Mind Matters

Mind Matters Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Mind Matters, Education Website, Negombo.

Mind Matters is established to make Sinhalese speaking community increase their awareness of mental disorders and encourage individuals to seek mental health support as necessary.

21/08/2026
The Broaden and Build Theory by Barbara Fredrickson (1998).
27/06/2026

The Broaden and Build Theory by Barbara Fredrickson (1998).

Are you happy? Check these areas in your life, you may be able to figure out the reasons of your happiness or sad emptin...
27/06/2026

Are you happy? Check these areas in your life, you may be able to figure out the reasons of your happiness or sad emptiness.

15/06/2026

Protect the Mental Health of Prisoners !

Psychological Seminar for Parents
02/05/2026

Psychological Seminar for Parents

Academic memories at ITM
24/04/2026

Academic memories at ITM

Contact Us on 076 797 1197
17/04/2026

Contact Us on 076 797 1197

අධ්‍යාපනයේ සහ ජීවිතයේ සෑම පැතිකඩකින්ම ඉදිරියට යන්න දරුවන්ට තමන්ගේ දෙමව්පියන් අත්‍යවශ්‍ය සාධකයකි. දෙමව්පියන්ගේ මානසික සෞඛ...
17/04/2026

අධ්‍යාපනයේ සහ ජීවිතයේ සෑම පැතිකඩකින්ම ඉදිරියට යන්න දරුවන්ට තමන්ගේ දෙමව්පියන් අත්‍යවශ්‍ය සාධකයකි.

දෙමව්පියන්ගේ මානසික සෞඛ්‍යය යහපත් නම් දරුවන්ගේ මානසික සෞඛ්‍යය ද යහපත් බව බොහෝ පර්යේෂණවලින් පෙන්වා ඇත.

මෙම වැඩසටහන තුළදී එම මානසික සුවය ගැන බොහෝ කාරණා කතා කිරීමට සැලසුම් කර ඇත. එය වැඩමුළුවක් ලෙස පැවැත්වෙන නිසා ඔබටද විනෝදයෙන් සහ උනන්දුවෙන් එයට සහභාගි වී බොහෝ දේ දැනගැනීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කරමු.

සෑම කෙනෙක්ගේම පැමිණීම බලාපොරොත්තු වෙමු.

ස්තුතියි.

Mrs Hansini Alexander
Psychological Counselor
0767971197

25/10/2025

ඔබේ පවුල රැක ගන්න

පවුල යනු මේ විශාල ලෝකයේ අපිට අපේ කියලා කියන්න පුළුවන්, අපේ හදවතට ලඟින්ම තිබෙන, අපිට අපිම විය හැකි එකම ස්ථානයයි.

ඔබේ බිරිඳ හෝ සැමියා සහ දරුවෝ සමග ගත කරන ජීවිතයේ වටිනාම වස්තුව එම පවුල අතර තිබෙන සම්බන්ධතා පමණයි.

ඔබේ ශක්තිය පිරිහුණු දවසට බව ඔබේ රැකියාවට අවශ්‍ය වන්නේ නැත. ඔබ වෙනුවට තරුණ කෙනෙක් එම ස්ථානයට බඳවා ගන්නවා ඇත. ඔබෙන් යමක් නොලැබුණු විට ඔබේ බොහෝ යහළුවන්ද ඔබව තනිකරනවා ඇත. නමුත් කවදා හෝ බට අවශ්‍යතාවයක් පැන නැගුණු විට සහ ජීවිතයේ දුර්වලම මොහොතක ඔබේ ලඟින් සිටින්නට යන්නේ ඔබේ පවුල පමණයි. එවැනි අවස්ථාවක් ඔබට තවමත් මුහුණ දීමට සිදුනොවී ඇත්නම් ඒවා අනාගතයේදී අනිවාර්යෙන්ම සිදුවන බවට තේරුම් ගන්න. එවැනි මොහොතක මේ විශාල ලෝකයේ අපිව තනි නොවී උසුලා ගන්නට යන්නේ අපේ පවුලේ අය පමණයි.

