14/03/2026
📱 ජංගම දුරකථන භාවිතා කරන සියලු දෙනා දැනගත යුතු වැදගත් කරුණු 10ක්
1️⃣ ඔබගේ Password, OTP, Bank Details කිසිවෙකුටත් නොදෙන්න.
2️⃣ SMS / Whats App වලින් එන සැක සහිත Links click නොකරන්න.
3️⃣ Social Media Privacy Settings සකස් කර පුද්ගලික තොරතුරු ආරක්ෂා කරන්න.
4️⃣ Apps download කරන්න official stores වලින් පමණි.
5️⃣ දිගු කාලයක් phone භාවිතා කිරීම ඇස් සහ සෞඛ්‍යයට අහිතකර විය හැක.
6️⃣ දරුවන්ගේ mobile භාවිතය parental controls මඟින් නිරීක්ෂණය කරන්න.
7️⃣ Public Wi-Fi භාවිතා කරන විට banking apps භාවිතා නොකරන්න.
8️⃣ Phone එක Fingerprint / Face ID / Password මඟින් lock කර තබාගන්න.
9️⃣ Phone සහ Apps regularly update කරන්න.
🔟 Driving කරන විට mobile phone භාවිතා නොකරන්න
✅ ආරක්ෂිතව, වගකීමෙන් සහ සෞඛ්‍ය සම්පන්න ලෙස ජංගම දුරකථන භාවිතා කරමු.
05/03/2026
ඩිජිටල් මෙවලම් අධික ලෙස භාවිත කිරීම නිසා ඇති වන ගැටලු
අප නොදැනුවත්වම අපව පීඩාවට පත් කරන ප්‍රධාන ගැටලු කිහිපයක් පහත දැක්වේ.
ඇස් වෙහෙසීම (Digital Eye Strain)
පරිගණක හෝ දුරකථන තිර දෙස බොහෝ වේලාවක් බලා සිටීම නිසා ඇස් රතු වීම, වියළි බව සහ හිසරදය ඇති විය හැක.
නින්දට බාධා වීම (Sleep Disruption)
රාත්‍රී කාලයේ තිර වලින් නිකුත් වන නිල් ආලෝකය (Blue Light) නිසා නින්දට උපකාරී වන මෙලටොනින් හෝමෝනය අඩුවී නින්ද නොයාම ඇති වේ.
සමාජීය හුදකලාව (Social Isolation)
ඩිජිටල් ලෝකයේ වැඩි කාලයක් ගත කිරීම නිසා සැබෑ ලෝකයේ සබඳතා දුරස් වීම සහ තනිකම දැනීම සිදුවිය හැක.
මානසික පීඩනය (Mental Stress)
තොරතුරු අධික වීම (Information Overload) සහ සමාජ මාධ්‍ය තුළ අන් අය සමඟ සැසඳීම නිසා මානසික ආතතිය ඇති වේ.
Mobile ශ්‍රී Lanka
Towards a better future in communication | Mobile Sri Lanka
02/03/2026
අන්තර්ජාලයේ ඇති දුශ්තොරතුරු හඳුනා ගැනීමට ඔබේ දරුවන්ට සහාය විය හැක්කේ කෙසේද?
ලර්න්ඒෂියා විසින් සිදු කරන ලද පර්යේෂණයකින්, දරුවන් අන්තර්ජාලයේ පැතිර යන දුශ්තොරතුරු හඳුනා ගන්නා ආකාරය, ඒවා තේරුම් ගන්නා ආකාරය සහ ඒවාට ප්‍රතිචාර දක්වන ආකාරය පිළිබඳ විමර්ශනය කරන ලදී. දුශ්තොරතුරුවලට එරෙහිව ඵලදායී ලෙස තම දරුවන්ට සහාය වීමට උපකාරී වන දෙමාපියන්ට වැදගත් වන දෑ, මෙම පර්යේෂණයෙන් අනාවරණය විය.
