Anonymous Makes History

Anonymous Makes History

Share

Let's Make History!🇱🇰 වයස අවුරුදු 05 සිට 60 දක්වා ඕනෑම අයෙකුට සහභාගී විය හැක! Best Tamil Class In Sri Lanka

05/01/2026

ඔයා අවාසනාවන්තයි කියලා හිතෙනවනම්?🥹

30/11/2025

සෝලාර් පැනල් disconnect කරන්න.

අද රටම ගෙවල්වල, ෆැක්ටරි වහලා, ගොඩක් තැන් ග්‍රිඩ් එකෙන් ඩිස්කනෙක්ට් වෙලා. ඒ නිසා විදුලි ඉල්ලුම සාපේක්ෂව ගොඩක් අඩුයි.

ජලාශවලින් අවශ්‍ය විදුලි බලය හැදෙනවා.
අද අව්ව පායලා නිසා සෝලාර් පැනල්වලින් විදුලිය නිපදවෙනවා. ඒවා ග්‍රිඩ් එකට එකතු වෙනවා.

විදුලි ඉල්ලුමයි, සැපයුමයි බැලන්ස් කරන්න ඕනි. එහෙම නොවුනොත් grid එක බැලන්ස් නැති වෙනවා. එහෙම උනොත් රටේම විදුලිය යනවා.
සෝලාර්වලින් එන්නේ එක එක ගෙව්වලින් නිසා අවශ්‍ය වෙලාවට බැලන්ස් කරන්න බෑ.
ඒ නිසා ඔබලාගේ සෝලර් පැනල් මේ මොහොතේ discontent කරන්න. හිතපන්කෝ රටේම කරන්ට් ගියොත් පණිවිඩයක් වත් දීගන්න බෑ..
Be kind. පුරවැසි යුතුකම ඉටු කරමු
උ.ගැ

29/11/2025

වේලාව රෑ 10.30 යි. මේක දෙවෙනි වරටත් කියන්නේ නිකන් බය කරන්න නෙවෙයි, මේ වෙලාවේ මෙතන මැදිරිය ඇතුලේ අපි දකින දේ ඔයාලා එළියේ දකින්නේ නැති නිසා. මම මේ වෙලාවෙ ඉන්නෙ 117 දුරකථනයක. ලැබුණ කෙටි විවේකයකදි මේක ලියන්නෙ.

මේ වෙනකොට අපිට ලැබෙන ජීවිත අවදානම් ඇමතුම් ප්‍රමාණය අපේ ධාරිතාවයත් ඉක්මවා යන මට්ටමකට එමින් තියෙන්නේ. කණගාටුවෙන් වුණත් කියන්න ඕන, දැනට එන හදිසි මුදවාගැනීම් ඉල්ලීම්වලින් බහුතරයක්ම එන්නේ හිතුවක්කාරකමට ගෙවල්වලින් ඉවත් නොවී අන්තිම මොහොත වෙනකම් රැඳී සිටපු අයගෙන්. හංවැල්ල, කඩුවෙල, බියගම, කොලොන්නාව, කොළඹ, වත්තල ආදී කැලණි ගඟ දෙපස පහත්බිම් වල ඉන්න ජනතාවගෙන්.

අනතුරු ඇඟවීම් දීලා තියෙද්දිත්, මිදුලට වතුර එනකොට ගේ ඇතුලට ගිහින්, පළවෙනි තට්ටුව යටවෙනකොට දෙවෙනි තට්ටුවට ගිහින්, දැන් තුන්වෙනි තට්ටුවට වෙලා "පඩිපෙළත් යටවෙලා, අපිව ඇවිත් බේරගන්න" කියලා ඇමතුම් එනවා.

කරුණාකරලා තේරුම් ගන්න, ඔබ ඔය කරන ප්‍රමාදය නිසා අපේ බෝට්ටු සහ ජීවිතාරක්ෂක කණ්ඩායම් හිර වෙනවා. ඒකෙන් වෙන්නේ ඇත්තටම කඳු කඩාවැටිලා, නාය ගිහින් ක්ෂණිකව අනතුරට පත්වුණු, හුස්ම ගන්න ටික වෙලාවක් ඉතුරු වෙලා තියෙන අහිංසක මිනිස්සුන්ට ලැබෙන්න ඕන අවධානය නැති වෙන එකයි. ඔබේ ප්‍රමාදය තව කෙනෙක්ගේ මරණයක් වෙන්න ඉඩ තියෙනවා.

