ස රි ග ම මියුසික් Sa Ri Ga Ma Music

ස රි ග ම මියුසික්
Sa Ri Ga Ma Music Guiding Your Musical Path

09/11/2025
👇
06/11/2025

👇

22/07/2025

🛑 2025 O/L විභාගයට මුහුණ දීමට සිටින පෙරදිග සංගීතය හදාරන දරුවන්ට පෙරහුරු ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව..

🛑 ඔන්ලයින් පමණක් පංති පැවැත්වේ...

⭕ වැඩි විස්තර සදහා පහත සදහන් දුරකථන අංකයට වට්සැප් පණිවිඩයක් යොමු කරන්න.

👉☎ 070 184 1633

⭕ඔබේ දරුවාටත් සංගීත විෂය පාසලෙන් නිවැරදිව ආවරණය වී නැතිද....හැමදාම සංගීත විෂයට ලකුණු අඩුද?....සංගීතය අමාරු විෂයක්ද? එන්න...
16/02/2025

⭕ඔබේ දරුවාටත් සංගීත විෂය පාසලෙන් නිවැරදිව ආවරණය වී නැතිද....හැමදාම සංගීත විෂයට ලකුණු අඩුද?....සංගීතය අමාරු විෂයක්ද? එන්න ...අප හා එකතු වී මුල සිට සංගීත විෂය ඉගෙන ගනිමු...සංගීත පංතියක් කියන්නෙ සිංදු කියන එකයි,instrument play කරන එකයි විතරක් ම නෙවෙයි ...අප හා එකතු වී බලන්න..රහට සංගීතය ඉගෙන ගමු....ඔබට අවශ්‍ය පරිදි ඔබේ ඉල්ලීම පරිදි සංගීතය විෂය ඔබට දෙන්න අප සූදානම් ...ඔබට පහසු වේලාවක් වෙන් කරගත හැක.

⭕සරිගම Music🎼

⭕පෙරදිග සංගීතය 🎻🎹🎼

⭕තනි හා කණ්ඩායම් පංති

⭕ප්‍රායෝගික සිද්ධාන්ත සමඟ ගායනය සහ වාදනය සරලව මුල සිට👇🎼🎼

⭕6 සිට 13 ශ්‍රේණිය දක්වා👉👉

• පාසල් විෂය නිර්දේශය (ප්‍රායෝගික සිද්ධාන්ත සමග)

• වයලින්, ගිටාර්, කීබෝර්ඩ් පුහුණුව

• ඉන්දියානු භාත්ඛණ්ඩේ විශාරද විභාග හා ජාතික සංගීත විභාග සදහා ඉගැන්වීම්

⭕ඔන්ලයින් පමණක් පංති පැවැත්වේ...

⭕ වැඩි විස්තර සදහා පහත සදහන් දුරකථන අංකයට වට්සැප් පණිවිඩයක් යොමු කරන්න.

👉☎070 184 1633

⭕සරිගම Music🎼⭕පෙරදිග සංගීතය 🎻🎹🎼⭕ප්‍රායෝගික සිද්ධාන්ත සමඟ  ගායනය සහ වාදනය සරලව මුල සිට👇🎼🎼⭕6 සිට 13 ශ්‍රේණිය දක්වා👉👉• පාසල...
05/02/2025

⭕සරිගම Music🎼

⭕පෙරදිග සංගීතය 🎻🎹🎼

⭕ප්‍රායෝගික සිද්ධාන්ත සමඟ ගායනය සහ වාදනය සරලව මුල සිට👇🎼🎼

⭕6 සිට 13 ශ්‍රේණිය දක්වා👉👉

• පාසල් විෂය නිර්දේශය (ප්‍රායෝගික සිද්ධාන්ත සමග)

• කුඩා ළමුන් සදහා ගායන වාදන කටහඩ පුහුණුව

• වයලින්, ගිටාර්, තබ්ලා, කීබෝර්ඩ් පුහුණුව

• ඉන්දියානු භාත්ඛණ්ඩේ විශාරද විභාග හා ජාතික සංගීත විභාග සදහා ඉගැන්වීම්

👉☎070 184 1633

02/02/2025

සංගීතය ඉගෙනීම, රසවිදීම හා සංගීත ක්‍රියාකාරකම් වල නිරත වීම පොදුවේ පුද්ගලයන්ට විද්‍යාත්මකව බලපාන ආකාරය පිළිබඳව දැනගැනීම ඉතා වැදගත්‍ ය.

ඒ පිළිබඳව සොයා දැනගත් කරුණු කිහිපයක් ඔබ සමග බෙදා ගැනීමට අදහස් කළෙමි.