එහිදී අනාවරණය වූයේ, සැක සහිත තොරතුරක් හමුවූ විට බොහෝ දරුවන් ඒ පිළිබඳව විමසීමට විශ්වාසවන්ත වැඩිහිටියෙකු වෙත යොමුවන බවයි. මෙම පසුබිම තුළ, දෙමාපියන්ට තම දරුවන්ට ආරක්ෂිතව අන්තර්ජාලයේ සැරිසැරීමට සහාය වීමට, ඔවුන් සමඟ මෙම කරුණු පිළිබඳ විවෘතව කතා කිරීමට සහ විචාරාත්මකව සිතීමට ඔවුන් දිරිගැන්වීමට, ඩිජිටල් අවකාශය පිළිබඳව දැනුවත්ව සිටීම අත්‍යවශ්‍ය වේ.
මෙම පර්යේෂණය ලර්න්ඒෂියා ආයතනය සහ සර්වෝදය-ෆියුෂන් ආයතනය එක්ව සිදු කරන ලද අතර අනුග්‍රහය International Development Research Centre (IDRC) ආයතනය යි. පර්යේෂණ ක්‍රමවේදය මෙම සටහනේ අවසාන කොටසෙහි දක්වා ඇත.
උපුටා ගැනීම :
Sarvodaya-Fusion | IDRC / CRDI
21/02/2026
Most people lock their phones. But they forget to lock their SIM.
Your phone can be protected with a password… Face ID… Fingerprint…
But if someone removes your SIM card and inserts it into another phone…
They can receive your OTP codes. And once they receive OTPs, they can try resetting:
• Bank apps
• Email accounts
• Social media
• WhatsApp
Your number is a recovery key to many accounts.
Protect the SIM.
Not just the screen.
21/02/2026
මුල්‍ය වංචා බැංකු හෝ පොලිස් අනුකරණ වංචා වලට නොරැවටෙන...
21/02/2026
How to Handle a Scam Call
🔊 Opening – clear, calm tone
වංචා call එකක් ආවොත්…panic වෙන්න එපා.
මතක තබා ගන්න — Smart Rule එකක් තියෙනවා.
👉 STOP – THINK – VERIFY – REPORT
🔊 [Rule 1 – STOP]
🛑 STOP
call එක ආවම හදිසි තීරණ ගන්න එපා.
බය වෙලා කතා කරන්නත් එපා.
වංචාකරුවන්ට ඕනේ — ඔබ panic වෙන එක.
🔊 [Rule 2 – THINK]
🧠 THINK
ඔවුන් කියන දේ ලොජිකල්ද?
පොලිසිය WhatsApp call කරනවද?
බැංකුව OTP අහනවද?
official authority එකක් gift cards ඉල්ලනවද?
බොහෝ වෙලාවට…
උත්තරය — නෑ.
🔊 [Rule 3 – VERIFY]
🔍 VERIFY
call එක කට් කරන්න.
official website එකෙන් number එක හොයලා
ඔබම call කරලා තහවුරු කරන්න.
⚠️ Caller ID එක විශ්වාස කරන්න එපා.
🔊 [Rule 4 – REPORT]
📢 REPORT
සැක call එකක් ලැබුණොත්:
බැංකුවට දන්වන්න
පොලිසියට report කරන්න
family එකත් warn කරන්න
ඔබ report කරන එක
තවත් කෙනෙක් බේරා ගන්න පුළුවන්.
🔊 [Closing – strong, confident]
මතක තබා ගන්න…
👉 STOP
👉 THINK
👉 VERIFY
👉 REPORT
සන්සුන්ව සිටින්න. වංචාවට ඉඩ දෙන්න එපා. ඔබ — ආරක්ෂිතව සිටින්න.
21/02/2026
වංචාකරුවන් ඔබගේ භය සහ ආතතිය භාවිතා කරමින් මුදල් හෝ පුද්ගලික තොරතුරු ලබාගන්නා ආකාරය
⚠️ වංචාව සිදු වන ආකාරය
ඔබට අහම්බෙන් දුරකථන ඇමතුමක් / Whats App video call එකක් ලැබේ
අමතන පුද්ගලයා තමන් පොලිස් නිලධාරියෙක් හෝ සයිබර් ක්‍රයිම් නිලධාරියෙක් ලෙස හඳුන්වයි
ඔවුන් කියන්නේ:
ඔබගේ NIC / account එක අපරාධයකට සම්බන්ධයි
ඔබට එරෙහිව නඩුවක් තියෙනවා
ඔබ “digital arrest” යටතේ ඉන්නවා
ඉන්පසු ඔවුන් ඔබව බිය ගන්වමින් ක්ෂණික ක්‍රියාමාර්ග ගන්න කියනවා.
