03/07/2021
Take your jump to be rich
Take your jump to be rich❌
පාසලෙන් ඉවත් වෙනකොටම බොහෝ අයව සූදානම් කරන්නේ 'Highly paid job with benefits' කියන දෙයට. එතැනින් පස්සේ බොහෝ අයගේ ඉලක්කය වෙන්නේ, ඉහළ වැටුපක් සහිත ස්ථිර රැකියාවක් හොයාගන්න එක. ඒ නිසාම අවදානමක් අරගෙන ව්‍යාපාරයක් පටන්ගන්න පිරිස අඩුයි. මුදලක් යොදවලා ආයෝජකයන් බවට පත්වෙන පිරිස අඩුයි. ධනවතුන් බිහිවීමටනම් අවදානමක් අරගෙන ආයෝජනය කරන්නන් රටකට අවශ්‍යයි. ව්‍යවසාකයන් බිහිවීමටනම් වැටුප අමතක කරලා ලාභයක් වෙනුවෙන් අනාරක්ෂිතව වැඩකරන මිනිසුන් අවශ්‍යයි. රැකියා මානසිකත්වය පමණක් සමාජයක ධනවතුන් බිහි කරන්නේ නැහැ. ධනවතුන් බිහිවෙන්නනම් සාම්ප්‍රදායික මතවාදයන්ට පහර දෙන 'High profit with business' ලෙස ඔවුන්ගේ මනස වෙනස් කල මිනිසුන් අවශ්‍යයි.