එහෙම වුණා කියලා මේ මෙහෙයුම් මැදිරියේ ඉන්න කිසිම කෙනෙක් එක ජීවිතයක්වත් අතාරින්නේ නෑ. ත්‍රිවිධ හමුදාවේ කොල්ලොයි, DMC නිලධාරීනුයි, ස්වෙච්ඡා සේවකයෝ ටිකයි මේ රෑ 10.30 ටත් තේ උගුරක්වත් නොබී නිදි මරාගෙන සටන් කරන්නේ කිසිම ඇමතුමක් පවා නොහැර හැමෝම බේරගන්නයි. ඒ අයගේ කැපවීම ගැන වචන නෑ.

එන කෝල්ස් ගොඩක් අතිශය සංවේදීයි, ඒත් අපිට හැමතැනටම එකපාර යන්න බැරි සීමාවන් තියෙනවා. ඒ නිසා අපි අත් දෙක එකතු කරලා ඉල්ලන්නේ, මේ මිනිස්සු කරන අසීමිත කැපවීමට දෙන්න පුළුවන් ලොකුම සහයෝගය තමයි අවදානම් කලාප වල ඉන්න - පුළුවන් අය දැන්ම ඉවත් වෙන එක.

වතුර එනකම්, ගෙදර යටවෙනකම් ඉන්න එපා. අවදානමක් තියෙනවා නම්, ඉවත් වෙන්න පුළුවන්කම තියෙනවා නම්, මගෙ රත්තරනේ , තාමත් ඔබ මේ පෝස්ට් එක දකිනවනම්, ඉවත් විය යුතු තැනක ඉන්නව නම් දෙයියන්ගේ නාමෙට මේ දැන්ම ආරක්ෂිත තැනකට යන්න.

අපි ආරක්ෂා වෙමු. අපිට පුළුවන් ! අපිට බැරි නං කාටවත් බෑ.

Thashmila Geethanjana Senewirathna

29/11/2025

කැළණි බන්ට් එක කැඩෙන එකේ ඇත්ත කතාව හැමෝටම දැනගන්න Share කරන්න!

29/11/2025

කැලණි ගඟේ වේල්ල කැඩීයන බවට ඇති සමාජ මාධ්‍ය ප්‍රචාර අසත්‍ය බව
වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් මහතා පවසයි!

(මිනිස්සු බයවෙලා Share කරන්න)

12/11/2025

තරඟය ආරම්භ වීමට මිනිත්තු දෙකයි...
ඊලඟ තත්පරයේ කුමක්නම් විය නොහැකිද?

゚viralシ

05/11/2025

විනාඩි 10න් ඉතිහාසය!❤
10 සහ 11 වසර දරුවන් පහත whatsapp group වලට join වෙන්න!

11 ශ්‍රේණිය -
https://wa.me/message/HSTCAQGFCVKIG1

10 ශ්‍රේණිය -
https://wa.me/message/HSTCAQGFCVKIG1

සියළුම Tute සහ නොමිලේ පවත්වන Online සම්මන්ත්‍රණ වලට අදාල Link ඉහත whatsapp Group වලට එවනවා!

ඔබ දන්නා 10 සහ 11 ශ්‍රේණි වල දරුවන් හැමෝටම Share කරන්න.

වැඩි විස්තර සඳහා පහත අංකයට whatsapp මැසේජ් එකක් එවන්න!
0782750800 - (whatsapp)

25/10/2025

වැරදුනට, පැරදුනාට, පාඩු වුනාට ගණන් ගන්න එපා! Experience කියන ඒවා ජීවිතයට මාර වැදගත්❤️

Want your school to be the top-listed School/college in Nugegoda?

Click here to claim your Sponsored Listing.

Location

Address

Nugegoda
10250