මේ පවුලේ සබඳතා වලට අපි කාලය වැය කළ යුතුයි. ඒ අයත් සමග අපිට තිබෙන හොඳම දේ බෙදාගත යුතුයි. ඔවුන් සමඟ ගත කරන කාලය කවදාවත් නාස්තියක් නොවේ. බොහෝ දෙමව්පියන්ව දරුවන් නොසලකන කාලයකට අපි පැමිණ සිටින්නේ එම දෙමව්පියන් දරුවන්ගේ අවශ්‍යතා සොයා බැලූ නමුත් ඔවුන්ගේ හදවත බෙදා ගත්තේ නැති නිසයි.

මා ජීවත් වූ ජීවිත කාලය පුරා අත්දැකීම් වලින් දැනගත් එක් දෙයක් තිබේ. යම් පුද්ගලයෙක් පවුලෙන් බාහිරව ගොස් එම පවුලේ අයගේ සිත රිදවා පවුලේ අවශ්‍යතා නොසලකා හැරියොත් ඒ අයට යම් දවසක විඳින්න වෙන මානසික පීඩාව අධිකයි.

අපේ හෙට දවසේ කුමක් වෙයිද කියන ගැටලුව අපිට විසඳන්නටවත් තේරුම් ගන්නටවත් බැරිය. නමුත් අපේ පවුලේ අය සමඟ අපේ සම්බන්ධතා උවමනාවෙන් දැඩි ලෙස ආරක්ෂා කරගත් අයට අනාගතය ගැන සුරක්ෂිත බවක් ඇතිවෙයි.

ඔබේ පවුලට පිටින් ඇති වල්පැළ මොනවාදැයි සොයා ඒවා උදුරා ගින්නට දමා විනාශ කරන්න. තමන්ගේ පවුලට පිටින් ඇති සම්බන්ධතා, රැකියාවන්, ව්‍යාපාර, අධ්‍යාපන කටයුතු වෙනත් ඕනෑම දෙයක් ගැන බොහොම විමසිල්ලෙන් පසු වෙන්න. ඒවා තමන්ගේ ආදරණීය සම්බන්ධතා වලට බාධාව එල්ල කරන මොහොතේදීම හඳුනාගෙන ඒවාට පිළියම් යොදන්නට උත්සුක වන්න.

ඔබේ පවුලේ ගැටලු ගැන විශ්වාසවන්ත මනෝ විද්‍යාත්මක උපදේශනවලට යොමු වන්නට ලැජ්ජා වෙන්න හෝ පසුබසින්නට එපා. බටහිර ලෝකයේ ඇති සදාචාර අනුව දික්කසාද වීමට ඉක්මන් වෙන්නා වූ පවුල්. දැන් ලංකාව තුළත් ඉතා සුලබව දකින්නට ලැබෙනවා. නමුත් ඔවුන්ගේ දරුවන්ට ඇතිවෙන්නාවූ අනිසි මනෝමය ගැටලු ගැන ඔවුන් තකන්නේවත් නැත. අපේ සමාජය බොහොම ඉක්මනට තමන් ගැන විතරක් සිතන්නා වූ දිශාවකට මාරුවෙමින් සිටි. එයින් ඇතිවෙන්නට යන්නේ විකෘති සමාජයක් බව මතක තබා ගන්න. තමන්ගේ දෙමව්පියන්ගේ විවාහයන් කැඩුණු පවුල් වලින් එන දරුවන් අපරාධකාරයන් සහ නපුරු මානසික තත්ත්වවලට වැටෙන අවස්ථාවන් ඕනෑ තරම් පරීක්ෂණවලින් ඔප්පු කර ඇත. ඒවා ජයගන්න දරුවන්ද සිටින නමුත් ඔවුන් තුළත් ජීවිත කාලයකදීම තිබෙන්නට යන්නාවූ මානසික තත්වයන් දකින්නට ඇත.

ඔබේ පවුලේ සම්බන්ධතා ආරක්ෂා කරගන්න. මේ විශාල ලෝකයේ ඉතාමත්ම වටිනා ස්ථානය ඔබේ පවුලයි.

මනෝ විද්‍යාත්මක උපදේශිකා
හංසිනි ඇලෙක්සැන්ඩර් ෆොන්සේකා

Address

Negombo
11500

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Telephone

+94767971197

Website

Alerts

Be the first to know and let us send you an email when Mind Matters posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Mind Matters:

Shortcuts

Share