😨 ඔවුන් භාවිතා කරන මනෝවිද්‍යාත්මක ක්‍රමවීඩියෝව පෙන්වන්නේ scammersලා:
❗ හදිසිභාවය (urgency) නිර්මාණය කරනවා
❗ අධිකාරියක් වගේ පෙනී සිටිනවා
❗ දිගු video calls වලින් පීඩනය දානවා
❗ “ඉක්මන් payment එකක් දාන්න” කියලා බිය ගන්වනවා
මෙවැනි වංචා භය මත පදනම් වූ social engineering attack එකක් ලෙස හඳුන්වයි.
වීඩියෝ අනුව scammersලා සාමාන්‍යයෙන් ඉල්ලන්නේ:
බැංකු විස්තර
OTP codes
screen sharing / remote access
“investigation fee” ලෙස මුදල් transfer
gift cards හෝ crypto payments
සැබෑ පොලිසිය මේ දේවල් කිසිදා දුරකථනයෙන් ඉල්ලන්නේ නැහැ.
🛡️ ඔබ ආරක්ෂා වෙන්න කරන්නේ කොහොමද
📞 අහම්බෙන් එන calls විශ්වාස නොකරන්න
🔐 OTP / passwords කාටවත් දෙන්න එපා
📵 call එක කට් කරලා official number එකට ඔබම call කරන්න
👮 සැකයක් තියේ නම් බැංකුවට හෝ පොලිසියට report කරන්න
✅ Bottom Line
මෙම වංචාව සාර්ථක වෙන්නේ තාක්ෂණයෙන් වඩා — මිනිස් භය භාවිතා කිරීමෙන්. ඔබ සන්සුන්ව සිටිලා, verify කරලා, කිසිදා හදිසි payment නොකළොත් — ඔබට පහසුවෙන් මේ වංචාවෙන් බේරෙන්න පුළුවන්.
16/02/2026
ඔබේ මොළය " " කරමු: Dopamine Detox එකකින් ජීවිතය ආපසු අතට ගන්න හැටි
ඔබට මතකද අපි කලින් කතා කළ අර "අදෘශ්‍යමාන උගුල"? මෙක කලින් පොස්ට් එකෙ ඩෙවනි කොටස කලින් එක කියවම්පු නැති අය එක කිය්වල එන්න මං එකේ ලිංක් එක පලවෙනි කමෙන්ට් එකේ දාල තියන්නම්. ඔව්, ඒ Dopamine Loop එක. දැන් ප්‍රශ්නය මේකයි: "කොහොමද අපි මේකෙන් එළියට පනින්නේ?"
ඔබට දැනෙනවාද පුංචි වැඩක් පටන් ගත්තත් විනාඩි 10ක් එක දිගට අවධානය තියාගන්න අමාරුයි කියලා? පොතක් කියවන්න ගත්තත්, පාඩම් කරන්න ගත්තත්, නිකන් ඉන්න කොටත් ෆෝන් එක අතට එනවා නේද?
බය වෙන්න එපා. ඔබේ මොළය කැඩිලා නැහැ. එය පොඩ්ඩක් "Overheat" වෙලා විතරයි. ඊට ඕන කරන්නේ සිසිලන පද්ධතියක්. අන්න ඒකට තමයි අපි කියන්නේ "Dopamine Detox" කියලා.
මොකක්ද මේ Dopamine Detox කියන්නේ?
සරලවම කිව්වොත්, මේක "මොළයට දෙන විවේකයක්."
හිතන්න, ඔබ හැමදාම පැණි රස කෑම, චොකලට්, කේක් කනවා කියලා. ටික කාලයක් යද්දි මොකද වෙන්නේ? සාමාන්‍ය පළතුරක් කෑවට ඒකෙ පැණි රසක් ඔබට දැනෙන්නේ නැහැ. මොකද ඔබේ දිව දැන් "High Sugar" වලට පුරුදු වෙලා.
