Bandaranayake K.V. Mukalangamuwa,Seeduwa

Bandaranayake K.V. Mukalangamuwa,Seeduwa WesternProvince,GampahaDistrict,NegomboZone,KatanaDivision

ඔබ සැමට ආරාධනා ......💗💗💗
10/10/2025

ඔබ සැමට ආරාධනා ......💗💗💗

Teachers’ Day celebration at Ng/Bandaranayake vidyalaya. A  heartfelt thank you to our lovely prefects and Year 11 stude...
07/10/2025

Teachers’ Day celebration at Ng/Bandaranayake vidyalaya.
A heartfelt thank you to our lovely prefects and Year 11 students for your wonderful organization, dedication, and commitment! 💗💗💗💗

2025.10.03

💗 ආදරෙන් සුරකින්න.අපට ලොව දිනන්නට 💗බප/මීග/බණ්ඩාරනායක විද්‍යාලයේ ළමා දින සැමරුම2025.10.01
03/10/2025

💗 ආදරෙන් සුරකින්න.අපට ලොව දිනන්නට 💗
බප/මීග/බණ්ඩාරනායක විද්‍යාලයේ ළමා දින සැමරුම
2025.10.01

මීග/බණ්ඩාරනායක විද්‍යාලයේ ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීම.2025.09.19
21/09/2025

මීග/බණ්ඩාරනායක විද්‍යාලයේ ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීම.
2025.09.19

මිග/බණ්ඩාරනායක විද්‍යාලයේ පැවති ගණිත කදවුර2025/09/17
19/09/2025

මිග/බණ්ඩාරනායක විද්‍යාලයේ පැවති ගණිත කදවුර
2025/09/17

2025.09.17පරිසරය සුරකිමු, ඩෙංගු දුරලමු සිසු පෙළපාළිය
19/09/2025

2025.09.17
පරිසරය සුරකිමු, ඩෙංගු දුරලමු සිසු පෙළපාළිය

Thank You 🌷We’re happy to share that our Inter-School Scrabble Tournament Awareness Programme was successfully held.A he...
16/09/2025

Thank You 🌷

We’re happy to share that our Inter-School Scrabble Tournament Awareness Programme was successfully held.
A heartfelt thank you to St. Mary’s Bandarawaththa School for their active participation and support. Your presence added great value to the event and helped make it a meaningful experience for all.

බණ්ඩාරනායක විද්‍යාලයට ජල ටැංකියක අවශ්‍යතාවයක් තිබු අතර, සංගීත් නිශ්ශංක මන්ත්‍රීතුමාගේ මැදිහත්වීම මත ජූඩ් ප්‍රනාන්දු මහතා...
14/09/2025

බණ්ඩාරනායක විද්‍යාලයට ජල ටැංකියක අවශ්‍යතාවයක් තිබු අතර,
සංගීත් නිශ්ශංක මන්ත්‍රීතුමාගේ මැදිහත්වීම මත
ජූඩ් ප්‍රනාන්දු මහතා විසින් එතුමාගේ සිය ආදරණීය බිරිද වන ඩිලිනි ප්‍රනාන්දු මහත්මියට පිං පිණිස ඇයගේ උපන්දිනයදා බණ්ඩාරනායක විද්‍යාලයට ජල ටැංකිය පරිත්‍යාග කරන ලදී.🙏🙏🙏
ඒ වෙනුවෙන් බණ්ඩාරනායක විද්‍යාලයේ ගෞරව ස්තූතිය පුද කරමු.🌷🌷🌷

