Mandaram Kathawe - මන්දාරම් කතාවේ

Mandaram Kathawe - මන්දාරම් කතාවේ

Share

මන්දාරම් අහස යටට එන්න තනිවෙන්න ❤

Photos from Pasindu Chathurange Photography's post 23/12/2025

Father Media Releasing

02/12/2025

🔴🔴 මන්දාරම් නුවර 🔴🔴

02/12 - 1.06 p.m
Achila Eranga - පැයකට පෙර

බයික් පදින්න පුලුවන් සෙට් එකක් ඉන්නවද මන්දාරම් නුවරට උඩින් කිට්‍ටු පාරකට බඩු අරන් යන්න. වෙන යන්න පාරක් නැහැ කියලා දැන් යුදහමුදාවෙන් නිරීක්ෂණය කරලා කීවා.

බයික් තියෙන සෙට් එකකගෙ උදව් අවශ්‍යයි, පුලුවන් අය මේ අංකයට කතා කරන්න, යුදහමුදාවේ නිලදාරී මහතා සම්බන්ද කරයි මේ සන්දහා 🙏

බඩගින්නෙ ඉන්න ගමකට උදව් කරමු 🙏

Nuwan Rathnayake 0778878136

Prasad Indika Perera

30/11/2025

අදික වැසි සමය නිසා හැටන් මාර්ගයේ ඇහැල කණුව අසලින් පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇතැයි සිතිය හැකි අතීතයේ සිරිපා තරණයට භාවිතා කල පඩිපෙලක් මේ වනවිට මතුවී තිබෙනවා.

30/11/2025

ශ්‍රී පාද උඩ මලුව ආසන්නයේ ප්‍රබල නායයාමක සලකුණු
මේ පේන විදිහට දෙහෙනකන්ද මුක්කුවත්ත පාර මහගිරිදඹට සෙට් වෙන හරිය වගේ. ඒ දෙක මැද කැලේ පිහිටි දෙහෙනකන්ද පාර හරිය වගේ ඔය පේන පැත්තට. මලුවට කිසිම හානියක් හෝ ගැටලුවක් නෑ කියලා උඩ මලුවෙන් කිව්වා. මේක වනාන්තර කොටසක සිදු වූ දෙයක් හැබැයි මහගිරිදඹ කොටසේ. මේ ගලා යාම අනුව රත්නපුර පාරේ ආඩියාමළතැන්නෙන් පහල යමක් වෙලා තියෙන්න පුලුවන්. නැත්නම් සදගලතැන්න පාර පැත්තට වෙන්නත් පුලුවන්. තාම එතනට යන්න කාටවත් හැකියාවක් ලැබිලා නෑ. රත්නපුර සහ හැටන් මාර්ග වලට ලොකු ගැටලුවක් නෑ. හැටන් වල පාරට පස් ගල් ඇවිල්ලා කියලාුඩ මලුවෙන් දැනගන්න ලැබුනා. රත්නපුර මාර්ගයේත් තරමක් දේවල් වෙන්න ඉඩක්ඩ නම් වැඩියි ඒත් ඒ කැලේ ඇතුලේ කිසිම දේක තොරතුරක් නෑ. වැඩි තොරතුරු ලද සැනින් අපි පල කරනවා.

චරිත් මුත්තෙට්ටුපිටගේ කැමරාවෙන් ලබාගත් දර්ශන
2025-11-30

30/11/2025

ගිය දවස් තුනේ බිලියන ගානක විනාශයක් කරලා
අද මුකුත් නොවුන ගානට ලස්සනට ඉන්න
මොරගහකන්ද ජලාශය අවට තත්වය මේ

29/11/2025

🚨 කැලණි ගඟ මහා ගංවතුර මට්ටම ඉක්මවා යයි...

අළුයම 1.37
30 -11- 2025

Photos from Mandaram Kathawe - මන්දාරම් කතාවේ's post 29/11/2025

මොරගහකන්ද පාලම කඩාගෙන ගිහිං කියලා නේද මෙච්චර වෙලා හිතාගෙන හිටියේ..