අපේ මොළයට වෙලා තියෙන්නෙත් ඕකමයි. ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම්, ගේම්ස් වලින් ලැබෙන අධික ඩොපමීන් ප්‍රමාණය නිසා, පොතක් කියවන එක, යාළුවෙක් එක්ක කතා කරන එක හෝ නිකන් අහස දිහා බලන් ඉන්න එක වගේ සරල දේවල් මොළයට "බෝරින්" (Boring) වෙලා.
Detox එකෙන් කරන්නේ අර වැඩිපුර ලැබෙන ඩොපමීන් නතර කරලා, මොළයේ සංවේදී බව (Sensitivity) ආපහු සැකසීමයි.
Dopamine Detox එක පටන් ගන්නේ කොහොමද? (සරල පියවර 3ක්)
මේක එක පාරටම මහණ වෙනවා වගේ ලොකු වැඩක් නෙවෙයි. හෙට ඉඳන්ම කරන්න පුළුවන් සරල අභියෝගයක්.
1. උදෑසන පළමු පැය (The Golden Hour)
උදේ නැගිටපු ගමන් කරන්නේ ෆෝන් එකේ ඩේටා ඔන් කරන එකද? එහෙනම් ඔබ දවස පටන් ගන්නේ අර "උගුල" ඇතුලේ ඉඳන්.
අභියෝගය: හෙට උදේ නැගිටලා පළමු පැය ඇතුළත ෆෝන් එක අතින්වත් අල්ලන්න එපා. වතුර එකක් බොන්න, එළියට බැහැලා හුස්ම ගන්න, ඇඳ හදාගන්න. ඔබේ දවසේ පාලනය මුලින්ම ඔබ අතට ගන්න.
2. "කම්මැලිකම" වැළඳගන්න (Embrace Boredom)
අපිට විනාඩියක් නිකන් ඉන්න බැහැ, පාළුයි. ඒ පාළුව මකාගන්න තමයි අපි ෆෝන් එක ඔබන්නේ.
අභියෝගය: දවසේ එක වෙලාවක් තියාගන්න මොකුත්ම නොකර ඉන්න. ෆෝන් එක නැතුව, ටීවී එක නැතුව, සින්දු අහන්නේ නැතුව නිකන් ඉන්න. මුලදී පිස්සු වගේ දැනෙයි. නමුත් විනාඩි 10ක් යද්දි ඔබේ මොළය "Reset" වෙන්න පටන් ගන්නවා. නිර්මාණාත්මක අදහස් ගලාගෙන එන්නේ අන්න එතකොටයි.
3. අමාරු දේ මුලින් කරන්න (Eat the Frog)
ඩොපමීන් වලට ඇබ්බැහි වුණාම අපි කැමති ලේසි දේට විතරයි.
අභියෝගය: දවසේ කරන්න තියෙන අමාරුම, එපාම කරපු වැඩේ (පාඩම් කරන එක හෝ ව්‍යායාම කරන එක) උදෙන්ම කරන්න. ඒක කළාම ලැබෙන සතුට (Natural Dopamine) ෆේස්බුක් ලයික් එකකින් ලැබෙන සතුටට වඩා සිය ගුණයක් බලවත්.
ප්‍රතිඵලය කුමක්ද?
දවස් කිහිපයක් මේක කළාම ඔබට මැජික් එකක් වගේ වෙනසක් දැනේවි.
ඔබේ අවධානය (Focus) ලේසර් කිරණක් වගේ දියුණු වෙයි.
පොඩි දේවල් වලිනුත් ලොකු සතුටක් ලබන්න පුළුවන් වෙයි.
ඔබ තාක්ෂණයේ වහලෙක් නොවී, එහි ස්වාමියා බවට පත් වෙයි.
මේක ලේසි නැහැ. මොළය කෑගහලා ඉල්ලයි "අනේ ෆෝන් එක දීපන්" කියලා. නමුත් මතක තියාගන්න, ඒ කෑගහන්නේ ඔබේ ඇබ්බැහිය මිසක් ඔබ නෙවෙයි.