1. සංගීතය පුද්ගල මනසට කරන බලපෑම:

* සංගීතය මොළයේ විවිධ ප්‍රදේශ සක්‍රීය කරන අතර, එමඟින් ස්නායුක සම්බන්ධතා ශක්තිමත් වේ. මෙය මතකය, අවධානය සහ බුද්ධිය වැනි සංජානන ක්‍රියාවලීන් වැඩි දියුණු කිරීමට උපකාරී වේ.

* සංගීතයට පුද්ගල චිත්තවේගයන්ට ගැඹුරින් බලපෑම් කළ හැකිය. එය සතුට, දුක, සන්සුන් බව වැනි විවිධ හැඟීම් උද්දීපනය කිරීමට සමත් වේ.

* සංගීතයට සවන් දීමෙන් හෝ අධ්‍යයනය කිරීමෙන් ඩොපමයින් වැනි මොළයේ රසායනික ද්‍රව්‍ය නිකුත් වේ. මෙම ද්‍රව්‍යයන් සතුට සහ තෘප්තිය පිළිබඳ හැඟීම් ඇති කිරීමට දායක වේ.

2.මානව ශරීරයට සිදු කරන බලපෑම:

* සම්භාව්‍ය හා ශාස්ත්‍රීය සංගීතයට සවන් දීමෙන් හෘද ස්පන්දන වේගය සහ රුධිර පීඩනය අඩු කළ හැකිය. මෙය ආතතිය සහ කාංසාව අඩු කිරීමට උපකාරී වේ.

*ලොව පුරා විද්‍යාවේදීන් කර ඇති සමහර අධ්‍යයනයන් පෙන්වා දෙන්නේ සංගීතයට වේදනාව පිළිබඳ සංජානනය අඩු කළ හැකි බවයි. ශල්‍යකර්මයකින් පසු වේදනාව කළමනාකරණය කිරීමට සංගීතය භාවිතා කිරීමෙන් රෝහල් ගතව සිටින කාලය අඩු කළ හැකි බව අනාවරණය කරගෙන ඇත.

* සංගීතයට සවන් දීමෙන් ශාරීරික ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කළ හැකිය. එය ක්‍රීඩකයන්ට සහ ව්‍යායාම කරන්නන්ට ඔවුන්ගේ කාර්ය සාධනය වැඩි දියුණු කිරීමට උපකාරී වේ.

3. මානසික සෞඛ්‍යයට සිදුවන බලපෑම:

*සංගීතයට සවන් දීමෙන් හෝ අධ්‍යයනය කිරීමෙන් හෝ සංගීත ක්‍රියාකාරකම් වල නිරත වීමෙන් මානසික ආතතිය සහ කාංසාව අඩු කළ හැකිය. එය මානසික සන්සුන් භාවය වැඩි දියුණු කිරීමට සහ තමා සහ අන්‍යයන් පිළිබඳව හොඳ හැඟීමක් ඇති කිරීමට උපකාරී වේ.

* සංගීත චිකිත්සාව මානසික අවපීඩනයෙන් පෙළෙන පුද්ගලයින්ට සහාය වීමට භාවිතා කළ හැකිය. එය ඔවුන්ගේ මනෝභාවය වැඩි දියුණු කිරීමට සහ ජීවිතයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට උපකාරී වේ.

* සමාජ සම්බන්ධතා වැඩි දියුණු කරයි: සංගීතය සමාජ සම්බන්ධතා වැඩි දියුණු කිරීමට සහ හුදකලා හැඟීම් අඩු කිරීමට උපකාරී වේ. එය සංගීත ක්‍රියාකාරකම්වලට සහභාගී වීමෙන් හෝ සංගීත ප්‍රසංගයන්ට සහභාගී වීමෙන් සිදු විය හැකිය

සංගීතය පුද්ගලයන්ට බලපාන ආකාරය පිළිබඳව තවදුරටත් පර්යේෂණ සිදු වෙමින් පවතී. කෙසේ වෙතත්, සංගීතයට පුද්ගලයෙකුගේ මොළයට, ශරීරයට සහ මානසික සෞඛ්‍යයට බොහෝ ධනාත්මක බලපෑම් ඇති කළ හැකි බව විද්‍යාත්මකව ඔප්පු කර ඇත.

කපිල මැද්දෙගොඩ

# කරුණාකර උපුටාගන්නේනම් කතෘ භාවය සදහන් කරන්න ...

සැමට ජය!

Address

No. 350/1, Danvila, Boraluwewa
Nikaweratiya

Website

Alerts

Be the first to know and let us send you an email when ස රි ග ම මියුසික් Sa Ri Ga Ma Music posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category