නැතිද දරුවනි හඳුනන්නේ..අම්මාවරුන් පමණ ද ම...
18/06/2024

මවකට මුවාවී නුඹ වෙත දිවි දුන්නේ...
මම වෙමි පුතුනි එය මා පමනයි දන්නේ..
පිය සෙනෙහස නැතිද දරුවනි හඳුනන්නේ..
අම්මාවරුන් පමණ ද මතු බුදු වන්නේ...🌻🥀

ලෝක පියවරුන්ගේ දිනය වෙනුවෙන් අපගේ පෙරපාසලේ පුංචි දරු දැරියන්ගේ පියවරුන්ද සිහිකිරීමක් හා ඒ පියවරුන් දරුවන් වෙනුවෙන් දක්වන ආදරය සෙනෙහස හා මහා කැපකිරීම් වෙනුවෙන් හැකි අයුරින් ඔවුන්ගේ සිත් සතුටු කිරීමට අපට අද හැකි වූ බව අද පියවරුන්ගේ දෑස්වලින් අප දුටුවා.. තමන්ගේ පුංචි දරුවා පිය ගුණ ගයමින් නර්තනයේ යෙදෙමින් ද අවසන බුලත් හුරුලු දී දෙපා නමදින දෙස පියවරුන් බලා සිටියේ උතුරා යන පිය සෙනෙහසින්...💙💙💙
ඉතින් සියලු ම පියවරුන්හට තව තවත් තම දරුවන් වෙනුවෙන් තම සෙනෙහස ආදරය කැපකිරීමට හැකි සුබ ම සුබ පියවරුන්ගේ දිනයක් වේවා..🙏🙏🙏💙💙🌻🥀
~ ලොකු ටිචර්~

දිනය : මැයි 22🌻වෙසක් පොහොය නිමිත්තෙන් අපි පෙර පාසලේ සිල් සමාදන් වුනා..🌻දරුවන්ව කුඩා කාලයේ සිටම ආගමික කටයුතුවලට යොමු කිරී...
29/05/2024

දිනය : මැයි 22🌻
වෙසක් පොහොය නිමිත්තෙන් අපි පෙර පාසලේ සිල් සමාදන් වුනා..🌻
දරුවන්ව කුඩා කාලයේ සිටම ආගමික කටයුතුවලට යොමු කිරීම දෙමව්පියන්ගේ මෙන් ම ගුරුවරුන්ගේත් වගකීමක්. ඒ අරමුණ ඇතුව අප පෙර පාසලේ සෑම වසරකම සිල් සමාදන් වීම සිදු කරනවා..පෙර පාසල තුළදී සිල් සමාදන් කරවා පෙරහැරක් ආකාරයෙන් පන්සල වෙත ගොස් සිල් පවාරණය කරනු ලැබුවා... මේ සඳහා දෙමව්පියන්ගේ ලැබුණු සහය අගය කොට සළකනවා..😊
සැමටම තෙරුවණ් සරණයි🙏

අපි මේ අවුරුද්දෙත් කෝච්චියේ පුංචි රවුමක් ගියා.. 😊පාදුක්කේ සිට අවිස්සාවේල්ල දක්වා යන කෝච්චියේ අපි අවිස්සාවේල්ලට ගිහින් ආය...
21/05/2024

අපි මේ අවුරුද්දෙත් කෝච්චියේ පුංචි රවුමක් ගියා.. 😊
පාදුක්කේ සිට අවිස්සාවේල්ල දක්වා යන කෝච්චියේ අපි අවිස්සාවේල්ලට ගිහින් ආයෙත් ඒ කෝච්චියෙම පාදුක්කට ආවා..
පුංචි දරුවෝ ටිකට නම් හරිම විනෝදයි.. සමහර දරුවන් පළමු වතාවට තමයි කෝච්චියේ ගිහින් තියෙන්නේ..
ගුරුවරු ටිකයි දෙමව්පියෝ ටිකයි හරිම සතුටින් දරුවන්ගේ සතුට දිහා බලන් හිටියා...

😊❤️🥀

දෙවැනි බුදුන් ලෙස.....ලොවම උවම් කළ...ලොවක පිදුම් ලද......ලොවට උතුම් ලඳ..... අම්මා....අම්මා....සෑම වසරකම මෙන් මේ වසරෙත් ම...
15/05/2024

දෙවැනි බුදුන් ලෙස.....ලොවම උවම් කළ...
ලොවක පිදුම් ලද......ලොවට උතුම් ලඳ.....
අම්මා....අම්මා....