ඔබ සූදානම්ද ඔබේ මොළය Reset කරගන්න? හෙට උදේ ඉඳන්ම වැඩේ පටන් ගමුද?
Copied
16/02/2026
Driven Feedback Loop
ඔබේ දුරකථනයේ Notification හඬ ඇසුණු සැණින් ඔබේ දෑස් ඉබේම එතැනට ගියා නේද? ඔබ වැදගත් වැඩක හිටියත්, ඒ සියල්ල තත්පරයකට අමතක වී ඔබේ අත දුරකථනය වෙත ඇදී ගියේ කාන්දමකට යකඩයක් ඇදෙනවා වගේ.
ඔබ හිතන්නේ ඒක නිකම්ම පුරුද්දක් කියලද? නැහැ. එය ඊට වඩා භයානක, ඉතා සියුම්ව නිර්මාණය කළ "මනෝවිද්‍යාත්මක උගුලක්."
ලෝකයේ දක්ෂතම ඉංජිනේරුවන් සහ විද්‍යාඥයින් එකතු වී ඔබේ මොළය "Hack" කර ඇති බව ඔබ දන්නවාද? මේ කතාව ඒ අදෘශ්‍යමාන පාලකය ගැනයි.
මොළයේ සැඟවුණු රහස: Dopamine (ඩොපමීන්)
අපේ මොළයේ තියෙනවා "Dopamine" කියලා රසායනිකයක්. ගොඩක් අය හිතන්නේ මේක "සතුට ගෙන දෙන" රසායනිකය (Pleasure Chemical) කියලා. නමුත් ඇත්ත කතාව ඊට වඩා වෙනස්.
Dopamine කියන්නේ සතුටම නෙවෙයි; එය "ආශාව සහ පෙළඹවීම" (Desire & Motivation) ඇති කරන රසායනිකයයි. යම් දෙයක් කළාම සතුටක් ලැබෙන බව මොළයට දැනුණු විට, "ආයේ ඒක කරපන්... ආයේ ඒක කරපන්..." කියලා ඔබට බල කරන්නේ මේ ඩොපමීන් විසිනුයි.
මහා උගුල: The Feedback Loop
දැන් අපි බලමු කොහොමද ෆේස්බුක්, ටික්ටොක් හෝ ඉන්ස්ටග්‍රෑම් වැනි ඇප්ස් මේ රසායනිකය පාවිච්චි කරලා අපිව අල්ලගන්නේ කියලා. මේ ක්‍රියාවලිය පියවර 3කින් සිදුවෙන චක්‍රයක්.
1. විේදනීය ඇරඹුම (The Trigger):
ඔබට Notification එකක් එනවා. නැත්නම් නිකන් ඉන්න බැරි කමට ෆෝන් එක අතට ගන්නවා. මේ වෙලාවේ ඔබේ මොළයේ පොඩි ඩොපමීන් විදීමක් සිදුවෙලා "බලන්න කවුද ලයික් කරලා තියෙන්නේ" කියලා කුතුහලයක් ඇති කරනවා.
2. ක්‍රියාව (The Action):
ඔබ ඇප් එක ඕපන් කරනවා. ඇඟිල්ලෙන් උඩට පහළට Scroll කරනවා.
3. අනපේක්ෂිත ත්‍යාගය (The Variable Reward):
මෙන්න මෙතන තමයි රහස තියෙන්නේ! ඔබ ෆෝන් එක බලන හැම වෙලාවෙම ඔබට සතුටක් ලැබෙන්නේ නැහැ. සමහර වෙලාවට විතරයි හොඳ පෝස්ට් එකක්, ලස්සන ෆොටෝ එකක් හෝ මැසේජ් එකක් දකින්නේ.
මේක හරියට සූදු පොළක තියෙන "Slot Machine" එකක් වගේ. හැම පාරම දිනන්නේ නැති නිසා, "ඊළඟ පාර දිනයි" කියලා හිතලා සූදුක්කාරයෝ දිගටම සෙල්ලම් කරනවා. social media වලත් වෙන්නේ මේකමයි. "ඊළඟ වීඩියෝ එක හොඳ ඇති" කියලා හිතලා අපි පැය ගණන් Scroll කරනවා.
