T.B.M Herath Secondary School Ragala - 13 Years Guaranteed Education Unit

T.B.M Herath Secondary School Ragala - 13 Years Guaranteed Education Unit හෙට දිනය දිනන වෘත්තිකයන් පාසලින් බිහ?

මප/ව ටී.බ.මු හේරත් ද්විතීයික විද්‍යාලීය වෘත්තීය අධ්‍යාපන ඒකයේ  හයවෙනි  කණ්ඩායමේ අධ්‍යාපනය  ලැබු චේතිය ලක්දෙව් පුතණුවන් ස...
29/07/2026

මප/ව ටී.බ.මු හේරත් ද්විතීයික විද්‍යාලීය වෘත්තීය අධ්‍යාපන ඒකයේ හයවෙනි කණ්ඩායමේ අධ්‍යාපනය ලැබු චේතිය ලක්දෙව් පුතණුවන් සහ නේත්‍රා දියණිය මේවන විට රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ ලබා ඇති සිය වෘත්තිය හැකියාවන් සහ නිපුණත්වය නවක කණ්ඩායමේ සහෝදර ශිෂ්‍ය ශිෂ්‍යාවන් සමඟ බෙදාගත් අපුරු අවස්ථාවයි මේ. කිසිදු ප්‍රතිලාභයක් නොලබා රූපලාවණ්‍ය පාඨමාලාව හැදෑරීමට බලාපොරොත්තුවෙන් සිටින නවක ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ප්‍රායෝගික අත්දැකීම් සමගින් ලබාදුන් සම්පත් දායකත්වය වෙනුවෙන් අප වෘත්තීය ඒකයේ විශේෂ ප්‍රණාමය එම දියණියට සහ පුතණුවන්ට පුදකර සිටින අතර ඔවුන්ගේ වෘත්තීය ජිවිත තව තවත් දියුණුව වේවායැයි සුභාශිංසනද එකතු කර සිටිමු.

එදා අප සෙවණෙහි වැඩුණු මෙම දරුවන් අද වෘත්තිකයන් වී ලොව දිනා අපගේ සිහින යාථාර්ථවත් කර ඇත.❤️

゚

T.B.M හේරත් ද්විතීයික විද්‍යාලීය වෘත්තීය අධ්‍යාපන ඒකකයේ 2026/2027 අධ්‍යයන වර්ෂය සඳහා නවක සිසුන් බඳවා ගැනීමේ අවස්ථාව ..❤️
20/07/2026

T.B.M හේරත් ද්විතීයික විද්‍යාලීය වෘත්තීය අධ්‍යාපන ඒකකයේ 2026/2027 අධ්‍යයන වර්ෂය සඳහා නවක සිසුන් බඳවා ගැනීමේ අවස්ථාව ..❤️

💢 ටී.බී.එම් හේරත් ද්විතීයික විද්‍යාලයේ උසස්පෙළ වෘත්තීය විෂය ධාරාව සදහා අයදුම්පත් කැඳවීම.✅ 2020 වසරේ සිට දිවයිනේ පාසල් 42...
08/07/2026

💢 ටී.බී.එම් හේරත් ද්විතීයික විද්‍යාලයේ උසස්පෙළ වෘත්තීය විෂය ධාරාව සදහා අයදුම්පත් කැඳවීම.

✅ 2020 වසරේ සිට දිවයිනේ පාසල් 423ක ක්‍රියාත්මක කෙරෙන මෙම වෘත්තීය විෂය ධාරාව තුළින් වෘත්තීය විෂයන් ගණනාවක් හැදෑරීමට ඉඩහසර විවර වී ඇත.

✅ වෘත්තීය විෂයක් හැදෑරීම මගින් යම් නිශ්චිත රැකියාවක් සඳහා අවශ්‍ය ප්‍රායෝගික කුසලතා සහ න්‍යායාත්මක දැනුම ලබාගැනීමට හැකියාව ලැබේ.

✅ එමෙන්ම උසස්පෙළ හා සමවූ ජාත්‍යන්තරව පිළිගත් NVQ 4 මට්ටමේ සහතිකයක්ද පිරිනමනු ලැබේ ( ජාතික වෘත්තීය සුදුසුකම් 4).