13/09/2025

Kite festival

Kite festival @ Bandaranayake K.V04.09.2025
13/09/2025

Kite festival @ Bandaranayake K.V
04.09.2025

09/09/2025

වඳ ගැහැනු, වඳ පිරිමි විතරක් නෙවෙයි ඵල නොදරන වඳ පීදුණු ගස්කොළන් පවා කාගෙවත් සම්භාවනාවට පාත්‍ර වෙන්නේ නෑ. එහෙම වටපිටාවක ‘ඕවත් හරි යන වැඩද?’ කියලා අවඥාවට ලක්වෙන ගමන්, වඳ පීදුණු වී ගහකින් විශ්වකර්ම වැඩක් කරපු මහත්මයෙක් ගැනයි මේ කියන්න යන්නේ. එතුමා උපන්නේ චීනයේ.
1959 – 61 යුගයේ චීනය පුරා මහා සාගතයක් පැතිරිලා ගියා. බඩේ ගින්දර ඉවසගන්න බැරිවුණු චීන මිනිස්සු බුරුතු පිටින් පස් යට වැළලුනා. සමහරු නම් ගස්වල කොළ, පොතු, මුල් ආදිය අනුභව කරමින් ඉතා දුක්ඛිත ජීවිතයක් ගතකරලා දිවි ගැටහගගත්තා. තමන් උපන් රටේ මිනිස්සු නිරාහාරව විඳින මේ දුක දැකපු ඒ මහත්මයාගේ හදවත කම්පා වුණා. ඔහුගේ නම තමයි ලෝන්ග්පිං. ඒ වෙද්දී ඔහු චීනයේ හුනාන් පළාතේ ඇන්ජියැං කෘෂිකාර්මික විද්‍යාලයේ ආචාර්යවරයෙක්. තමන් ප්‍රගුණ කරපු විෂයයත් කෘෂිකර්මය නිසා මේ ආහාර අර්බුදයට විසඳුමක් නොසොයා සිටීම ගුණමකුකමක් ලෙසින් ඔහුට දැනෙන්නට පටන්ගත්තා. ඒ නිසා තමා මැදිහත් වී මෙයට විසඳුමක් සෙවිය යුතුයි කියා ඔහු දැඩිව සිතාගත්තා.
මේ කියන යුගය තිරිඟු සහ බඩඉරිඟු වගේ බෝග වර්ග දෙමුහුන් කිරීම පිළිබඳ බටහිර රටවල්වල මහා විශාල වශයෙන් පර්යේෂණ සිදුවෙච්ච කාලයක්. එයින් ලද ආභාෂය නිසා ලෝන්ග්පිං ආචාර්යවරයාත් බතල සහ බඩඉරිඟු දෙමුහුන් කිරීම සඳහා පර්යේෂණ ආරම්භ කළා. එසේ සිදුකළ පර්යේෂණවලින් සාර්ථකත්වයක් අත්වෙද්දී ඊළඟට ලෝන්ග්පිංගේ අවධානය යොමුවුණේ දෙමුහුන් වී වර්ග නිෂ්පාදනයට. හැබැයි වී කියන්නේ ස්වයං පරාගණය සිදුකරන ශාකයක් නිසා වී දෙමුහුන්කරණය කරලා ඔය හපන්කම කරන්න බෑ කියලා කටින් බතල හිටවපු උදවිය ඒ කාලෙත් පාරම් බෑවා.
නමුත් ලෝන්ග්පිං ඇතුළු කණ්ඩායම නෙවෙයි ඒ කතාවලින් අධෛර්යට පත්වුණේ. දෙමුහුන් වී නිපදවීමට සුදුසු වී ප්‍රභේද සොයමින් ඔවුන් වසර කිහිපයක් පර්යේෂණ කළා. අන්න එතැනදී තමයි අනාවරණය වුණේ ස්වභාවිකව විකෘති වුණු පිරිමි වඳ වී පැළ යොදාගෙන දෙමුහුන් වී ප්‍රභේද නිෂ්පාදනය කරන්න පුළුවන් බව. ඊටපස්සේ ලෝන්ග්පිං සහ ඔහුගේ කණ්ඩායම එවැනි පැළ සෙවීමට සැලකිය යුතු තරම් කාලයක් වැය කළා. දිගින් දිගටම පර්යේෂණ කරපු ලෝන්ග්පිං වසර 2කට පස්සෙ 'Male Sterility in Rice' නමින් විද්‍යාත්මක පත්‍රිකාවක් ප්‍රකාශයට පත් කළා.
70 දශකයේ අග භාගය වෙද්දී කීර්තිමත් කෘෂි විද්‍යාඥයෙක් බවට පත්ව සිටි ලෝන්ග්පිං මේ දැනුම වෙනත් රටවල්වලටත් ලබා දුන්නා. ඔහු අමෙරිකාව, ඉන්දියාව, ඉන්දුනීසියාව, තායිලන්තය, වියට්නාමය, බංග්ලාදේශය, මියන්මාරය, පිලිපීනය වැනි රටවල් ඒ අතර තිබුණා.
ඒ විදියට ලබාදීපු දැනුම නිසා ඒ රටවල්වල වාර්ෂික සහල් නිෂ්පාදනය බලා ඉද්දි ඉහළ ගියා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආහාර වැඩසටහනේ දත්තවලට අනුව 1970 දී මෙට්‍රික් ටොන් මිලියන 63.3ක් ලෙසින් පැවති ඉන්දියාවේ වාර්ෂික සහල් නිෂ්පාදනය 1990 වනවිට මෙට්‍රික් ටොන් මිලියන 111.2ක් දක්වා ඉහළ යාම එයට හොඳම උදාහරණයක්.
