Real Physics

Real Physics තාර්කිකව Physics ඉගෙන ගන්න. Hasitha Wanninayaka

රොටියක් වගේ තැටියක් 😄
03/04/2026

රොටියක් වගේ තැටියක් 😄

🔰නාසා (NASA) ආයතනය විසින් ක්‍රියාත්මක කරන Artemis II මෙහෙයුම යනු දශක පහකට පසු නැවතත් මිනිසුන් සඳ වෙත රැගෙන යන ඓතිහාසික ග...
03/04/2026

🔰නාසා (NASA) ආයතනය විසින් ක්‍රියාත්මක කරන Artemis II මෙහෙයුම යනු දශක පහකට පසු නැවතත් මිනිසුන් සඳ වෙත රැගෙන යන ඓතිහාසික ගමනක වැදගත් පියවරකි.

🔰වසර 50කටත් වැඩි කාලයකට පසු, මිනිස් සංහතිය නැවතත් සඳ බලා යන දැවැන්තම මෙහෙයුම වන Artemis II පසුගිය අප්‍රේල් 2 වන දින ආරම්භ වුණා.

🧐 මොකක්ද මේ Artemis II කියන්නේ?
Artemis II කියන්නේ නාසා (NASA) ආයතනයේ "ආර්ටෙමිස්" වැඩසටහනේ දෙවන අදියරයි. 2022දී සාර්ථකව නිම කළ Artemis I මෙහෙයුමෙන් පසු, මෙවර ඔරායන් (Orion) යානය මගින් ගගනගාමීන් සිව්දෙනෙකු සඳ වටා ගොස් ආරක්ෂිතව නැවත පෘථිවියට පැමිණීම ප්‍රධානතම අරමුණයි.

👥 මෙහෙයුමේ නියමුවෝ
මෙම මෙහෙයුම සඳහා ගගනගාමීන් සිව්දෙනෙකු සහභාගී වෙනවා.
⭕Reid Wiseman (අණදෙන නිලධාරී)
⭕Victor Glover (නියමුවා)
⭕Christina Koch (පළමු කාන්තා සඳ ගගනගාමියා)
⭕Jeremy Hansen (කැනේඩියානු ගගනගාමියා)

📍 මෙහෙයුමේ විශේෂත්වය
✴️මෙය දින 10ක පමණ කාලයක් පුරා දිවෙන ගමනකි.
✴️සඳ මත ගොඩබෑමක් සිදු නොවන අතර, සඳ වටා ගොස් පෘථිවියට පැමිණෙන අතරතුර යානයේ සහ සන්නිවේදන පද්ධතිවල ක්‍රියාකාරිත්වය පරීක්ෂා කෙරේ.
✴️ලොව බලවත්ම රොකට්ටුව වන SLS (Space Launch System) මෙහිදී භාවිතා වේ.

👉නව වාර්තාවක්
Artemis II මෙහෙයුම සැබවින්ම වාර්තාගත ගමනක් වෙන්නේ එය මිනිසෙකු පෘථිවියේ සිට ගමන් කරන වැඩිම දුර යන වාර්තාව අලුත් කිරීමට නියමිත නිසයි.
මෙහි ඇති විශේෂතා කිහිපයක් තියෙනව.

⭕Artemis II මෙහෙයුමේදී ගගනගාමීන් පෘථිවියේ සිට දළ වශයෙන් කිලෝමීටර් 400,000කට (සැතපුම් 250,000කට) වඩා වැඩි දුරක් අභ්‍යවකාශයට ගමන් කරනවා. මෙය සඳේ ඈත පැත්තෙන් (Far side of the moon) තවත් කිලෝමීටර් 10,000ක් පමණ ඔබ්බට යන ගමනක්.

⭕මෙතෙක් ඉතිහාසයේ මිනිසෙකු පෘථිවියේ සිට ගිය වැඩිම දුර ලෙස වාර්තා වෙන්නේ 1970 වසරේ Apollo 13 මෙහෙයුමයි. එහිදී ඔවුන් පෘථිවියේ සිට කිලෝමීටර් 400,171ක් ඈතට ගමන් කළා. Artemis II මගින් එම වාර්තාව බිඳ දමමින් මිනිස් වර්ගයා අභ්‍යවකාශයේ ඈතටම ගිය අවස්ථාව ලෙස ඉතිහාසයට එක් වනු ඇත.

⭕ගමන් පථය (Trajectory)
මෙම මෙහෙයුම හඳුන්වන්නේ "Hybrid Free Return Trajectory" එකක් ලෙසයි. පෘථිවියේ ගුරුත්වාකර්ෂණයෙන් මිදී සඳ දෙසට යන යානය, සඳේ ගුරුත්වාකර්ෂණය භාවිතා කරමින් සඳ වටා කැරකී (Slingshot effect), අමතර ඉන්ධන දහනයකින් තොරව ස්වයංක්‍රීයවම නැවත පෘථිවිය දෙසට හැරී ඒමට සැලසුම් කර තිබෙනවා.

⭕මෙහිදී ඔවුන් සඳේ මතුපිටට කිලෝමීටර් 10,000ක් පමණ ආසන්නයට ගමන් කරනවා.

⭕ගමන සාර්ථක වුණොත් අප්‍රේල් 10 ඔවුන් පැසිපික් සාගරය මතදී නැවත මේ පෘථිවියට ගොඩබසියි.

👉මේක තවත් එක අභ්‍යවකාශ ගමනක් නෙවෙයි. මිනිස් වර්ගයාගේ අනාගතය වෙනුවෙන් තබන දැවැන්ත පියවරක්. ඒ නිසා මේ ගඟනගාමීන් සිව්දෙනාටම ගමන සාර්ථකව නිමා කරල ආරක්ෂිතව නැවත පෘථිවියට එන්න ලැබෙන්න කියල අපි ප්‍රාර්ථනා කරමු.

03/04/2026

A/L Physics
ඒකක හා මාන.

29/03/2026
🔰2025 Revision⭕විද්‍යාර්ථ: නිකවැරටිය⭕The tutor: කුරුණෑගල⭕Masterclass: මහව📞0770 70 69 71 for more details.
19/02/2025

🔰2025 Revision

⭕විද්‍යාර්ථ: නිකවැරටිය
⭕The tutor: කුරුණෑගල
⭕Masterclass: මහව

📞0770 70 69 71 for more details.

Address

Hulogedra
Nikaweratiya
60470

Telephone

+94770706971

Website

Alerts

Be the first to know and let us send you an email when Real Physics posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Real Physics:

Shortcuts

Share