✅ හැකියාවෙන් සහ NVQ 4 සහතිකයෙන් සවිමත් වූ ඔබ හට දෙස් විදෙස් රැකියා ලෝකය තුළ ඉහළ ඉල්ලුමක් නිතැතින්ම පවතී.

✅ රුචිකත්වයට මෙන්ම හැකියාවටද ගැළපෙන පරිදි විෂයන් තෝරාගැනීමට හැකිවීම මෙම විෂය ධාරාවේ විශේෂත්වයකි.

✅ ටී.බ.මු හේරත් ද්විතීයික විද්‍යාලයේදී ඔබට පහත සදහන් වෘත්තීය විෂයන් ඉගෙනුමට හැකිවේ.

✅ තොරතුරු සදහා විමසන්න. 071 38 73 404,
071 952 9048

T.B.M හේරත් ද්විතීයික විද්‍යාලීය වෘත්තීය අධ්‍යාපන ඒකකයේ 2025/26 කණ්ඩායම සදහා වෘත්තීය මාර්ගෝපදේශන දෙසතිය යටතේලැදියා පරීක්...
11/11/2025

T.B.M හේරත් ද්විතීයික විද්‍යාලීය වෘත්තීය අධ්‍යාපන ඒකකයේ 2025/26 කණ්ඩායම සදහා වෘත්තීය මාර්ගෝපදේශන දෙසතිය යටතේ

ලැදියා පරීක්ෂණය, දෙමාපිය රැස්වීම්, වෘත්තීය මාර්ගෝපදේශනය සහ වෘත්තීය විෂයන් හදුන්වාදීමෙ වැඩමුලු සහ ක්ෂේත්‍ර චාරිකා ආදිය ඔක්තෝම්බර් 27 වනදා සිට නොවැම්බර් 07 වන දා දක්වා සිදු විය.

එය සංවිධානය කිරීමේදී අපහට සහය ලබා දුන් විදුහල්පතිතුමා, නියෝජ්‍ය විදුහල්පතිවරුන් ඇතුලු ආචාර්ය මණ්ඩලයේ සියලු දෙනාට වෘත්තීය අධ්‍යාපන ඒකකයේ ස්තූතිය පුද කර සිටිමු.

එසේම මෙම කර්තව්‍යය සාර්ථක කර ගැනීමේදී සම්පත් දායකත්වය ලබාදුන්

-නුවරඑලිය කාර්මික විද්‍යාලය
-වෘත්තීය පුහුණු අධිකාරියේ නුවරඑලිය මධ්‍යස්ථානය
-ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරියේ නුවරඑලිය මධ්‍යස්ථානය
-Chandani Autohub ආයතනය
-වලපනේ ඩිපෝව
-Thema Collection හෝටල් ජාලයේ Glendevon Bungalow ආයතනය
-ජාතික තරුණ සේවා සභාවේ රිකිල්ලගස්කඩ මධ්‍යස්ථානය

යන රාජ්‍ය හා පුද්ගලික ආයතනයහි සියලුම නිලධාරීන් ඇතුලු කාර්යමණ්ඩලයන්ට පාසල වෙනුවෙන් අපගේ ගෞරවනීය ප්‍රණාමය පුද කර සිටිමු.

ඒ ආකාරයෙන් වෘත්තීය මාර්ගෝපදේශන දෙසතිය සාර්ථක නිමා වූ අතර මේ වනවිට අපේ දරුවන් තම සිතැගි පරිදි වෘත්තීය විෂයන් තෝරාගනිමින් හෙට දින වෘත්තීය ලොව දිනන්නට පෙරමග බලා හිදී.