වැරදියි... ගඟ, පාරත් කඩාගෙන ගොඩබිමත් හාරගෙන ගලාගෙන යනවා.. පාලම ඒ විදිහටම තිබුණ තැනම තියෙනවා...

28/11/2025

කුරුණැගල තැම්පාන ජලශය අවට ප්‍රධාන මාර්ගය මෙ වන විට නායයෑමකට ලක්වෙනවා

මේ අවට සිටින පුද්ගලයින් ආරක්ශිත ස්තාන වලට ගමන් කරන්න

28/11/2025

දැනුම්දීමයි ⚠️

පිළිමතලාව දුම්රිය ස්ථානයේ පේරාදෙණිය දෙසට පිහිටි බාහිය සංඥාව 🚥 අසල තිබූ කුඩා පාලම් කොටසක් අධික වර්ෂාව හේතුවෙන් හානි වී ඇත.

එහෙයින්, ආරක්ෂක හේතුන් මත පිළිමතලාව - පේරාදෙණිය අතර කිසිදු දුම්රිය ධාවන කටයුත්තක් සිදු නොවේ.

මේ හේතුවෙන්;

⭕ප.ව.15:35ට කොළඹ කොටුව සිට මහනුවර දක්වා ධාවනය වෙමින් තිබූ නගරාන්තර සීග්‍රගාමී දුම්රිය (1029) පිළිමතලාව දුම්රිය ස්ථානයෙත්

⭕ප.ව.17:15ට කොළඹ කොටුව සිට මහනුවර දක්වා ධාවනය වෙමින් පැවති සීග්‍රගාමී දුම්රිය (1037) කඩුගන්නාව දුම්රිය ස්ථානයෙ නවතා ඇති අතර,

⭕ ප.ව.12:50ට බෙලිඅත්ත සිට මහනුවර දක්වා ධාවනය වෙමින් පවතින සියනෑ (1039) සීග්‍රගාමී දුම්රියද පොල්ගහවෙල දුම්රිය ස්ථානය දක්වා පමණක් ධාවනය වේ!

Road Block ⚠️

A small bridge near Pilimathalawa Outer Home signal (PDA side) had been damaged due to adverse weather effects.

Hence, currently no train movements will take place between Pilimathalawa- Peradeniya until further notice due to safety reasons.

Image: AI generated

27/11/2025

මහනුවර හපුගොඩ අවට ඉන්න අය ඉක්මණින් උදව් කරන්න..🙏🙏

27/11/2025

🚫Red Alert🚫
මහනුවර ඉදන් මහ ජල කදක් මහවැලිය දිගේ පහලට එනවා,මහියංගනයෙන් පහල හැමෝම දැන්ම ඉවත් වෙන්න,ගොඩක් අයට Signal නෑ විදුලිය නෑ
පුලුවන් විදිවය Share කරලා හැමෝම දැනුවත් කරන්න

27/11/2025

මීට සුලු මොහොතකට පෙර Kotmale Reservoir එකෙහි ජල මට්ටමයි මේ තියෙන්නෙ.

Spillway Gate no.02 : 0.7m
gate no 01. 0.7m
gate no 03. 0.7m
Spillway discharge: 262.75m3/s

මහවැලි ගගේ සිට ගන්නෝරුව දෙසට ආසන්න වශයෙන් උස අඩි 50 ඉක්මවන ජල කඳක් පැමිණෙන්නේ කොත්මලේ ජලාශයේ වතුර මහවැලි ගඟට එකතුවෙන්නේ නොමැතිවයි.

කොත්මලේ ජලාශයද දැන් පිටාර මට්ටමකට ආසන්නයි. එයින් පසු එහි ස්වයංක්‍රියය දොරටු කොයි මොහොතේ හෝ විවෘත වනු ඇත.