ඔබට නතර වෙන්න බැරි ඇයි?
ඔබට කවදා හෝ හිතිලා තියෙනවද "විනාඩි 5ක් ෆෝන් එක බලනවා" කියලා අරගෙන පැය දෙකක් විතර ඒකෙම ඇලී හිටියේ ඇයි කියලා?
ඒ තමයි Dopamine Driven Feedback Loop එකේ බලය.
ඔබට ලැබෙන ඒ පුංචි සතුට (Reward) නිසා මොළය ආයෙත් මුලට යනවා. ආයේ Trigger වෙනවා, ආයේ Action ගන්නවා. මේක නොනවතින චක්‍රයක් (Loop). මේ චක්‍රය කොච්චර ප්‍රබලද කියනවා නම්, කෑම බීම, නින්ද හෝ ඔබේ ජීවිතයේ සිහින පවා අමතක කරවන්න ඊට පුළුවන්.
ගැලවීමක් තිබේද?
මේ ලිපිය කියවන ඔබ දැන් දන්නවා ඔබ හිටියේ නොපෙනෙන පාලනයක කියලා. ඒක දැනගැනීම තමයි ගැලවීමේ පළමු පියවර.
ඊළඟ වතාවේ "ටින්" ගාලා සද්දයක් ඇහෙනකොට, තත්පරයකට නතර වෙන්න. හිතන්න, "මේ මට ඇත්තටම අවශ්‍ය දෙයක්ද? නැත්නම් මගේ මොළය ඩොපමීන් ෂොට් එකක් ඉල්ලනවාද?" කියලා.
තාක්ෂණය තියෙන්නේ අපිව පාලනය කරන්න නෙවෙයි, අපි තාක්ෂණය පාලනය කරන්නයි. මේ මායාවෙන් මිදෙන්න පුළුවන් යතුර තියෙන්නේ ඔබේ අතේමයි!
Copied
29/01/2026
ෆෝන් එකේ දොර ජනෙල් වැහුවට වැඩක් නෑ... "හොරා" ඉන්නේ ඇතුලේ! (හැමෝම දැනගත යුතු තාක්ෂණික ඇත්ත) 📱⚠️
රාත්‍රිය හරිම නිහඬයි. කාමරේ දොර ලොක් කරලා, ලයිට් නිවලා ඔයා ඇඳට එනවා. මුළු ලෝකෙම නිදාගෙන. ඔයාට විශ්වාසයි "මේ වෙලාවේ මම තනියම" කියලා. ඔයා අතට ගන්නවා ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක. ආදරණීය පණිවිඩයක්, හිත නිවන ඡායාරූපයක්, වීඩියෝ කෝල් එකක් හරහා හුවමාරු වෙන හැඟීම්...
ඔයා හිතන්නේ ඒ දේවල් ඔයාගෙයි, එයාගෙයි අතර විතරක් තියෙන රහස් කියලා. ඒත් ඔයා වැරදියි.
ඔයාගේ කාමරේ අඳුර මැද්දේ, ඔයාගේ අතේ තියෙන ඒ පුංචි තිරය ඇතුලේ "නොපෙනෙන ඇස් දහසක්" ඔයා දිහා බලාගෙන ඉන්නවා. මේ කතාව, ටෙක්නොලොජි ගැන ඔයා නොදන්න, ඒත් ඔයාගේ ජීවිතේ උඩු යටිකුරු කරන්න පුළුවන් "කළු සත්‍යය" ගැනයි.
හුස්ම අල්ලගෙන මේ කරුණු 8 කියවලා බලන්න. 👇 සමහරවිට මේක ඔයාගේ අනාගතයම බේරගන්න පුළුවන්.