1990 දශකයේ මැද භාගයේදී ශ්‍රී ලංකාවේ දෙමුහුන් වී වර්ග පිළිබඳ පර්යේෂණ ආරම්භ වුණා. ඒ අනුව 2005 දී Bg 407H දෙමුහුන් වී ප්‍රභේදය මෙරටට හඳුන්වා දුන්නා. ඒක තමයි මෙරට පළමු දෙමුහුන් වී ප්‍රභේදය බවට පත්වුණේ. දෙමුහුන් වී වර්ග හඳුන්වාදීමත් සමඟින් මෙරට වාර්ෂික සහල් නිෂ්පාදනය ඉහළ ගියා. 2002 වනවිට මෙට්‍රික් ටොන් මිලියන 2ක් ලෙසින් පැවති අප රටේ වාර්ෂික සහල් නිෂ්පාදනය ගෙවුණු වසරවලදී මෙට්‍රික් ටොන් මිලියන 3 ඉක්මවා ගියා.
යුවාන් ලෝන්ග්පිං දශක කිහිපයක් පුරා කෘෂිකර්ම ක්ෂේත්‍රය වෙනුවෙන් කළ අනගි සේවයට ඔහුට ගෞරව සම්මාන සහ තනතුරු ද පිරිනැමුණා. කුඩා ග්‍රහලෝකයක් ද, ග්‍රාහක 4ක් සහ චීනයේ විද්‍යාලයක් ද ලෝන්ග්පිංට ගරු කිරීමක් ලෙස ඔහුගේ නමින් නම් කළා. 2000 දී චීනයේ ප්‍රමුඛතම විද්‍යා තාක්ෂණ සම්මානය හිමිවීම ද, 2004 දී කෘෂිකර්මය සඳහා පිරිනැමෙන වුල්ෆ් ත්‍යාගය සහ ලෝක ආහාර ත්‍යාගය හිමිවීම ද ලෝන්ග්පිංගේ ජීවන දිවියේ අමතක නොවන මතක සටහන් වුණා. ගෞරව සහ සම්මානවලින් පුද ලද ලෝන්ග්පිං සිය කීර්තිමත් වෘත්තීය දිවියේ වැදගත් තනතුරු කිහිපයක්ම දැරුවා. චීන දෙමුහුන් සහල් පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් තනතුර, චීනයේ හූනාන් කෘෂිකාර්මික විශ්වවිද්‍යාලයේ ප්‍රධානි තනතුර, එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ ප්‍රධාන උපදේශක තනතුර එසේ ඔහු දැරූ තනතුරුවලින් කිහිපයක්.
ලොව පුරා වෙසෙන සුවහසක් මිනිසුන්ගේ කුසගින්න නිවන්නට විශාල සේවාවක් කළ මේ සුවිශේෂී පුද්ගලයා රෝගාතුර වීම නිසා 2021 මැයි 22 වැනිදා සදහටම දෙනෙත් පියාගත්තා. ලෝන්ග්පිං අද වනවිට ජීවතුන් අතර නැතත් ඔහු සොයාගත් කෘෂිකාර්මික තාක්ෂණික ක්‍රම තවත් සියවස් කිහිපයක් පුරා නොනැසී පවතීවි. ඒ නිසා දුර්භික්ෂ, නියං සමවල කුසගින්නේ මියයන පිරිස් හැකිතාක් අවම වේවි. ලෝන්ග්පිංගේ පරලොව ජීවිතය සුගතිගාමී වෙන්නට ඒ පිං අත්වේවා කියන එකයි අපේ ප්‍රාර්ථනය.

ඩී.පී.වේවැල්පනාව

"We are delighted to announce that the students of Ng/Bandaranayake Vidyalaya have won First Place in the Zonal English ...
01/09/2025

"We are delighted to announce that the students of Ng/Bandaranayake Vidyalaya have won First Place in the Zonal English Drama Competition and have been selected to represent the school at the Provincial Level.
Warmest congratulations to our dedicated English teachers and our dear children on this wonderful achievement! 🎉️🎉️🎉️🎉️

Address

Bandaranayake K. V. , Mukalangamuwa , Seeduwa
Negombo

Telephone

+94112251956

Website

Alerts

Be the first to know and let us send you an email when Bandaranayake K.V. Mukalangamuwa,Seeduwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Bandaranayake K.V. Mukalangamuwa,Seeduwa:

Shortcuts

Share

Category