එසේ හෙයින් හැකි ඉක්මණින් මහවැලි ගඟ දෙපස සහ පහත්බිම් වලින් ආරක්ෂිත ස්ථාන වලට ඉවත්වෙන්න.!!!
🙏🙏🙏



ආපදා සහන ලබාගැනීමේ ජාතික මට්ටමේ හදිසි ඇමතුම් අංක පහතින් දැක්වේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC): 117 (හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා සම්බන්ධීකරණය)

පොලිස් හදිසි ඇමතුම්: 119 (ජීවිතාරක්ෂක හා හදිසි ආරක්ෂක අවශ්‍යතා)

සුව සැරිය ගිලන් රථ සේවාව: 1990 (රෝගීන් රෝහල් ගත කිරීම සඳහා)

ගිනි නිවන හමුදාව: 110 (ගිනි ගැනීම් සහ විපතට පත් වූවන් බේරා ගැනීම)

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO): 011 258 8946 (නායයෑම් අවදානම් දැනුම් දීමට)

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව: 011 268 6686 (කාලගුණ අනාවැකි දැනගැනීමට)

නාවික හමුදා මූලස්ථානය: 011 244 5368 (ගංවතුරකදී බෝට්ටු සේවා සහ බේරා ගැනීම්)

යුධ හමුදා මූලස්ථානය: 113 (හදිසි ආපදා සහන සහ බේරා ගැනීම්)

ගුවන් හමුදා මූලස්ථානය: 116 (හෙලිකොප්ටර් යානා මගින් සිදුකරන බේරා ගැනීම් සඳහා)
*
පළාත් සහ දිස්ත්‍රික් මට්ටමේ සම්බන්ධීකරණ අංක (Provincial & District Level)

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දිස්ත්‍රික් ඒකක (District Disaster Management Coordinating Units - DDMCU) හරහා පළාත් මට්ටමින් සහාය ලබා ගන්න.

බස්නාහිර පළාත (Western Province)
ගංවතුර අවදානම වැඩිම ප්‍රදේශ සඳහා:

කොළඹ දිස්ත්‍රික්කය: 011 243 4028 / 077 395 7893
ගම්පහ දිස්ත්‍රික්කය: 033 223 4676 / 077 395 7888
කළුතර දිස්ත්‍රික්කය: 034 222 2344 / 077 395 7887

දකුණු පළාත (Southern Province)

ගාල්ල දිස්ත්‍රික්කය: 091 224 2355 / 077 395 7889
මාතර දිස්ත්‍රික්කය: 041 223 4030 / 077 395 7894
හම්බන්තොට දිස්ත්‍රික්කය: 047 225 8056 / 077 395 7895

සබරගමුව පළාත (Sabaragamuwa Province)

නායයෑම් සහ ගංවතුර බහුල ප්‍රදේශ:

රත්නපුර දිස්ත්‍රික්කය: 045 222 5522 / 077 395 7898
කෑගල්ල දිස්ත්‍රික්කය: 035 222 2843 / 077 395 7891

වයඹ පළාත (North Western Province)

කුරුණෑගල දිස්ත්‍රික්කය: 037 222 0455 / 077 395 7892
පුත්තලම දිස්ත්‍රික්කය: 032 226 5345 / 077 395 7896

මධ්‍යම පළාත (Central Province)

මහනුවර දිස්ත්‍රික්කය: 081 220 2875 / 077 395 7890
නුවරඑළිය දිස්ත්‍රික්කය: 052 222 3448 / 077 395 7897
මාතලේ දිස්ත්‍රික්කය: 066 223 0926 / 077 395 7886

උතුරු මැද පළාත (North Central Province)

අනුරාධපුරය: 025 222 5333 / 077 395 7883
පොළොන්නරුව: 027 222 6676 / 077 395 7884

ඌව පළාත (Uva Province)

බදුල්ල දිස්ත්‍රික්කය: 055 222 4434 / 077 395 7885
මොනරාගල දිස්ත්‍රික්කය: 055 227 6378 / 077 395 7893

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address


Colombo