G/Waththahena Siri Sucharitha K.V.

G/Waththahena Siri Sucharitha K.V. Welcome to the official page of Waththahena Siri Sucharitha K.V.

පරිසර නිපුණතා කඳවුර 2026නියාගම කොට්ඨාසයේ පාසල්වල ප්‍රාථමික අංශය මඟින් සංවිධානය කළ පරිසර කඳවුරේ  "16- අපේ අතීත විත්ති" යන...
10/07/2026

පරිසර නිපුණතා කඳවුර 2026
නියාගම කොට්ඨාසයේ පාසල්වල ප්‍රාථමික අංශය මඟින් සංවිධානය කළ පරිසර කඳවුරේ
"16- අපේ අතීත විත්ති" යන මාතෘකාව යටතේ අප පාසලේ තේමා කුටියට නොසිතූ ප්‍රතිචාර ලැබුණා..දරුවන්ට ප්‍රායෝගිකවම දෙයක් ලබා දීමට හැකි වීම ගැන ඉතින් ඇත්තටම සතුටුයි. හැමෝගෙම සහයෝගය, එකමුතුකම, කැපවීමේ ප්‍රතිඵලය තමයි ඒ...
සියලු කටයුතුවල සාර්ථකත්වය සඳහා සහයෝගය දැක්වූ අපේ විදුහල්පතිතුමියට, කාර්යය මණ්ඩලයේ සියලුම දෙනාට, දරුවන්ට සහ ආදරණීය දෙමාපියන්ට අනේක වාරයක් ස්තූතියි!!

ඔබ සැමට ආරාධනා....
06/07/2026

ඔබ සැමට ආරාධනා....

උණුසුම් සුබ පැතුම්  දියණියනි💐 තව තවත් මෙවැනි ජයග්‍රහණ පාසලට එක් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා 🙏හැමදාමත් පාසල වෙනුවෙන් , දර...
04/07/2026

උණුසුම් සුබ පැතුම් දියණියනි💐 තව තවත් මෙවැනි ජයග්‍රහණ පාසලට එක් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා 🙏

හැමදාමත් පාසල වෙනුවෙන් , දරුවන් වෙනුවෙන් නොමඳ සහයක් ලබා දෙන විදුහල්පතිතුමියටත්...
කාර්යමණ්ඩලයේ සැමටත් බෙහෙවින් ම ස්තූතියි ...

සමස්ත ලංකා නර්තන තරගය 2026 දකුණු පළාත් තරග                         පහතරට ශුද්ධ තාලය (ගැහැනු සමූහ)- තෙවන ස්ථානය 🏆 සියලු ද...
29/06/2026

සමස්ත ලංකා නර්තන තරගය 2026
දකුණු පළාත් තරග
පහතරට ශුද්ධ තාලය (ගැහැනු සමූහ)- තෙවන ස්ථානය 🏆

සියලු දෙනාටම උණුසුම් සුබ පැතුම්🌺

කලාප මට්ටමේ සිට ම තරගකාරීව පැවැති මෙම තරගය, දකුණු පළාතේ කලාප 10ක පාසල් සමඟ දැඩි තරගයක්ව පැවතුණත් අපේ දක්ෂයන්ට තෙවැනි ස්ථානය ලබා ගනිමින් අප පාසලට විශාල අභිමානයක් එක් කරන්න හැකි වුණා.
"පුංචි මල් ලස්සනට පිපෙන්න ඕන දරුවෝ හරි දක්ෂයි " 💎

අප පාසලට පැමිණ පුංචි කාලයක් තුළ පාසලට විශාල ජයග්‍රහණයක් අත්කර දීමට දිවා රෑ නොබලා කැපවීම් කළ, දරුවන්ගේ දක්ෂතා ඔප් නංවාලමින් ජයග්‍රහණය කරා දරුවන් මෙහෙය වූ නර්තන ආචාර්ය චානක ගුරු මහත්මාට අපගේ උපහාරය 🔥