T.B.M හේරත් ද්විතීයික විද්‍යාලීය වෘත්තීය අධ්‍යාපන ඒකකයේ 2025/2026 අධ්‍යයන වර්ෂය සඳහා නවක සිසුන් බඳවා ගැනීමේ අවස්ථාව ..❤️
03/08/2025

T.B.M හේරත් ද්විතීයික විද්‍යාලීය වෘත්තීය අධ්‍යාපන ඒකකයේ 2025/2026 අධ්‍යයන වර්ෂය සඳහා නවක සිසුන් බඳවා ගැනීමේ අවස්ථාව ..❤️

💢 2025/2026 අධ්‍යයන වර්ෂය සඳහා නවක සිසු සිසුවියන් බඳවා ගැනීම💢උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව (දහතුන් වසරක සහතික කරන ලද අධ්‍ය...
20/07/2025

💢 2025/2026 අධ්‍යයන වර්ෂය සඳහා නවක සිසු සිසුවියන් බඳවා ගැනීම💢

උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව (දහතුන් වසරක සහතික කරන ලද අධ්‍යාපන වැඩසටහන) යටතේ 12 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමට 2025/2026 අධ්‍යයන වර්ෂය සඳහා අයදුම්පත් කැඳවේ.
2020 වසරේ සිට දිවයිනේ සියලු පළාත් හා සියලුම අධ්‍යාපන කලාප ආවරණය වන පරිදි පාසල් 423ක ක්‍රියාත්මක කෙරෙන මෙම වෘත්තීය විෂය ධාරාවට සිසුන් ඇතුළත් කර ගැනීමේ දී අ.පො.ස. සා/පෙ විභාගයේ සමත් අසමත් භාවය සලකනු නොලැබේ. අධ්‍යාපන පහසුව සඳහා තමන්ට සුදුසු පාසලක් තෝරා ගැනීමට මෙහිදී සිසුන්ට අවස්ථාව හිමි වේ.
වෘත්තීය විෂය ධාරාව යටතේ, 12 ශ්‍රේණියේ පාසල් අධ්‍යයන කටයුතු සම්පූර්ණ කර, 13 ශ්‍රේණියේ පහත දක්වා ඇති වෘත්තීය විෂයයන්ගෙන් (වෘත්තීය විෂයයන් 26) එකක් යටතේ ඇති NVQ (ජාතික වෘත්තීය සුදුසුකම්) 04 වන මට්ටමේ වෘත්තීය පුහුණු පාඨමාලාවක් සම්පූර්ණ කිරීමට මෙමඟින් සිසුන්ට හැකියාව ලැබෙනු ඇත.

18/03/2025

මේ වීඩියෝව හොඳින් නරඹන්න.එකම සිංදුව.අවස්ථා දෙකකදි.එකම දරුවෙක් ගයනවා ඔබ දකීවි.වෘත්තීය අධ්‍යාපන ඒකකයේ පළමු කණ්ඩායමේ ඉගෙන ගත් Pg Chathuranga ශිෂ්‍යා ජිවිතේ සාර්ථක කරගෙන දැන් විදේශගතව සිටී.ලැබුණු පුංචි නිවාඩුවෙ.ලංකාවට ආ විගසම ගුරුවරු මුණ ගැහිලා නංගිලා මල්ලිලාට කතා කරලා යන්න ආවේ. හිස් අතින්නම් නෙවෙයි. ඇවිත් නංගිලා මල්ලිලාට කතා කරලා වෘත්තීය අධ්‍යාපනයේ වටිනාකම කියා දුන්නා.එයාලා එක්ක සතුටු සාමිච්චියේ යෙදිලා සිංදු එහෙමත් කියලා ගියා. හැදුණු වැඩුණු තැන වගේම ජිවිතේට පාර හොයා ගත්ත තැන අමතක නැති එකම මදිද. ❤️පුතේ ඔයාට සුබම සුබ අනාගතයක් වේවා..!

රාගල ටී.බ.මූ හේරත් ද්විතීක විද්‍යාලීය වෘත්තීය අධ්‍යාපන ඒකකයේ මගින් ප්‍රථම වරට සංවිධානය කරන ලද Future Expo 2025 වෘත්තීය අ...
05/03/2025

රාගල ටී.බ.මූ හේරත් ද්විතීක විද්‍යාලීය වෘත්තීය අධ්‍යාපන ඒකකයේ මගින් ප්‍රථම වරට සංවිධානය කරන ලද Future Expo 2025 වෘත්තීය අධ්‍යාපන ප්‍රදර්ශනය හා රැකියා පොළ විද්‍යාලීය තාක්ෂණික පීඨ ගොඩනැගිල්ලේ දී පසුගියදා(2025/03/04) සාර්ථකව නිම විය.