සෑම වසරකම මෙන් මේ වසරෙත් මව්වරුන්ගේ දිනය වෙනුවෙන් මැයි මස 10 වෙනි දින අප පෙර පාසලේ සියලුම මව්වරුන්ගේ ආදරය වෙනුවෙන් පුංචි සැමරුමක් සිදු කරා...ඇත්තටම අම්මා කෙනෙක්ට දරුවෝ කියන්නේ මහ මෙරක් තරම්.. මේ පුංචි දරුවෝ අම්මාව ඉදිරියේ ඉඳන් මව් ගුණ ගී ගායනා කරමින් පුංචි නර්තනයක යෙදෙමින් අම්මාගේ දෙපා නමැද ආශිර්වාද ලබා ගත්තා.... දරුවන් දෙස ආසාවෙන් බලන් හිටපු මව්වරුන්ගේ ඇස්වල අග තිබුණු පුංචි කඳුලු කැට දරුවන්ට මව්වරු තුළ ඇති සෙනෙහසට සාක්ෂියක් කියල මට හිතුණා.. ඉතින් අපේ පෙර පාසල කවදත් අධ්‍යාපනයට එහා ගිය මෙවැනි අත්දැකීම්‍, යහපත් දේ ලබා දෙන්න නිතරම උත්සාහ දරනවා.. ඉතින් ජාති‍, ආගම්‍, කුල‍, වර්ණ භේදයකින් තොරව මේ ලොව සිටිනා සියලු ම මව්වරුන්ට සුබ ම සුබ මව්වරු⁣න්ගේ දිනයක් වේවා..🌻🌻🌻
අම්මා කියන්නෙම සසරක්...❤️❤️❤️❤️

~ ලොකු ටිචර් ~

වසන්ත උදානය - 2024 ☄️📍අනෙක් හැම මාසෙකටම වඩා අප්‍රේල් මාසය කියන්නේ සිංහල හා දමිළ අයට විශේෂ මාසයක්.. පුංචි දුවලා පුතාලා ආස...
16/04/2024

වසන්ත උදානය - 2024 ☄️
📍අනෙක් හැම මාසෙකටම වඩා අප්‍රේල් මාසය කියන්නේ සිංහල හා දමිළ අයට විශේෂ මාසයක්.. පුංචි දුවලා පුතාලා ආසම මේ අප්‍රේල් මාසයේ උදාවන සිංහල හා දමිළ අලුත් අවුරුද්දට..ඒ අතරේ සිංහල හා දමිළ අලුත් අවුරුදු උදාවත් එක්ක ම බැඳිල තියෙන දෙයක් තමා අවුරුදු චාරිත්‍ර කියන්නේ.. පැරණි කාලයේ ඉඳන් තවමත් නොනැසී පවතින මේ චාරිත්‍ර අවුරුදු උදාවත් සමග සෑම සිංහල හා දමිළ නිවෙස්වලම පමණක් නොව පිරටරවල්වල සිටින ශ්‍රී ලාංකිකයන් පවා ඉටු කරනවා. ඉතින් අපිත් අපේ පෙර පාසලේ සෑම වසරකම අවුරුදු උදාවට සමගාමීව සංඛේතාත්මක සිංහල අවුරුදු චාරිත්‍ර පෙර සැමරුමක් ලෙස සිදු කරනවා.. මේ වසරෙත් එය ඉතා සාර්ථකව සිදු කළා. මෙමගින් පුංචි දුවලා පුතාලාට සිංහල අවුරුදු චාරිත්‍ර පිළිබඳ අවබෝධයක් ලබා දීමයි අපගේ ප්‍රධාන අරමුණ..

🌻 අලුත් අවුරුදු උදාව🌞
🌻 ලිප ගිනි මෙලවීම 🔥
🌻කිරි ඉතිරවීම 🍲
🌻 ආහාර අනුභවය‍, වැඩ ඇල්ලීම හා ගණුදෙනු කිරීම 🍽️ 🪴 💵
🌻 හිසතෙල් ගෑම 🙆‍♂️
🌻 රබන් ගැසීම 🥁ආදී චාරිත්‍ර ප්‍රධාන ඒවා ලෙස මෙහිදී සිදු කෙරුණා..