ජයග්‍රහණයේ සාර්ථකත්වයට මග පෙන්වූ ආදරණීය නායකත්වය අපගේ විදුහල්පතිතුමියයි. ඔබතුමිය ලබා දුන් සහයෝගය, දිරිගැන්වීම සහ ආදරණීය මඟ පෙන්වීම වෙනුවෙන් හෘදයාංගම කෘතවේදීත්වය පුද කරමු.
දරුවන්ගේ පුහුණුවීම් කටයුතු සඳහා අවස්ථාව ලබාදෙමින් වටිනා සහයෝගයක් ලබා දුන් කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත්... දරුවන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් සෙවණැල්ලක් මෙන් පිටුපස සිටි ආදරණීය දෙමව්පියන්ටත්... අනේක වාරයක් ස්තුතියි 🙏

මෙම ජයග්‍රහණය තව විශාල ජයග්‍රහණ කරා යන ගමනේ ආරම්භයක් පමණක් වේවායි අපි ප්‍රාර්ථනා කරමු. ඔබගේ ජයග්‍රහණය අපගේ අභිමානයයි. තව තවත් ජයග්‍රහණ රැසක් ඔබ සැමට හිමි කර ගන්න ශක්තිය ධෛර්යය ලැබේවා !

සමස්ත ලංකා සංගීත තරගාවලියකලාප තරග ජයග්‍රහණයෙන් වත්තහේන සිරි  සුචරිත  විද්‍යාලය පළාත් තරගාවලියට...💐ඒකල ගායනය (ජ්‍යේෂ්ඨ)ගැ...
26/06/2026

සමස්ත ලංකා සංගීත තරගාවලිය
කලාප තරග ජයග්‍රහණයෙන් වත්තහේන සිරි සුචරිත විද්‍යාලය පළාත් තරගාවලියට...

💐ඒකල ගායනය
(ජ්‍යේෂ්ඨ)ගැහැණු /භෛරවී රාගය-ප්‍රථම ස්ථානය

💐සමූහ ගායනය
(විවෘත)ගැහැණු/ජන ගී/කුවේණි අස්න-දෙවන ස්ථානය

සියලු දෙනාට ම උණුසුම් සුබ පැතුම්...🎉
පාසල් නාමය ඉහළින් ඔසවා තබන්නට අගනා මෙහෙයක් ඉටු කරමින් දරුවන් ජය මාවතට ගෙනයන්නට අපමණ කැපවීමක් කළ පේරුසිංහ ගුරු මහත්මියටත්,චානක ගුරු මහත්මාටත්
අපගේ උපහාරය 🔥

හැමදාමත් පාසල වෙනුවෙන් , දරුවන් වෙනුවෙන් නොමඳ සහායක් ලබා දෙන විදුහල්පතිතුමියටත්...
කාර්යමණ්ඩලයේ සැමටත් බෙහෙවින් ම ස්තූතියි ...

✨පන්ති නායක නායිකා  උප නායක නායිකා නිල ලාංඡන පැළඳවීම 👑
04/06/2026

✨පන්ති නායක නායිකා
උප නායක නායිකා
නිල ලාංඡන පැළඳවීම 👑

වෙසක් සතියට සමගාමීව පාසලේ සංවිධානය කරන ලද වැඩසටහන්හි දෙවන  දින✨මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන හා සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සඳහ...
27/05/2026

වෙසක් සතියට සමගාමීව පාසලේ සංවිධානය කරන ලද වැඩසටහන්හි දෙවන දින

✨මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන හා සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සඳහා සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහන

✨සව් දන්සල

✨ වෙසක් කාඩ් පත් නිර්මාණය

ඔබ සැමට බැති සිතින් ආරාධනා....🙏
26/05/2026

ඔබ සැමට බැති සිතින් ආරාධනා....🙏

වෙසක් සතියට සමගාමීව පාසලේ සංවිධානය කරන ලද වැඩසටහන්හි පළමු දින✨ධර්ම දේශනය හා භාවනාමය වැඩසටහන✨වත්තහේන සිරි සුචරිතෝද්‍යාරාම...
26/05/2026

වෙසක් සතියට සමගාමීව පාසලේ සංවිධානය කරන ලද වැඩසටහන්හි පළමු දින

✨ධර්ම දේශනය හා භාවනාමය වැඩසටහන

✨වත්තහේන සිරි සුචරිතෝද්‍යාරාම විහාරස්ථානය අවට පිරිසිදු කිරීම

Address

Niyagama

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Website

Alerts

Be the first to know and let us send you an email when G/Waththahena Siri Sucharitha K.V. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category