වෘත්තීය අධ්‍යාපන ප්‍රවර්ධන කිරීමේ අරමුණින් සංවිධානය කල මෙම වෘත්තීය අධ්‍යාපන ප්‍රදර්ශනය සදහා NAITA, VTA, DTET, Sri Lanka Youth, වලපනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වෘත්තීය අධ්‍යාපන ඒකකය සහභාගි වූ අතර ප්‍රදේශයේ පාසල් සිසුන් විශාල පිරිසක් ප්‍රදර්ශනය නැරඹීමට පැමිණියහ.

එසේම රැකියා පොල සදහා සණස, මර්කන්ටයිල් ඉන්වෙස්මන්ට්, ඒෂියා ඇසෙට් ඇතුලු මූල්‍ය සමාගම් කීපයක් මෙන්ම Amrutha Studio - රාගල වැනි ආයතන සහභාගි වූ අතර ඒ තුලින් රැකියා බලාපොරොත්තුවෙන් සිටි තරුණ තරුණියන්ට රැකියා අවස්ථා යොමු කිරීමට අවස්ථාව හිමි විය.

රාගල ටී.බී.එම් හේරත් ද්විතීක විද්‍යාලයේ වෘත්තීය අධ්‍යාපන ඒකකය මගින් සංවිධානය කරන *Future Expo 2025* වෘත්තීය අධ්‍යාපන ප්‍...
23/02/2025

රාගල ටී.බී.එම් හේරත් ද්විතීක විද්‍යාලයේ වෘත්තීය අධ්‍යාපන ඒකකය මගින් සංවිධානය කරන *Future Expo 2025* වෘත්තීය අධ්‍යාපන ප්‍රදර්ශනය හා රැකියා පොළ

⭕VTA, NAITA, DTET, ජාතික තරුණ සේවා සභාව, වලපනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වෘත්තීය මාර්ගෝපදේශන ඒකකය සහ වලපනේ කලාපයේ වෘත්තීය අධ්‍යාපන ඒකක ක්‍රියාත්මක වන පාසල් මගින් ඉදිරිපත් කරන ප්‍රදර්ශන කුටි ඇතුලත් වෘත්තීය අධ්‍යාපන ප්‍රදර්ශනය

⭕ දිවයිනේ ප්‍රමුඛ පෙලේ ආයතන කිහිපයක සහභාගිත්වයෙන් පැවැත්වෙන්නෙ රැකියා පොල

මාර්තු මස 04 වන දින ටී.බ.මූ හේරත් ද්විතීක විද්‍යාලීය තාක්ෂණික පීඨ ගොඩනැගිල්ලේ දී පැවැත්වේ.

ඒ සදහා නුවරඑළිය සහ අවට පාසල් සදහා ආරාධනා කර සිටිමු.

ටී.බ.මූ හේරත් විද්‍යාලීය - වෘත්තීය අධ්‍යාපන ඒකකය

*Future Expo 2025*🛠️වෘත්තීය අධ්‍යාපන ප්‍රදර්ශනය හා රැකියා පොළමාර්තු 04 වනදා ටී.බී.එම්.හේරත්  ද්වීතියික විද්‍යාලීය  තාක්ෂ...
17/02/2025

*Future Expo 2025*🛠️
වෘත්තීය අධ්‍යාපන ප්‍රදර්ශනය හා රැකියා පොළ
මාර්තු 04 වනදා ටී.බී.එම්.හේරත් ද්වීතියික විද්‍යාලීය තාක්ෂණික පීඨ ගොඩනැගිල්ලේදී පැවැත්වේ.

රැකියා පොළ සදහා වයස අවුරුදු 23ට අඩු උසස්පෙළ සමත් තරුණ තරුණියන්ට දිවයිනේ ප්‍රමුඛ පෙළේ ආයතන මගින් පවත්වන සම්මුඛ පරීක්ෂණ සදහා මුහුණ දීමේ අවස්ථාව හිමිවේ.

Address

CP/W/T. B. M Herath Secondary School, Ragala, Halgranoya
Nuwara Eliya
22240

Website

Alerts

Be the first to know and let us send you an email when T.B.M Herath Secondary School Ragala - 13 Years Guaranteed Education Unit posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category