මේ සඳහා සහය දැක්වූ ගුරු මණ්ඩලයටත්‍, දෙමව්පියන්ටත්‍, ආශාවෙන් මේ සඳහා සහභාගි වූ පුංචි දුවලා පුතාලටත් ගොඩක් ස්තුතියි..❤️💙😊🙏

ලැබුවා වූ සිංහල හා දමිළ අලුත් අවුරුද්ද ලෝකවාසී සියලුම දෙනාට සාමය සතුට නිරෝගීකම පිරි සුබ ම සුබ නව වසරක් වේවා💙💙🙏
෴ ලොකු ටීචර්෴

🌻 දිනය : 2024 මාර්තු 30🌻 ස්ථානය : ආනන්ද සමරකෝන් විද්‍යාලය ක්‍රීඩාපිටිය - ලියන්වල🌻වාර්ෂික ක්‍රීඩා උත්සවය - මෙරිගෝ පෙර පාස...
01/04/2024

🌻 දිනය : 2024 මාර්තු 30
🌻 ස්ථානය : ආනන්ද සමරකෝන් විද්‍යාලය ක්‍රීඩාපිටිය - ලියන්වල

🌻වාර්ෂික ක්‍රීඩා උත්සවය - මෙරිගෝ පෙර පාසල - ලියන්වල ⛳️⛳️⛳️

📌 වාර්ෂිකව පවත්වනු ලබන පුංචි දරු දැරියන්ගේ ක්‍රීඩා කෞෂල්‍යයන්‍, ඉදිරිපත්වීම්‍ හා විනෝදය ඇතුලු කරුණු රැසක් මූලික කරගත් අප පෙර පාසලේ වාර්ෂික ක්‍රීඩා උත්සවය මෙවරත් ඉතා අලංකාරමත් ලෙස පවත්වනු ලැබුවා..🥰

📌 දරු දැරියන් ඉතාමත් ආසාවෙන් උනන්දුවෙන් මේ සඳහා ඉදිරිපත් වෙමින් මේ ක්‍රීඩා උළෙල විචිත්‍රවත් ලෙස නිමා කළා. ගුරුවරියන්ගේ හා දෙමව්පියන්ගේ කැපවීම උනන්දුව හා තම දරුවන් වෙනුවෙන් වෙහෙසෙමින් ලබා දුන් සහයෝගය නිසා මේ තරම් අලංකාරවත් ලෙස මෙම උත්සවය පවත්වා නිමා කිරීමට හැකියාව ලැබුණා. ඒ වගේ ම මා හට හැමදාමත් ශක්තියක් වුණු දුෂ්‍යන්ත ගමලත් මහතා ද මා හට මෙය අලංකාරවක් ලෙස නිම කිරීමට ලබා දුන් දිරිය ශක්තිය මම හැමදාමත් අගය කරනවා. මේ හැමෝටම මාගේ හදවතින් ම ස්තුතිවන්ත වෙනවා.🙏

📌 ඉතින් පුංචි දුවේ පුතේ‍, මේ වෙහෙස මහන්සියේ ප්‍රථිඵලය දෙස මම ඉතා ආශාවෙන් බලන් සිටියා. අපගේ උත්සාහය සාර්ථකව නිම කරන්න ප්‍රධානම කැපවීම තිබුණේ පුංචි ඔයාලගේ මේ ඉදිරිපත් වීම හා කැපවීම. ඔයාල ඒක සාර්ථකව නිම කළා. ඒ ගැන මට ගොඩක් සතුටුයි.❤️ ඔයාලගේ ඉදිරි ජීවිතේ මේ ආකාරයටම විශය බාහිර ක්‍රියාකාරකම් තව තවත් ඔප් නැංවීමට මෙය පුංචි හෝ අත්වැලක් වෙයි කියල මම විශ්වාස කරනවා. ඔයාල හැමෝටම ජය❤️🌼

‍෴ ලොකු ටීචර් ෴

Address

No: 210, Liyanwala, Padukka Road
Padukka
10500

Opening Hours

Monday 08:00 - 13:00
Tuesday 08:00 - 13:00
Wednesday 08:00 - 13:00
Thursday 08:00 - 13:00
Friday 08:00 - 13:00

Telephone

+94112859024

Website

Alerts

Be the first to know and let us send you an email when Merry Go Preschool - Liyanwala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Merry Go Preschool - Liyanwala:

Shortcuts

Share

Category