1. පින්තූරයක සැඟවුණු රහස් (EXIF Data) 📍
ඔයා යවන අහිංසක පින්තූරයක් ඇතුලේ, ඒ පින්තූරේ පේනවට වඩා දේවල් හැංගිලා තියෙනවා. ඔයා ෆෝන් එකෙන් ගත්ත ඕනෑම ඔරිජිනල් ෆොටෝ එකක EXIF Data කියලා දෙයක් තියෙනවා.
* ෆොටෝ එක ගත්ත නිශ්චිත වෙලාව.
* පාවිච්චි කරපු ෆෝන් මොඩල් එක.
* වඩාත්ම භයානක දේ: GPS Coordinates.
👉 අවදානම: ඔයා කාටහරි ඔරිජිනල් ෆොටෝ එකක් (Email/Telegram/whatsapp හරහා) යැව්වොත්, පොඩි සොෆ්ට්වෙයාර් කෑල්ලකින් පුළුවන් ඔයා ඉන්න ප්‍රදේශය හෝ නිවස පිහිටි තැන ගැන ලොකු හෝඩුවාවක් (Location Hint) හොයාගන්න.
2. "Delete" කළාට මැකෙන්නේ නෑ (Data Recovery) 🗑️
ඔයා ෆෝන් එකෙන් හෝ මෙමරි කාඩ් එකෙන් ෆොටෝ එකක් Delete කරාම ඇත්තටම ඒ ෆයිල් එක මැකෙන්නේ නෑ. ෆෝන් එක කරන්නේ ඒ ෆයිල් එක තියෙන තැන "හිස් ඉඩක්" විදිහට මාක් කරන එක විතරයි.
👉 අවදානම: අලුත් ෆෝන් වල ආරක්ෂාව (Encryption) නිසා දත්ත ගන්න අමාරු වුණත්, මෙමරි කාඩ් (SD Cards) වල හෝ හරියට Reset නොකළ පරණ ෆෝන් වල තිබුණ දත්ත Recovery Software හරහා ආපහු පණ ගන්වන්න පුළුවන්. ඒ නිසා පරණ ඩිවයිස් විකුණද්දී පරිස්සම් වෙන්න.
3. වලාකුළේ හැංගිලා බලන් ඉන්න හොරා (Cloud Syncing) ☁️
ඔයා හිතන් ඉන්නේ ඔයාගේ පෙම්වතාගේ ෆෝන් එකේ "Gallery" එකේ විතරයි ඔයාගේ පින්තූර තියෙන්නේ කියලා. ඒත් එයාගේ Google Photos හෝ iCloud "On" වෙලා තිබුණොත් වියහැකි දේවල් භයානකයි. ෆොටෝ එක ගත්ත ගමන් ඒක අමෙරිකාවේ Server එකකට Upload වෙනවා.
👉 අවදානම: සම්බන්දෙ නතර වුණත්, එයා ෆෝන් එක වික්කත්, එයාගේ Gmail එක වෙන තැනක Log වුණොත් ඔයාගේ පුද්ගලික පින්තූර අවුරුදු ගානකට පස්සේ වුණත් එළියට එන්න පුළුවන්.
4. Screenshot එකට එහා ගිය ඇස (Silent Copy) 🎥
ඔයා Video Call එකක් ගන්නකොට හෝ "View Once" ෆොටෝ එකක් යවනකොට අනිත් පැත්තේ කෙනා ඒක Save කරගන්නේ නෑ කියලා හිතන එක ලොකු මුලාවක්. Screen Recording Apps වලට පුළුවන් Notification නොයවා රෙකෝඩ් කරන්න. ඒවගේම තව ෆෝන් එකකින් වීඩියෝ කරන්න පුළුවන්. Snapchat/Instagram "Vanish Mode" 100%ක් විශ්වාස නෑ.
👉 අවදානම: තාක්ෂණය කොච්චර දියුණු වුණත්, කැමරාවක් ඉස්සරහ තියෙන තව කැමරාවක් නවත්වන්න තාම ක්‍රමයක් නෑ.
5. ඔයාගේ මූණ හොරකම් කිරීම (AI & Deepfakes) 🤖
මේක තමයි අනාගතයේ ලොකුම බිල්ල. ඔයා කවදාවත් වැරදි ෆොටෝ එකක් යවලා නෑ කියලා සැනසෙන්න එපා. අද තියෙන AI තාක්ෂණයට පුළුවන් ඔයාගේ සාමාන්‍ය ලස්සන ෆොටෝ එකක් අරගෙන, ඔයා කවදාවත් නොහිටපු තැනක, ඔයාගේ වගේම නිරුවත් වීඩියෝ එකක් (Deepfake) නිර්මාණය කරන්න.
👉 අවදානම: ඔයාගේ Social Media Profile Public තියෙනවා නම්, ඔයාගේ මූණ පැහැදිලිව පෙනෙන ෆොටෝ ඕන කෙනෙක්ට ගන්න පුළුවන් බව මතක තියාගන්න.
6. විශ්වාසය කියන්නේ තාවකාලික දෙයක් (The Trust Paradox) ⏳
මේක තාක්ෂණික කාරණයක් නෙවෙයි, මනෝවිද්‍යාත්මක ඇත්තක්. ලෝකේ ලීක් වෙන පුද්ගලික වීඩියෝ වලින් බහුතරයක්ම (Majority) එළියට එන්නේ හැකර්ස්ලා අතින් නෙවෙයි; දවසක "මගේමයි" කියලා හිතපු අයගේ අතින්.
👉 අවදානම: මිනිස්සු වෙනස් වෙනවා. තරහව, ඊර්ෂ්‍යාව ඉස්සරහා පොරොන්දු කැඩෙනවා. හැබැයි ඉන්ටර්නෙට් එකට ගිය දේ කවදාවත් වෙනස් වෙන්නේ නෑ.
7. ඇරපු ජනෙල් වගේ Wi-Fi (Public Networks) 📡
කැෆේ එකේ, හොටෙල් එකේ Free Wi-Fi දැක්කම නිකන්ම Connect වෙන්න එපා. ඒක හරියට වීදුරු කාමරයක් ඇතුලේ ඉඳන් ඇඳුම් මාරු කරනවා වගේ වැඩක්. එකම Wi-Fi එකේ ඉන්න හැකර් කෙනෙක්ට පුළුවන් ඔයා යවන දත්ත (Data Packets) අතරමගදී අල්ලගන්න.
👉 අවදානම: පුද්ගලික චැට්, පාස්වර්ඩ් හෝ ෆොටෝ කවදාවත් VPN එකක් නැතුව පොදු Wi-Fi හරහා යවන්න එපා.
8. නිවී තිබුණට ඇහැරලා ඉන්න මයික් එක (Always-Listening) 🎙️
ඔයා යාළුවෙක් එක්ක "සපත්තු" ගැන කතා කළාට පස්සේ, පහුවදා ෆේස්බුක් එකේ සපත්තු දැන්වීමක් (Ad) පෙන්නනවා දැකලා තියෙනවද? ගොඩක් වෙලාවට මේක වෙන්නේ ඔයාගේ Search Patterns (Tracking cookies) නිසා වුණත්, අනවශ්‍ය Apps වලට Mic Permission දීලා තියෙනවා නම් අවදානමක් නැත්තෙම නෑ.
👉 අවදානම: සමහර Apps පසුබිමේ ඉඳන් (Background) ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඒ නිසා අවශ්‍ය නැති Apps වලට Microphone Access දෙන්න එපා.
ආදරය විශ්වාසය වෙන්න පුළුවන්.
ඒත් තාක්ෂණය කියන්නේ කවදාවත් 100%ක් විශ්වාස කරන්න බැරි දෙයක්.
මේක කියවන ඔයාගේ නංගිට, යෙහෙළියට හෝ තමන්ගේ ජීවිතය ගැන තව හිතන කෙනෙකුට අනිවාර්යයෙන් Share කරන්න. නොදන්නාකම නිසා ජීවිතේ අඳුරු කරගන්න එපා. ✋🛑
මේ පෝස්ට් එක කියෙව්වට පස්සේ, ඔයාගේ පරණ ෆෝන් එකක් කඩේකට විකුණපු එක ගැන දැන් පොඩි හරි බයක් හිතෙන්නේ නැද්ද? 😶📲
Copied